<< http සහ https >>

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    http (Hiper Text Transfer Protocol) කියල කියන්නේ web server එකක් සහ පුද්ගලයෙක් අතර අන්තර්ජාලය හරහා දත්ත හුවමාරු කර ගැනීමට භාවිතා කරන ක්‍රමයක්. HTTP සහ HTTPS අතර වෙනස තියන S අකුරෙන් කියවෙන්නේ secure කියන එක කියල හුඟක් අය දන්නා කාරණයක්. ඒ කියන්නේ HTTP වලදී දත්ත තුන්වන පාර්ශවයකට ලබා ගැනීමේ හැකියාව වැඩි වුනත් ඒ අනාරක්ෂිත කම HTTPS වලදී මග හැරලා තියනවා.

    (අනිවාර්යෙන්ම ඔයාල දැකල ඇති බැංකු, online ගනුදෙනු කරන වෙබ් අඩවි https කියල.)

    සංවේදී තොරතුරු හුවමාරු කර ගන්නා වෙලාවට පළමුවෙන්ම web address එක දිහා බලන්න මේ site එක පටන් ගන්නෙ http:// වලින්ද https:// වලින්ද කියල. Credit card භාවිතා කරනවානම් අනිවාර්යෙන්ම ඒ site එක https ද කියල බලන්න. නැත්නම් Credit card වගේ තොරතුරු දෙන්න එපා.

    ඒත් https:// එකක් කියල තමන්ගේ credit card තොරතුරු හැම site එකටම දෙන්න යන්නත් එපා. මොකද ඕනි කෙනෙක්ට අමතර මුදලක් ගෙවල https site එකක් හදා ගැනීමට පුළුවන් නිසා. https නම් ඒ කියන්නේ තමන් සහ අදාල web site එකේ අයට අමතරව වෙනත් පාර්ශවයකට තොරතුරු ලබා ගැනීමට තියන ඉඩ සීමිතයි කියල විතරයි.

    http වල තියන දුර්වලකම හොදින් බලා ගන්න පුළුවන් වෙනවා Firesheep කියන Firefox Add on එකේ. මේ නිසා unsecure wireless network එකක ඉන්න අයගේ තොරතුරු වලින් ඒ අයගේ ගිණුම් වලට log වීමේ හැකියාව තියෙනවා. (password නම් වෙනස් කිරීමේ හැකියාවක් නම් නෑ. ඒත් අනිත් දේවල් වෙනස් කරන්න පුළුවන්.)
    උදාහරණයක් විදියට කවුරු හරි කෙනෙක් Unsecure wireless network එකකින් තමන්ගේ Facebook (තාමත් http) ගිණුමට log වෙලා ඉන්න වෙලාවක තව කෙනෙක්ට ඒ network එකට ඇතුල්වෙලා කලින් පුද්ගලයාගේ cookies උපයෝගී කරගෙන Facebook එකට log වෙලා comments දාන්න තොරතුරු වෙනස් කරන්න වගේ දේවල් කරන්න පුළුවන්.(මේ වගේ දේවල් මම පුද්ගලිකව දැකල තියෙනවා) තමන්ගේ account එකට වෙන කෙනෙක් log වෙලා කියල දැන ගත්තම හුගක් අය (නොදන්නා කමට) කරන්නේ password වෙනස් කරලා නැවත වෙන කාගෙ හරි wireless network එකකින් log වෙන එක තමයි. Wireless network ලංකාවේ නම් අඩු උනාට වෙනත් රටවල් වල coffee shop , Airport , Train, ShoppingMall වල වගේ දැක ගන්න පුළුවන්.

    https තියන සමහර site වලට IE8 (Internet Explorer) වලින් ගියාම දකින්න පුළුවන් error පණිවිඩයක් තමයි මේ තියෙන්නෙ.


    warning.bmp


    මේ වගේ error එකක් පෙන්වන්නේ ඒ site එක සම්පුර්ණයෙන් https නෙමේ කියන එකයි. http කොටසුත් අඩංගු වෙලා තියෙනවා. තමන්ට http කොටසුත් බලන්න ඕනි නම් No කියල දෙන්න ඕනි.

    මේ වැඩේ කරදරයි නම් ඔය පණිවිඩය නැති කරන්න Tools > Internet option ගිහින් Security කියන tab එකේ Custom level… කියන එක click කරන්න.


    custom.jpg


    නැත්නම් IE8 එකේ යටම bar එකේ තියන internet icon එක double click කරන්න.


    internet.jpg


    අලුතින් එන window එකේ මැද හරියට වගේ වෙන්න Display mixed content කියන එක හොයා ගන්න. ඒක enable කරන්න. Ok කරන්න.

    display.jpg


    එලනම් රෙප් තමා
    :D:D:D:D:D:D