මේ වගේ හොට් ඩෝග් එකක්, සොසේජ් ඩෙවල් එකක් එහෙමත් නැත්නම් සොසේජ් කරලක් බැදගෙන කන්න අපේ අය අකමැති නැතිව ඇති!!
අද අපි සොසේජස් ගෙදර හදාගමු. කඩෙන් ගන්න රසකාරක හා කල්තබාගන්නා දේවල් රහිතව අපේ ගෙදර තියන දේ වලින්ම හදා ගමු. පොඩි එවුන්ට උනත් වස විස නැතිව කන්න පුලුවන්!!
කටු රහිත චිකන් බ්‍රෙස්ට් ග්‍රෑම් 350-400ක්
රසකාරක රහිත සෝයා මීට් ග්‍රෑම් 30-40ක්
චිකන් කුඩා කෑලි වලට කපාගෙන සෝයා මීට් තම්බා වතුර මිරිකා ගන්න.
ග්‍රයින්ඩරයේ මින්ස් බ්ලේඩ් එක දමා පේස්ට් එකක් වන තෙක් අඹරා ගන්න. සොසේජ් නියම පාට අවශ්‍යනම් රතු කලරින් බිංදු 2-3ක් දමා අඹරන්න.
පාන් කුඩු මේස හැදි 2ක්
කිරිපිටි හා කෝන් ෆ්ලවර් මේස හැන්ද බැගින්
සීනි, ලුණු, රතුමිරිස් කුඩු තේ හැන්ද බැගින්
ගම්මිරිස්කුඩු තේ හැදි 1/2ක්
සුවද කුඩු හා සාදික්කා ඇට කුඩු තේ හැදි 1/4 බැගින්.
(කැමති නම් Origano, Thyme වගේ Dry Herbs තේ හැදි 1/4 බැගින් එක්කර ගන්නත් පුලුවන්.
එදාම කනවනම් ග්‍රේට් කල චීස් , ලූනු, සුදුලූනු ද එක් කර වෙනස් රසයෙන් සාදා ගත හැකිය.)
සියල්ල අඹරාගත් විකන් සමග ඉතා හොදින් මිශ්‍ර කරන්න.
මේ වගේ!!
දැන් අගලක් පළල පොලීතීන් බෑග් ( අයිස් පැකට් සෑදීමට භාවිතා කරන) අගල් 9 පමණ දිග කෑලි කපාගෙන එක් කෙළවරක් නූලකින් හෝ රබර් බෑන්ඩ් එකකින් ගැට ගසා අල්පෙනෙත්තකින් බෑග් එකේ තැනින් තැන හිල් විද ගන්න(වාතය ඉවත් වීමට). මම නම් ෂොපින් බෑග් වලින් හදා ගත්තා!!
පොලිතීන් මල්ල තුලට තෙල් බිංදු 2-3ක් දමා ඇතුලත තවරා ගන්න.
සොසේජ් මීට් එක පුරවන්න මේ වගේ උපකරණයක් තියනවා. අපට කොහෙන්ද පූසෝ මාලු කිව්වලු!!
අපි කේක් අයිසින් කරන සිරින්ජරය භාවිතා කරමු!!
මේසේ පුරවා දෙපැත්තම ගැටගසා කැමති දිගට සොසේජ් හදා ගන්න.
මේසේ හදාගත් සොසේජස් අධිශීතකරණයේ පැයක් පමණ තබන්න.
ඉන්පසු ශීතනරණයෙන් ගෙන පොලීතීන් කවරය බ්ලේඩ් එකකින් කපා ඉවත් කර ගන්න.
අතේ තෙල් ටිකක් ගාගෙන අතින් වුනත් සොසේජ් රෝල් කර හදා ගන්න පුලුවන්.
මෙන්න මෙහෙම එකට නොගෑවෙන සේ අසුරා ගන්න.
දැන් ස්ටීමරයේ තබා විනාඩි 15-20ක් තම්බා ගන්න.
දැන් Pre-cooked Sausages ලෑස්තියි!!
වැසූ පෙට්ටියක හෝ Freezer bag එකක අසුරා අධිශීතකරණයේ සතියක් පමණ කල් තබා ගත හැකිය!!
ඉවසන්නම බැරිනම් එවේලේම පෑන් ෆ්‍රයි කරගන්න පුලුවන්.
එහෙමත් නැත්නම් ඩෙවල් එකක්!!!
Last edited:








