Honda VTR 250
මෙම ලිපියෙන් මම ඉතාමත් ආදරය කරන බයික් එකක් පිළිබඳව සංෂිප්ත විස්තරයක් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා........
ඔබට මම මෙම පලමු ලිපියෙන් VTR carb මොඩල් දක්වාත් මීළඟ ලිපියෙන් EFI මොඩල් එක පිළිබඳවත් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.
එසේ නම් මිතුරනි මෙන්න පිළිගන්න Honda VTR 250 ……………………
ජපානයේ Honda සමාගම.
http://www.honda.co.jp/VTR
VTR 250
Naked Sports/ Commuter/Road
250cc (249cc)
ජපානයේ ඉතාමත් ජනප්‍රිය Commuter බයික් එකක් වන මෙය ලෝකයේ best learners බයික් එක ලෙසටද ප්‍රචලිතයි.
තවද මෙය ජපානයේ ගැහැණු අතරත් විශේෂයෙන් ජනප්‍රියයි. එයට හේතුව වන්නේ මෙම බයික් එක හසුරුවීමට පහසු වීමයි.ඉතින් Honda සමාගමද ඔවුන්ගේ ප්‍රචාරණ දැන්වීම් සාදන විට VTR සඳහා ගැහැණු riders ලා යොදා ගැනීමටද අමතක කරන්නේ නැහැ.

මෙම VTR බයික් මොඩලය Ducati සමාගමෙහි Monster බයික් මොඩලයට සමන පරිදි නිමවා ඇත.(නමුත් Ducati සමාගම ,Honda සමාගමට patent අයිතීන් හෝ copy කිරීම පිළිබඳව නඩු දැම්මේ නැත). Ducati monster හි ඇති ගරාදි සහිත චැසිය මෙහිද දක්නට ඇත.
තවද මෙහි V-Twin හෙවත් V හැඩයට ඇති cylinder දෙකක් සහිත එන්ජිමකින් යුක්ත වෙයි.සමහරු මෙමෙ එන්ජිම L-twin ලෙස හැදින වුවද එය Ducati තරම් ඉදිරි Cylinder එය පහත නොවන හෙයින් V-Type ලෙස හඳුන්වයි.
Ducati monster එකෙහි නම් L-twin වන අතර අංශක 90 ක් ද ඇති අතර L හැඩයට සිටින පරිදි cylinder දෙකද පිහිටා ඇත.
දැනට Honda VTR වර්ගයේ 250cc සහ 1000cc යන කාණ්ඩ දෙකෙන් පමණක් නිෂ්පාදනය කර වෙළඳ පොලට නිකුත් කර ඇත.
1982 දී සාදනලද VT250F
බයික් එකෙන් ඇරඹි Honda V –type එන්ජින් සහිත බයික් නිෂ්පාදනය ඉන්පසු විවිධ තාක්ෂණික මට්ටම ඔස්සේ යමින් VT250Z ලෙසත් VTZ250 ලෙසත් ඉදිරියට පැමිණ 1989 දී Naked model එකක් ලෙස Honda VT250 Spada
ලෙස නවතම උපාංග සහිතව “CASTEC” frame එකක් හෙවත් Aluminum molded frame එකක් සහිතව වෙළඳ පොලට හඳුන්වා දෙන ලදී.ඉන්පසුව XELVIS
ලෙස Semi-naked මොඩලයක් ඉදිරිපත් කල අතර එහි Aluminum frame එක වෙනුවට pipe bar frame එකක් යොදන ලදී.මෙම මොඩල වල ඉන්ධන කාර්යක්ෂමතාව හොඳ නිසා එය තව දුරටත් වැඩි දියුණු කර 1997 දී VTR 250 ලෙස මෙම මොඩලය හදුන්වා දෙන ලදී.(මෙහි full-cowl මොඩලය Fire storm
ලෙස හදුන්වා දුනි.නමුත් එය එතරම් ජනප්‍රිය නොවුනි.) ඉන්පසු පහත පරිදි විවිධ මොඩල වෙළඳ පොලට නිකුත් කරන ලදී.
1997-99 - VTR250 (VTR250W) (තනි මීටරය සහිත මොඩලය)
2000-02 - VTR250 (VTR250Y) (තනි මීටරය සහිත මොඩලය)
2003-08 – VTR250 (VTR2503) (මීටරය දෙකක් සහිත මොඩලය)
2009- Up – VTR250 (EFI)
VT250 wiki
http://en.wikipedia.org/wiki/Honda_VT250
VT Series Timeline
http://www.honda.co.jp/pressroom/products/motor/vt/
DOHC V-Twin ද්‍රව-සිසිලන පද්ධතියකින් සහ 250cc ධාරිතාවයකින් යුතු මෙම VTR බයික් එක සැලකිය යුතු ත්වරණ (acceleration) හැකියාවකට උරුම කම කියයි.නමුත් Honda hornet, Jade වැනි 250cc කාණ්ඩයේ බයික් වලට සාපේක්ෂව බලයෙන් මදක් අඩු මට්ටමක ඇත.සාමාන්‍ය වේගය 60km/h ධාවනය වන විට 3500-4000 අතර RPM අගයක් ගනියි.තවද කම්පනය වීමද ඉතා අඩු මට්ටමක පවතී.
ඉදිරිපස 296mm ඩිස්ක් එකක් සමග Nissin ද්විත්ව පිස්ටන් සහිත තිරිංග කැලිපර් ද, පසුපස 220mm ඩිස්ක් එකක් එක පිස්ටනයක් සහිත Nissin කැලිපර් සහිත වෙයි.
දෙපසම ඩිස්ක් තිරිංග ඇති නිසා තිරිංග හැකියාව හොඳ මට්ටමක ඇත.
ඉදිරි පස fork leg පහලට සිටින පරිදි තිබෙන shock absorber සහිත fork දෙකක්ද,
පසුපස mono-shock එකකින්ද යුතු වන අතර, එහි තද භාවය ඉහල ඇති ඇනයක් කරකැවීමෙන් සීරුමාරු කල හැකිවෙයි.
මගේ පෞද්ගලික අදහස අනුව නම් පිටුපස බර අඩු නිසාවෙන්දෝ ටිකක් පිටුපස තද ගතියක් දැනෙයි.එම නිසා බයික් එක පදින විටදී මදක් සැප පහසුව අඩු ගතියක් දැනෙයි.(Hornet,Jade, CB4 වලට සාපේක්ෂව.)
776mm ක seat height එකක් ඇති VTR එක ධාවනයට ඉතාමත් පහසු වෙයි.තවද පෙට්රෝල් සමග162 kg පමණ වන බරකින්ද යුතු නිසා ඉතාමත් හොඳින් හසුරුවිය හැක.තවද බයික් එක hornet හෝ CB4 මෙන් පළල නොමැති නිසා පහසුවක් දැනෙයි.කොට handle එකක් සහිත වන අතර සුළු ඉඩකින් වුවද රිංගා යාමට හැකියාව ඇත. seat එක නම් ගොඩක් සැප පහසු නොවෙයි.hornet එක මෙන් අඩු කුෂන් ප්‍රමාණයක් යොදා සකස් කර ඇත.තිරිංග ගැසීමේදී ඉදිරියට විසිවීමක් හෝ අපහසුවක් නොවෙයි.පිටුපස ටයරය පළල අඩු නිසා වංගු වලදී බයික් එක ගොඩක් නැවීමෙන් වලකින්න.
බට යොදාගෙන නිමවා ඇති ගරාදි හැඩ ඇති රාමුව ඉතාමත් ශක්තිමත් වේ.පසුපස Box bar යකඩ වලින් රාමුව සකසා ඇති අතර එය බයික් එක මැදදී එකිනෙක සවිවෙයි.එන්ජිම ගරාදි රාමුව තුල එල්ලා ඇත.
250cc කාණ්ඩයේ ඉතාමත් හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් පෙන්වන මෙම VTR බයික් එක ඔබගේ එදිනෙදා ගමන වලටද කරදරයක් නැතිව යොදා ගත හැකි වෙයි. 28kmpl – 34kmpl දක්වා ඉතාමත් සතුටුදායක මට්ටමක පෙන්වයි.Honda සමාගමට අනුව නම් 60km/h වේගයකට නොවෙනස්ව ගමන කලොත් 36kmpl දක්වා ඉන්ධන කාර්යක්ෂමතාවය ඉහල නැංවිය හැකි වෙයි.
මගේ පෞද්ගලික අදහස සහ බොහෝ VTR පදින අයගේ මතයට අනුව මෙම බයික් එක (2003-2007 VTR2503 model එක මීටර් 2 ක් සමඟින් ඇති.)ලංකාවේ 280000-320000 ත තර මුදලකට මිලදී ගෙන බොහෝ කලක පාවිච්චි කිරීමට පුළුවන් අතර ඔබගේ පොකට්ටුවටද ඉතාමත් යහපත් විය හැකියි.තවද මෙහි body එක සහ frame එක හැර අනෙක් ගොඩක් අමතර කොටස් spada මොඩලයට සමාන නිසා (එන්ජිමෙහි කොටස් නම් මදක් වෙනස් විය හැකියි.) ඒ පිළිබඳවත් අවුලක් ඇති කර ගත යුතු නැත.
මෙම ලිපියෙන් මම ඉතාමත් ආදරය කරන බයික් එකක් පිළිබඳව සංෂිප්ත විස්තරයක් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා........
ඔබට මම මෙම පලමු ලිපියෙන් VTR carb මොඩල් දක්වාත් මීළඟ ලිපියෙන් EFI මොඩල් එක පිළිබඳවත් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.
එසේ නම් මිතුරනි මෙන්න පිළිගන්න Honda VTR 250 ……………………
ජපානයේ Honda සමාගම.
http://www.honda.co.jp/VTR
VTR 250
Naked Sports/ Commuter/Road
250cc (249cc)
ජපානයේ ඉතාමත් ජනප්‍රිය Commuter බයික් එකක් වන මෙය ලෝකයේ best learners බයික් එක ලෙසටද ප්‍රචලිතයි.
තවද මෙය ජපානයේ ගැහැණු අතරත් විශේෂයෙන් ජනප්‍රියයි. එයට හේතුව වන්නේ මෙම බයික් එක හසුරුවීමට පහසු වීමයි.ඉතින් Honda සමාගමද ඔවුන්ගේ ප්‍රචාරණ දැන්වීම් සාදන විට VTR සඳහා ගැහැණු riders ලා යොදා ගැනීමටද අමතක කරන්නේ නැහැ.

මෙම VTR බයික් මොඩලය Ducati සමාගමෙහි Monster බයික් මොඩලයට සමන පරිදි නිමවා ඇත.(නමුත් Ducati සමාගම ,Honda සමාගමට patent අයිතීන් හෝ copy කිරීම පිළිබඳව නඩු දැම්මේ නැත). Ducati monster හි ඇති ගරාදි සහිත චැසිය මෙහිද දක්නට ඇත.
තවද මෙහි V-Twin හෙවත් V හැඩයට ඇති cylinder දෙකක් සහිත එන්ජිමකින් යුක්ත වෙයි.සමහරු මෙමෙ එන්ජිම L-twin ලෙස හැදින වුවද එය Ducati තරම් ඉදිරි Cylinder එය පහත නොවන හෙයින් V-Type ලෙස හඳුන්වයි.
Ducati monster එකෙහි නම් L-twin වන අතර අංශක 90 ක් ද ඇති අතර L හැඩයට සිටින පරිදි cylinder දෙකද පිහිටා ඇත.
දැනට Honda VTR වර්ගයේ 250cc සහ 1000cc යන කාණ්ඩ දෙකෙන් පමණක් නිෂ්පාදනය කර වෙළඳ පොලට නිකුත් කර ඇත.
1982 දී සාදනලද VT250F
1997-99 - VTR250 (VTR250W) (තනි මීටරය සහිත මොඩලය)
2000-02 - VTR250 (VTR250Y) (තනි මීටරය සහිත මොඩලය)
2003-08 – VTR250 (VTR2503) (මීටරය දෙකක් සහිත මොඩලය)
2009- Up – VTR250 (EFI)
VT250 wiki
http://en.wikipedia.org/wiki/Honda_VT250
VT Series Timeline
http://www.honda.co.jp/pressroom/products/motor/vt/
DOHC V-Twin ද්‍රව-සිසිලන පද්ධතියකින් සහ 250cc ධාරිතාවයකින් යුතු මෙම VTR බයික් එක සැලකිය යුතු ත්වරණ (acceleration) හැකියාවකට උරුම කම කියයි.නමුත් Honda hornet, Jade වැනි 250cc කාණ්ඩයේ බයික් වලට සාපේක්ෂව බලයෙන් මදක් අඩු මට්ටමක ඇත.සාමාන්‍ය වේගය 60km/h ධාවනය වන විට 3500-4000 අතර RPM අගයක් ගනියි.තවද කම්පනය වීමද ඉතා අඩු මට්ටමක පවතී.
ඉදිරිපස 296mm ඩිස්ක් එකක් සමග Nissin ද්විත්ව පිස්ටන් සහිත තිරිංග කැලිපර් ද, පසුපස 220mm ඩිස්ක් එකක් එක පිස්ටනයක් සහිත Nissin කැලිපර් සහිත වෙයි.
දෙපසම ඩිස්ක් තිරිංග ඇති නිසා තිරිංග හැකියාව හොඳ මට්ටමක ඇත.
ඉදිරි පස fork leg පහලට සිටින පරිදි තිබෙන shock absorber සහිත fork දෙකක්ද,
පසුපස mono-shock එකකින්ද යුතු වන අතර, එහි තද භාවය ඉහල ඇති ඇනයක් කරකැවීමෙන් සීරුමාරු කල හැකිවෙයි.
මගේ පෞද්ගලික අදහස අනුව නම් පිටුපස බර අඩු නිසාවෙන්දෝ ටිකක් පිටුපස තද ගතියක් දැනෙයි.එම නිසා බයික් එක පදින විටදී මදක් සැප පහසුව අඩු ගතියක් දැනෙයි.(Hornet,Jade, CB4 වලට සාපේක්ෂව.)
776mm ක seat height එකක් ඇති VTR එක ධාවනයට ඉතාමත් පහසු වෙයි.තවද පෙට්රෝල් සමග162 kg පමණ වන බරකින්ද යුතු නිසා ඉතාමත් හොඳින් හසුරුවිය හැක.තවද බයික් එක hornet හෝ CB4 මෙන් පළල නොමැති නිසා පහසුවක් දැනෙයි.කොට handle එකක් සහිත වන අතර සුළු ඉඩකින් වුවද රිංගා යාමට හැකියාව ඇත. seat එක නම් ගොඩක් සැප පහසු නොවෙයි.hornet එක මෙන් අඩු කුෂන් ප්‍රමාණයක් යොදා සකස් කර ඇත.තිරිංග ගැසීමේදී ඉදිරියට විසිවීමක් හෝ අපහසුවක් නොවෙයි.පිටුපස ටයරය පළල අඩු නිසා වංගු වලදී බයික් එක ගොඩක් නැවීමෙන් වලකින්න.
බට යොදාගෙන නිමවා ඇති ගරාදි හැඩ ඇති රාමුව ඉතාමත් ශක්තිමත් වේ.පසුපස Box bar යකඩ වලින් රාමුව සකසා ඇති අතර එය බයික් එක මැදදී එකිනෙක සවිවෙයි.එන්ජිම ගරාදි රාමුව තුල එල්ලා ඇත.
250cc කාණ්ඩයේ ඉතාමත් හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් පෙන්වන මෙම VTR බයික් එක ඔබගේ එදිනෙදා ගමන වලටද කරදරයක් නැතිව යොදා ගත හැකි වෙයි. 28kmpl – 34kmpl දක්වා ඉතාමත් සතුටුදායක මට්ටමක පෙන්වයි.Honda සමාගමට අනුව නම් 60km/h වේගයකට නොවෙනස්ව ගමන කලොත් 36kmpl දක්වා ඉන්ධන කාර්යක්ෂමතාවය ඉහල නැංවිය හැකි වෙයි.
මගේ පෞද්ගලික අදහස සහ බොහෝ VTR පදින අයගේ මතයට අනුව මෙම බයික් එක (2003-2007 VTR2503 model එක මීටර් 2 ක් සමඟින් ඇති.)ලංකාවේ 280000-320000 ත තර මුදලකට මිලදී ගෙන බොහෝ කලක පාවිච්චි කිරීමට පුළුවන් අතර ඔබගේ පොකට්ටුවටද ඉතාමත් යහපත් විය හැකියි.තවද මෙහි body එක සහ frame එක හැර අනෙක් ගොඩක් අමතර කොටස් spada මොඩලයට සමාන නිසා (එන්ජිමෙහි කොටස් නම් මදක් වෙනස් විය හැකියි.) ඒ පිළිබඳවත් අවුලක් ඇති කර ගත යුතු නැත.
Engine type: 2 cylinders, 4-stroke, V-twin
Displacement : 249 cc (15.21 cubic inches)
Bore × stroke : 60 mm × 44.1 mm (over-square – short-stroke)
Cooling system : Water cooled
Power : 31.82 HP (23.4 kW) @ 10500 rpm
Torque : 24 Nm (2.45 kg-m) @ 8500 rpm
Throttle : Cable operated
Valve train : DOHC, variable
Valves per cylinder : 4
Sparks per cylinder : 1
Fuel supply system : Carburetor
Fuel Tank: 13L
Ignition type : TCI (Transistor Controlled Ignition)
Compression : 11:1
Lubrication system : Wet sump
Gear box : Manual 5-speed
Clutch : Wet, cable operated
Final drive : Chain
Spark plug pipe type : NGK, CR8EH-9
Motor oil : 10W/40
Starter : Electric
Length : 2040 mm
Width : 720 mm
Height : 1050 mm
Wheel base : 1410 mm
Ground clearance : 170 mm
Dry weight : 140 kg
Frame type : aluminum, Trellis frame
Front
Suspension : Cartridge
Brake : Single Disk
Tire : 110 / 70 R17
Tire pressure : 2 bar, with pillion: 2 bar with pillion
Rear
Suspension : mono shock, Swing-arm
Brake : Disk
Tire : 140 / 70 R17
Tire pressure : 2.2 bar, with pillion: 2.2 bar with pillion
Code:
http://en.wikipedia.org/wiki/Honda_VT250
http://www.honda.co.jp/VTR/
http://www.honda.co.jp/factbook/motor/VTR/19971100/
*මෙහි ඇති සියලුම ජපන් වෙබ් අඩවි google chrome තුලින් පරිවර්තනය කොට නරඹන්න.

මේ තියන්නේ මම ගත්ත VTR 2003 සහ VTR 2006 යන බයික් දෙක.
ඔන්න එහෙනම් මමත් යනවා මෙයත් එක්ක.......

ගොඩ කාලෙකට පස්සේ හිතේ හැටියට thread එකක් දැම්ම කියල සතුටක් තියනවා.

ඔක්කටම ජය වේවා.......!
* කරුණාකර මෙම ලිපිය මගේ අවසරයකින් තොරව උපුටා නොගන්න ලෙස ඉල්ලමි.
මගේ වෙනත් ලිපි:
Android Phone එකක් Root කිරීමට පෙර ඔබ විසින් දැනගත යුතු දෑ
ADB (Android Debug Bridge) පිළිබඳ
ජපන් බයික් එකක් මිලදී ගැනීමට පෙර.....
Last edited:

ඊට පස්සේ හෙන නඩුවක් කැවා එකට තාත්තට මල පැනලා මම රට ගියාම බයික් එක වික්කා අනුවකට

ඕක තමයි මචන් බයික් වල තියන නරක පැත්ත.වාහනයක නම් අඩුම තරමේ drive කරන එකවත් බේරෙනවනේ.බයික් වල ඉතින් දෙගොල්ලම අනතුරට පත්වෙනවා........