Hornet ගන්න කලින් කියවන්න

Jan 1, 2017
971
291
0
Matara,Colombo-LK,Aichi-JP
Hornet සහ වර්තමානය

2004 register කරපු ලංකාවේ පළවෙනි Hornet එකේ(JB-1251 / CH100) සිට අද දක්වා ලංකාවේ සුපිරි ම රැල්ලක් තමා. පොළොවෙන් මතුවුණ මිනිසා පැමිණීමට පෙර කොළඹ ,ගම්පහ,කළුතර,ගාල්ල,මාතර,කුරුණෑගල,පුත්තලම වගේ දිස්ත්‍රික්ක වලට පමණක් සීමාවෙච්චි මේනියාව අද වෙනකොට රටපුරා වසංගත රැල්ලක් වෙලා තියෙනවා. අවුරුදු 22ටත් වඩා ඉතිහාසයක් තිබිලත් , අද වෙනකොටත් පොදුවේ නිෂ්පාදන දෝෂ / තාක්ෂණික දෝෂ කිසිදෙයක් හටගෙන නැතිවීම ද විශ්මයකි :love:
250CC 4 Cylinder කාණ්ඩයේ ඉන්ධන කාර්යක්ෂමතාව ඉහළම යතුරුපැදිය මෙය වේ.(අවිවාදයෙන් , ඕනි ඔට්ටුවක්:rolleyes:) 28-30kmpl ! ඒත් වර්තමාන තත්වය අනුව Hornet වලට ඉල්ලුමට සරිලන සැපයුමක් නැතිවීමත්,ක්‍රමවත් ආනයන පටිපාටියක් නොමැති වීමත් , අඩු පාඩු සහිත ඇටවීම් ,Hornet සූරා කෑමේ ව්‍යාපාරය (වටිනාකමට සරිලන මිලට එහාගිය මිල ගණන්) නිසාත් hornet එකක් තෝරාගැනීම කළුනික තෝරන්නාක් මෙන් වී ඇත:dull::angry:ඒත් මේ රැල්ල තව වසර 5කටත් එහා පවතින බව වර්තමාන තත්වය අනුව ගම්‍ය වේ:love: