HOW THE UNIVERSE BEGAN!!!

Jul 8, 2007
1,138
156
0
Melbourne
හරි එහෙනන් ඔන්න මම ආයිත් වැඩේට බැස්සා. අපි අන්තිමට නැවත්තුවේ Big Bang එකෙන් පදාර්ථය හා ප්‍රතිපදාර්ථය (Antimatter) හැදුනා කියලනේ. කට්ටියට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ පදාර්ථය කියන්නේ මොකද්ද කියලා. ඒක නිස මං අද කියල දෙන්නම් ප්‍රතිපදාර්ථය (Antimatter) කියන්නේ මොකද්ද කියලා.

ප්‍රතිපදාර්ථය (Antimatter)

ප්‍රතිපදාර්ථය කියන්නේ තාම ඇහෙන් දැකලා නැති දෙයක්. ඒත් ප්‍රතිපදාර්ථය කියල දෙයක් තියෙනවා කියලා ඔප්පු කරල තියෙනවා. සරලව කිව්වොත් ප්‍රතිපදාර්ථය කියන්නේ, පදාර්ථයේ විරුද්ධ එක. මං මෙතන ඉඳන් ප්‍රතිපදාර්ථය කියන්නේ නැතුව Antimatter කියලා කියන්නම් නැත්තම් මේක type කරන්න අමාරුයි.

Antimatter කියල දෙයක් තියෙනවා කියලා හොයාගත්තේ 1928. Paul Dirac කියන බ්‍රිතාන්‍ය ජාතික භෞතික විද්‍යාඥයා තමයි මේක හොයාගත්තේ. එයා ඒ කාලේ Quantum වාදය හා අයින්ස්ටයින්ගේ සාපේක්ෂතා වාදය අතර සම්බන්ධයක් ගොඩනගමින් හිටියේ. මේ වාද දෙක අතර සම්බන්ධයක් ගොඩනගන්න මෙයාට පුලුවන් වුනා. මේකෙන් එයා හොයාගත්තා ආලෝකයේ වේගයට සමීප වේගයෙන් චලනය වෙන ඉලෙක්ට්‍රෝන හැසිරෙන්නේ කොහොමද කියලා. මේක අති විශිෂ්ඨ සොයාගැනීමක්. ඒ විතරක් නෙමෙයි, Dirac මතයක් ඉදිරිපත් කරා, සෑම අංශුවකටම, ප්‍රතිඅංශුවක් තියෙනවා කියලා. ඒ කිව්වේ එක් අංශුවක් සැලකුවම, මේ අංශුවට විරුද්ධ විද්‍යුත් ආරෝපණයක් හා විරුද්ධ චුම්බක ක්ෂේත්‍රයක් ඇති, එහෙත් අනෙක් සියලු අතින්ම සමාන අංශුවක් තියෙනවා කියලා.

e8dea02ded.jpg

Paul Dirac​

1932 දී Carl Anderson, Cosmic Rays වල හැසිරීම් පිළිබඳව විශේෂ කුටීරයක් (Cloud chamber) තුල පරීක්ෂණ කලා. එයා දැක්කා එක් අංශුවක් ඉලෙක්ට්‍රෝනයක් වගේ හැසිරුනා ඒත් මේ අංශුව චුම්බක ක්ෂේත්‍රයක් තුල හැසිරුනේ ධන ආරෝපිත අංශුවක් වගේ. මේ ධන ආරෝපිත අංශුව, පොසිට්‍රෝනයක් (Positron) කියලා ඔහු නම් කලා. මේක ඉලෙක්ට්‍රෝනයේ ප්‍රතිවිරුද්ධ අංශුවක් නිසා Anderson ගේ මේ සොයාගැනීම Dirac ගේ මතය හරි කියලා තහවුරු කලා. ඒ කිව්වේ සෑම අංශුවකටම සමාන එහෙත් ආරෝප්ණයෙන් ප්‍රතිවිරුද්ධ අංශුවක් තියෙන බව තහවුරු වුනා.

carl_anderson.jpg

Carl Anderson

positron.jpg

පොසිට්‍රෝනයක් හා ඉලෙක්ට්‍රෝනයක් විරුද්ධ දිශා වලට චලනය වීම​

1950දී භෞතික විද්‍යාඥයින් පිරිසක් ප්‍රතිප්‍රෝටෝනයක් (Antiproton) Lawrence Radiation විද්‍යාගාරය තුල නිපදවා තියෙනවා. මේකෙන් Dirac ගේ මතය තවත් තහවුරු වුනා. ඒක නිසා මේකෙන් නිගමනය කලා සෑම ඉලෙක්ට්‍රෝනයකට, ප්‍රෝටෝනයකට හා නියුට්‍රෝනයකටම ප්‍රතිවිරුද්ධ අංශු තියෙනවා කියලා (Positrons, Antiprotons, Antineutrons). අපි දන්නවා පදාර්ථය තුල ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන හා නියුට්‍රෝන තියෙනවා කියලා. ඉතින් මෙන්න මේ වගේ, පොසිට්‍රෝන, Antiproton හා Antineutron එක් වෙලා Antimatter කියලා දෙයක් හැදෙනවා කියලා නිගමනය කලා. උදාහරණයක් වශයෙන් හයිඩ්‍රජන් අංශුවක් සැල්කුවම, ප්‍රති-හයිඩ්‍රජන් අංශුවකුත් තියෙනවා.

idrogeno-anti.gif

මේ Antimatter ගැන නොයෙකුත් පරීක්ෂණ හා සොයාගැනීම් ස්විට්සර්ලන්තයේ CERN ආයතනයේ කෙරෙනවා. මේ ආයතනයට තුල විශේෂ උපකරණයක් තියෙනවා. මේකට කියන්නේ The Large Hadron Super Collider කියලා. මෙය ලොව විශාලතම energy particle accelaratorයයි. පරිධිය 27km ඇති විශාල උමගක් විදියට තමයි මේක නිපදවලා තියෙන්නේ.

LHC.JPG


lhc-sim.jpg


LHC_hall_1.jpg


මේ ළඟඳි NASA එකෙන් හොයාගෙන තියෙනවා අකුණු කුණාටු (Thunderstorms) වලින් Antimatter නිකුත් වෙනවා කියලා.:shocked::shocked::shocked::shocked:



මේ මගේ කලින් post ටික

Dark Energy --------> Click here

Dark Matter -------> Click Here

විශ්වයේ ව්‍යාප්තිය --------> Click Here

විශ්වයේ උපත --------> Click Here