මට ලැබෙන්න ඔ්නි අංකය නම් 92.. ඒ්ත් 67 දාලා තිබුණු නැති නිසා මම 67 තෝර ගන්නම්..
Fundamental trader කෙනෙක් වෙමි.. අවුරුදු 08 විතර ඉඳන් trading කරනවා.. පටන් ගත්තෙ Binary වලින්... ඒ්ක පට්ට සූදුවක්.. ඊට පස්සෙ තමයි Forex වලට බැස්සෙ..
එකපාරක් FOMC meeting එකක news එක එනකොටම Gold trade දාලා account wash උණා.. Forex කරනව නම් Technical trader කෙනෙක් වේවා Fundamental trade කෙනෙක් වේවා ප්‍රධානම දේ තමුන්ගෙ හිත පාලනය කරගන්න එක.. හොඳ money management strategy එකක් නැත්නම් කොයි තරම් සල්ලි තිබුණත් වැඩක් නෑ.. දවසක ඇනෙන සම්භාවිතාවය ගොඩාක් වැඩියි.. ඉවසීම තමයි මම දකින ප්‍රධානම කාරණය සාර්ථක trader කෙනෙක් වෙන්න... trade එකක් loss උණාම loss recover කරන්න හිතාගෙන aggressive trading කරන ඒක තවත් සමහරු කරන වැරැද්දක්.. හිත හදාගන්න පුළුවන්, සල්ලි වලට ඔනිවට වැඩිය ආසා නොවෙන අයට තමයි trading ගැලපෙන්නෙ IMO. ඒ වගේම කාගෙන්වත් ණයට අරන්, ඒහෙම නැත්නම් දරුවට class fees දෙන්න තියෙන සල්ලි වගේ දේවල් යොදවලා trading කරන්න යන්න හොඳ නෑ.. තමුන්ට තියෙන අතිරේක මුදලක් තමයි trading වලට යොදවන්න ඔ්නි.. ඒ් වගේම දවස් දෙකෙන් ලැම්බොගිනි ගන්න සල්ලි හොයන්න හිතන් trading වලට එන්නත් හොඳ නෑ.. කාලයක් තිස්සෙ මාකට් එක අධ්‍යයනය කරල තමුන්ටම ආවේණික trading strategy එකක් හදාගන්න කෙනා තමයි දිනන්නෙ..
out of topic... මේ මම දැකපු පට්ට video එකක්..
Technical traders ලා දැන් කියාගෙන එන්න එපා technical trading තමයි හොඳම කියලා.. මම technical trading වැරදියි කියල කියන්නෙ නෑ.. මම හිතන්නෙ Fundamentally movement එක bull ද bear ද කියල බලලා technical point එකකින් trade එකට enter වෙන එක තමයි හොඳම දේ කියල...