Hilarious රස කතා

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    2 වෙනි කතාවනන් බොරුවක්, වෘත්තිමය ඝාතකයා කියන්නේ Baunty හන්ටර් කෙනෙක් අළුගෝසුවෙක් නෙවෙයි, ඒ ජොබ් එක ගෑණුන්ව ගන්නේ නෑ.

    ඒක බොරු තමයි...අනිත් එව්වා නම් ඇත්ත :lol::lol:
     

    Awsomest Genius

    Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    ඩොනල්ඩ් ට්‍රම්ප්ට දවසක් ධවල මන්දිරය තීන්ත ගාන්න අවශ්‍ය විය. 🏛 🎨

    තීන්ත ගහන්න කොන්ත්‍රාත්තුව සදහා කොන්ත්‍රාත්කරුවන්ට ඇරයුම් කලා,

    චීනා - 🇨🇳
    "ඩොලර් මිලියන 3 ක් වියදම් වෙනවා" යනුවෙන් එම කොන්ත්‍රාත් මුදල ඉල්ලා සිටියා. 💵

    ජපනා - 🇯🇵
    ඩොලර් මිලියන 7ක් වියදම් වෙන නිසා එම කොන්ත්‍රාත් මුදල ඉල්ලා සිටියා. 💴

    ලාංකිකයා - 🇱🇰
    "ඩොලර් මිලියන 10 ක් වියදම් වෙනවා" යනුවෙන් එම මුදල ලබා දෙන මෙන් ඉල්ලා සිටියා. 💰

    පසුව ට්‍රම්ප් චීනට කතා කර
    "ඔයා කොහොමද ඩොලර් මිලියන 3 කට ඇස්තමේන්තු මුදල නිර්ණය කෙරුවේ? යනුවෙන් ඇහුවා. එයට ඔහු
    ඩොලර් මිලියන 1 තීන්ත වියදම්
    ඩොලර් මිලියන 1 සේවක වැටුප්
    ඩොලර් මිලියන 1 මගේ ලාභය

    පසුව ජපනට කතා කරලා
    ඔයා කොහොමද ඩොලර් මිලියන 7 කට ඇස්තමේන්තු කලේ? යනුවෙන් ඇහුවා. එයට ජපනා
    මිලියන 3 ක් තීන්ත වියදම්
    මිලියන 2 ක් සේවක වැටුප්
    මිලියන 2 ක් මගේ ලාභය කිව්වා.

    ට්‍රම්ප් ලාංකිකයට කතා කරලා
    ඔයා කොහොමද ඩොලර් මිලියන 10 ට ඇස්තමේන්තු කලේ? යනුවෙන් ඇහුවා. එයට ඔහු
    මිලියන 4 ක් ඔයාට
    මිලියන 3 ක් මට
    අපි දෙන්නා එකතු වෙලා මිලියන 3 ක් චීනට දීලා ඒ වැඩේ කරන්න කියමු". යැයි කිව්වා. ට්‍රම්ප් සැනකින් විමතියට පත් වී වෙන කිසිදු වචනයක් නොකියා කොන්ත්‍රාත්තුව ලාංකාවට පිරිනැමුවා.



    හදිසියේම පාසල් කාල පරිච්ජේදයක් අතරතුර පහත නිවේදනය විකාශය විය.

    "පාසල් ගේට්ටුව අවහිරවන සේ පාපැදි නවතා ඇති සිසුන් වහාම තම පාපැදි ඉවත් කරගන්න . "

    අඩ පැයකට පසු පහත නිවේදනය ද විකාශය විය.

    "පාපැදි 10ක් ඉවත් කිරීමට පැමිණි 400ක පමණ සිසු පිරිස වහා යළි පන්ති වලට වාර්තා කරන්න "




    මම යාළුවෝ එක්ක කෑම කන්න ගියා රෙස්ටොරන්ට් එකකට. අපේ වේටර්ගෙ කමිසයේ උඩ සාක්කුවේ හැන්දක් තියෙනවා. වටපිට බලන කොට හැම වේටර් කෙනෙකුගේම උඩ සාක්කුවේ ඒ විදිහට හැන්දක් තියෙන බව මම දැක්කා. වේටර් ආපහු මේසය ළගට ආවම මම ඔහුගෙන් මෙහෙම ඇහුවා.

    ”මල්ලි, මොකද මේ හැන්දක් සාක්කුවේ දාගෙන?”.

    ”රෙස්ටොරන්ට් එක අයිතිකාර කොම්පැනිය කාර්යක්ෂමතාවය වැඩි කරන්න සැලසුමක් හදන්න කන්සල්ටන්ට් කෙනෙකුට බාර දුන්නා. එයා මාස හතරක් විතර ලොකු පර්යේෂණයක් කරලා දළ වශයෙන් පැයක් තුළ එක මේසයකින් හැඳි තුනක් ගානේ බිම වැටෙනවා කියලා නිගමනය කළා. වේටර්ලා හොඳ සූදානමකින් හැන්දක් ළග තියාගෙන හිටියොත් අලූත් හැන්දක් අරගෙන එන්න කුස්සියට යන ගමන් වාර ගණන අඩු කරලා එක ෂිෆ්ට් එකකින් මිනිස් පැය 15 ක් අඩු කරගන්න පුළුවන් කියලා කන්සල්ටන්ට් හොයා ගත්තා. ඒකයි අපි කවුරුත් අමතර හැන්දක් අරං යන්නේ"

    ඒ අතරේ මගේ අතේ තිබුණ හැන්ද බිම වැටුණා. වේටර් තමන්ගේ උඩ සාක්කුවේ තිබුණ හැන්ද අරගෙන මගේ මේසෙ උඩින් තියලා මෙහෙම කිව්වා:

    ”මම ආයෙත් කුස්සියට ගියාම අලූත් හැන්දක් අරගෙන සාක්කුවට දාගන්නවා. සාක්කුවේ හැන්ද තිබුණේ නැත්නම් මම තකහනියෙන් ආයෙ කුස්සියට ගිහින් හැන්දක් අරගෙන එන්න වෙනවා. හොඳ වෙලාවට කන්සල්ටන්ට් මහත්තයා මේ ප්ලෑන් එක ගැහුවේ” කියලා.

    කතාව ඇත්ත තමයි කියලා මටත් තේරුණා.

    කෑම කාලා ඉවරවෙලා, ඩෙසට් එක ගන්න අතරේ මම දැක්කා අපේ වේටර් මල්ලිගෙ කලිසමේ සිප් එක ළග පොඩි නයිලෝන් නූලක් එල්ලෙනවා. වටපිට බැලූවාම අනිත් වේටර්ලාගෙත් කලිසමේ සිප් එක ළග ඒ වගේම නූල් එල්ලෙන බව මම දැක්කා.

    වේටර් බිල ගෙනා වෙලාවේ මම හිමින් සැරේ ඇහුවා.

    ”මල්ලි, තරහ නැතිව කියනවද මොකද මේ සිප් එක ළගින් නූලක් එල්ලෙන්නේ කියල”

    ”ආ ඒකද?” වේටර් සද්දේ අඩු කරලා මට පැහැදිලි කළා.

    ”දැන් අපි බාත්රූම් එකට ගිහින් චූ කරලා ඉවර වෙලා, අත හෝදලා වේලන්න ගියාම කාලයක් ගතවෙනවානේ. ඒ වෙනුවට පොඩි නයිලෝන් නූලක් පාව්ව්චි කළොත් ඒකෙන් ඇදලා සිප් එක පහත් කරලා අතින් අල්ලන්නේ නැතුව චූ කරලා ඉන් පස්සෙ ආපහු අන්සිප් කරන්න පුළුවන් නිසා අත හෝදන්නයි වේලන්නයි යන වේලාව අඩු කරගන්න පුළුවන් කියලා අර කන්සල්ටන්ට් මහත්තයා නිර්දේශ කළා. දැන් වේටර්ලා බාත්රූම් එකේ ගත කරන කාලය සියයට 76.39 කින් අඩු වෙලා තියෙනවා”

    ”හරි, හරි, නූලෙන් ඇදලා එළියට ගත්තා කියමුකො. කොහොමද ඉතින් ආපහු ඇතුළට දාගන්නේ” මම කුතුහලය නිසා ඇහුවා.

    ”අනේ මන්දා සර්, අනිත් අය ගැන නම් මම දන්නේ නැහැ. මම නම් මේ උඩ සාක්කුවේ තියෙන හැන්ද තමයි ඒකට පාවිච්චි කරන්නේ.”

    වේටර් කිව්වා.




    ඔන්න ජෝඩුවක් පෙරුම් පුරලා හම්බවෙලා අත් අල්ලගෙන ඇවිදලා එහෙම ලස්සන තැනක තිබ්බ රෙස්ටුරන්ට් එකකට ගියාලු නිදහසේ කෝපි කෝප්පයක් හෙම තොල ගාන්න...

    අයියෝ....ඒ අයගෙ වෙලාව කියන්නෙ, රෙස්ටුරන්ට් එකම ෆුල්..මේසයක් නෑ ඉඳගන්න.

    ගෑනු ළමයා හැරිලා යන්නලු හැදුවෙ; ඒත් පිරිමි ළමයා එයාගෙ ෆෝන් එක අරගෙන කාටද කතා කරාලු ටිකක් හයියෙන්..

    "හෙලෝ, ආ හෙලෝ මචං, උඹේ නෝනා මෙන්න (අහවල්) රෙස්ටුරන්ට් එකේ ඉන්නවා වෙන ඩයල් එකක් එක්ක මුකුලු කර කර, වරෙන් ඉක්මනට..."

    මේක ඇහුනා විතරයි රෙස්ටුරන්ට් එකේ හිටිය කපල් දහයක් පහළවක් කළබල වෙලා දඩ බඩ ගාල දිව්වලු.

    පිරිමි ළමයා හිස් වුණු හොඳ මේසයක් පෙන්නලා ගෑනු ළමයට කිව්වලු අතන ඉඳගමු කියලා...





    කෙල්ලෙක් තට්‍ටු බිල්ඩිමක උඩ තට්‍ටුවක තියෙන බාර් එකකට තනියම ආවලු. ඇවිල්ල වටපිට බලද්දි දැක්කල හෙනහැන්ඩි කොල්ලෙක් තනියම බියර් එකක් බිබී ඉන්නව. මේ කෙල්ලටත් කම්මැලි නිසා හිතුවලු පොඩි චැටක් දාන්නමෙයත් එක්ක. කෙල්ල මෙයා ලඟට ඇවිත්.

    කෙල්ල : මොනවද ඔයා බොන්නෙ?
    කොල්ලා : මේක මැජික් බියර් එකක්!
    කෙල්ල හිතුවලු මූ නම් පිස්සෙක් කියල කෙල්ල හිමීට බාර් එක වටේ රවුමක් දැම්මලු. ඒත් වැදගැම්මකට ඇතිඑකෙක්වත් ඉඳල නෑ. ඉතිං කරන්න දෙයක් නැති තැන මෙයා ආයෙ අර කොල්ලා ලඟට ඇවිත්.
    කෙල්ල : ඔයා විහිලුවක් නේද කරේ මේ බියර් ගැන?
    කොල්ලා : අපොයි නෑ. ඉන්න මම පෙන්නන්නම්.
    ඔහොම කියල බියර් ග්ලාස් එක හිස් කරලා ජනේලෙන් එලියට පැනල රවුම් තුනක් බිල්ඩිම වටේ පියාඹලා ආයෙජනේලෙන්ම ඇතුලට ඇවිත්. කෙල්ලට දැන් හිතා ගන්නත් බැරිලු
    කෙල්ල : මට ෂුවර් ඔයාට එක සැරයක් කරාට ඔය වැඩේ ආයෙ කරන්න බෑ කියල.
    කොල්ලා : පොඩ්ඩක් ඉන්න
    කොල්ලා තව බියර් ග්ලාස් එකක් බීල ආයෙම ජනේලෙන් පැනලා රවුම් තුනක් පියාඹලා පෙන්නුවලු. දැන් කෙල්ලටත්ඕනෙ උනාලු මැජික් බියර් බොන්න. බුවා බාර් කීපර් ට කියල "මම බොන ජාතියෙන්ම ග්ලාස් එකක් මෙයාටත් එවන්න"කියල. කෙල්ලත් බියර් වීදුරුවම බීල පැන්නලු ජනේලෙන් එලියට. කෙල්ල තට්‍ටු 30 ක් පහලට වැටිලා එතනම මැරිලා.

    බාර් කීපර් අර මෑන් දිහා බලල කිව්වලු "යකෝ සුපර් මෑන්, උඹ නම් බිවුවම මහ සවුත්තු වැඩ කරන්නෙ" කියල....




    ඔන්න දවසක් එක ගමක හේනකට යකෙක් කඩා පත් වෙලා ගමරාළ හම්බවෙලා කිව්වලු මට උබේ බොටුව කඩල ලේ බොන්න ඕනේ කියලා. ඉතින් ඕක අහපු ගමරාළ හීන් දාඩිය දාල හොඳටම බය වෙලා යකාට දන ගහලා වැඳලා කිව්වලු "අනේ යක්ෂ උතුමාණනි, මන් තාම දරු මල්ලක් වත් හදල නැ නොවැ. ඉතින් මේ ගැත්තට අනු කම්පා කරලා යන්න දෙන්න කියලා". ඉතින් කොහොමහරි ගමරාළ ත් අඩනවා දැකපු යකාට දුක හිතිලා ගමයට කිව්වලු එහෙනම් මන් උඹව මරන්නේ නැ හැබැයි මට හැමවෙලේම කරන්න මොකක් හරි වැඩක් දීපන් උබට මට වැඩක් දෙන්න නැති උනොත් මන් එවේලේම මරණව කියලා. ඉතින් ගමයත් හා කියලා යකාට එක එක වැඩ දුන්නාලු. ඔය උදලු ගාන, වල් පැල ගලවන වගේ ඒවා. මු ඉතින් යකෙක් නිසා ගමරාළ දෙන වැඩ හිතන්නත් කලින් ඉවර කරනවලු. ඔන්න ඉතින් එදා හවස ගමරාළ හේනේ ඉඳන් ගෙදර එන්න හදන කොට යකා කියනවාලු හෙටත් මන් එනවා මොකක්හරි වැඩක් ලෑස්ති කරලා තියාපන් කියලා. දැන් ගමරාළ හොඳටම බය වෙලා ගෙදර ඇවිත් දහ අතේ කල්පනා කරනවලු හෙට යකාගෙන් බේරෙන්න උට දෙන වැඩේ මොකද්ද කියල. ඔහොම ඉද්දි ඉතින් ගමරාළ ගේ වාහේ ගමහාමිනේට තේරුණලු ගමරාළ හොඳටම බය වෙලා ඉන්න විත්තිය. ගිහින් ඇහුවාලු ඇයි කියලා? ගමරාළත් ඉතින් ටිකක් අදි මදි කරලා කරන්නත් දෙයක් නැති නිසා ගමහාමිනේට යකාගෙ විස්තරේ කිව්වලු.
    පස්සේ ඕක අහපු ගමහාමිනේ හිනා වෙලා කිව්වලු ඔයා බය වෙන්න එපා. හෙට ඔය යකා ව එක්කන් එන්න ගෙදර මන් හොඳ වැඩ ටිකක් දෙන්නම් කියලා. ඔන්න ඉතින් පහුවදා කිව්වා විඳියට ගමරාළ යකාව එක්කගෙන ආවලු. ගමහාමිනේත් ගෙදර වැඩ සේරම ටික දුන්නාලු. යකත් ඇරියේ නෑලු සේරම වැඩ එහෙ බලලා මෙහෙ බලනකොට ඉවර කරලා අලුත් වැඩ ඉල්ලානවලු. ගමහාමිනේත් ඉතින් අන්තිමට කරන්න දෙන්න වැඩක් නැති නිසා රෙද්ද අස්සෙන් අත දාල අහවල් තැනින් කෙස් ගහක් ගලවලා යකාට දුන්නාලු ඕක කෙලින් කරලා දෙන්න කියලා.😭 උබලට ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැනේ. ඔතන ඒවා කොම්බුව වගේ රවුම් වෙලා තියෙන්නේ කියලා.😁😁 යකත් ඉතින් කෙස් ගහ අරන් සියබලා ගහක් යටින් වැඩි වෙලා වැඩේ පටන් ගත්තලු. දැන් ඉතින් යකා ඕක කෙළ ගගා කෙලින් කරනවලු. දවසක් දෙකකුත් ගියාලු. වැඩේ ඉවර වෙන පාටක් නැති නිසා ගමහාමිනේ ගිහින් ඇහුවාලු යකාගෙන් වැඩේ ඉවරද කියලා. යකත් බොහොම අසරණ විඳියට බලලා කිව්වලු නැ ගම හාමිනේ තව ටිකයි කියලා 😁. එ් පාර ගම හාමිනේ රෙද්ද පොඩ්ඩක් එහා මෙහා කරලා අහවල් තැන පෙන්නල කිව්වලු තව ටිකයි නෙමේ තව එහෙම්මමයි. මේ බලපන් කියලා 😅😅.
    ඒක දැකල බය වෙච්ච පාර යකා කැලෙත් කඩා ගෙන දිව්වා දිව්වාමයිලු.. 😅 ආයේ ගම පැත්ත පැත්ත පළාතේවත් ආවේ නැලු.





    ටීචර් :මේක තමයි මම උගන්නන ජරාම පන්තිය..මේකේ මෝඩයො
    ඉන්නව නම් හිටගන්නවා ඒ ඔක්කොම ..!

    කිසිවෙකුත් සිට නොගත් අතර මඳ වෙලාවකින් පන්තියේ සිටින පෝරිසාදයා වන
    මර්වින් සෙමින් නැගිටිනු පෙනුණි.
    ටීචර්: "ආ...මර්වින් ..අදවත් තමුසෙගෙ මෝඩකම ගැන තේරුම් ගත්තු එක ලොකු දෙයක් !!
    දැන් කියනවා බලන්න ඇයි තමුසෙ නැගිට්ටෙ ?"

    මර්වින්: "ටීචර් විතරක් ඔහොම තනියම හිටගෙන ඉන්න එක හරි මදි නේද?"




    ඔන්න මචන්ලා ඇන්ඩ් මචීලා ඉස්සර මොබයිල් ෆෝන් නැතුව ආදරෙ කරන කාලේ හරි ප්‍රශ්න.
    පනිවිඩියක් දෙන්න විදියක් නෑ . කතා කරන්නත් බෑ... ලියුම් ලියන්නේ... ඒ මදිවට ඒවත් ඔය මාමණ්ඩියට හරි නැන්දම්මට හරි මාට්ටු වෙලා පට්ට චා වෙනවනේ....
    ඔන්න ඔය වගේ කෙල්ලෙක්ගෙ තාත්තට මාට්ටු උනාලු දුවගෙ ලවු සීන් එකක්.

    සුපුරුදු විදියට ඉතින් කෙල්ලගෙ තාත්තා කොල්ලට ගහල තරජනය කරලා, දුවට එලියට යන්න බැරි වෙන විදියට ගෙදර පරිසරේ හැදුවලු.
    මාමණ්ඩි ගමේ හෙන චන්ඩියලු. ඒ කියල ඉතින් අර අහින්සක කොල්ලට ඒ කෙල්ලව අමතක කරන්නත් බෑලු. ඉතින් දැලි පිහියෙන් කිරි කන්න තමයි දැන් අපේ බුවාට වුනේ. මිනිහ හෙන මොල කාරය. මූ ලීවලු කෙල්ලට ලියුමක් මෙහෙම.

    ************************************************
    "
    මහත් වූ චකිතයකින් ලියමි.
    මට තෝව එපා වුනා එක සතියෙන්ම.

    හුගක් කල්පනා කලා අපි ගැන.
    කල්පනා කරලා තමා මේ ලියන්නේ.
    වහ දුන්නත් අමතක කරන්නේ නෑ හෙට
    නරිවාදන් මතකයි ඕයි මට තමුසෙ කිව්ව
    වත්ත පහල ලිද ලගදි

    උදැල්ලකින් කොටනවා තොට
    බස්සො අඩන්න කලින් හයට විතර
    ටකරන් කටට බෝම්බ දානවා තොගෙ."
    ***********************************************

    දැන් කොල්ලා හිතා මතාම මාමණ්ඩිට අහුවෙන විදියට යාලුවෙක් අතේ යැව්වලු ලියුම.
    අප්පේ මාමණ්ඩිට හරි සතුටුයිලු ඒක කියවලා.
    පොරත් ඉතින් දැක්කෙ නෑ වගේ ඒක දුවට ලැබෙන්න සැලස්සුවලු. සීන් එක මෙතනින් ඉවරයි කියලා හිතාගෙන.

    ඒ උනාට කොල්ල කෙල්ලෙට කොහොම හරි කියලා තිබ්බලු මම ලියුමක් එව්වොත් පේලියක් ඇර පේලියක් බලන්න කියලා....

    කියෙව්වද?...

    දැක්කනෙ පනිවිඩේ.. දැන් මුන් දෙන්න වත්ත පහල ලිද ලගදි හයට විතර හම්බවෙලා පැනලා ගියාලු.

    හොදම ටික තමයි කොල්ලා ටික දවසකින් මාමණ්ඩිට පනිවඩියක් එව්වලු
    "අර එවපු ලියුමේ හැම පේලියෙම මුල අකුර විතරක් කියවපන් මාමේ... ඒ උඹ්ට එව්ව පනිවිඩේ" කියලා.





    සිරියාවතී ටීචර් හරි ආසයි ලු තමන්ගේ පම්පෝරිය ගහන්න. ඉස්කොලේ කොල්ලො කෙල්ලොත් ඕක දන්නා නිසා කරන්නේ කොහොමහරි සිරියාවතී ටීචර් ව කතාවට අල්ලාගෙන පීරීයඩ් එක ෂේප් කර ගන්නවා ලු

    කොහොමහරි ඉතිං ඒක දවසක් වෙනදා වගේම සිරියාවතී ටීචර් තමන්ගේ පම්පෝරි පටන් ගත්තලු

    ටීචර් : ඔයාලා දන්නවද ලමයි?.. අපේ තාත්තට ඉස්සර රබර් වත්තක් තිබුණා කොච්චර ලොකුද කියනවා නම් අපේ කාර් එකෙන් වත්තේ එහා කොනේ ඉඳලා මෙහා කොණට යන්න පැය බාගයක් විතර යනවා.. 😅

    මේ අතරේ පංතියේ කටකාර කොල්ලෙක් නැගිටලා කිව්වලු,

    අපෝ ටීචර්.. අපේ තාත්තාටත් ඔය වගේ කාර් එකක් තිබිලා අන්තිමට යකඩ වලට විකුණලා දැම්මා කියලා 😅 😅

    ටීචර් එදායින් පස්සේ පම්පෝරි ගැහුවේ නැ කියලා තමයී කියන්නේ






    ඔන්න එකෝමත් එක රටක ලංකාවේ කාන්තාවෝ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක්ගේ නම ගණිතවතී. අනෙක් කෙනා තර්කවතී.
    ගණිතවතීට ගණිතය පිලිබඳ හොඳ දැනුමක් තිබ්බා.
    තර්කවතී තර්කානුකුලව සිතීමේ හොඳ හැකියාවක් තිබ්බා.
    ඉතින් ඔන්න මේ දෙන්නා පොඩි කැලෑ පාරක් මැද්දෙන්, රෙද්දයි හැට්ටෙකුයිත් ඇඳගෙන ගමනක් යනවා.
    ඔහොම යන අතරේ රෑ බෝ වී ගෙන ආවා.
    ගමටත් තව සැලකිය යුතු දුරක් තිබ්බා.

    මේ අතරේ...,

    ගණිතවතී: "ඔයාට තේරුනාද අපේ පස්සෙන් මිනිහෙක් එනවා දැන් විනාඩි 38 යි තප්පර 30 ක වෙලේ ඉඳන්. මන් මේ කල්පනා කරන්නේ එයාට මොනවද ඕනේ කියල"

    තර්කවතී: "ඕක තර්කානුකුලයි, එයාට ඕනේ අපිව දුෂණය කරන්න"

    ගණිතවතී: "අනේ අපොයි. මේ වේගෙන් එයා අාවොත් තව විනාඩි 15ක් ඇතුලත එයා අපි ගාවට ළඟා වෙනවා. අපි මොකද දැන් කරන්නේ...?"

    තර්කවතී: "මේ වෙලාවේ කරන්න තියෙන එකම තර්කානුකුල දේ තමයි වේගෙන් ඇවිදින එක"

    ගණිතවතී: "ඒක හරියන්නේ නෑ..."

    තර්කවතී: "ඔව්, ඒක හරියන්නේ නෑ... ඒ මිනිහත් කරන්න පුළුවන් හොඳම තර්කානුකුල දේ කළා. එයත් වේගෙන් ඇවිදිනවා"

    ගණිතවතී: "හරි..., දැන් අපි මොකද කරන්නේ. මේ වේගෙන් අාවොත් එයා තව මිනිත්තුවක් යන්න කලින් අපි ගාවට එනවා"

    තර්කවතී: "හරි, දැන් අපිට කරන්න තියෙන එකම තර්කානුකුල දේ තමයි බෙදිලා යන එක. ඔයා අර පාරේ යන්න. මන් මේ පාරේ යන්නම්. තර්කනුකුලව එයාට අපි දෙන්නගෙම පස්සෙන් එන්න බෑ..."

    ගැහැණු දෙන්න පාරවල් දෙකේ දෙපැත්තට ගියා. පස්සෙන් ආපු මනුස්සයා තර්කවතී පස්සෙන් යන්න පටන් ගත්තා. ගණිතවතී ගෙදරට ළඟාවුණා. තර්කවතී තාම ඇවිත් නැති බව දැනගෙන තර්කවතිට මොනවා වෙන්න ඇත්ද කියල දුක්වෙන්න ගත්තා. ටික වෙලාවක් යන කොට තර්කවතී ආවා.

    ගණිතවතී: "අම්මෝ ඇති යන්තන් ඔයා ආවා. ඔයාට මොකද වුනේ?"

    තර්කවතී: "තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා. ඒ මිනිහට දෙන්නම ලුහුබඳින්න බැරි නිසා මගේ පස්සෙන් ආවා"

    ගණිතවතී: "හරි..., හරි... ඊට පස්සේ මොකද වුනේ?"

    තර්කවතී: "තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා. මම මට පුළුවන් වේගෙන් දුවන්න ගත්තා. එයත් එයාට පුළුවන් වේගෙන් දුවන්න ගත්තා"

    ගණිතවතී: "ඉතින්...?"

    තර්කවතී: "තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා. ඔහු මගේ ලඟට ආවා..."

    ගණිතවතී: "අපොයි දෙවියනේ... ඉතින් ඔයා මොකද කලේ..."

    තර්කවතී: "තර්කානුකුලව කරන්න පුළුවන් එකම දේ මම කළා. මම මගේ රෙද්ද ඉස්සුවා..."

    ගණිතවතී: "අනේ... අර මිනිහ මොකද කලේ?"

    තර්කවතී: "තර්කානුකුලව කරන්න පුළුවන් එකම දේ ඔහු කළා. ඔහු ඔහුගේ කලිසම පහත් කළා..."

    ගණිතවතී: "ඉතින්..., මොකද වුනේ කියන්නකෝ..."

    තර්කවතී: "ඇයි අනේ තර්කානුකුලව ඔයා දන්නේ නැද්ද රෙද්ද උස්සපු ගැහැණු කෙනෙක්ට කලිසම පහත් කරපු පිරිමියෙකුට වඩා වේගෙන් දුවන්න පුළුවන් කියල... ඉතින් මම දුවල ආවා..."
     

    Awsomest Genius

    Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    වෙනසකටත් එක්ක මාත් පළවෙනි පාරට පොඩිම පොඩි කතාවක් දානවා, කීපදෙනෙකුට හරි හිනා ගියොත් ආයේ දාන්නම්, නැත්තං වැඩේ අතෑරලා දාතැහැකිනෙ..

    අලුතෙන් අඳුර ගත්තු ජෝඩුවක් කතා කර කර ඉන්නවලු..
    ගැහැණු ළමයා : මට නං කෝපි බිව්වම පොඩ්ඩක්වත් නිදාගන්න බෑ අනේ...ඔයාටත් එහෙමද?
    පිරිමි ළමයා : නෑනේ, මට ඒකේ සම්පූර්ණ අනිත් පැත්ත...
    ගැහැණු ළමයා : ඒ කියන්නෙ
    පිරිමි ළමයා : මට නින්ද ගියාම පොඩ්ඩක්වත් කෝපි බොන්න බෑ...





    අවුරුදු හැට ගණනක් වයසැති විවාහක යුවළක් සුන්දර, නිහඬ, රොමෑන්ටික් රෙස්ටුරන්ට් එකකදී තම විවාහ දිවියේ 35 වන සංවත්සරය සැමරූහ.

    හදිස්සියේම සුන්දර සුරංගනාවක් ඔවුන් දෙදෙනා ආහාර ගන්නා මේසය අසල පහළ වූවාය. “ඔබ දෙදෙනා මේ තරම් දීර්ඝ කාලයක් එකිනෙකා කෙරෙහි ආදරයෙන් සහ විශ්වාසවන්තව ආදර්ශමත් විවාහ ජීවිතයක් ගත කිරීම පිළිබඳව මම අතිශයින් ප්‍රසන්න වූයෙමි. ඔබ එකිනෙකා කැමැති ඕනෑම වරයක් මම ඔබ දෙදෙනාට ලබා දෙන්නෙමි.” සුරංගනාව කීවාය.

    මෙතැනදී ජෝඩුවම පුදුමයට පත්වූ බව මෙන්ම වරය ඉල්ලීමේදී භාර්යාව ඉස්සර වූ බවත් අමුතුවෙන් කීමට අවශ්‍ය නොවේ.

    “මම කැමැතියි මගේ ඩාලිං හස්බන්ඩ් එක්ක ලෝකෙ වටේම රවුමක් ඇවිදින්න.” භාර්යාව කීවාය.

    සුරංගනාව ඇගේ මැජික් යෂ්ටිය සෙලවූ අතර එක්වරම විශාල ආලෝකයක් පතිත විය. එසැණෙහිම ක්වීන් මේරි නම් සුඛෝපභෝගී කෲස් යාත්‍රාවේ පළමු පන්තියේ ටිකට්පත් දෙකක් භාර්යාවගේ අතේ පහළ විය.

    ඊළඟට පැමිණියේ ස්වාමි පුරුෂයාගේ වාරයයි. මොහොතක් කල්පනා කළ ඔහු මෙසේ කීය: “හොඳයි, මේ ඔක්කොම හරිම රොමෑන්ටික්. ඒ වුණාට ඉතින් මේ වගේ චාන්ස් එකක් ලැබෙන්නෙ ජීවිත කාලෙටම එක වතාවයි. සොරි ඩාලිං, මම ප්‍රාර්ථනා කරනව මට වඩා අවුරුදු 30 ක් බාල වයිෆ් කෙනෙක් ලැබෙන්න කියල.”

    භාර්යාව පමණක් නොව සුරංගනාවත් ස්වාමි පුරුෂයාගේ අවිනීත ඉල්ලීම නිසා බොහෝ කලකිරීමට පත් වූහ. නමුත් පොරොන්දුවක් වුවහොත් එය ඉටු කළ යුතුමය. සුරංගනාව තම අත ඇති මැජික් යෂ්ටිය දිගු කර අහසේ රවුමක් ඇන්දාය. ඇස් නිලංකාර කරවන ආලෝකයක් පහළ විය. ස්වාමි පුරුෂයා අවුරුදු 92 ක මහල්ලෙක් බවට පත් විය! 😄😄

    ආදර්ශය:
    පිරිමි වනාහි කෙළෙහි ගුණ නොදත් මෝඩයන් පිරිසක් බව හැබෑය. එහෙත් සුරංගනාවන් . . . කාන්තාවන්ය!





    රාල හොඳ මිනිහා..කාටවත් කරදරයක් නෑ.හේනේ කුඹුරේ වැඩ ටික කරගෙන ඉන්නවා මිස ඔය ඕපදුප නෑ.ආයේ මොකද බොනවා කියලද....ඉතින් හොදට ආදායමක් ගත්තා.
    මිනිහා හාමිනේ එක්ක සාකච්චා කරලා එහෙම එළුවෝ ටිකක් ගෙනත් හදන්න තීරනය කරා.
    ඕං..... සත්තු 12ක්ම ගෙනාවා.සේරම වැස්සියෝ.....දැං...ඉතිං රාලෙට වැඩ ගොඩයි.මුංව තණකොල කන්න කැලේ ගෙනියනවා හවසට ගේනවා.ආයේ හේනෙ කුබුරේ වැඩ ඒවත් කරනවා......
    ඉතින් මේම යනකොට දවසක් එළුවෝ කවන්න කැලේ අරන් ගියාට මුංට තණකොල කන්නේ නෑ.....දෙවෙනි දවසෙත් මේකමයි.....
    මිනිහා....කඩාගෙන ගියා පශු ලගට. පශු විස්තර අහලා කිව්වා සත්තු පට්ටි දාන්න කාලේ හරි කියලා.ඒකට ලොකු ගානක් යයි කියල "ඈ.....මහත්තයෝ මේකට ආයේ වෙන මොනාද කරන්න පුළුවන්"........."එහෙනම් කෘතිම සිංචනය කරන්න ඕන......රාලෙට උනත් බැරැවැයි".....(ඒ කිව්වේ කෘතිමව ගැබ් ගන්වන එක)

    රාල කල්පනා කරා අහවල් එකටැයි සල්ලි වියදම් කරන්නේ මමම ඕක කරනවා කියල.....පහුවදා සත්තු ටික ටැක්ටර් එකට දාගෙන කැලේට අරන් ගිහින් මිනිහා අහවල් එක කරනවලු.
    මේම සතියක් විතර වැඩේ ගියාලු.මිනිහත් හෙම්බත් වෙලා.
    දෙවෙනි සතියේදී මිනිහට අමාරු වැඩිකමට වාඩිවෙලා ඉන්න ගමන් මිනිහාට මතක්වුණා පශු කිව්වා කියලා....."වැඩේ හරිනම් සතියකින්..සත්තු පැත්ත වැටෙනවා" කියලා.

    ඊලග දවසේ උදේ මිනිහා නැගිට ගන්න අමාරු නිසා හාමිනේට කතා කරලා ඇහුවා "හාමිනේ සත්තු පැත්ත වැටිලද "කියලා......හාමිනේ " මොන........අන්න උන් සේරම අර ටැක්ටර් එකේ නැගලා ගේ පැත්ත බලන් ඉන්නවා ".....කියලා




    ඔන්න ඉස්සර ගමක ඉන්නවාලු බොහොම පිලිවෙලට විනයගරැකව නීතිරීති පනවගෙන ඉන්න තාත්තා, අමිමා සහ දුවක්. මෙි දුව ලොකුත් නැ පොඩිත් නැ වයසේලු. මෙි දුවට එහෙමෙහෙ යනු බෑ, ඒකාලේ ටියුෂන් අනිවාර්ය නැ, ඉස්කෝලේ හැමදේම උගන්වන කාලේ.

    දවසක් මෙි දැරිවි දහමිපාසල් ගිහින් ගෙදරට එනවා, පන්සලේ ඉදලා ගෙදරට කෙටි පාරක් තියනවා, හැබැයි ඒ පාර හොද නැ, මුඩුක්කු වගේ ගෙවල් පෙලක් මැද්දෙන් යන්න තියන්නේ, දැන් මෙි ලමයා ලමාගීතයකුත් කියාගන මෙි කෙටි පාරෙන් එනවා, ටිකක් පුදුමයෙන් වගේ වටපිටාව බල බලා. ඔන්න එතකොටම කොහෙද ඉදලා දුවන් ආව මෙි වයසේම වගේ කෙල්ලක් හයියෙන් හැප්පුනාලු මෙි ලමයාගේ ඇගේ. හැප්පිලා නිකන් හිටියේ නැ, උඹ *කපන් කියලා ආයම දිවිවාලු. දැන් මෙි ලමයාට මාර ගැටලුවක්, අහලාම නැති ⁣මෙි *කපන් කියන වචනය, මෙික මීටරේට දාගෙන ගෙදර ආපි, එනකොට අමිමා අප්පචිචී දෙන්නාම සාලේ ඉන්නවා, ආව ගමන් අප්පචිචී මොකද්ද මෙි කියලා වචනේ ඇහුවෙි නැද්ද? මහ දෙන්නාගේ ඇස් උඩ ගියා, හැබැයි පියතුමා වැඩිය ගන්න නොගෙන *කනවා කියන්නේ නේ....ද...... කියලා උඩ බැලුවා. බලනකොට හාදයා දැක්කා බිත්තියේ තියන ඔරැවක චිත්‍රය, ඉතින් මිනිහා... ඔරැ පදනවාට දුවෙි කියලා කතාව වැහුවා, දුවට හරි සතුටුයි ඔරැ පදිනවාට තව සමාන පදයක් ඉගනගත්ත නිසා....
    ටික කාලයක් මෙහෙම ගෙවිලා ගියා................
    දවසක මෙි දුවටයි, අමිමාටයි, ආචිචිටයි ගමනක් යන්න උනා, මෙිකේ ඔරැවකින් යන්නත් තියෙයිලු ඔන්න. දැන් සෙටි එක තොටුපලේ..
    දැන් ආචිචි... දුවෙි අපිට එගොඩ යන්න කීයක් ගනීවිද දන්නේ නැ නේද කියුවා.... එතකොටම මෙි ලමයා.... ඉන්න ආච්චි මම අහලා එන්නමි කියලා දුවපි තොටියා ලගට.................
    මාමෙි.. මාමෙි... මටයි අපේ අමිමටයි ආචිචිටයි *කන්න කියක් ගන්නවාද කියලා ඇහුවා.
    තොටියා උඩ බිම බැලුවා, මොන මගුලක්ද මෙි කියලා..ටිකකින් පියවි සිහියට ඇවිත් මෙහෙම කියපි...
    උඔටයි අමිමටයි මම නිකන් *කන්නමි, ආච්චිට *කන්න වෙන කාට හරි කියපන් කියලා





    හේනේ මාමා කියන්නේ හොද ගොවියෙක්. ගොවියෙක් කීවම ගොඩ මඩ හැමදෙයක්ම සරුවට වගාකරන ගමේම හිටිය ගොවි රජෙක්.
    ඒ විතරක්ම නෙවෙයි හොදට කිරි දෙන වැස්සියෙකුත් හේනේ මාමට උන්නා.

    දුක කියන්නේ..... වත්තේ පිටියේ හැම වැඩකටම දක්ෂයා උනාට වැස්සිගෙන් කිරිදොවන වැඩේනම් මාමාට කරන්නම බෑ.

    හේනේ මාමාගේ නෝනා ඒ කියන්නේ කිරිඑතනා, මේ වැඩේ අපේ හේනේ මාමා කොයිතරම් පුරුදු කරන්න හැදුවත් මිනිහා නෙවෙයි වැඩේ අල්ලගත්තේ. කියාදෙන හැමවාරෙකම මොකක් හරි අලකලංචියක් උන්දැ කොරගන්නවා.

    කිරිඑතනත් මුන්දැට බනිනවා ....

    "මට අසනීප වෙච්ච දවසක කොහොමදෑ වැඩේ කොරගන්නේ "
    අම්මාවත් උන්නන් බයක් නෑ උන්දැත් මියෑදිච්චි....

    මොකද කිරිඑතනා කිලි අහුවෙච්ච දවස්වලට මෙච්චර දවසක් කිරිදෙව්වේ උන්දෑ.

    උන්දැ මියැදිච්චච නිසා මේ මාසේ කිරි එතනා අසනීප උනාම දැන් ඉතින්න වැඩේ කොරන්න වෙන්නෙම හේනේ මාමාට.

    ඔන්න ඉතින් කීව විදිහටම කිරිඑතනා නැන්දා අසනිපවුනා. (අසනීප කීවාම දන්නවනේ ඉතින් කාන්තාවන්ගේ අසනීප)

    දැන් ඉතින් මොනවා කරන්නද වැඩේ කොරන්නම වෙනවා අපේ හේනේ මාමට.

    ඔන්න ඉතින් උන්දෑ අකමැත්තෙන්ම වැඩේට පිටත්වුනා.
    එළදෙන ලඟට කිට්ටුවෙනකොටම එළදෙනක් දැන් කලබල වෙලාලු දැන් මොකාද අළුත් සතා කියලා.

    මොනවා කරන්ද ඉතින් හේනේ මාමත් වැඩේට එන්ටර්වුනා ඔන්න දැන්.

    එළදෙන ලගට කිට්ටුවුනා විතරයි ඕන්, උස්සලා වම් කකුලෙන් දුන්නා පාරක් හේනේ මාමට තරු විසිවේන්න.

    ඔන්න ඉතින් හේනේ මාමා දහ අතේ කල්පනා කරනවා කොහොමද වැඩේ ගොඩදාගන්නේ කියලා.
    මිනිහා කල්පනා කරලා, ඇදන් උන්න බැනියම ගලවලා අරන් හරකගේ වම් කකුල ගැට ගැහුවා කණුවක හොද තදට.

    දැන් වැඩේ හරි කියලා හිතපු හේනේමාමා ආයම වැඩේට එන්ටර් වුනා.

    මොන.... දුන්නා දකුණු කකුලෙන් බීපු කිරි මතක් වෙන්න උන්දැට.

    මිනිහත් සෙකන්ඩ් වෙන්න කැතිම නෑ. කොහොමත් කිරිත් නැතුව රෙද්දක් ඇදන් ගෙදර යන්න පුළුවනෑ.

    ඒක මොන ලැජ්ජාවක්ද, හෙලුව තව හොදයි කියලා හිතලා සරම ගලවලා අරන් ගැට ගැහුවා දකුණු කකුලත්.

    වැඩේ හරි වගේ කියලා තමයි හිතුවේ....
    මොන.....

    ආයෙම ලන්වුනා විතරයි වලිගෙ කරකවලා අරන් දුන්නා හොද කම්මුල් පාරක්...

    පව් අහිංසකයා....

    හේනේ මාමටත් දැන් යකා නැගලා.

    අන්තිම වතාවට කියලා ලෙහෙලා ගත්තා අබුඩ ලේන්සුව...

    දැන් ඉතින් හේනේ මාමා තනි හෙලුවෙන් දිය ලණුව විතරයි ශරීරෙටම ඉතුරු.

    දැන් හේනේ මාමාගේ අදහස නැට්ට අරගෙන වහලේ ගැටගහන්නයි.

    කරුමෙට උස මදි...

    හේනේ මාමා එළදෙනගේ කකුලක් උඩ පය කියලා නැට්ට උසසලා දැන් බදින්නයි හදන්නේ වහලේ.

    මේ අතරේ කිරිඑතනා බලන් ඉදලා බලන් ඉදලා බැරිම තැන මුන්දෑ මොන ගිනිවිජ්ජුම්බරයක් කරන්ද දන්නැ කියලා එනවා හේනේ මාමා හොයාගෙන.

    හපොයි....

    දැකපු දර්සනේ මුන්දැ හීනෙකින් වත් නොහිතපු දෙයක්.

    හේනේ මාමට කිට්ටු වෙච්ච කිරි එතනා නැන්දා කීවා මෙන්න මෙහෙම.

    "මොකැක්කෙයි ඔය කරන්නේ...
    ඔය තිරසනාටවත් ඉන්න දීපිය...
    යකෝ මේ අසනීපේ දින දෙක තුනකින් හොද වෙනවා. බොට එතකන්වත් ඉවසන්න බැරිද ....."





    MP : දොස්තර මහත්තයා අපේ පුතාට ටිකක් උණ වගේ උගුරත් රිදෙනවලු.....

    Dr. : බය වෙන්න එපා ඇමතිතුමා මම ඊයෙ ඇවිත් බලලා ගියේ....

    MP : ඒ උනාට ටිකක් අමාරුයි වගේ ඩොක්ටර්

    Dr. : එහෙනම් සුවිසැරිය කෝල් කරලා මෑන්ට ලැස්තිවෙන්න කියන්න කන්දකාඩු යන්න....

    MP : වැඩේ කියන්නේ දොස්තර මහත්තයා.... මේ යකා අපේ සර්වන්ට්වත් ඉඹලනේ....

    Dt. : එහෙමද.. එහෙනම් එයාටත් රෙඩි වෙන්න කියන්න.....

    MP : හි... හී කියන්නත් මොකක්ද වගේ... දොස්තර මහත්තයා... මාත් ඒකිව ඉම්බා නේ...

    Dr. : හප්පා... එහෙනම් ඇමතිතුමත් ලෑස්ති වෙන්න වෙයි....

    MP : එතකොට ඩොක්ටර් අපේ නෝනා... එයා බෑ බෑ කියද්දි මම එයාවත් බලෙන් ඉම්බා නේ....

    Dr.: මලා..... මිසී ..... මිසී.... ඇම්බියුලන්ස් එකක් ගෙන්නන්න... අපි දෙන්නටත් කන්දකාඩූ යන්නම වෙනවා....





    ඇපොලෝ යානයෙන් සඳ මතට ගොඩ බට නීල් ආම්ස්ට්‍රෝං සඳ මත ඇවිද්ද ප්‍රථම මිනිසා ලෙස ඉතිහාසයට එක්වුණා. ඉන් අනතුරුව ‘මෙය මනුෂ්‍යයකු විසින් තබන ලද කුඩා පියවරකි. නමුත් මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් පනින ලද විශාල ඉදිරි පිම්මකි’ යන ඔහුගේ සුප්‍රසිද්ධ ප්‍රකාශය සඳ මත සිට පොළොවේ සිටින වැසියන් වෙත කළා. ආම්ස්ට්‍රෝං, අනෙක් ගගන ගාමීන් සහ පාලක මැදිරිය අතර පැවැති වෙනත් සන්නිවේදනයන් අවසානයේදී නැවතත් යානයට නගින්නට පෙර ඔහු මෙසේ කියා තියෙනවා:

    ‘ගුඩ් ලක් මිස්ටර් ගෝර්ස්කි!’

    ඒ ප්‍රකාශය ප්‍රතිවාදී සෝවියට් ගගනගාමියෙකු ඉලක්ක කරගෙන කරන ලද්දක් බවයි නාසා ආයතනයේ සිටි බොහෝ දෙනෙක් සිතලා තියෙන්නේ. නමුත් පසුව සොයා බැලීමේදී හෙළිවුණේ සෝවියට් අභ්‍යවකාශ වැඩපිළිවෙළේ හෝ ඇමරිකානු අභ්‍යවකාශ වැඩපිළිවෙළේ හෝ ගෝර්ස්කි නමින් කිසිදු පුද්ගලයෙකු නොසිටි බවයි.

    පසුගිය කාලය මුළුල්ලේම විවිධ පුද්ගලයන් ආම්ස්ට්‍රෝංගෙන් ඔහුගේ ‘ගුඩ් ලක් මිස්ටර් ගෝර්ස්කි’ ප්‍රකාශය ගැන අහල තිබුණත් ආම්ස්ට්‍රෝං සිනාසුණා මිස කිසිදු පිළිතුරක් දුන්නේ නැහැ.

    නමුත් 1995 ජූලි 5 වනදා ෆ්ලොරිඩා ජනපදයේ ටම්පා බේ හි දී ආම්ස්ට්‍රෝං විසින් දේශනයක් පැවැත්වීමෙන් අනතුරුව වාර්තාකරුවෙක් මේ අවුරුදු 26ක් පැරණි ප්‍රශ්නය නැවතත් ආම්ස්ට්‍රෝංගෙන් ඇහුවලු. අන්තිමේදී ඔහු ප්‍රශ්නයට පිළිතුරු දුන්නලු. මිස්ටර් ගෝර්ස්කි මේ වනවිට මියගොස් ඇති නිසා තමාට දැන් ප්‍රශ්නයට පිළිතුරු දිය හැකි බව ආම්ස්ට්‍රෝං කල්පනා කළාලු. දැන් කතාව මේකයි.

    ආම්ස්ට්‍රෝංගේ ළමා කාලයේදී එයා තමන්ගෙ මිතුරකු සමග ගෙවත්තේ බේස්බෝල් ක්‍රීඩා කරල තියෙනව. මිතුරා එල්ල කළ පහරකින් පන්දුව ඉගිලී ගොස් අසල්වැසි නිවසේ නිදන කාමරයේ ජනේලය අසල නතර වුණාලු. අල්ලපු ගෙදර ජීවත්වෙලා තියෙන්නෙ ගෝර්ස්කි යුවළයි.
    ආම්ස්ට්‍රෝං කොලුවා ජනේලය ළඟ පහත් වෙලා බෝලය අහුලා ගන්න හදන කොටම මිසිස් ගෝර්ස්කි මිස්ටර් ගෝර්කිගෙ ඇඟට කඩා පැනල මෙන්න මෙහෙම කෑගහනව ආම්ස්ට්‍රෝංට ඇහුනලු..

    “ඕරල් සෙක්ස්?! යූ වෝන්ට් ඕරල් සෙක්ස්?! යූ විල් ගෙට් ඕරල් සෙක්ස් වෙන් ද කිඩ් නෙක්ස්ට් ඩෝර් වෝක්ස් ඔන් ද මූන්!” 🤣🤣🤣🤣

    ("මෞඛ ලෝලනය? තමුසෙට ඕන මෞඛ ලෝලනයද? තමුසෙට මගෙන් මෞඛ ලෝලනය හම්බ වෙයි අර අල්ලපු ගෙදර කොල්ල හඳේ ඇවිද්ද දවසට.” )





    ඉතා රූමත් යුවතියක්, මනෝ චිකිත්සකයෙකු වෙත ගියාය...

    යුවතිය දුටු මොහොතේ සිටම ඔහු ඇයට ආකර්ශනය විය...
    එ් නිසාම ප්‍රතිකාර සඳහා ඔහු ඇයව නිදන කාමරයට රැගෙන ගියාය...

    "දැන් ඔයා මොකටද මාව හොයාගෙන ආවේ...? " ඔහු ඇය ඇඳ මත වාඩි කරවා ගනිමින් ඇසිය.

    "ඩොක්ටර් මම මගේ පෙම්වතාට කාලකන්නි මුසලයා කියලා බැන්නා..." ඇය දුකින් කිවාය.

    "පෙම්වතාට විතරක් නෙමේ තරහ කාරයෙකුටවත් ඒ වගේ වචනයක් නම් කියන්න හොද නෑ. එ්ත් එහෙම කියන්න මොනව හරි හේතුවක් තියෙන්න එපැයි..." මනෝ චිකිත්සකවරයා කීවේය.

    "එයා මාව සිප ගත්තා..." ඇය බිම බලාගෙන කීවාය.

    "ඒ කියන්නේ මේ විදිහටද...?"
    අසමින් ඔහු ඇගේ මුහුන සිප ගත්තේය.

    "ඔව් ඒ විදිහට තමා..." ඇය කිවේය.

    "ඒ උනාට අර තරම් වචනයක් කියන්න එතන වැරැද්දක් මට පෙන්නේ නෑ" ඔහු කීවේය.

    "එයා මාව අත ගාන්න පටන් ගත්තා..." ඇය කීවේය.

    "මේ විදිහට ද?"
    චිකිත්සකවරයා ඇයව ස්පර්ෂ කරමින් ඇසිය.

    "ඔව් එහෙම තමයි"

    "එ්කත් ඉතින් බනින්න හේතුවක් නෙමේනේ..."

    "එ්ත් ඊට පස්සේ එයා මගේ ඇඳුම් ගැලෙව්වනේ..."

    "මේ විදිහටද...?"
    අසමින් චිකිත්සකවරයා ඇගේ ඇඳුම්
    ඉවත් කලේය.

    "ඔව් ඒ විදිහට තමා..." යුවතිය
    ලැජ්ජාවෙන් කීවාය.

    "ඉතින් ඒකත් බණින්න තරම් හේතුවක් නෙමේනේ..."

    "එයා මගෙත් එක්ක අඹු සැමි සබඳතාවයක් පැවැත්තුවා..."

    "මේ විදිහටද..." අසමින්
    මනෝ චිකිත්සකවරයා ඇය සමග අඹු සැමි සබඳතාවයක් පැවත්තුවාලු.

    "ඔව් එහෙම තමයි..." යුවතිය පිලිතුරු දුන්නාය.

    "ඉතින් එ්කත් බනින්න තරම් හේතුවක් නෙමේනේ..."

    "එ්ත් ඊට පස්සේ එයා කියනවා එයාට ඒඩ්ස්
    හැදිලා තියෙන්නෙ කියලා..." ඇය මහත් දුකෙන් කීවාය.

    "#කාලකන්නි_මූසලී"
    මනෝ චිකිත්සකවරයා බෙරිහන්
    දුන්නේය.





    මේ කතාව නම් ගොඩක් කට්ටිය අහලා ඇති ... ඒත් අහපු නැති අය වෙනුවෙන් ..
    (මෙය කිසිම දේශපාලකයකුට අපහාස කිරීමක් නොවන බව කරුනාවෙන් සලකන්න)
    කවුරුත් දන්නවනේ J.R ජයවර්ධන මහත්තයා .. ලංකාවේ පලවෙනි විධායක ජනාධිපති.. ඔන්න එතුමාගේ වචන වලින්ම කියනවනම් විධායක ජනාධිපති ධුරයට කරන්න බැරි දෙයක් නෑ කියනවනේ.. ඒත් ඉතින් එතුමාට විධායක ජනාධිපති වෙලත් බැරිවුණා තමන්ගේ සමේ තියන රැලි ටික ඉවත් කරගන්න.. ඉතින් ලොක්කා මේ පිලිබඳ බොහොම කනස්සල්ලෙන් ඉන්නකොට ආරංචි උනා පිටරටක තියනවා කියලා සමේ රැලි ඉවත් කරන මැසිමක්... බර ගානක් ලු... කීය උනත් කමක් නෑ කියලා JR ලොක්කා එකක් ගෙන්න ගත්තාලු.. හැබැයි ඉතින් මේ මැසිමෙන් සමේ රැලි අයින් කරනවා කිව්වට ඇත්තටම වෙන්නේ තියන රැලි ටික එකතු කරලා පේන්නේ නැති තැනකට කරලා ගැට ගහන එකලු...
    ඉතින් JR ලොක්කත් මැසින් එක පාවිච්චි කරල තමන්ගේ හමේ තියන රැලි ටික උඩටම ඇදලා හිස මුදුනට තියලා ගැට ගැහැව්වලු.. ඒ ගැටේ නොපෙනෙන්න cap එකකුත් දාගත්තලු.. දැන් නම් පොර කොල්ලා වගේලු.. ඉතින් පොර ගියාලු ඒ දවස්වල අගමැති වෙලා හිටපු ප්‍රේමදාස මහත්තයා හම්බවෙන්න.. ගිහින් ඇහැව්වලු කොහොමද ප්‍රේමදාස මගෙ අලුත් පෙනුම කියලා..
    ප්‍රේමදාස කිව්වලු නියමයිනෙ සර්...
    ඒත්... මොකද සර් අද ටයි එකයි බෝ එකයි දෙකම දාල කියලා...
    බැලින්නං හම උඩට අදිනකොට ලොක්කගෙ තුනත් බෙල්ල ලගටම ඇදිල ඇවිත්ලු...





    මේ කතාවත් ඇම්ඩා පොඩි කාලෙ වෙච්ච දෙයක් ගැනයි. දවසක් ඇම්ඩා අම්මයි,තාත්තයි එක්ක පෙරහැරක් බලන්න ගියා. දන්නෙ නැද්ද පොඩි උන්ගෙ හැටි. දකින දකින හැම උලව්වම ගැන ප්‍රශ්ණ, ප්‍රශ්ණ. බොරු උත්තර දෙන්නත් බෑ. එතකොට වැඩේ තවත් අමාරුයි අතුරු ප්‍රශ්ණ වලට උත්තර දෙන්න ගියාම. තාත්තට මල පැනලයි හිටියෙ. ඔන්න එක පාරටම ඇම්ඩා කොලුවා දැක්කා අලියගෙ පස්ස කකුල් දෙක මැදින් හොඬ වැලක් වගේ මොකද්ද එල්ලිලා පාරෙ ගෑවි ගෑවි යනවා. වටපිට බැලුවා තාත්තගෙන් අහන්න ඒත් තාත්තා ටිකක් ඈතට ගිහින් ඇම්ඩට කන්න දෙයක් ගන්න.ඒ පාර අම්ම ලඟට ගිහින් ඇහුවා,

    " අම්මෙ, අම්ම, අර මොකද්ද අර අලියගේ බඩේ එල්ලෙන්නෙ"
    අම්ම මේක දැක්කත් ලැජ්ජයි නෙ මොකද්ද කියන්න.ඊටත් සෙනග ගොඩේ. ඉතින් කිව්වා,
    " ආ...පුතා ඒක මේ සුලු දෙයක් නෙ" කියලා. ඒත් කොල්ලට ඒ උත්තරේ ඇල්ලුවෙ නැති නිසා තාත්ත ලඟට දුවල ගිහිල්ලා ඇහුවා. තාත්තල ඉතින් කවදත් ළමා මනෝ විද්‍යාව පිළිබඳ මහාචාර්ය වරු නොවැ. අනික බොරු කියලත් මුගෙන් බේරෙන්නයැ. ඒ නිසා කිව්වා,

    " ආ, ඒක පුතේ අලියා චූ කරන එකනෙ. චූ බට්ට, චූ බට්ටා"
    "එහෙනම් අම්මා කිව්වෙ ඒක සුලු දෙයක් කියල". ඒ පාර මල පැනල හිටපු තාත්තා කිව්වා,
    " ඔව් ඉතින් උඹලයි අම්මට ඕකත් සුලු දෙයක් තමයි "





    මේකත් මේ පිස්සන් කොටුවේ සිදු උන් දෙයක්.
    ඔන්න දවසක් පිස්සෙක් කොරිඩෝවේ යන කොට දැක්ක තවත් පිස්සෙක් දත්කූරු කකා බැන බැන බිත්තියේ ඇණයක් ගහන්න ට්‍රයි කරන හැටි. මිනිහත් " ඇයි බ්‍රෝ , බිත්තිය හයියද " කියලා ඇහුවා.
    " නෑ බන් මේ ප ** ඇණේ මොට්ටද කොහෙද " කියලා ආයිත් ගහනව. අර ආපු පිස්සා දැක්කා මූ ඇණේ තොප්පිය පැත්ත බිත්තියට තියාගෙන ගහන බව. හයියෙන් හිනා උනා පිස්සා,
    " අනේ පිස්සො, උඹට නම් හොඳටම පිස්සු. මෙහෙ දියන් මම ගහල දෙන්න" අර ඇණේ මැදින් අල්ලා ගෙන ,කලින් බිත්තියට ඉස්සරහින් තිබූ බිත්තියෙ කියල එක මිටි පහරයි දුන්නෙ ඇණේ හයි උනා කියමුකො. කලින් පිස්සා කට ඇරගෙන " යකෝ තෝ තමයි දවසකට වත් මිනිහා. උඹ කොහොමද ඒ හපන් කම් කොලේ "
    " යකෝ ඒ ඇණේ හදලා තියෙන්නේ මේ බිත්තියට.උඹ පිස්සා නිසා නොදන්නවාට "




    ඇම්ඩ ගැන ඉතින් හැමොම දන්නවනේ මූ ඇම්ඩෙක්ම තමා කියල...ඇම්ඩට මල්ලි කෙනෙකුත් ඉන්නවනේ...මුන්දෙන්නගෙ වැඩෙ මරාගන්න එකලූ...
    වැඩෙ කියන්නෙ මුන් දෙන්නගෙ ක්‍රියාකලාප නිසා ඇම්ඩගෙ තාත්තට අම්ම එක්ක සෙල්ලන් කරන්නත් බැරි තත්වයක් උදාවෙලා තිබුනේ...මේකට ෆැලැනක් විදියට දවසක් හවසක ඇම්ඩගෙ තාත්ත මුන් දෙන්නට තම්බපු කඩල කිලෝ එකක් විතර ගෙනත් දීල කිව්වලු..

    "උබල දෙන්න මෙ අයිනකින් වාඩිවෙලා කඩල ඇටෙ ඇටෙ කන්න ඕන හරි..කඩල දෙක දෙක කෑවොත් බොලයි පුකවල් මං පලනව "

    කියල තාත්ත හිමින් සීරුවෙ අම්ම එක්ක කාමරෙට ගියලූ..

    ඇම්ඩයි මල්ලියි මෙහෙ කඩල කනකොට අම්මයි තාත්තයි අරහෙ සෙල්ලමලු....

    එක පාරටම ඇම්ඩගෙ මල්ලිට ආතල් එකක් ඇවිත් මූ වැඩ්ඩ වගෙ කඩල උඩ දදා දෙක තුන එකපාර කන්න ගත්තලූ..
    ඔහොම උඩ දාපු කඩල ඇටයක් රෝල් වෙලා ඇම්ඩගෙ තාත්තයි අම්මයි ඉන්න කාමරෙ ලගට ගියාලු...
    ඇම්ඩා හීන් සීරුවෙ පහත් වෙලා කඩල ඇටෙ ගනිද්දි නිකමට වගෙ දොර රෙඩ්ඩ යටින් කාමරෙට ඇහැදැම්මලු...එකපාරටමූ බය වූනාලු..බයවුන පාර මල්ලි ලගට ඇවිත් මේම කිව්වලු..

    "අඩෝ ගොන් වස්සො තාත්ත උබට කිවෙ කඩල ඇටේ ඇටෙ කන්න නේ...උබ දෙක දෙක කාල පුක පලෝ ගන්න එපා...ආන්න අරහේ අම්ම ඇට දෙක දෙක කාලදෝ කොහෙද තාත්ත බිම දාගෙන අම්මගෙ පුක පලනව"






    ඇම්ඩාගේ තාත්තා අසනීපයෙන් පසුවන නිසා, මුදල් ටිකක් බැංකුවේ කාඩ්පතින් ගෙන ඒම සඳහා ඇම්ඩාට දෙන ලදී. ඔහු කිසිදාක කාඩ්පතක් භාවිතා කර නොමැති නිසා අවශ්‍ය උපදෙස් දී , පිටත් කර හරින ලදී. තාත්තා කිව් පරිදි කාඩ්පත මැෂිමට ඇතුළු කලවිට ප්‍රථමයෙන් තිරය මත " ඔබට උපදෙස් අවශ්‍ය භාෂාව තෝරාගන්න" යන පණිවිඩය දිස්විය. ඈම්ඩා සිංහල තෝරාගත් විට තාත්තා කිව් ලෙසම " ඔබගේ රහස් අංකය ඇතුලත් කරන්න" කියා පණිවිඩයක් දිස්විය. ඒ සමගම ඉදිරියට යන්න කියා දකුණු පසිනුත් ආපසු යන්න කියා වම් පසිනුත් පණිවිඩ දෙකක් දිස් වීමෙන් ඇම්ඩා අන්දුන්කුන්දුන් විය.ඒ තාත්තා එවැනි දෙයක් කියා නොතිබුන නිසාය. ":හහ්, අපේ පරම්පරාවේ මොකාද පස්සට ගියේ ": යැයි තොල් මැතිරූ ඈම්ඩා ඊලඟ උපදෙස්, කුටියෙන් ඉස්සරහ ඇති කියා සිතා,දොර ඇරගෙන ඉස්සරහට ගමන් කලේය. අඩි විස්සක්, තිහක් පමණ ගියත් උපදෙස් පුවරුවක් දුටුවේ නැති නිසා,ඇම්ඩා යලිත් කුටියට ඇතුළු වූවිට " ඔබේ කාඩ්පත ඇතුළු කරන්න" කිවූ උපදෙස දැක කලබල වී බැලූ විට,යන්ත්‍රයෙ කාඩ්පතක් නොමැති බව දැක පියාගෙන් කන්නට වන පරිප්පුව මතක් වී ක්ලාන්ත විය.





    ඇෆ්ගනිස්තානයේ වැඩකරන කාලෙ එහෙ මුල්ලහ් කෙනෙක් කියපු එකක්.
    ඇෆ්ගනිස්තානයේ එක පලාතක් තියෙනවා කන්දහාර් කියල. එහෙ ඉදල තියෙන්නෙ රණ කාමියෝ. ඉතිං එහේ සංස්කුරුතියට අනුව ගෑනු යුද්දෙට ගිනියන්ට බැරි නිසා ලක්ශන කොලු ගැටව් තමා අරන් යන්නෙ නටන්ඩ කරන්න අරවට මේවට සහ අනෙක් ඒවාට. බාචා බාසී කියන්නෙ ඒගොල්ලන්ට. ඉතිං ඇෆ්ගනිස්තානයේ තියෙන කොමන් ජෝක් එකක් තමා කන්දහාර් වල ඉන්නෙ එහෙම අය කියල. එහෙ යනවනම් සල්ලි වැටුනත් ඇහිදින්ඩෙපා කියල කියන්නෙ.🙄

    ඔන්න ඔය එක රණකාමියෙක් යුද්දෙට ගිහිං ඇවිත් එහෙම කසාදයක් බදින්ට ගියාලු. මනමාලී හෙන සුරුපී ලලනාවලු ඉතිම්. ( එහෙ ලලනාවෝ සුරූපී තමා ඉතිං) පොර ඉතිං මනමාලි දැකල තක්බීර් වෙලා බලා ඉන්නවලු.

    මනමාලිගෙ තාත්තා ඇහුවලු පුතා මගේ දුවගේ රූපශ්‍රීයෙන් වශී වෙලා නේදැ කියල.

    පොර ගත් කටටම කියාපිලු නෑ මම මේ කල්පනා කලේ මෙයා මෙහෙම ලස්සන නම් මෙයාගෙ සහෝදරයා කොච්චර ලස්සන ඇතිද කියල.

    මාමා ඩොක් ගාල වැටුනලු.




    මේක මචන් සෙට් වෙච්ච වෙලාවක කවුරු හරි කියපු එකක්. පිස්සන් කොටුවක කතාවක්.

    මචන් අපි හැමෝටම ටිකක් පිස්සු. පොඩ්ඩක් විතර එහා මෙහා උනාම තමයි ඔය පිස්සොන්ට බෙහෙත් කරන ඉස්පිරිතාල, නැත්නම් ව්‍යවහාරේ විදියට පිස්සන් කොටුවට එක්කන් යන්නේ. අපිටත් යන්න වෙන්න ඉඩ තියනවා කියන එක මතක තියාගෙන කතාව පටන් ගමු.

    පිස්සන් කොටුවක පිස්සො දෙන්නෙක් හොදටම යාලු උනාලු. මුන් හෙන ෆිට් එකේ එහේ ඉන්නවලු ඉදිකට්ටයි නූලයි වගෙ. යාලු පිට් එකේම මුන් දෙන්නට අයිඩියා එකක් ආවලු ඔතනින් පනින්න.
    "බෑනෙ මචන් මෙහෙම ඉන්න. අර පිස්සු දොස්තරයා හිතන්නෙම අපිට තාම පිස්සු කියලා.. අපි පැනලා යමු."

    "ඉතින් කොහොමද බන් පැනලා යන්නේ... මේ බලපන් තාප්පෙ උස. අඩි දොලහක් විතර..."

    "අපි මෙහෙම කරමු... දිග රිටක් හොයාගෙන අර ඔලිම්පික් වල රිටි පනිනවා වගේ තාප්පෙ උඩින් පනිමු. "

    "මට පුරුදු නැහැනේ..."

    "අපෝ.. ඕක හරි සිම්පල්... හිටපන් උඹට පුරුදු කරන්නම්"

    දැන් ඉතින් දෙන්නා රිටක් කාරිය හොයාගෙන යමෙරෙට ප්‍රැක්ටිස් කලාලු. කොහොමද දන්නවද.... කවුරුත් නැති වෙලාවක අර රිටි පනින්න පුලුවන් එකා තාප්පෙන් එහා පැත්තට මෙහා පැත්තට කීප සැරයක් පැනලා පෙන්නුවාලු. හරියට සර්ජි බුක්කා වගෙ... දන්නවනේ රිටි පැනීමේ ලෝක සූරයා... ඒ වගේ...
    අනෙකත් දැන් ටික පුරුදු උනාලු. දැන් මුන් දෙන්නා රිට අරගෙන එහා පැත්ත්ට පැන්නලු. ආයේ දෙන්නම බඩ ගාගෙන හරි අමාරුවෙන් ගස් උඩින්, තාප්ප දිගේ, කානු අස්සෙන් බඩගාගෙන ආයේ ඇතුලට එනවලු හොරෙන්. ආයේ පනිනවලු එලියට. ආයේ හෙන ගේමක් දීලා ඇතුලට යනවලු. ඇයි බන් හොදට පුරුදු වෙන්න එපැයි...😂😂😂😂😂😂

    දැන් මුන් දෙන්නා ඉදිරි වැඩ ටික ප්ලෑන් කලාලු...

    "අපි හෙට මේ වෙලාවටම වගේ එහෙනම් පැනලා යමු...."

    "ඔව් ඔව්... ඒක හොදයි.. දැන් අද බලපන් හත් අට පාරක්ම අපි එලියට ගියා... කාටවත් මාට්ටු උනේ නැහැනේ... හෙටත් මේ වෙලාවටම මෙතනින්ම පැනලා යමු...."

    දැන් බුවාලා දෙන්නා හෙන මොරාල් එකේ දවස ගෙවලා දැම්මලු.
    ඔන්න දැන් රෑ වෙලා දෙන්නා හොදට කාලා නිදාගත්තලු.
    හම්මට සිරි... නා කපන වැස්සක් වැස්සලු. අකුණු ගහ ගහ දුන්නලු වැහි දෙය්යොත් හිටු කියලා...
    දැන් එක පිස්සෙක් උදේ ඇහැරෙන් කොට අනිකා හෙන අවුලෙන් ඉන්නවලු මූනත් එල්ලගෙන. මූ හිතුවලු එක්කො රිට තෙමිලා හින්දා ලිස්සයි කියලා මූ අවුලෙන්දවත් ද...කියලා..
    "ඇයි මචන්... මොකද උනේ.. "

    "අඩෝ මචෝ.. අපෙ ප්ලෑන් සේරම වතුරෙ.. අපිට ආයේ සෑහෙන කාලෙකට පැනලා යන්න වෙන්නේ නෑ"...

    "නෑ..... ඇය් බං මොකද වෙලා තියෙන්නේ..."

    "ඊයේ රෑ වැස්සට පිටි පස්සේ අපි පනින්න හිතන් හිටපු තාප්පේ කඩන් වැටිලා... ඕක ආයෙ හදන්න අවුරුද්දක්වත් යයි බන්..."
     

    Awsomest Genius

    Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    ඔන්න හාමුදුරු නමක් ගෙදරක බණකට වැඩියා.දැහැත් වට්ටිය එහෙම පිළිගන්වලා ආරාධනා කරාට පස්සෙ හාමුදුරුවො පිරිස පන්සිල් සමාදන් කරවල බණ පටන් ගත්තා.

    "අද මං මේ පිංවතුන්ට දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නෙ පන්සිය පනස් ජාතක පොතේ එන ජාතක කතාවක් ඇසුරෙන්. ඒ තමයි අඟුලානෙතිස්ස ජාතක කතාව. කෝ බලන්න ඒ ජාතක කතාව මීට කලින් අහල තියෙන උපාසක අම්මල...."

    පිරිස අතරින් කීප දෙනෙක් බොහොම උජාරුවෙන් මෙන් අත ඉස්සුවා.

    "බොහොම හොඳයි....ඇත්තටම එහෙම ජාතක කතාවක් ජාතක් පොතේ නැහැ. මං අද මේ දේශනාවට මාතෘකා කරගන්නෙ ඔන්න ඔය වගේ නොදන්නා දේ දන්නා බව හඟවන පිරිස් ගැන දේශනා කරපු ගාථාවක් . හා දැන් එහෙනං හැමෝම සාධු කාරයක් දීල සූදානම් වෙන්න...."







    කෙනෙක් වැඩ ඇරී ගෙදර එන විට, අසාමාන්‍ය අවමංගල්‍ය පෙරහැරක් දුටුවේය.
    මිණී පෙට්ටි දෙකක් ඇති අවමංගල්‍ය රථ දෙකක් පසු පස කළු බල්ලෙක් අල්ලා ගත් මිනිසෙකි. ඔහු පසුපස මිනිසුන් දෙසීයක පමණ, එකා පස එකා යන පෝළිමකි. මෙය ඉතා අසාමාන්‍ය දර්ශනයකි.
    ඔහු ඒ බල්ලාගේ කරපටිය අල්ලා ගෙන යන මිනිසාගෙන් මෙසේ ඇසුවේය. “මේ දුක්මුසු අවස්ථාවේ, ඔබට කරදර කරන්න කැමති නැහැ. එහෙත් මේ වගේ අවමඟුල් පෙරහැරක් මම කවදාවත් දැකලා නැහැ” ...”කව්ද මේ මිය ගිය දෙන්නා ?...?
    ... ”ඒකට කමක් නැහැ”,..” පළවන මිණී පෙට්ටියේ ඉන්නේ මගේ බිරිඳ”, ...”දෙවන එකේ ඉන්නේ මගේ නැන්දම්මා”...
    ...”මොකද ඒ අයට වුනේ? ...දෙවැන්නා ඇසීය.
    ...” මේ බල්ලා මගේ බිරිඳගේ බෙල්ලෙන්ම අල්ලාගෙන හිටියා”...”ඉතින් ඇය මියගියා”...”නැන්දම්මා බල්ලා නවත්වන්න හැදුවා”...”බල්ලා මගේ බිරිඳව මරලා, නැන්දම්මා ගේ බෙල්ල විකාගෙන හිටියා”...”අන්තිමට නැන්දම්මත් මළා”...”
    මිනිසුන් දෙදෙනා අතර සෑහෙන වෙලාවක් යනතුරු නිශ්ශබ්දතාවයක් පැවතිණි. අවසානයේ දෙවැන්නා මෙසේ ඇසීය. ... “ මට බල්ලාව දවස් දෙකකට දෙන්න පුළුවන්ද ?
    ...”අවුලක් නැහැ”...”හැබැයි පෝළිමේ එන්න වෙනවා”...





    ඔන්න ආදි කාලේ රජ මාලිගාවක හුරතලේට ඇති කරන ගිරවෙක් හිටියලු.. මේ ගිරවා බිත්තර කන්න හරිම ආසයි ලු.. ඉතින් රජතුමා සේවකයන්ට අන කරල තියනවලු ගිරවට හැමදාම උදේට බිත්තරයක් දෙන්න කියලා. රජතුමා උදේ රාජ සභාවට යන ගමන් පුරුද්දක් විදියට හැමදාම ගිරවගෙන් අහනවලු... පෙත්තෝ.... බිත්තර කෑවද.. කියලා. ගිරවත් උත්තර දෙනවලු.. පෙත්තා බිත්තර කෑවා.. කියලා.
    ඔහොම යන අතරෙ රජාට හිතුනලු ගිරව පොඩ්ඩක් අවුස්සන්න ඕනෑ කියල. ඉතින් රජා දවසක් බිත්තරයක් අරගන ශේප් එකේ ඒකෙ කහමදේ අයින් කලාලු.. ඊට පස්සේ සේවකයන්ට කිව්වලු ඒක ගිරවට දෙන්න කියල..ඊට පස්සේ වෙනද විදියටම රජතුමා ගිරවගෙන් ඇහැව්වා ලු පෙත්තෝ බිත්තර කෑවද කියලා .. ගිරවා ටිකක් නොසතුටින් වගේලු උත්තර දුන්නේ..ඔය විදියට දෙවනි දවසෙත් කහමදේ අයින් කරපු බිත්තරයක් දුන්නම ගිරවා තවත් අවුල් ගහලා වගේ ලු උත්තර දුන්නේ .. තුන් වෙනි දවසෙත් දුන්නලු කහමදේ අයින් කරලා.. ටිකකින් රාජ පුරුශයෙක් ඇවිත් කිව්වලු අන්න රජතුමනි ගිරවට මල පැනලා කූඩුව ඇතුලේ ඩෙගා නටනවා කියල.. රජතුමත් මොකුත් නොදන්න ගානට ගිරවා ලගට ගිහින් ඇහැව්වලු ... පෙත්තෝ බිත්තර කෑවද කියල...
    එතකොට ගිරවා කියනවලු....
    පෙත්තෝ ..... පෙත්තෝ නෙවෙයි xත්තෝ.. ගිහින් බලාපිය මාලිගාවේ කොපු දාල xකන කුකුලා මොකාද කියල...





    ඔන්න එකෝමත් එක විශ්ව විද්‍යාලයක සිසුන් හතර දෙනක් ගැනයි මේ කතාව.මේ කොල්ලෝ හතර දෙනා මාස ගානක්ම පිස්සුවෙන් කල් ගෙව්වා. Semester එක අවසානයේ එන exam එකකුත් තියනවා කියලා මතක් උනේ ඊට කලින් දවසේ තමයි.
    ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කියනවා වගේ පෙර වගේම එදාත් කා බී විනෝද වී මැදියම පහු උනාම වගේ නින්දට ගියා. උදේම කොන්ද අතගාමින් නැගිටින කොට තමයි මතක් උනේ අද විභාගයක් තියනවා නේද කියලා.

    දැන් ඉතින් මේ සෙට් එකම හරියට පාඩම් කරලත් නෑ. ලොක්කාගෙන් බේරෙන්න ගැහුවා හොඳ පැලෑනක්. අදුම්වල ග්‍රීස් තෙල් පැල්ලම් ගාගෙන එහෙම ගියා ලොක්කා (Dean) මීට් වෙන්න. ඊට පස්සේ බොහොම බයාදු විදිහට...

    "සර් අපිට ඊයේ වෙඩින් එකකට යන්න උනා.
    ගිහින් එනකොට කාර් එකේ ටයර් එකක් ගියා.
    අපි බොහොම අමාරුවෙන් කාර් එක තල්ලු කරලා දැන් තමයි ආවේ.
    මේ තත්වයෙන් අපිට විභාගේ ලියන්න අමාරුයි" කියලා.

    ලොක්කත් ඉතින් හිත හොඳ මනුස්සයා...

    "ඒකත් එහෙමද? එහෙනම් තව දවස් තුනකින් විභාගේ ලියන්නකෝ" කියලා කට්ටියට අවසර දුන්නා.

    දැන් කට්ටියට මාරම හැපී. හොඳට පාඩම් කරලා දවස් තුනෙන් Dean ව මීට් උනා.

    "ඔයාලාට දවස් තුනකුත් දුන්නානේ. දැන් මගෙත් පොඩි කොන්දේසියක් තියනවා.
    ඔයාලා ඉන්න ඕනේ වෙන වෙනම කාමර වල"

    පාඩම් කරපු නිසා යාලුවෝ සෙට් එකත් කැමති උනා. දැන් විභාගේ පැවැත්වෙනවා. ප්‍රශ්න පත්තරෙත් බෙදුවා.

    ප්‍රශ්න පත්‍රයටම ප්‍රශ්න 2යි.

    1) ඔබගේ නම ලියන්න. (ලකුණු 1යි)
    2) කාර් එකේ පැච් එක ගියේ කුමන ටයර් එකේද? (ලකුණු 99)





    පිස්සා : ඩොක්ට මට රුපියල් දෙකක් දියන්.

    ඩොක්: ඒ මොකටද?

    පිස්සා : මට පුකක් ගන්න.

    ඩොක් : ඇයි තියන පුකට මක් වෙලාද ?

    පිස්සා : ඒකෙ හිලක්





    සිංදුවලින් කෙලින්ම කියන්න ඕන අදහස කියන්නේ නෑනේ. ටිකක් ලස්සන කරලා, හංගලා පොඩි පොඩි ජිල්ප්‍රිට්ස් දාලනේ සිංදුවක් ලියන්නේ. මේ එහෙම ලියැවුනු සිංදු ටිකක ඇත්තම පණිවිඩය මොන වගේද කියලා කරපු පැහැදිලි කිරීම් කිහිපයක්...

    ----------
    සැබෑ පණිවිඩය
    "තෝ උටත් කෙලෙව්වා නේද"

    කාව්‍යමය භාෂාව
    "මට මෙන් ඔහුටද කදුළ ඔබයි"

    ------

    සැ.ප
    "තෝ හබල් ගාන්නේ අපි පැදපු පාරුවල පෙත්තෝ"

    කා.භා
    "ඔබ පෙම් කරනා ඔබේ කුමාරි මටද ආදරේ කියා තිබේ"

    -------

    සැ.ප
    "අනේ පල පෙත්තියේ යන්න. එක පාරක් එපා නම් ආය රත්තරන්වලින් හදාගෙන ආවත් මට එපා"

    කා.භා
    "එක වරක් ඔබට මා එපානම්.. දස දහස් වාරයක් එපා මට ඔබ එපා.."

    -------

    සැ.ප
    "ඉන්නවනම් හිටහං පෙත්තියේ වද නොදී හරිය.."

    කා.භා
    "ඔබ ඉන්නවනවම් ඉන්න මා ළග ⁣නෑ ඵලක් හිත රිදීමෙන්"

    --------

    සැ.ප
    "අල්ලපු ගෙදර රට ගිය අයියගේ වයිෆ්ගේ ලස්සන ඈ.. මොන ජීවිතද අප්පා මේ මන්නා පාරක් කන්න වෙයි කියලා බයයිනේ"

    කා.භා
    "වැටෙන් එහා මල් පදුරේ ඔබ පිපී වැනේ අත නුදුරේ..
    මිලින වුනත් ඝණ අදුරේ මල් නෙලන්නනම් තහනම්"

    ------

    සැ.ප
    "මේහ් ඕන රෙද්දක් වෙන්න කියලා හස්බන්ඩ්ට හොරෙන් පරණ පුරුද්දට පනිමුද කො⁣ටුවක්"

    කා.භා
    "අපි හැගුම්වලට ඉඩ දී මොහොතක්.. ඉඩ ලබා ගනිමු තරමින් වියතක්"

    ------

    සැ.ප
    "මොකෙක් හරි වහු පැටියෙක් අහුවුනානම් ඌවත් ආම්බාන් කරගෙන පාඩුවේ ආතල් එකේ හිටාං..දෙයියන්ගේ පිහිටෙන් මං බේරුනේ"

    කා.භා
    "කොහේ හෝ ඔබ නතර වී.. කාට හෝ ජීවිතය දී.. තුටින් නම් නුඹ ඒ ඇති.. මගේ නොවුනට කම් නැති..

    --------

    සැ.ප
    මගේ පතිවෘතාව ගැන අහන්නේ උඹ මලෙන් උපන් කුමාරයද මිනිහෝ. අපිත් මේවා මකුළුදැල් වදින්ට ඇරලා නිකන් බලාගෙන හිටියේ නෑ.

    කා.භා
    පුන්පෝදා සද ඔබ ගෙන ආවොත්
    මල්වට්ටියකට අරගන්නම්
    ඔබ හැමදාමත් ඉල්ලන තරුමල්
    එයට නෙලා පිළිගන්වන්නම්
    --------

    සැ.ප
    "චික් ... ඉස්සර ඕකි ඇද්ද ඇදිල්ල මතක් වෙනකොට ඉන්න බෑ පෙත්තෝ....ගඟ ගාව තියන් පහර දුන්නේ......ආයෙ ඕක ගඟ ගාව තියන් පහර දෙන්න⁣ තියෙනවා නම්...."

    කා.භා
    " පෙර එක දවසක....සඳ නැති සවසක.....ඔබ මා සමුගත් ඉවුරු තලාවේ.....යළි අප හමුවේවා...."

    ---------

    සැ.ප
    මම දැන් ලෝකෙටම බඩුවක් වෙලා

    කා.භා
    මට මුලු ලොවම ඔබයි







    මහාචාර්යවරයාගේ තරුණ බිරිඳට දරුවකු ලැබුණේත් ඔහුගේ අලුත්ම පර්යේෂණ කෘතිය එළිදැක්වුණේත් එකම සතියේය.
    තම සමීප ගෝලයකු ගේ ද සහායෙන් සාර්ථකව නිම කළ පර්යේෂණ කෘතිය පිළිබඳව මහාචාර්යවරයා සිටියේ දැඩි තෘප්තියකිනි.
    අලුත උපන් දරුවා බැලීමට මහාචාර්ය වරයාගේ බිරිඳගේ ළඟ ඥාතීන් පිරිසක් නිවෙසට ගොඩ වූයේ මේ අතරවාරයේ දී ය.

    "සුබ ආරංචියක් ලැබුණා. ඒකයි අපි මේ තකහනියක් ආවේ. ඉතින් ප්‍රොෆෙසර්, අපේ සුබපැතුම් පිළිගන්න." ඥාතීහු දරු උපත නිමිතිකොට සුබ පැතූහ.

    "ඇත්තම කියනවා නං, ඔය වැඩේ කොහොමටවත් තනියම කරගන්ඩ පුළුවන් දෙයක් නෙමෙයි. මගෙ ගෝලයට තමයි ඒකෙ ගෞරවයෙන් වැඩි කොටසක් අයිති වෙන්ඩ ඕනෙ. මිනිහා තමයි ඕකට හුඟක්ම මහන්සි වුණේ" මහාචාර්යවරයා කීවේය.





    මානසික රෝගියා : "අනේ ඩොක්ටර් මගේ ලෙඩේ මේකයි, මට කොච්චරවත් හිතෙන්නේ මම බල්ලෙක් කියලයි"

    ඩොක්ටර් : "තමන්ට මෙහෙම හිතෙන්නේ කොච්චර කාලෙක ඉඳන්ද?"

    මානසික රෝගියා : "බලු කුක්ක කාලෙ ඉඳන් ඩොක්ට"





    දන්නවා ඇතිනේ ඕගොල්ලෝ පිටරටවල බස් රථ වල කොන්දොස්තර කෙනෙක් නෑ, ඩ්‍රයිවර් ඉන්න තැන තමා යන ස්ථානයට අදාළ මුදල් ගෙවන්න ඕනේ,

    ඔන්න ඉතින් නගරයන් දෙකක් අතර හැමදාම යන බස් එකක ඉන්න මගියෝ හොර බොරු නැතිව අදාළ තැනටම ටිකට් අරන් යනවලු, හැබැයි මේ බස් එකට නගිනවාලු එක හැඩි දැඩි හයේ හතරේ සයිස් එකෙක්, මැරයෙක් වගේ ඇඟේ ටැටූ පවා ගහගෙන. කවදාකවත් ටිකට් ගන්නේ නැහැල්ලු.

    මේ බස් එකේ ඩ්‍රයිවර් කෙට්ටු කෙසග මනුස්සයෙක්ලු, ඉතින් දවසක් දෙකක් බලලා, හිතට ධෛරය අරගෙන අර මනුස්සයාගෙන් බැගෑපත් වෙලා ඉල්ලුවලු 'මහත්මයා කරුණාකරලා ටිකට් ගන්න' කියලා, ඒක කියද්දීම අනිත් පැත්තට කියාපිලු, 'මම අහවල් ටවුමේ ඩැනි මම ටිකට් ගන්නේ නෑ' කියල.

    ඉතින් මේ අඩත්තේට්ටම් හැමදාම වෙන්නේ මම කෙසග කෙට්ටු නිකමෙක් නිසානේ කියලා දුක්වුණ, ඩයිවර් මහත්මයා හැමදාම ජිම් එකට, කරාටි පන්ති එහෙම යන්න පටන් ගත්තලු, ගිහින් අවුරුද්දක් දෙකක් එහෙම ගියාම ඇඟ පත එහෙම හදාගෙන ෆිටි තත්වෙකට ආවලු, පස්සේ අර ඩැනි එක්ක දෙකින් එකක් බලාගන්නවා කියලා අන්තිම පාරට දවසක් අහව්වලු ' මහත්මයා කරුණාකරලා ටිකට් ගන්න කියල' වෙනදා වගේම ඩැනි අර පිළිතුර දුන්න ගමනම ඩයිවර් ' ආ එහෙමද' කියල හොද ගුටි බැට ටිකක් දුන්නලු, ඒට පස්සේ, ආයේ මගේ බස් එකේ සල්ලි ගෙවන්නේ නැතිව හොරන් යන්න ආවොත් මිට වඩා හොද සංග්‍රහයක් දෙනවා කිව්වලු

    ඒක ඇහුණාම අර මනුස්සයා "ඉතින් ටිකට් ගන්නේ නැත්තේ මම යන්නේ සීසන් ටිකට් එකෙන් නිසානේ " කිව්වලු