How to earn money at home doing some self-work.

virajp

Banned
  • Aug 1, 2016
    362
    64
    28
    ගොඩක් අය කැමති හොදට ඉගෙන ගෙන හොද job එකක් කරලා මාසෙට පඩියක් අරන් ලස්සනට ආතල් එකේ ජීවත් වෙන්න. ඒත් අපි හිතන තරම් ඒ Life එක ලස්සන වෙන්නේ නැති ආතල් කුඩු වෙන අවස්තා ඕන තරම්. Job එකේ ප්‍රශ්නයි, පඩිය මදි වෙන කොට යි, තව ගෙදර ප්‍රශ්නයි, ඕනම වෙලාවට ගෙදර ඉන්න බැරි වෙන එකයි. මේ වගේ ප්‍රශ්න ආවම අපේ life එකේ ආතල් එක කුඩු වෙනවා කියන එක අහන්නත් දෙයක් ද, ඉතින් job එකට පළවෙනියට ගිය දවසසයි, පඩිය අතට ගත්තු දවස් ටිකයි ඇරුණාම ආතල් එකේ Fun එකේ හිටපු දවස් ගාන අතේ ඇගිලි වලින් කියන්න ගොඩක් අයට පුලුවන්. ඒ අස්සේ job less අය, job seekers ලා , Blog එකක් කියවලා Facebook එකේ status එකක් අප්ඩේට් කරලා ආතල් එකේ ඉන්න අයත් ඉන්නවා කියන්න මං දන්නවා. ඉතින් මොකද හිතන්නනේ මාසෙට extra income එකක් හොයාගන්න, job එකක් සෙට් වෙනකන් pocket money වත් හොයාගන්න ක්‍රමයක් තිබුණොත් නරකද? ඉතින් අපි දන්න නොදන්න සල්ලි හොයන්න පුළුවන් Method ගැන ටිකක් කතා කරන්න හිතුණා.

    Internet එකේ පොඩ්ඩක් search කරලා බැලුවනම් මේ වගේ Post ඕනි තරම් හොයාගන්න පුලුවන්. හැබැයි ඒවයින් ගොඩක් දේවල් අපිට ලංකාවේ ඉදන් කරන්න බැහැ. හැබැයි ලංකාවේ ඉදන් අපිට කරන්න පුළුවන් නියම වැඩ තව තියනවා. ගොඩක් අය කතා නොකරන මේ වගේ දේවල් අපේ අයියලා කරනවා. ඒත් ගොඩක් වෙලාවට මේ වගේ දේවල් මෙහෙම කියන්නේ නැහැ. ඒවගේම මේ සමහර දේවල් සමහර අය කරන්න අකමැති වෙන්න පුලුවන්. මොකද මම මෙතනදී Internet එකෙන් මුදල් හොයන, පුටුවක ඉදගෙන මුදල් හොයන්න පුලුවන් ක්‍රම හොයන අයව target කරන්නේ නැහැ. තව දෙයක්, කරන්න පුලුවන්ද, බැරිද බලන්නත් එක්ක මේ ටික කියවන්න. ඉතින් වැඩේ පටන් ගමු.

    විවිධ වගාවන් - දැන් නම් ගොඩක් අය වගා කරන එකෙන් ඈත් වෙලා ඉන්නේ. ඒ නිසාම දැන් ලංකාව තුළ බෝග නිශ්පාදනය එන්න එන්නම අඩු වෙනවා. විශේෂයෙන් වී හා ධාන්‍ය වර්ග. මීට අමතරව එළවළු වගාවත් දැන් අඩුවෙමින් තමයි යන්නේ. ඒ නිසානේ මේ එළවළුත් ගනන් යන්නේ. එළවළු ගනන් යන වෙලාවට අපිත් එළවළු වගා කලානම් ගොඩ තමයි. ඒත් මම කියන්න යන්නේ මේ දේ නෙවේ. අපි තෝරාගත්තු වගාවන් වලින් අපිට ලොකු ආදායමක් ලබන්න පුළුවන්. ඒ නිසා මේ මම කියන වගාවන් ගැන පොඩ්ඩක් සලකා බලන්න.
    මේ විවිද වගාවන් ගැන අවශ්‍ය තොරතුරු ඔයාලට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ගන්න පුලුවන්. 1920 කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දුරකතන අංකයට කෝල් කරලා විස්තර දැන ගන්නත් පුලුවන්.

    මල් වගාව - සාමාන්‍යයෙන් වෙඩින් තියන කාලෙට ඒ කියන්නේ අප්‍රේල් මාසේ සිට ඔක්තොම්බර්, නොවැම්බර් දක්වා කාලයේදී රෝස, ඇස්තමේරියා, ක්‍රිශාන්තිමම්, ඩේසි, සුපර්ඩේසි වගේ තව එකී නොකී මල් වලට ලැබෙන්නේ ඉතා ඉහල මිලක්. ඉතින් මෙතන ඉන්නවනම් නුවරඑළිය පැත්තේ කෙනෙක් එයාලනම් මේ ගැන දන්නවා. නුවර, ගම්පල, කොත්මලේ පැතිවල අයටත් මල් වගාව කරන්න පුලුවන්. මීට අමතරව, ඕකිඩ් ඇන්තූරියම් වගේ මල් වර්ග ලංකාවේ ඕනම ප්‍රදේශයක වගා කරන්න පුලුවන්. මල් කියන්නේ විකුනන්න පුලුවන් හොද නිශ්පාදනයකි.

    බිම් මල් වගාව - බිම් මල් කියන්නේ හොද පෝශදායී ආහාරයක්. ඒ වගේම ලංකාවේ හොද ඉල්ලුමක් තියන නිශ්පාදනයක්. මේ ගැනනම් අමුතුවෙන් කියන්න ඕනි නැහැ මේ ගැන ගොඩක් අය දන්නවා.

    දෙහි/දොඩම් වගාව -

    පළා වර්ග වගාව - විශේෂයෙන් ඔයාලා සන්ඩේ පොල ටාර්ගට් කරලා මේ පළාවර්ග හදන්න යන්න එපා. ලංකාවේ තියන සුපර් මාකට් ටාර්ගට් කරලා මේ වැඩේ කරන්න . ඒ වගේම නිකම්ම ගිහින් දෙන්නේ නැතිව හොදින් පිරිසිදු කරලා අසුරලා ගිහින් දෙන්න. ගිහින් දෙන්න ඕනි නැහැ ලගටම ඇවිත් ගන්නවා හොද ගානකට දෙන්න පුලුවන්. සාමාන්‍යෙයන් පලා මිටක් රු. 25-50 අතර වගේ දෙන්න පුළුවන්. පර්චස් 3-4ක හැදුවත් පලාමිටි 200කට වඩා හදාගන්න පුලුවන් සතියකට. පළා වගා කරන විවිධ ක්‍රම තියනවා. ඒ අතර කතුරුමුරුංගා වගේ ගස් කීපයක් හදාගත්තොත් ඒකෙනුත් පලා විදිහට ආදායමක් ගන්න පුළුවන්. හැමවෙලාවකට පිරිසිදුව වගේම බෙහෙත් වර්ග භාවිතා කරන්නේ නැතිව හදන්න. එතකොට ඉල්ලුමක් හැදෙනවා සිකුරුයි.

    මිරිස් වගාව - මිරිස් පහුගිය දවස් වල කිලෝවක මිල රු. 1300ට යනකන් ගියා.. ඉතින් ආයෙත් එහෙම දවසක් එයිද නැද්ද කියන්න දන්නේ නැහැ. හැබැයි ඔයාට කරනවනම් වැඩක් තියනවා. මිරිස් වගා කරලා ලැබෙන අස්වැන්න ලගම තියන ටවුන් එකේ තියන ලොකු හොටෙල් එකකට ගිහින් දෙන්න. අනිවාර්යෙන් ඔයාට හොද මිලක් ගන්න පුලුවන්. එයා පොලෙන් ගන්නේ 500ටනම් ඔයා 480 ගානේ දෙන්න. ඔයා කෙලින්ම කොළඹ හරි දඹුලු හරි දැම්මොත් ලැබෙන ගානට වඩා හොද මිලක් ගන්න පුලුවන්.


    බෙල්පෙපර්ස් වගාව - මේකනම් කතා කරන්න වටින මාතෘකාවක්. හැබැයි මේ වැඩේට මුලින් ලක්ෂ 2- 2 ½ ක් වගේ මුදලක් මුලින් යට කරන්න ඕනි. මොකද මේවා නිකන් එළියේ හදන්න බෑ.

    පැපොල් වගාව
    අන්නාසි වගාව
    පොල් වගාව
    කෙසෙල් වගාව

    මේ හැම වගාවක් ගැනම තොරතුරු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලබා ගන්න පුලුවන්. අනිත් කාරනේ මේ හැම තොරතුරකටම ඔයාට වියදම් කරන්න වෙන්නේ නැති තරම්. 1920ත් ෆ්‍රී ලබා දෙන සේවාවක්.

    වගාවන් කරද්දී එක එක අය එක එක විදිහට කරනවා. ඒත් ගොඩක් වෙලාවට එයාලා තමන්ගේ පහසුව බලලා කොළඹ හරි දඹුළු හරි දාන්න තමයි උත්සහ කරන්නේ. ඒත් ඊටවඩා යමක් කරන්න ඔයාලට පුළවන්. තමන් හදාගත්තු එළවලු ටික (ගොඩක් තියනවනම් තනියම කරන්න අපහසුයි) පොලිතින් පැකට් වලට අසුරන්න. වාතය ඉවත් කරලා සීල් කරන්න. මේවට පහසුකම් තියන පොලිතින් බෑග් වෙළදපොලේ ගන්න තියනවා. කලින් කතාකරගත්තු සුපර්මාකට් වලට ඒවා බෙදලා දෙන්න යම් සාධාරණ මුදලකට.

    හරි තව ටිකක් කොටියෙන් දාගෙන යන්නම්.. විස්තර කියන්න යන්නේ නැහැ. මොනවා හරි කරන්න බලන්න නිකන් නම් ඉන්න එපා.. මාත් මේ දවස් වල වගා කරනවා.. ඒ වගේම මාධව අයියා කියල දුන්නු වැඩෙත් ටික ටික කරනවා.. පුලවන් විිහට..

    ආහාර වර්ග නිශ්පාදනය
    ආහාර වර්ග නිශ්පාදනයෙදිනම් සැලකිලිමත් වෙන්න ඔනි, ප්‍රාදේශිය සභාවෙන් වගේම තව විවිද රාජ්‍ය ආයතන වලින් මේවාගේ තත්ව පරික්ෂාවල් කරගෙන අනුමැතිය ගන්න ඕනි... ඒවා නොකර වෙළදපලට දාන්න බැහැ...

    කිරි ආශ්‍රිත නිශ්පාදන (කිරිටොෆී/යෝගට්/පොල් ටොෆී)
    කිරි අයිස් පැකට් නිශ්පාදනය
    වෙනත් අයිස් පැකට් වර්ග නිශ්පාදනය
    පැනිකජු රසකැවිලි නිශ්පාදනය
    තල ආහාර නිශ්පාදනය
    දොදොල් නිශ්පාදනය
    කේක් නිශ්පාදනය/අයිසින් කිරීම
    වෙඩින් කේක් නිශ්පාදනය
    වෙනත් රසකැවිලි
    හාල් පිටි වලින් බනිස්, පාන් සැදීම.

    සත්ව පාලනය

    සුරතල් මසුන් ඇති කිරීම - පොඩිවට ගෙදර පටන් ගන්න. විකුණන්න නෙවේ තමන්ගේ ගෙදර ලස්සන කරගන්න. හැබැයි මේක හොද ආදායමක් කරගන්න පුලවන්. මුලින් ගෙදර ලස්සනට ඇතිකරන්න. ඒ අතර මේ මසුන් පිලිබද තොරතුරු හොයාගෙන ෆෙස්බූක්, ට්විට්ටර් වගේ තැන්වල ඔයාගේ මශ්‍ය වගාවේ රූප සටහන් එක්ක විස්තර එකතු කරන්න. මේ අතර මේ මසුන් ගැන හා මසුන් අභිජනනය ගැන ගොවිජන සේවා ආයතනයෙන් තොරතුරු ලබා ගන්න පුළුවන්. හිමින් වැඩේට අත ගහන්න. අනිවාර්යයෙන් ඔයාට හොද වෙළදපොලක් හදාගන්න පුළුවන්. නිතරම මේ මසුන් ඇති කරීමේ වාසි ගැන මිනිසුන්ව දැනුවත් කරන්න. ඒක ගොඩක් උපකාරවේවි.

    ගව/එළුවන්/බැටළුවන් පාලනය - ගොඩක් අය කැමති නැති දෙයක්. ඒත් හරි විදිහට කරනවනම්, ගවයින්ගේන් කිරි ගන්න ගමන් පොහොර නිශ්පාදයනටත් අතගහන්න පුළවන්. තව ඉන්දන නිශ්පාදනය කරලා ගෙදර දොර වැඩවලට ගන්න පුලවන්. දැන් සාමාන්‍යයෙන් කිරි ලීටරයන් රු:60.00 පමණ වෙනවා. ඉතින් දවසකට කිරී ලීටර්කීපයක් ගන්න පුලවන් නම් නිකම්ම ගෙදරට ආදායමක් උපයා ගන්න පුළවන්. මීට අමතරව කිරි ආශ්‍රිත නිශ්පාදන කරන්නත් පුළවන්.
    කුකුල් පාලනය - මෙහි ප්‍රථිඵල තමා බිත්තර, කුකුල් පොහොර. ආදායම ගැන කියන්න ඕනි නැහැනේ.

    අතරමැදි අවස්ථා

    තමන්ට වාහනයක් තියනවනම්, යන එන ගමන් මේවයෙන් එකක් දෙකක් ගොඩදාගන්න පුළවන්... මේ ලගකදි අපේ කට්ටියක් යාපනේ ගිහින් එනගමන් ඉස්සෝ කිලෝ 20ක් ගෙනත්, එහේ 300 ලු... මෙහේ 450 ගානේ ලගපාත අයට දීලා... නරකම නැහැනේ...

    පොල් බිස්නස් එක
    වී බිස්නස්
    එළවලු බිස්නස් එක
    කොස් බිස්නස් - මම අහලා තියනවා කෙනෙක් කොස් මදුලු කරලා .පැකට් කරලා සුපර්මාකට් දානවා කියලා... ට්‍රයි කරලා බලන්න...
    ගස් බිස්නස්
    මාලු / කරෝල බිස්නස් එක
    මැනික් බිස්නස් - (මේ ගැන කාගේ හරි බ්ලොග් එකක තිබුණා... හම්බවුණොත් කියන්නම්... )
    දර බිස්නස් එක - ගස් බිස්නස් එකත් එක්ක කරන්න පුළවන්.. නැතත් දර තියනවනම් අඩි 3*3 = 1500 – 2000 වගේ යනවා... ගොඩ ගහලා තිබ්බනම් විකුණනවා.. ගම් වල වුණත් දැන් ලොකු ඉඩපහසුකම් අඩු ගෙවල් වලට ගන්නවා...
    රෙදි බිස්නස් -
    රෙදි පටි බිස්නස් එක

    ගෙදර ඉදන් මාසික පඩියක් ගන්න - මේව නම් ඉරිදා ලංකාදීපයක් අරන් බැලුවනම් ඔක්කොම තියනවා ඇඩ්...

    ලියුම් කවර නිශ්පාදනය
    හදුන් කූරු නිශ්පාදනය
    පහන් තිර නිශ්පාදනය
    LED බල්බ් නිශ්පාදනය
    LED නාම පුවරු නිශ්පාදනය


    ටුක් ටුක් පැදීම - මේකත් ගෙදර ඉදන් කරන්න පුලුවන්. ඔයාගේ Smart phone එකට Pickme app එක install කරගන්න. තව app තියනවා ලංකාවේ සේවා සපයන ඒවත් install කරගන්න. පෝලිමේ ඉන්න ඕනි නැහැ. වීල් පාර්ක් ඕනි නැහැ. සෙට් වෙන වෙලාවට ට්‍රිප් එක යන්න. සිම්පල් නේ... (වාහනයක් තිබීම හෝ සපයාගතහැකි වීම අත්‍යවශ්‍යයි..)

    කළාත්මකව හිතුවොත්
    චිත්‍ර ඇදීම
    සංගීත නිර්මාණ සිදු කිරීම
    වෙසක් කූඩු නිර්මාණය
    වෙසක් බකට් නිර්මාණය
    වෙසක් කාඩ් නිර්මාණය
    හැන්ඩ්මේඩ් බර්ත්ඩේ කාර්ඩ් / වෙඩින් කාර්ඩ් නිශ්පාදනය
    පොල්කටු වලින් විසිතුරු නිශ්පාදන
    ලී ආශ්‍රිත විසිතුරු නිශ්පාදන
    වේවැල් ආශ්‍රිත නිශ්පාදන
    විසිතුරු බෑග් නිර්මාණය
    රෙදි වලින් විසිතුරු නිශ්පාදන(මල් මැසීම, කොට්ට උර මැසීම)
    බතික් නිර්මාණ

    නිශ්පාදන ආර්ථිකයට
    මල් පෝච්චි නිශ්පාදනය
    බ්ලොග්ගල් නිශ්පාදනය
    සිමෙන්ති ආශ්‍රිත වෙනත් නිශ්පාදන

    කොම්පෝස්ට් නිශ්පාදනය - ගොවිජනසේවා එකෙන් රු 45000ක් සමග කිලෝ පණහක පමණ පොහොර දැමිය හැකි මලු 1000ක් නොමිලේ ලැබෙනවා... වැඩේ කරනවනම් කෙනෙක්ට ඒක හොදටම ප්‍රමාණව් සහ ඉතිරිත් වෙනවා වැඩේ පටන් ගන්න... මීට අමතරව දැනුම සහ පුහුණුව නොමිලේ... 1920 කතා කරන්න.. (හැබැයි 45000 අරන් නිකන් ඉන්න ඔට්ටු නැහැ.. ඔයාගේ අදාල කාර්යයේ යෙදීමේ හැකියාව බලනවා... )

    මල් පැළ නිශ්පාදනය
    පොල් පැළ නිශ්පාදනය (බීජ පැල)
    පැළ තවාන් පවත්වාගෙන යාම
    රෙදි වලින් පාපිසි නිර්මාණය.
    ලේන්සු, අත්පිස්නා නිර්මාණය

    කොහු ආශ්‍රිත නිශ්පාදන
    කොහුබත් සෑදීම
    කොසු සඳහා කොහු නිෂ්පාදනය
    කොසු නිශ්පාදනය
    කොහු ලණු නිශ්පාදනය
    ඉදල් නිර්මාණය

    යකඩ කම්බි, සුදු යකඩ ආශ්‍රිත නිර්මාණ.


    වැඩ දන්නවනම්
    සැටලයිට් ටීවි ඉන්ස්ටොල් කිරීම
    පරිගණක අලුත්වැඩියාව
    පරිගණක විකිණීම
    පරිඝණක/ඉංග්‍රීසි/ගණිත පන්ති පැවැත්වීම
    Printer/Copier/Duplo මැෂින් අලුත්වැඩියා කිරීම
    වෙබ් අඩවි නිර්මාණය
    ග්‍රැෆික් නිර්මාණ කටයුතු සිදු කිරීම.
    මුද්‍රණ සේවා ලබා දීම.
    ටයිප් සෙටින් සිදු කර දීම

    ඔයාගේම ආයතනයක්
    පාසල් බෑග් නිශ්පාදනය
    සෙරෙප්පු නිශ්පාදනය
    පරිසර හිතකාමී බෑග් නිශ්පාදනය
    සීට්ටු ක්‍රමයට බඩු සැපයීම

    සේවා සැපයීම මඟින්-
    කුඩා ව්‍යාපාර වල ගිණුම් කටයුතු සිදු කර දීම.


    සල්ලි තියනවනම් හොද බිස්නස්
    ප්ලාස්ට්ක් ආශ්‍රිත නිර්මාණ ඩුප්ලිකේටින් - ඇයි කවුරුත් නොකරන්නේ කියන එකයි මගේ ප්‍රහ්නේ... ඉන්දියාව චීනේ කියන්නේ හැම මගුලකටම කොපියක් ගහලා විකුණනවා.. අපිත් චයිනිස් ෆෝන්ම කීයක්නම් යූස් කරලා තියනවාද? ඉතින් අපිට ඒනගේ වැඩක් කරන්න බැරිද? ලංකාවට අවශ්‍ය දේවල් ටිකවත්...

    ඉලෙක්ටොනික් අප ද්‍රව්‍ය කළමණාකරනය - ටොන් එකකින් ඉන්දියාවේ රත්තරන් කිලෝ එකක් ගන්නවලු බං...

    නව අදහස්
    ගෙදර පුංචි ෆිල්ම් හෝල් එකක්.. (නීතියාණුකූල භාවය පිළබද ගැටළු තියනවා.. හොයලා බලලා කරන්න.. 18+ එපා...)
    අනිත් අයට විනොදය සපයන දෙයක් කරලා යූ ටියුබ් දාන්න.. (හොද දෙයක්)


    නව නිර්මාණ
    වේවැල් පාවහන්..
    වේවැල් පෙන්ටඩ් පාවහන්
    බොයි ලයික් වොලට් (ෆෝ ගර්ල්)



    ඔයාගැන පොතක් ලියන්න... (ඔයාගැන කියලා නොකියා ලීවත් කමක් නෑ)
    ඔයාගෙම බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන්න.
    ඔයාගෙම සිංදුවක් කරන්න.
    ඔයාගෙම කවි පොතක් එළිදක්වන්න..
    ඔයාගෙම සිතුවිලි වලින් ලස්සන කතන්දර පොතක් ලියන්න

    තව ගොඩක් ඒවා ඇති... මම මොකද කරන්නේ කියලා හිත හිත ඉන්නකොට මට ආපු දේවල්ටික මම මේවිදිහට එකතු කලා... මේවගෙන් කීපයක් කරන්න ප්ලෑන් කරගෙන යනවා... මට මූලික වියදමට අවශ්‍ය මුදල් හොයන්නයි මේ දවස්වල කටයුතු කරන්නේ.. මාධව අයියාගේ අයිඩියා එකෙන් පොඩි ගානක් හොයාගන්න පුලුවන් වුණා.. ඒත් ඒකටත් ගැටළු තියනවා... කොහෙන් හරි මොනා හරි දෙයක් කරන්න පටන්ගන්න... ජොබ් එකක් කරනගමන් වුණත් සමහර දේවල් කරන්න පුලුවන්...

    සමහරවිට ඔයාලා මේකට හිනාවේවි... ඒත් මම මේක දාන්නේ කාට හරි දෙයක් කරගන්න පුළුවන් වෙන්න කියලා.. හැම දේම හොයලා දාන්නයි හිතුවේ ඒත් ඒක කරන්න අමාරුයි... සුභ අනාගතයක්... මට බ්ලොග් එකක් නැහැ.. ඒනිසා එකතුවේ මේක ශෙයා කරා...
    සම්පූර්ණයෙන්ම උපුටාගෙන වෙනත් අඩවි වල ඵල කිරීම සපුරා තහනම්... ශෙයාකරනවනම් කොටසක් දාලා මෙතනටම ලින්ක් එකක් දාන්න..
    ප්‍රායෝගිකට අත්හදා බැලීමට පූර්ණ අවසරය ඇත.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,761
    30,801
    113
    Good post rep + මාධව අයියා කිව්ව ක්‍රමේ කිව්වෙ මොකද්ද ??
     

    virajp

    Banned
  • Aug 1, 2016
    362
    64
    28
    Shaaa maru

    ෂෙයා කරපු එක හොඳයි මචන්..
    ගත්තු තැනත් දැම්මනම් තවත් හොඳයි..:yes:
    Anyway
    +Rep








    ++ පස්සේ කියවනවා.

    Thanks :yes::yes::yes:
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    සම්පූර්ණයෙන්ම උපුටාගෙන වෙනත් අඩවි වල ඵල කිරීම සපුරා තහනම්... ශෙයාකරනවනම් කොටසක් දාලා මෙතනටම ලින්ක් එකක් දාන්න..
    ප්‍රායෝගිකට අත්හදා බැලීමට පූර්ණ අවසරය ඇත.


    :rofl:
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    11.gif
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    oka ussapu site eka ube neme nam link eka dapan anun mahansiyen liyapu ewa share karanna epa full article :)