https://www.facebook.com/watch?v=964680358438662

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ⏰කාලය ඉක්මයයි.! දිවා රෑ ගෙවි ගෙවී යයි.!
    සියල්ල අතීත මතකයක් පමණක් වෙමින් පවතී. ගතවන මොහොතක් පාසා සියල්ල අහිමි වෙමින් පවතී. බිඳී බිඳී යමින් පවතී. වැය වෙමින් පවතී.

    ගතවන මොහොතක් පාසා දෙයක් හිමි කරගැනීම ගැනම ඔබ සිතද්දී..., මොහොතක් පාසා ඔබ සතු වටිනාම සමිපත ගිලිහෙමින් පවතී....!
    #දුර්ලභ ක්ෂණ සමිපත්තියක ලද මිනිස් දිවියයි..!
    ලද එම ක්ෂණ සමිපත්තිය ගිලිහී යාමට නොදී අප්‍රමාදීව ධර්ම මාර්ගය වඩන්න. මෙි ක්ෂණය නැවත ඔබ වෙත කල්පාන්තරයකටවත් නොඑනු ඇත. සසරින් එතෙරවිය හැක්කේ ධර්ම යාත්‍රාවෙන් පමණයි.


    “මහණෙනි,
    🌹
    අප්‍රමාදීව කුසල් දහම් වඩන්න (අප්පමාදේන භික්ඛවේ සම්පාදේථ).
    🌹
    බුද්ධෝත්පාදය දුර්ලභ ය (දුල්ලභෝ බුද්ධුප්පාදෝ ලෝකස්මිං).
    🌹
    මිනිසත් බව දුර්ලභ ය (දුල්ලභෝ මනුස්සත්ත පටිලාභෝ).
    🌹
    ක්ෂණ සම්පත්තිය දුර්ලභ ය (දුල්ලභා ක්ෂණ සම්පත්ති).
    🌹
    පැවිදි බව දුර්ලභ ය (දුල්ලභා පබ්බජ්ජා)
    🌹
    සද්ධර්ම ශ්‍රවණය දුර්ලභ ය (දුල්ලභා සද්ධම්ම සවණන්ති).
    බුද්ධෝත්පාද කාලයක් ලැබීම දුර්ලභයි. අනන්ත අප්‍රමාණ සත්ත්වයින් සසරකතරින් එතෙර කරවීම උදෙසා පහළ වන්නා වූ බුදුපියාණන් වහන්සේලා පහළ වනුයේ කල්ප ගණනාවකට පසුවයි. බුද්ධ ශුන්‍ය කාල පරිච්ඡේදයෙහි ‘බුද්ධ යන වචන මාත්‍රයකුදු නොමැත්තේ ය.
    මහා භද්‍ර කල්පය වූ අප මහා බුදුපියාණන් වහන්සේ පහළ වූ මෙවැනි කාල පරිච්ඡේදයන් ලැබීම අතිශය දුර්ලභ කාරණාවක්.
    දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබීම ඉතා අපහසු කාරණාවක්. සතර අපා දුකකට නොවැටී අංග සම්පූර්ණ මිනිස් ජීවිතයක් ලැබීමේ දුර්ලභභාවය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ නිරතුරුව දේශනා කොට වදාළ සේක.
    එබැවින් සියල්ලෝ අප්‍රමාදීව කුසල් සම්පාදනය කරත්වා
    #srilankabuddhist