How to make Sinhala Subtitles

indikson

Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    මමත් සිංහල උපසිරසි ගැන දැනගත්තේ isira87 සහෝදරයගෙන්.

    අද මම කියල දෙන්න යන්නෙ කොහොමද අපි සිංහල සබ්ටයිට්ල්ස් හදාගන්නෙ කියල. සබ් එකක් දාන්න ඉස්සෙල්ල හිතල බලන්න ඔයාට ඒකට යොදවන්න කාලය තියනවද කියල. සාමාන්‍යයෙන් සබ් එකක ලයින්ස් 1500ක් විතර තියනව. තමන්ට කාල වේලාව තියනව නම් විතරක් වැඩේට අත ගහන්න.

    අවශ්‍ය වෙන දේවල්
    • සිංහල යුනිකෝඩ් පැකේජය (Download)
    • Realtime Singlish මෘදුකාංගය (එළකිරි වල madurax86 සහෝදරයගේ මෘදුකාංගයක්)(Download)
    • Notepad හෝ Subtitle Edit මෘදුකාංගය (Download Subtitle Edit)

    ඕං එහෙනම් වැඩේ පටන් ගමු.


    1.
    මුලින්ම අවශ්‍ය සොෆ්ට්වෙයා ටික බාගන්න. ගොඩක් ෆිල්ම් වලට ඉන්ග්‍රීසි උපසිරසි ඉක්මනට දාන හින්ද අපිට මුල ඉඳන් සබ්ස් හදන්න වෙන්නෙ නෑ. මුලින්ම සබ් එක හදන එක්කෙනාට තමයි ටයිම් ස්ටෑම්ප් එහෙම හදන්න වෙන්නෙ (සබ්ටයිටල් ලයින් එක ඩිස්ප්ලේ වෙන වෙලාව සහ කාලය). ඒ හින්ද අපිට ගොඩාරියක් මහන්සි වෙන්න වෙන්නෙ නෑ.;)

    මුලින් අපි කරන්න ඕනෙ අපි කැමති ෆිල්ම් එකකට හොඳ ඉන්ග්ලිශ් සබ් එකක් හොයාගන්න එක. මම හොඳ සබ් එකක් කිව්වෙ හරියට වෙලාවට ලයින්ස් ඩිස්ප්ප්ලේ වෙන, හරියට ටයිප් කරල තියන සබ් එකක්.

    2.
    තමන් සබ් එක දාන ෆිල්ම් එක බාගෙන, එක සැරයක් බලල තියන එක හොඳයි. එතකොට සබ් එක වැටෙන අවස්ථාව අපි දන්න හින්ද. එතකොට වැරදීම් වෙන්න තියන ඉඩ අඩුයි. ඒ ෆිල්ම් එක මුලින් බාගත්තු English සබ් එකත් එක්ක බලන්න වැරදි තියනවද කියල. සබ් එක හොඳ නැත්තං වෙන එකක් බාගන්න.

    3.
    ඒ ඔක්කොම හරි නම් වැඩේ පටන්ගන්න පුළුවන්. අපි දැන් කරන්න යන්නෙ ඉන්ග්ලිශ් සබ් එක පරිවර්තනය කරන එක. මේකට ක්‍රම 2ක් තියනව.

    අපිට මේකට අලුත් සොෆ්ට්වෙයාර් නැතුව Notepad එකෙන්ම සබ්ටයිට්ල්ස් හදන්න පුළුවන්. නැත්නම් සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම නම් recommend කරන්නෙ සොෆ්ට්වෙයර් එකක් පාවිච්චි කරන්න. ඒත් මම ක්‍රම දෙකම කියල දෙන්නම්.

    මුලින් Realtime Singlish run කරන්න. ඊට පස්සෙ සිංහලෙන් ටයිප් කරන්න scroll lock ඔබන්න. දැන් ඔයාගෙ English සබ් එකේ කොපියක් හදාගන්න. ඒක rename කරන්න 'Sinhala sub' කියල.

    a. Notepad භාවිතයෙන්
    දැන් සබ්ටයිට්ල් ෆයිල් දෙකම Notepad එකෙන් ඕපන් කරල Sinhala sub ෆයිල් එකේ English ලයින්ස් වෙනුවට පරිවර්තනය කරපු සිංහල ලයින්ස් ලියල සේව් කරගන්න.

    5d5jsn.jpg


    b. Subtitle Edit භාවිතයෙන්
    මුලින් Subtitle Edit run කරල Sinhala sub ෆයිල් එක ඕපන් කරගන්න. ඊට පස්සෙ Options > Settings වලට ගිහිල්ල Subtitle font size කියන එක 11ට විතර හදාගන්න.

    2ytsf4g.jpg


    ඊට පස්සෙ File > Open original subtitle (translator mode) වලින් English සබ් එක ඕපන් කරගන්න. ඊට පස්සෙ ලයින් එකෙන් ලයින් එක සිලෙක්ට් කරල යට තියන Text කියන් box එකේ පරිවර්තනය කරපු ලයින්ස් ලියල සේව් කරගන්න.

    4lrn9c.jpg


    මම screenshots දාල තියෙන්නෙ මම ළඟදි කරපු True Grit ෆිල්ම් එකේ සබ්ටයිටල් එකක. කවුරු හරි මේ tutorial එක බලල සබ් එකක් කරනව නම් ඒක තමයි මගේ සතුට.

    හදාගත්ත සබ් එකේ ෆෝමැට් එක මාරු කරන හැටි, ටයිම් සින්ක් කරන හැටි පස්සෙ කියල දෙන්නම්. මම කරල තියන දේ අගය කරනව නම් rep එකක් දෙන්න. නැත්නම් bump එකක් දාල යන්න.
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,567
    3,186
    113
    බයිස් කොප් එකේ ඉන්නවද? එල එල..නියමයි මචන්..:D
    රෙප් +
     

    indikson

    Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    මම බයිස්කෝප් ටීම් එකේ නෑ. ඒත් මේ ළඟදි සබ් එකක් කරල දැම්ම. හොඳ දේ අගය කරන්න එපැයි.
     

    indikson

    Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    බොහොම ස්තුතියි, කමෙන්ට්ස් වලටයි බම්ප් එකටයි.
     

    indikson

    Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    Mata asai ban sinhala oone welawata witharak daaganna puluwan subtitle ekak thiyena DVD ekak player ekakin balanna..

    Ehema DVD ekak hadaganna puluwan ConvertX to DVD software eken. (thawath software nam athi). Eke subtitle walata Sinhala and English sub files dekak add karaganna. eeta passe convert karala burn karaganna. Ethakota DVD player eken subtitles on/off karanna, English/Sinhala language eka choose karaganna puluwan.
     
    • Like
    Reactions: wasangaama