ලංකාවේ Viva Elite Automatic එකක් ගන්නකොට බලන්න ඕනේ එකක් තියෙනවා. ඒ තමයි මේක කන්වර්ට් කරලද නැද්ද කියන එක.
ඕනේම auto car එකක් manual වලටත්, manual එකක් auto වලටත් කන්වර්ට් කරන්න පුලුවන්. Auto එකක් manual කරන්නේ performance, sport, වටිනාකම, rareness වගේ හේතු වලට. Manual එකක් auto කරන්න එහෙම සාදාරණ හේතුවක් නැහැ. එක්කෝ driver කෙනෙක් තමන් ඉතා ආදරය කරන manual car එකක් වයසට යනකොට auto කරන්න පුලුවන්. නමුත් Viva Elite වගේ City car / Kei car එකක් auto වලට කන්වර්ට් කරන්න නම් එහෙම කිසිම හේතුවක් නැහැ.
ලංකාවේ Elite එක කන්වර්ට් කරන්නේ එකම හේතුවක් නිසා විතරය්. ඒ තමයි manual එකට වඩා auto එක මාකට් වීම. ඒ නිසා ටක් ගාල දෙන්න පුලුවන් වීම. Manual එක මාකට් අඩු නිසා දෙන්න අමාරුයි. ඉතින් බොහෝවිට අරන් විකුනන්න market price එකට වඩා අඩු මිලට ගන්න පුලුවන්. ඊට පස්සේ auto කරලා විකුනනවා. ඒ මගින් ලොකු ලාභයක් ලබන්න පුලුවන්.
මේක හරියට කරනවානම් කරන්න ඕනේ car එකට ගැලපෙන automatic gearbox එකක් දාල. Elite එකේම automatic gearbox එක තමා මේකට සුදුසුම. නමුත් එහෙම දැම්මොත් auto car එකක් ගන්න යන මුදලම වැයවෙනවා.
එම නිසා ලංකාවේ කරන්නේ අඩු මුදලට ගන්න පුලුවන් මොකක් හරි transmission එකක් ඔබල දාල අටවල විකුණන එක. Daihatsu Mira එකේ gearbox එක තමයි ගොඩක්ම තියන්නේ. මේක Elite එකට ගැළපෙන්නේ නැහැ.
Daihatsu Mira වල තියෙන්නේ Daihatsu K series engines.
Perodua Viva car එක base වෙලා තියෙන්නේ Daihatsu Mira එක මත තමයි. නමුත් Perodua Viva වල තියෙන්නේ Daihatsu E series DVVT engines. Viva එකේ නිෂ්පාදනය කලේ 2007 මැයි සිට 2014 සැප්තැම්බර් දක්වා.
Viva එක trim levels 6කින් ආවා පහත පරිදි.
1. 660 EX (manual) / 660BX (manual, නිෂ්පාදනය 2009 ජූලි සිට) –
Daihatsu EFVE (659cc, 47bhp 7200rpm, redline 8000rpm, 58Nm 4400rpm) engine එක. 5 speed manual gearbox. ඉදිරිපස MacPherson strut සස්පෙන්ෂන් හා පසුපස torsion beam. Power steering නැත. Power windows නැත. Bumpers, door handles හා කණ්නාඩි පේන්ට් කර නැත. දොරේ trim එකේ fabric නැත. Radio හා cassette player පමණයි. ඉදිරිපස speakers පමණයි. 12 rims. ඉදිරිපස හා දෙපැත්තේ signal තියෙන්නේ amber lense units. සීට් කවර “standard grade” ලෙස නම්කර ඇත.
2. 850 EX (manual) –
Daihatsu EDVE (847cc, 52bhp 6000rpm, 76Nm 4000rpm) engine එක. 5 speed manual gearbox. ඉදිරිපස MacPherson strut සස්පෙන්ෂන් හා පසුපස torsion beam. Power steering නැත. Power windows ඇත. Power mirrors ඇත (retractable නැත). Bumpers හා door handles පේන්ට් කර ඇත. දොරේ trim එකේ fabric නැත. Radio හා CD player ඇත. Speakers 4ක් ඇත. 12 rims සමග hub caps ඇත. සීට් කවර “medium grade” ලෙස නම්කර ඇත.
3. 1.0 SX Standard (manual, 785kg) –
Daihatsu EJVE (989cc, 60bhp 6000rpm, 90Nm 3600rpm) engine එක. 5 speed manual gearbox. ඉදිරිපස MacPherson strut සස්පෙන්ෂන් හා stabilizer bar. පසුපස torsion beam. Power steering ඇත. Retractable Power mirrors ඇත. Bumpers, door handles හා කණ්නාඩි පේන්ට් කර ඇත. 13 rims සමග centre caps ඇත. ඉදිරිපස හා දෙපැත්තේ signal තියෙන්නේ clear lens type. සීට් කවර “medium grade” ලෙස නම්කර ඇත. under-seat tray, height-adjustable driver’s seat, headlamp buzzer warning හා vanity mirror ඇත.
4. 1.0 EZ Standard(790kg)
5. 1.0 SXi Premium (manual, 795kg) –
Daihatsu EJVE (989cc, 60bhp 6000rpm, 90Nm 3600rpm) engine එක. 5 speed manual gearbox. ඉදිරිපස MacPherson strut සස්පෙන්ෂන් හා stabilizer bar. පසුපස torsion beam. Power steering ඇත. Retractable Power mirrors ඇත. ABS ඇත. Dual SRS එයාර් බෑග්ස් ( 2012 ට පසු නිෂ්පාදනය කල ඒවා වල පමණයි) ඇත. Bumpers, door handles හා කණ්නාඩි පේන්ට් කර ඇත. 13 rims සමග centre caps ඇත. සීට් කවර “High Grade” ලෙස නම්කර ඇත.
6. 1.0 EZi Premium (automatic, 800kg) –
Daihatsu EJVE (989cc, 60bhp 6000rpm, 90Nm 3600rpm) engine එක. 4 speed automatic gearbox. ඉදිරිපස MacPherson strut සස්පෙන්ෂන් හා stabilizer bar. පසුපස torsion beam. Power steering ඇත. Retractable Power mirrors ඇත. ABS ඇත. Dual SRS එයාර් බෑග්ස් ( 2012 ට පසු නිෂ්පාදනය කල ඒවා වල පමණයි) ඇත. Bumpers, door handles හා කණ්නාඩි පේන්ට් කර ඇත. 13 rims සමග centre caps ඇත. සීට් කවර “High Grade” ලෙස නම්කර ඇත.
Viva එක G47 Pearl Jade Metallic (850 හා 1000 පමණයි), S28 Glittering Silver Metallic, 209 Ebony Black Metallic, W09 Ivory White Solid, Passion Red හා Tropical Green යන වර්ණ paint code වලින් ලබා ගත හැකියි.
Perodua Viva එකට පස්සේ ආපු එක තමයි Perodua Viva Elite කියන්නේ. Viva එකේම 1000cc car එකේ පහත trim levels 3,
1.0 SX Standard (manual, 785kg)
1.0 SXi Premium (manual, 795kg)
1.0 EZi Premium (automatic, 800kg)
ඉතා සුලු වෙනස්කම් සහිතව Viva Elite නමින් 2009 ජූලි සිට වෙළදපොළට නිකුත් කරා.
මේ සුලු වෙනස්කම් තමයි,
Hood එක වෙනස්
Radiator grille එක වෙනස්
ඉදිරිපස bumper එක වෙනස්
Fog ලයිට් එනවා
පිටුපස bumper එක වෙනස්. තව මේකටම honeycomb grille එකක් එකතුවෙනවා.
Reflectors එනවා
පිටුපස Viva Elite නමින් emblem එකක් එනවා
කලින් වර්ණ වලට අමතරව B71 Midnight Blue Metalic වර්ණයත් එකතුවෙනවා.
Premium සහ 2014 වසරේ නිෂ්පාදිත ඒවාට පමණක් ABS ඇත.
Premium වලට පමණක් Winker Mirrors ඇත.
Elite එකේ trim levels 3ක් එනවා පහත පරිදි
1. Elite (manual or automatic)
2. Elite Exclusive Edition (805kg, නිෂ්පාදනය 2010 නොවැම්බර් සිට) –
Chrome දොර handles ඇත.14 alloy wheels හා centre caps ඇත. ටයර් සයිස් එක 165/55 R14. පසුපස exclusive edition grade mark එක ඇත. Upholstery ලෙදර් interior. ලෙදර් සීට් ඇත. Steering wheel එක ලෙදර් warp කර ඇත. නව ආරක මීටර් combination එකක් ඇත. නව ආරක centre cluster එක dark purple metallic finish කර ඇත. Gear shift bazel එක හා දොරවල armrests silver වර්ණයෙන් පේන්ට් කර ඇත. Reverse sensor ඇත. Wireless door lock, alarm හා central locking ඇත. Child safety lock ඇත. Seat height adjuster ඇත. Vanity mirror හා ticket holder ඇත. Air press door visors ඇත. W09 Ivory White Solid, B71 Midnight Blue Metalic හා P14 Classy Purple Metallic වර්ණ paint code වලින් පමණක් ලබා ගත හැක. 100000km හෝ අවරුදු 3ක් manufacture's warranty ලබාදෙයි.
3. Elite EZi (automatic) - Elite EZi එකට පමණක් spoiler එකක් එනවා.
Mira එකේ එන්නේ K series 600cc engines.
Elite එකේ එන්නේ E series 1000cc engines.
Mira එකේ එන්නේ 3 speed gearbox එකක්.
Elite එකේ එන්නේ 4 speed gearbox එකක්.
Mira gearbox එකේ gear ratios Elite එකට වඩා වෙනස්.
Mira එකේ එකේ බර, bhp, rpm, torque, power to weight ratio, acceleration, performance, handling, characteristics ඔක්කොම Elite එකට වඩා වෙනස්.
අවුරුදු ගණන් engineers ලා designers ලා මේ ඔක්කොම පර්යේෂණ කරලා තමයි car එක හදනකොට ඒකට ගැළපෙන gearbox එකක් දාන්නේ. ඉතින් අපිට හිතෙන හිතෙන විදිහට car එකට නොගැළපෙන gearbox එකක් දාන්න බැහැ. ඉතින් 600cc car එකකට design කරපු gearbox එකක් 1000cc car එකකට ඔබපුවම මොකද වෙන්නේ? Engine එක ලොකු වැඩියි. Gear ratios ගැලපෙන්නේ නැහැ. Pulling power එක අඩුයි. එමනිසා accelerate කරන තරමට pickup එකක් නැහැ. එනිසා අපි accelerate කරන ප්‍රමාණය වැඩිවෙනවා. එතකොට rpms වැඩිවෙනවා. එවිට engine එක ගෙවෙන ප්‍රමාණය වැඩියි. මෙසේ ගෙවෙන හින්දා engine එකේ හා gearbox එකේ කල්පැවැත්ම අඩුයි. තෙල් පිච්චෙන එක වැඩියි. තෙල් කරන ප්‍රමාණයත් අඩුයි. වාහනේ acceleration, performance, handling, characteristics ඔක්කොම වෙනස්වෙනවා. මේ නිසා මුලු වාහනේම කල් පැවැත්ම අඩුවෙනවා. ඊට පස්සේ වාහනේ යකඩ බරට කපල කීයක් හරි හොයාගන්න තමයි තියෙන්නේ. ලංකාවේ දැන් ගොඩක් sale වල තියෙන්නේ මේ වැල ගෙඩි.
ඉතින් Elite එකක් ගන්නකොට ඔබ නොදැනුවත්ම මෙහෙම එකක් ගන්න ඉඩ තිබෙනවා. මේක වළක්වා ගන්න පහත පරිදි කන්වර්ට් කරපුවා හොයාගන්න පුලුවන්.
1. පොතේ model එකෙන් හා බරෙන් (auto ද manual ද කියල පොතේ නෑ)
Original auto එකකට එන model හා බර (800kg) පොතේ තියෙනවද බලන්න. නමුත් මේක මතම ඉන්න එපා. මොකද කීයක් හරි දීලා පොත වෙනස්කරන්න හැකියාව තියෙන නිසා. RMV එකේ වැරදි නිසා model එක වැරදියට සදහන් වීම, model එක හිස් තිබීම වගේ දේවලුත් වෙන්න පුලුවන්. නමුත් පහත ඒවා check කරගන්න වාහනේ start කරන්න කලින් පොතේ මේක බලන්න.
AMIEZR - Standard Auto
AMIZR - Premium
AMIGX / AMIGXR - Manual
2. සැකසහිත holes හා studs තිබේදැයි බලන්න.
3. Manual වල original carpet එකේ clutch එකට ඉඩ තියල තියෙන්නේ. Auto වල carpet සම්පුර්ණයෙන්ම තියෙන්න ඕනේ.
4. Clutch, brake pedals ගැලෙව්වොත් ඒක හොයාගන්න පුලුවන්.
5. Accelerator හා brake pedal covers ජාති 2කක්ද බලන්න. බොහෝවිට මේවා ගෙවෙන්නේ එකටමයි. එතකොට 2කටම එක පාර එකම ජාතියෙන් දානවා ඇරෙන්න ජාති 2කක් වැටෙන්න බෑ. නැත්නම් accelerator එක ගෙවිලා brake එක අලුත්ද බලන්න. අඩුවෙන් දුවපු ඒවා නම් original covers නැත්තේ ඇයිද බලන්න.
6. Idle speed
Elite එක 800 ± 100 min අතර idle විය යුතුයි. ජාතකේ වෙනස් කරපු ඒවා මෙයට වඩා වැඩියි.
7. Gear shift indicator එකේ ගියර් එක හැම වෙලාවෙම පෙන්නන්න ඕනේ. කිසිම වෙලාවක indicate නොකර තියෙන්න බැහැ. එහෙම නම් ජාතකේ වෙනස් කරලා.
8. ජාතකේ වෙනස් කරපුවාවල තියෙන්නේ ගියර් 3යි. Original auto නම් ගියර් 4ක් තියෙන්න ඕනේ සහ මාරුවෙන්න ඕනේ. ගියර් මාරුවෙන සද්දෙන් හොයාගන්න පුලුවන්.
9. L, 2, D, 4 නම් original auto. L, 2, D විතරක් නම් ජාතකේ වෙනස් කරලා.
10. Acceleration එකට සාපේක්ෂව pickup විය යුතුයි. Low rpm වලදී කදු අදින්න පුලුවන් වෙන්න ඕනේ. Mid range එකට යන්න ඕනේ නෑ සාමාන්‍ය කදු අදින්න.
11. තව ගියර් මාරු වෙනකොට සද්ද බද්ද ඇහෙනවා නම්, Shifter එක තදට දැනෙනවා නම් නම් හොදට බලන්න ඒ ඇයි කියලා.