මචන් කුහක කමකට කියනවා නෙමෙයි. දැන් බීච් සයිඩ් එකේ හොටෙල් වැහි වහල නේ. අහන අහන එකා හොටෙල් / විලා දාන එක තමා කරන්නේ. ලංකාවේ මොකක් හරි බිස්නස් එකක් නැගල එන කොට හැම එකාම ඒ බිස්නස් එකට එනවා, අන්තිමට මුළු ෆීල්ඩ් එකම තුට්ටුවට වැටිලා විනාස වෙලා යනවා. පොඩි ගානකින් දවස ශේප් කරගන්න පුළුවන් නිසා දැන් දැන් ලංකාවට ගොඩක් එන්නේ හොරිකඩ සුද්දෝ බන්. උන් ත්රිවිල් එකේ ගියත් යන්න හදන්නේ බස් ගාස්තුවට වඩා රුපියල් 10 ක් දීල. සල්ලි කාර සුද්දෝ මාලදිවයින්, තායි , සින්ගා ඇදෙනවා. ඉස්සර ගර්කින් කියල වගාවක් ආව. හැම එකාම ලාභ තියන නිසා එක වවන්න පටන් ගත්ත. දැන් ගර්කින් වවන එකෙක් ඉන්නේ ගොඩක් කලාතුරකින්. අනේ මන්ද කරන දෙයක් හොදට හිතල බලල කරපන්.