වාහනයක් ගන්න තියෙන වාසිදායකම විධිය තමයි, ජපානයෙන් වාහනයක් කෙලින්ම ආනයනය කර ගැනීම. ඒකට ඉතින් ඔය එක එක්කෙනා විවිධ කතා නම් කියනවා. ගොඩාක් අය දකින්නත් ඇති වහෙන ක්ෂේත්‍රයේ දැවැන්තයෝ කියන අය දාලා තිබුණ පුවත් පත් දැන්වීම.
ඒ වගේ දැන්වීම් දාන්න පෙළඹෙන ප්‍රධානම කාරණය තමයි තකමන් උපයාගත් විශාල ලාබය අධික ලෙස පහල වැටීම. මේ විධියට ලාභය පහල යන්න හේතු වුනේ වර්තමානයේ වාහනයක් මිලදි ගනු ලබන අය එය කෙලින්ම ජපානයෙන් මිලදි ගැනීමයි. ඇත්තටම ජපානයෙන් වාහනයක් තමන්ගේ නමට ගෙන්වා ගැනීමට අනියත බියක් ඇති කරගත යුතු නැ. ඡායාරූප නිරීක්ෂණයෙන් පසුව පමණක් වාහනය තෝරා ගන්නා නිසා ගොඩාක් දෙනෙක් අනියත බියක් ඇතිකරගෙන තියෙනවා. ඇත්තටම එහෙම විය යුතු නෑ. මොකද අපි දකින වාහනය අපි තෝරාගන්නා තත්වයෙන්ම ඔබ අතට පත්වෙනවා.
හැබැයි මෙතනදි හොද ආනයනකරැවෙක් තෝරා ගැනීම නම් ඉතාම වැදගත්. මොකද ගොඩාක් අය ඉන්නවා බොරුවට මිල ගණන් ප්‍රකාශ කරන අය. ඒ අයගෙන් තමයි ගොඩාක්ම ප්‍රවේශම් විය යුත්තේ.
එහෙම ගැටළු වලට මුහුණ පාලා ඉන්න අයනම් ඔන තරම් ඉන්නවා. ගාන වැඩි කියලා අඩුවෙන් කියන අය ලගට යනවා. අන්තිමට වාහනය අතට ගන්නකොට කියපු ගානටත් වඩා වැඩි වෙලා. ඒක නිසා වාහනය ගෙන්වීමට ඉස්සරලා හොද අවබෝධයක් ලබාගන්න ඕන. ඒක ඉතින් ඔය වාහන ගෙන්වන අය කීපදෙනෙක් ලගට ගියාට විස්තර ගත්තාට නම් කමක් නැ. හැබැයි එක ඉතාමත් අවධානයෙන් කරන්න ඕන දෙයක්. තමන් ලගට Business එක ගන්න ඕන නිසා අඩු මිල ගණන් හා රටේ නැති පුරසාරම් නම් කියයි.
තවත් අය ඉන්නවා කෙලින්ම ජලාපනයෙන් ගේනවා කිව්වාට එයාලා කරන්නේ නියෝජිත වැඩක්. එහෙම අයත් ඉන්නවා. මේ කරන්නේ කවුරැත් ගැන විවේචනයක් නම් නෙවෙයි. ඔය වගේ අය නිසා මේ ක්ෂේත්‍රය ඉදිරියට කරගෙන යන්න තියෙන අපහසුතාවයන් තමයි ඔය.
තවත් විස්තර ටික ටික ඉදිරියට දාන්නම් කෝ.