සියල්ලටම වඩා ගඳ ගස්වමින් මෛත්‍රී පාලනය අවලස්සන කරමින් සිටින්නේ රාජ්‍ය ජනමාධ්‍ය යි. මැතිවරණය අවසන් වූ දින සිට ආණ්ඩුවේ රූපවාහිනී සේවාවන්ද ගුවන් විදුලි සේවාවන්ද ලේක් හවුසියේ පත්තර කඩමාලු ගොන්නද රෙදි නැතිව ජනාධිපති සිරිසේනට කඩේ යයි. ඇත්තටම නම් මෙම ආයතනයන්ට රෙදි තිබුනේ නැත. අලුතෙන් ඇඳගන්නට උවමනාවක් ද නැති පාට ය. දිනමිණ හෝ ඩේලිනිව්ස් මුල් පිටු දෙස බලන විටත් රූපවාහිනිය හෝ අයිටිඑන් පුවත් බලන විටත් වමනය යන තරමටම ඇත්තේ අලුත් ආන්ඩුවේ සුපිරිසිදු ක්‍රියා පමණය. හරියට ලංකාවේ සිදුවන එකම දෙය ජනාධිපති සිරිසේනගේ ආණ්ඩුව පමණක් වාගේ ය.
ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකු යැයි කියන්නේ මෙන්න මේ වාගේ පක්කලි වැඩවලට ය. ජනාධිපති සිරිසේන විමසිලිමත් නොවුන හොත් මේ බල්ටිකරුවන් විසින් ඔහුගේ සරම ඔහුටම නොදැනෙන්ට ගලවා නිරුතින් නටන තමන්ගේ ගොඩටම දා ගන්නවා නොඅනුමානය.