HTC සමාගම සිය නවතම සුපිරි ජංගම දුරකථනය හඳුන්&#

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    HTC සමාගම සිය නවතම සුපිරි ජංගම දුරකථනය හඳුන්&#

    HTC සමාගම පසුගිය වසරේ හඳුන්වා දුන් HTC One M9 දුරකථනය බොහෝ දෙනා අතර කතා බහට ලක්වන්නට වුනා. එහි මනා නිවාම මෙන්ම සුපිරි Boom Sound ස්පීකර් පද්ධතිය කා අතරත් ජනප්‍රිය වුනා. නමුත් සමාගමේ මේ සුපිරි දුරකථන පෙලේ එක අඩුපාඩුවක් ලෙස සැලකුනේ එහි කැමරාව අනෙකුත් සමාගම් වල ප්‍රබල දුරකථන හා කරට කර තරඟයක් ලබාදීමට අපොහොසත් වීමයි. කෙසේ නමුත් ඔවුන් සිය දුරකතනයේ අඩුපාඩු මගහරවා ගනිමින් සුපිරි දුරකතනයක් වෙළඳපොළාට හඳුන්වා දෙන තුරු බොහෝ දෙනෙක් නොයිවසිල්ලෙන් බලා සිටියා. ඉතින් මේ බලාපොරොත්තු සපල කරමින් ඔවුන් HTC 10 දුරකථනය පසුගිය සතියේ හඳුන්වා දුන්නා.
    මේ නව දුරකතනය හැම අතින්ම බල සම්පන්න කරමින් පහසුකම් බොහොමයක් එක් කර තිබෙනවා. අඟල් 5.2 ක LCD 5 තිරය QHD resolution එකක් සහිතයි / 1440 x 2560 pixels (~565 ppi pixel density). ඒ වගේම Qualcomm සමාගමේ නවතම ප්‍රොසෙසරයක් වන Snapdragon 820 ප්‍රොසෙසරයක් මෙහි අන්තර්ගත වනවා. මේ ප්‍රොසෙසරයේ කටයුතු පහසුකර ගැනීමට මේ දුරකතනයට 4GB RAM එකක් ද එක කර තිබෙනවා. දුරකතනයේ අඩුවක් ව පැවති Fingerprint ස්කෑනරය ද මෙවර දුරකතනයට එක් කර තිබෙනවා. Android 6.0.1 Marshmallow වලින් මේ දුරකථනය පණගැන්වෙනවා. ඒ වගේම HTC සමාගමේ නවතම Sense අතුරු මුහුණත මෙහිදී දැකගන්න ලැබෙනවා.
    මේ අතරම HTC සමාගම පසුගිය වසරේ හඳුන්වා දුන් මෙගාපික්සල් 20 කැමරාව අතහැර නැවත මෙගාපික්සල් 12ක Ultrapixel කැමරාවක් වෙත යොමු වී තිබෙනවා. මෙහි පික්සල් ප්‍රමාණය විශාල නිසා වැඩි ආලෝකයක් ඡායාරූප තුලට ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. මෙහි laser autofocus, optical image stabilization (OIS), වගේම dual tone LED flash වගේ පහසුකම් අන්තර්ගත වනවා. ඉදිරිපස සෙල්ෆි කැමරාව මෙගාපික්සල් 5ක කැමරාවක් වන අතර ලෝකයේ පළමු වරට OIS අන්තර්ගත සෙල්ෆි කැමරාව ද වනවා. ඒ වගේම මේ දුරකථන පෙළ හඳුන්වාදුන් දා සිටම කා අතරත් අවධානය දිනා ගත Boom Sound ස්පිකර පද්ධතිය තවදුරටත් වැඩිදියුණු කර ස්පිකර දෙකක් අන්තර්ගත කර තිබෙනවා. (a tweeter on the front and bass woofer on the bottom). ඒ වගේම දුරකතනය සමඟ උසස් පෙලේ headphone එකක් ද ඔබට ලැබෙනවා.
    මෙය ලබන මැයි මාසයේ අලෙවි කිරීමට නියමිතයි.

    htc-10-660x400.jpg
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මොකද බන් මේ රෙප් කපන්නෙ .මේකෙ වැරැද්දක් තියනවනම් කියපල්ල බලන්න .යකො ඩිසයින් එක මම හැදුව වගෙනෙ මගෙ රෙප් කපන්නෙ .තිත්ත වෙනවනෙ බන්
     
    • Like
    Reactions: djnick

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    iphone clone

    Bro, not at all an iphone clone.

    Check HTCs old flagship devices. they always had the reputation for best design. no way you can call this an iphone clone.

    They started with HTC M7, which was premium build when it was launched. and it was awarded the best design. and also HTC M8

    http://www.htc.com/uk/smartphones/htc-one-m7/reviews/
    http://www.htc.com/uk/smartphones/htc-one-m8/reviews/
    http://blog.htc.com/2014/03/htc-one...for-best-smartphone-at-mobile-world-congress/
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Bro, not at all an iphone clone.

    Check HTCs old flagship devices. they always had the reputation for best design. no way you can call this an iphone clone.

    They started with HTC M7, which was premium build when it was launched. and it was awarded the best design. and also HTC M8

    http://www.htc.com/uk/smartphones/htc-one-m7/reviews/
    http://www.htc.com/uk/smartphones/htc-one-m8/reviews/
    http://blog.htc.com/2014/03/htc-one...for-best-smartphone-at-mobile-world-congress/

    :yes::yes:
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මොකද බන් මේ රෙප් කපන්නෙ .මේකෙ වැරැද්දක් තියනවනම් කියපල්ල බලන්න .යකො ඩිසයින් එක මම හැදුව වගෙනෙ මගෙ රෙප් කපන්නෙ .තිත්ත වෙනවනෙ බන්
    මෝඩ හුට්ටල ටිකක් ඉන්නවා බන් මේකේ හැම මගුලටම රෙප් කපන.. ගණන් ගන්න එපා බන් ඕව.

    +6
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    මොකද බන් මේ රෙප් කපන්නෙ .මේකෙ වැරැද්දක් තියනවනම් කියපල්ල බලන්න .යකො ඩිසයින් එක මම හැදුව වගෙනෙ මගෙ රෙප් කපන්නෙ .තිත්ත වෙනවනෙ බන්

    Meke mongal dial tikak inwa bn nikan rep kapana..unge athal ekane..