ඔය ටික ටික ගෙවන සීන් එකට නම් වැඩිය පුරුදු වෙන්න එපා. ඉස්සර මිනිස්සු හිර වුනේ කාඩ් වලින් එකපාර පේමන්ට් කරල දන්නෙම නැතුව ඕවර් ගිහිල්ලා.
දැන් මිනිස්සු නොදැනීම ණය වෙන පොයින්ට් එක තමයි, අච්චර කාලෙකට මෙච්චර කාලෙකට කියල පොලී නැතුව ගෙවාගෙන යන්න බඩු ගන්න Financial Institutions වලින් ප්‍රොමෝශන්ස් දෙන එක. ඕක ඉවක් බවක් නැතුව දැන් මිනිස්සු කරනව. හැමදේම ටික ටිකනෙ ගෙවෙන්නෙ, පොලීත් නෑනෙ කියල. කාලයක් යද්දි බර තොගයක් එක එක ඒව ඔහොම අරගෙන ටික ටික ගෙවන් යන්න ණය රෝලක් හැදෙනව.
ඔය ටික ටික ගෙවන්න ඕනෙ ඒව හරියට නෝට් ඩවුන් කරගෙන වෙලාවට ගෙවන්න අමතක උන ගමන් ඊට පස්සෙ පොලී එකතු වෙනව. සමහර අය තමන්ට නෙදැනීම තමන්ගෙ ඉන්කම් එක බයිපාස් වෙන මට්ටමට එනකන් කොටස් විදිහට ගෙවන්න බඩු , වෙනත් payment facilities ගන්නව. තමන්ට නොදැනීම තමන් ණය රෝලක හිර වෙනව. අන්තිමට stress වෙනව.
අනිත් එක හදිසියෙ තමන්ගෙ main ඉන්කම් එක ඇනහිටියොතින් හරි, තමන්ට මොනව හරි වුනොත් හරි තමන්ගෙන් යැපෙන අයත් හතරවටේ පැටලෙනව මොකුත් කරකියාගන්න බැරුව. සමහරවිට ඒ මිනිස්සුන්ට අවබෝදයක්වත් නැති වෙන්න පුලුවන් මොනවටද කොහෙටද කොච්චරකින්ද ණයවෙලා තියෙන්නෙ කියලවත්.
හැමදේම ප්‍රමාණයකට කරන්න. තමන්ට තමන්ගෙ ෆයිනෑන්ශල්ස් හරියට මැනේජ් කරගන්න පුලුවන් financial discipline එකක් තියෙනව නම් විතරක් ණය වෙන්න.