Hot...UFO Landon....

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි

    ලන්ඩන් නුවර බි.බි.සි ගොඩනැගිල්ල ආසන්නයේ ඉහල අහසේ ගමන් කල හදුනා නොගත් ආකාශ වස්තුන් තුනක් වීඩියෝගත කර අන්තර්ජාලයට මුදාහැරීමත් සමග පියාඹන පිරිසි පිලිබඳ කරුණු සොයන්නන්ගේ උද්යෝගය වැඩිවී තිබෙනවා.

    විශේෂයෙන්ම මෙම දර්ශනය පටිගතකරන්න විසින් කැමරාවට හසුකරගෙන ඇත්තේ අහම්බෙනි.

    කැමරාව සක්‍රිය කරගෙන පාර දිගේ පැමිණෙන කැමරාකරුට ජංගම දුරකථන මගින් ඉහල අහස යමක් පටිගත කරනු පෙනී ඒ අනුව ඔහුද ඉහල අහසට කැමාරාව යොමු කරනවා.

    එවිට ඉහල අහසේ වේගයෙන් ගමන් කරන කුඩා තිත් තුනක් වැනි වස්තුන් තුනක් දර්ශනය වේ.

    ඉන් පසුව කැමරාකරු විසින් "මව් යානාව"නමින් හදුන්වන් පෙර දර්ශනය වස්තුන්ට සාපේක්ෂව විශාල වස්තුවක්(පියාඹන පිරිසියක හැඩය ගත්) එකවර දර්ශනය වී නොපෙනී යනවා.

    බොහෝ දෙනා මෙම වීඩියෝව සත්‍යය වීඩියෝවක් යැයි විශ්වාස කරන්නේ පෙර දර්ශනය වූ පියාඹන පිරිසි ඇතුලත් වීඩියෝ මෙන් නොව මෙය ඉතා ස්වභාවික හා අහම්බයෙන් පටිගත කෙරුණු දර්ශනයක් වීම නිසයි.

    කෙසේ නමුත් ඩේලි මේල් වෙබ් අඩවිය ප්‍රකාශ කරන පරිදි මෙම වීඩියෝව මුලින්ම යු ටියුබ් වෙත එක්කල 31 වයසැති පුද්ගලයාගේ යු -ටියුබ් ගිණුමේ නාසා ආයතනයට විරුද්ධව හා පියාඹන පිරිසි සම්බන්ධව ව්ශාල වීඩියෝ ප්‍රමාණයක් ඇතුලත් වීම නිසාත්, අදාළ දර්ශනය පටිගත කර සතියකට පසු එය අන්තර්ජාලයට මුදා හැරීමත් නිසා මෙය ව්‍යාජ වීඩියෝවක් වීමට ඉඩ ඇති බවයි.

    මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයද මෙතෙක්‌ ප්‍රකාශයක්‌ කර නැත.

    prew_ufo.jpg

    1.jpg

    2.jpg

    3.jpg

    4.jpg




    Source : Gossip9

    Sorry if repost

    dakapu nathi kattiya REP parak dala yanna....
     
    Last edited: