Hora ITSSL Fonnaya nisa sampath bank eka awulaka

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    අවුරුදු 21 සිසුවෙක්ගේ බොරු පුවත් නිසා සම්පත් බැංකුවේ කීර්තිනාමය අනතුරේ


    “ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය” (Information Technology Society Sri Lanka – ITSSL) යන නම ඇසූ පමණින් ඔබට හැඟී යන්නේ එය ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණය පිලිබඳ වෘත්තීය සංගමයක් බව නොවේද? නමුත් මෙය අවුරුදු 21 පුද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන කිසිඳු වෘත්තීය සුදුසුකමක් හෝ පරිචයක් නොමැති සිසුවකු විසින් කරගෙන යනු ලබල “අටවාගත්” සංගමයක් බව ඔබ දන්නේ ද?

    රජිව් යසිරු කුරුවිටගේ මැතිව් නමැති සිසුවකු විසින් තමන් එම සංගමයේ සභාපති වශයෙන් හඳුන්වා ගනිමින් කරගෙන යනු ලබන මෙම සංවිධානයේ නමින් කිසිඳු ලිපිනයක් හෝ ලියාපදිංචි අංකයක් නොමැති ලිපි ශීර්ෂ යොදා ගනිමින් පසුගිය කාලය පුරා ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය වෙත ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණය සම්බන්ධ සිද්ධි පිළිබඳව විවිධ නිවේදන නිකුත් කරමින් කටයුතු කරන ලදි.

    එලෙස පසුගියදා ඔහු විසින් ඔහුගේ මෙම අටවාගත් සංගමයේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ බෞද්ධ පදනමක් සහිත වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුවේ ATM පද්ධතියේ දෝෂ පවතින බවත්, එම යන්ත්‍ර පරිශීලකයින්ගේ පුද්ගලික දත්ත සහ මුදල් වෙත හැකර්වරුන්ට ප්‍රවේශ වීමට හැකි බව පවසන ව්‍යාජ සහ නොමඟ යවනසුළු ප්‍රකාශයක් නිකුත්කර තිබේ.

    සම්පත් බැංකු ATM පද්ධතිය පිලිබඳ නොමඟ යවන සුළු ප්‍රකාශය

    jK6E6Tj.jpg

    මෙම ව්‍යාජ හා නොමඟ යවන සුළු ප්‍රකාශය ඔහු විසින් සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය වෙත නිකුත්කර ඇති අතර එමගින් කොටස් වෙළඳපොල ලැයිස්තුගත සමාගමක් වන සම්පත් බැංකුවේ කීර්තිනාමයට හානි වී තිබේ. එය ඉහත කී පුද්ගලයා විසින් කාගේ අවශ්‍යතාවයකට සිදුකරන ලද්දක්ද යන්න තවමත් අනාවරණය වී නොමැති අතර සම්පත් බැංකුව විසින් ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බව අනාවරණය වේ.

    ද්වේෂසහගතව සකසා ප්‍රචාරය කර ඇති මෙම අසත්‍ය ප්‍රකාශයේ සඳහන් පරිදි කිසිඳු අනාරක්ෂිත තත්වයක් තම ATM ජාලයේ නොමැති බවත්, පාරිභෝගික ගණුදෙනු පිලිබඳ දත්ත ආරක්ෂා කිරීම සඳහා තමන් හැකි සෑම පියවරක්ම ගන්නා බවත්, ඉහත ප්‍රකාශය නිකුත්කර ඇත්තේ තම බැංකුවේ ප්‍රතිරූපයට කැළලක් ඇතිකොට එමඟින් අනවශ්‍ය වාසි ලබාගැනීමේ අරමුණින් බවත් සම්පත් බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.

    T3Ux5g1.jpg

    මෙම ශිෂ්‍යයා ජනමාධ්‍ය පමණක් නොව ප්‍රසිද්ධ දේශපාලකයින් පවා නොමඟ යවා ඇති බවත්, වාණිජ බැංකු ඇතුළු විවිධ සමාගම් වලට දුරකථන ඇමතුම් ගනිමින් ඔවුන්ගේ තොරතුරු තාක්ෂණ පද්ධති වල විවිධ අඩුපාඩු පවතින බවත්, තමන්ට එම අඩුපාඩු නිවැරදි කිරීම සඳහා උපදෙස් දිය හැකි බවත් පවසමින් ඒ සඳහා මිල මුදල් ලබාගැනීමට උත්සාහ කර ඇති බවත් වාර්තා වේ.

    nMnQ0lm.jpg

    කිසිඳු වෘත්තීය සුදුසුකමක් හෝ අත්දැකීමක් නොමැති සිසුවෙකුට ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය, විවිධ ආයතන, දේශපාලන නායකයින් මෙන්ම සමාජයද නොමඟ යවමින් මෙලෙස වෘත්තීය සංගමයක් ලෙස ක්‍රියාත්මක වීමට ඉඩකඩක් ලැබීමත්, එවැනි පුද්ගලයකු ලිපිනයක් හෝ ලියාපදිංචි අංකයක් නොමැතිව එවන මාධ්‍ය ප්‍රකාශ කිසිඳු සොයා බැලීමකින් තොරව තම මාධ්‍ය වල පලකිරීමට මාධ්‍ය ආයතන විසින් තෝරා ගැනීමත් හාස්‍යජනකය.

    YatWoXq.jpg

    රජිව් යසිරු කුරුවිටගේ මැතිව්ගේ ෆේස්බුක් පිටුවේ සඳහන් පරිදි ඔහු චායාරූප ශිල්පියෙකි. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ කිසිඳු වෘත්තීය සුදුසුකමක් හෝ රැකියාවක නිරතවන බවක් පවසා නැත.

    2Gg6Bd5.jpg

    රජිව් යසිරු කුරුවිටගේ මැතිව්ගේ ෆේස්බුක් status එකකට අනුව තමා ගේම් කාරයෙක් බව ඔහුම පවසයි

    a9gF4Pc.jpg

    https://www.facebook.com/rajeev.yasiru


    Source
     
    Last edited:
    • Like
    Reactions: The average guy

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි කාරයො ඔහොමම තමයි පල් හොරු.. r
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,452
    72,668
    113
    මාලඹේ
    ආන්ඩුවේ ගොඩක් web site payment gate way ඒකත් හදලා තියෙන්නේ සම්පත් බැංකුව .
    ඔය කියන විදියට සම්පත් බැංකුවේ ATM අනාරාර්ක්ෂිතයි නම් ආන්ඩුවේ ගොඩක් site වල payment ප්‍රොසෙස් කරන්න sampath බැංකුව තෝරා ගන්නේ නැහැ.
    මේ වගේ බොරු පාච ගහන එවුන් අවුරුදු 10 කට වත් හිරෙ යවන්න ඕනේ. එතකොට හැදෙනවා ඉන්ටර්නෙට් අපතයෝ
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,329
    6,081
    113
    ආන්ඩුවේ ගොඩක් web site payment gate way ඒකත් හදලා තියෙන්නේ සම්පත් බැංකුව .
    ඔය කියන විදියට සම්පත් බැංකුවේ ATM අනාරාර්ක්ෂිතයි නම් ආන්ඩුවේ ගොඩක් site වල payment ප්‍රොසෙස් කරන්න sampath බැංකුව තෝරා ගන්නේ නැහැ.
    මේ වගේ බොරු පාච ගහන එවුන් අවුරුදු 10 කට වත් හිරෙ යවන්න ඕනේ. එතකොට හැදෙනවා ඉන්ටර්නෙට් අපතයෝ

    media walin thama mun bumbanne
    ohoma set ekak innawa.mun okkoma NGO wage salli garana seen ekaka inne
    sampath eken muwa polisiyata gennuwama sivil samaja aya mardanaya karana kiayala FB dala thibba
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    අන්තර්ජාල ගැටළු සම්බන්ධයෙන් කටයුතු කරන රජයේ ආයතනය මොකද්ද ?
    මේකද>>>ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය
    'ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය' මේක දැක්කහම හිතුනේ රජයේ එකක් කියල.:baffled:
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,452
    72,668
    113
    මාලඹේ
    media walin thama mun bumbanne
    ohoma set ekak innawa.mun okkoma NGO wage salli garana seen ekaka inne
    sampath eken muwa polisiyata gennuwama sivil samaja aya mardanaya karana kiayala FB dala thibba

    සම්පත් බැංකුව නෙවෙයි මුන් කරන වැඩ වලින් ලංකාවේ හැම බැංකුවට බලපානවා . අවුරුදු 10 කට වත් හීරේ යවන්න ඕනේ ඔය අප්තයෝ
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,329
    6,081
    113
    අන්තර්ජාලය සම්බන්ධයෙන් කටයුතු කරන රජයේ ආයතනය මොකද්ද ?
    මේකද>>>ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය
    'ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය' මේක දැක්කහම හිතුනේ රජයේ එකක් කියල.:baffled:

    mu mahida ekkath meeting eka thibila
    mahinda gawata ekkan gihin thiyene pohottuwe lawyer kenek
    munge upades gattot anduwa aba saranai
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    සම්පත් බැංකුව නෙවෙයි මුන් කරන වැඩ වලින් ලංකාවේ හැම බැංකුවට බලපානවා . අවුරුදු 10 කට වත් හීරේ යවන්න ඕනේ ඔය අප්තයෝ

    mu mahida ekkath meeting eka thibila
    mahinda gawata ekkan gihin thiyene pohottuwe lawyer kenek
    munge upades gattot anduwa aba saranai

    Mahinda lagata giya nam ithin hire dana eka summa.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඕකා සිරා අල්ලන් සංගමයක් අටවාගෙන පොර ටෝක් දෙන්නේ..හෙන මෝඩ කතා ඕකා දන්නේ හෙන ලොකුවට...

    අවුරුද්දක් විතර හිරේ දැම්මා නම් හොද වේවි උන
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,827
    1
    3,814
    113
    JAPAN
    මුගේ FB එක පොඩ්ඩක් බලපන් දාලතියෙන පොස්ට්. හෙන ගූ පොඩි එකෙක්
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඕකා second yr පොඩි එකෙක් , මලින් ආතල් එකට කරපු එකක් ගොසිප් සයිට් එකක් උද දාපු නිසා මු පොර වගේ පිම්බෙන්න ගියා . ලෙටර් හෙඩ් එකක් හදන් මු දාන පොස්ට් හිරු ews වගේ ඒවායින් බෙදද්දී මුට ලොකු ඔලුව ගහලා හැම තැනම කියවන්න ගත්තා , අපේ උන් මේවා ගණන් ගත්තේ නැති උනත් දෙයක් නොදන්නා සාමාන්‍ය මිනිස්සු ඇන්දුනා.
    ඕකට මුලින්ම වගකියන්න ඕනේ හෙවිල්ලක් බැලිල්ලක් නැතුව රිච් හදාගන්න ගු බෙට්ටක් හරි මාකර්ට් කරන නිවුස් චැනල් ටික .
    CSSL (Computer society of Sri Lanka) හැරෙන්න වෙන කිසිම society එකක් ලංකාවේ ලියාපදිංචි වෙලා නෑ .
     

    Similar threads