දැන් නම් homeland කියන්නේ ගොඩක් ප්‍රසිද්ධ කතාවක්. ඒත් elakiri එකේ මේක නොබලපු අය ඕන තරම් ඇති. ඒක හින්දා තමා මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්න හිතුවේ.
දැනට මේකෙ සීසන් 2 ක් රිලීස් වෙලා තියනවා.එක සීසන් එකක එපිසෝඩ් 12 ගානේ. ඒ කිව්වේ ඔක්කොම එපිසෝඩ් 24 යි. ලොකු ගානක් නෙමෙයි නේ. අලුතින් බලන්න පටන් ගත්තා කියලා අව්ලක් නෑ.
අන්තිම එපිසෝඩ් එක ආවේ දැනට සති දෙකකට උඩදි. (කොහොම උනත් මේකෙ තවත් සීසන් එකක් එනවා.දිනයක් නම් දන්නේ නෑ.)
මෙන්න සීසන් 1 ට්‍රේලර් එක.
කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් මේන් රෝල් එක/ කැරී මැතීසන් CIA ඒජන්ට් කෙනෙක්.මෙයා ගොඩක් දක්ෂයි. මෙයාට Iraq වලින් ලැබෙන ඔත්තුවකින් තමා වැඩ පටන් ගන්නේ.
sgt. නිකලස් බ්‍රෝඩි කියන්නේ US marine කෙනෙක්. එයාව අවුරුදු 8ක් Al-Qaeda එකෙන් හිරකරුවෙක් විදියට තියාගෙන ඉන්නවා. පස්සේ මෙයාට නැවතත් ඇමරිකාවට යන්න පුලුවන්
වෙනවා. නමුත් අර අවුරුදු 8 තුල මෙයාගෙ ගොඩක් පරිවර්තන සිද්ද වෙනවා. හේතුව තමා osama bil ladan ගෙන් පස්සේ ප්‍රදානම ත්‍රස්ත නායකයා වන Abu- Nazir ව ගොඩක්
ලගින් ආශ්‍රය කිරීමට ලැබීම. කොටින්ම කිව්වොත් මෙයා ක්‍රිස්තියානි ආගමෙන් ඉස්ලාම් ආගමට පවා මාරු වෙනවා.
සරලව කිව්වොත් ඕක තමා කතාවේ පටන් ගැනීම. CIA කතාවක් කිව්වම, මේකෙ පිස්තෝල හරඹ එහෙම නෑ. CIA එකයි AL-Qaeda එකයි දෙකම තමන්ගේ බුද්ධියෙන් සටන් කිරීමක් තමා
තියෙන්නේ
අනික් ඇමරිකානු කතා වල වැඩිය දකින්න නැති ශයිලියක් මේ කතාවේ පෙන්නුම් කරනවා.බැලුවොත් පෙනෙයි ඒක. අනික කතාවේ හැම දර්ශනයක්ම ගොඩක් තාත්වික විදියට තමා අරගෙන තියෙන්නේ.
කතාවේ රගපාන හැම කෙනාගෙම රගපෑම් විශිෂ්ඨ වම තියනවා.
Homeland වල imdb රේටින්ග්ස් 8.6 තියනවා. මේක තවත් වැඩි වෙයි.
2012 ගියපු TV series වලින් හොදම series එකක් තමා homeland කියන්නේ. series එකක් සිත් ඇදගන්නා සුලු වෙන්න නම් ඒක අනාවැකි කිව නොහැකි එකක් විය යුතුයි.
ඒ කිව්වේ එක එපිසෝඩ් එකක් බැලුවම ඊලග එපිසෝඩ් එකේ බාගයක්ම හිතාගන්න පුලුවන් නම් ඒක බලන එකේ තේරුම නෑ නේ.
homeland කතාවේ ඒ අතින් ඉදිරියෙන්ම ඉන්නවා. ඉහල ප්‍රේක්ශක රස වින්දනයක් උදෙසා තමා මේක හදලා තියෙන්නේ.
තව එකක් කියන්න ඕනේ, 2012 Best Performance by an Actress in a Television Series - Drama සදහා Golden Globe සම්මානය හම්බුනේ මේකෙ මේන් රෝල් එක කරන ක්ලෙයා ඩේන්ස් වෙතයි.
මේක SHOWTIME එකේ යන ෂෝ එකක්, ඒක හින්දා තැනින් තැන adult පාට්ස් තියනවා. පොඩි අයට හොද නෑ.

මෙන්න ටොරන්ට් වල ඩවුන්ලෝඩ් ලින්ක්ස්, අඩු සයිස් ඒවා.
season 1 2.12 GB
season 2 2.6 GB
ඔන්ලයින් බලන අයට.
tubeplus
solarmovies
මට නම් හිතෙන්නේ මේක හැම කෙනෙක්ම නැරඹිය යුතු කතාවක් කියලා. සම්පූර්ණ කතාවම මෙතන තියන ලින්ක්ස් වලින් download කරගෙන බලන්න. දැනටමත් homeland බලපු අය ඉන්නවා නම් කතාව ගැන කමෙන්ට් එකක් දාල යන්නත් අමතක කරන්න එපා.
thnkz machn kwwata


