මචන් ඔය ගැටලුව විසදගන්න පුළුවන් ධර්මයෙන් විතරයි. වෙන කිසිම දෙයක් සාර්ථක විසදුම් නෙමෙයි. උබ ඒ කෙල්ල ආශ්‍රය කරපු කාලේ එයාගේ රූප, ශබ්ද, ගන්ද, රස, ස්පර්ශ, කියන පංචස්කන්ධයට අවිද්‍යා සහගතව රාගයෙන් බැඳිලා මනෝ මූලිකව හදාගත්තු ආශ්වාදය උබට දැන් නොලැබෙන නිසා තමයි උබට ඔය දුක දැනෙන්නේ. ඒක කාගේවත් ප්‍රශ්නයක් නෙමෙයි උඹේ හිතේම ප්‍රශ්නයක් විතරයි. කෙල්ල කියන්නේ සතර මහා බූත කොටස් වලින් ගොඩනැගිච්ච බාහිර වස්තුවක්. ඒ රූපයෙවත්, එයාගේ ශබ්දයෙවත්, ගඳ සුවඳේ වත්, ස්පර්ශයේ වත් ඔය පන්චස්කන්දයේ මොන දේකවත් උබට ඔය දැනුන ආශ්වාදය තිබුනේ නෑ. ඔය රූපේ දැක්කම, කට හඬ ඇහුණාම, සුවඳ දැනුනම, ස්පර්ශය දැනුනම උබට යම් කිසි සුවයක් දැනෙන්න ඇති මුලින්ම. අපි හැමෝම පෘතග්ජන මිනිස්සුනේ. එතකොට අවිද්‍යාව කියන දේ අපි තුල තියෙනවා. අවිද්‍යාව කියන්නේ බාහිර ලෝකේ දේවල් සැප දෙනවා කියල පෘතග්ජනය බැහැගෙන ඉන්න දෘෂ්ටිය. උඹට අර කෙල්ල මුලින් දකිනකොට දැනුන සුවය නිසා උඹ අවිද්‍යාවෙන් නිගමනයක් කරනවා මෙයා තමයි මට හරියන මට සැප දෙන කෙනා කියල. ඔතනට වැටුන ගමන් රාගයෙන් අර පංචස්කන්දය එක්ක බැඳෙනවා. එතන ඉඳල, ඒකි නැතුව බැරි වෙනවා. පාලුයි, තනියි, හොයල බලන්න ඕන, පොඩ්ඩක් ඇත්නං බය වෙනවා, තරහ උනාම දුක් වෙනවා, හීන මාලිගා හදනවා ... ඔය වැඩ ටික ලස්සනට වෙනවා. ලඟින් ඉන්නකොට හිතට හරි අශ්වාදයි. සතුටුයි. හිත නිකන් පිරිලා වගේ. මොන යම් හෝ ක්‍රමයකින් වෙන් උනාට පස්සේ ඔය ආශ්වාදය ලබන්න බැරුව යනවා. එතකොට අර රාගයෙන් ගොඩනගාගෙන තිබුන ආශ්වාදය ලබන්න විදිහක් නෑ. ඉතින් පෙළෙනවා. අරකම ඕනේ හැබැයි ලැබෙන්නේ නෑ. සමහර උන් දිවි නසා ගන්නෙත් ඕක නිසා. සමහර උන් කෙල්ලව මරන්න පෙලබෙන්නෙත් ඕක නිසා. ඉතින් ඕකට මුල තමුන්ගේ අවිද්‍යාව. ඔය රූපේ හිතින් කෑල්ලෙන් කෑල්ල ගලවල බලපන් සම්පූර්ණ රූපයෙන් වින්ද සැප ඒ කෑලි වලත් තියෙනවද කියල. නැනේ? එහෙනං සැපක් කියල දෙයක් ගෑවිලා වත් නැති කෑලි ගොඩකින් හැදුන ඒ රූපේ සැප තියෙන්නේ කොහොමද? හිතල බලපන්. මුලාවෙන් මිදෙන්න උත්සහ කරන්න. ලැබුන මිනිස් ජීවිතේ නිකරුනේ නොවටිනා දේවල් නිසා නාස්ති කර ගන්න එපා. උබ ඔය ගැන පෙලෙන විඳවන වාරයක් වාරයක් ගානේ උබ උඹේ සසර ගමන ගොඩනගනවා කියන දේ මතක තියා ගනින්. මේවා ඉතින් තේරෙයිද දන්නේ නෑ. සමහරුන්ට විහිළුවක් වෙන්නත් පුළුවන්. එකට ඉතින් කරන්න දෙයක් නෑ. තේරුනත් නැතත් වෙන්නේ ඔච්චරයි.