මට අද හිතුණා ලංකාවේ මේ පට්ට පල් ගොන් විදියට බිස්නස් කරන උන් ගැන කතා කරන්න. උඹලටත් මේක අත්දැකීමක් ඇති.
අපි හිතමු මොකක් හරි වැඩක් කරගන්න ඕනේ කියලා. Graphic design එකක්, IT වැඩක්, එහෙමත් නැත්නම් කාපෙන්ටර් කෙනෙක්, මේසන් කෙනෙක් වගේ ඕනෑම කෙනෙක්... අපි සල්ලි දීලා මුන්ගෙන් සර්විස් එකක් ගන්න කෝල් කළාම, එහා පැත්තෙන් එන උත්තර දැක්කම අප්පිරිය හිතෙනවා.
මුන් දෙන ආතල් ටික බලපන්:
උඹලටත් මෙහෙම ගොන් උත්තර හම්බවෙලා තියෙනවාද? පල්ලෙහායින් කොටාගෙන යමන් බලන්න උඹලට වෙච්ච අමුතුම සර්විස් අත්දැකීම්. මුන්ව නම් කවදාවත් හැදෙන්නේ නැති ජාතියක්!

- "මචන් මම දැන් කනවා බං..." (ඉතින් මම මොකක් කරන්නද? කන්න කලින් වැඩේ කරපන් කියලයෑ!)
- "අයියේ මම වයිෆ් එක්ක ෆුල් එකේ ඉන්නේ..." (අපිට මොකටද බං මුන්ගේ Personal විස්තර?)
- "පැත්තට ලයිට් නැහැ මචන්..." (වැඩේ කරන්න බැරි නම් බෑ කියපන්, අඬන්නේ නැතුව)
- "පොඩි මඟුලකට ආවා බං, පස්සේ ගමු..."
ඇයි බං ලංකාවේ උන්ට "Professionalism" කියන එක සතේකටවත් නැත්තේ?
උඹලා බිස්නස් එකක් කරනවා නම්, බිස්නස් නම්බර් එකක් පබ්ලික් දාලා තියෙනවා නම්, කෝල් එකක් ආවම ඒකට උත්තර දෙන්න විදියක් තියෙන්න ඕනේ. කස්ටමර්ට තමන්ගේ පෞද්ගලික රෙදි හෝදන හැටි කියන්න ඕනේ නැහැ.- කට පරෙස්සම් කරගනින්: කන්න ඉන්නවා නම්, එළියේ ඉන්නවා නම් වැදගත් විදියට "දැන් මම පොඩි වැඩක ඉන්නේ, විනාඩි 30කින් කෝල් එකක් දෙන්නම්" කිව්වම ඇති. නැතුව පවුල් ප්‍රශ්නයි, උඹේ බඩගින්නයි මට වැඩක් නැහැ.
- සල්ලි වලට ගරු කරපන්: අපි සර්විස් එකක් ගන්නේ නිකන් නෙවෙයි, සල්ලි වලට. එතකොට උඹේ මට්ටම Professional වෙන්න ඕනේ.
- අපිට අදාල නැහැ: කස්ටමර්ට උඹේ ගෑනි එක්ක යන ගමන්ද, ලයිට් නැද්ද කියන එක අදාලම නැහැ. උඹට වැඩේ කරන්න පුළුවන්ද බැරිද? අන්න ඒක විතරයි කස්ටමර්ට ඕනේ.
උඹලටත් මෙහෙම ගොන් උත්තර හම්බවෙලා තියෙනවාද? පල්ලෙහායින් කොටාගෙන යමන් බලන්න උඹලට වෙච්ච අමුතුම සර්විස් අත්දැකීම්. මුන්ව නම් කවදාවත් හැදෙන්නේ නැති ජාතියක්!