මම දැන් ෆීල්ඩ් එකෙන් අයින් වෙලා ඉන්නෙ. ඒ නිසා අදට ගැලපෙන ප්‍රායෝගික උත්තරයක් දෙන්න අමාරුයි ඔයාට ප්‍රයෝජනවත් වෙන. ඔය ටික කිව්වෙ පරණ අත්දැකීම් වලින්. ඒකාලෙ පේරෝල් සහ ටීඇන්ඩ්ඩී කරනකොට කම්පනි එකේ කී පුද්ගලයො එක්ක ගනුදෙනු කරන්න අවස්ථාව ලැබෙනවා. වෙන කම්පනි එක්ක සම්බන්ධ වෙන්න අවස්ථා ලැබෙනවා. මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් හෙම ආවොත් T&D කට්ටියව දාන්න ඉඩතියනවා මොකද එම්ප්ලෝයීස්ලාට ඒගොල්ල ෆැමිලියර් නිසා සහ අවුට්ගොයිං පර්සනැලිටි නිසා. ඒවගෙම ඇටෙන්ඩන්ස්, බෙනිෆිට්ස් පැති බලන ඒකියන්නෙ පේරෝල් ආශ්රිත පොසිශන්වල අයටත් ඕවට සම්බන්ධ වෙන්න වෙනවාමයි. වැඩ පෙන්නන්න අවස්ථා වැඩියි. හැබැයි ඉතින් වැඩත් වැඩියි. පේරෝල් කරනවා කියන්නෙ ඒ දවස්වලට නිවාඩු ගන්න බෑ, රැ වෙනකං අදින්න වෙනවා (මේව ඉතින් මගෙ අත්දැකීම්, කම්පනි කල්චර් එක අනුව ඕවා වෙනස්වෙයි). T&D, ලීගල් පැත්තෙන් ප්‍රෙෆෙශනල් අධ්‍යාපනික අවස්ථා තියනවා. ඔය ලියුම් ගහන, අයිඩී කාඩ් හදලා A,B,H ෆෝම් පුරව පුරවා ඉන්න පොසිශන නම් ඒතරම් වැඩක් නැහැ.
ඔහොම ඉන්න ගමන් චාටඩ් කොලිෆයිඩ් වෙන්න.
මට වඩා අලුත් ට්‍රෙන්ඩ්ස් දන්න කෙනෙක් පිලිතරක් දෙයි කියලා හිතනවා.