මම පාවිච්චි කරේ HTC ෆෝන් එකක් තමයි.
HTC ගොඩක් ෆෝන් වල පවර් ඔන් බටන් එක කාලයක් යනකොට වැඩ කරන්නෙ නැත්ව යනව (තද කරන්න ටිකක් අමාරුයි).
නිතරම ෆෝන් එකෙන් ෆේස්බුක් යනව නං බැටරි බහින එක ගොඩක් ස්මාර්ට් ෆෝන් වලට පොදුයි ඒකට HTC කියල වෙනසක් නෑ.
ඩියසිනිං අතින් මට HTC ගොඩක් හොඳයි. User interface exterior design ගත්තොත් HTC පට්ටම පට්ට.
ටච් ස්ක්‍රීන් ගත්තොත් මගේ ෆෝන් එක ඇතුළුව හිරවීම් ගොඩක් අඩුයි. Display වලත් කියන්න තරම් වරදක් නෑ. නමුත් කැමරා නං මට ඇපල් සැම්සුන්ග් තරම් HTC හොඳනෑ.
Gsmarena වල රිවිව් ගත්තත් HTC වලට සැම්සුන්ග් LG, Apple, Sony මට්ටමේම පිලිගැනීමක් තියෙනව.
දැන් HTC වල හදන ෆෝන් වල අඩු ආලෝකයේ performance හොඳ වුනත් සාමාන්‍ය ආලෝකයේ performance මදිලු.
තව දෙයක් වෙනත් ස්මාර්ට් ෆෝන් බ්‍රෑන්ඩ් වලට සාපේක්ෂව HTC ෆෝන් durability අතින් හොඳයි කියල මම අහල තියෙනව. මගේ ෆෝන් එක පාවිච්චි කරන කොට වෙච්ච දේවල් වල හැටියටත් මට ඒ කාරණයට එකඟ වෙන්න වෙනව.