මේ වන විටත් ස්මාර්ට්ෆෝන් වෙළඳපොලේ ජනප්‍රියත්වයට පත්ව තිබෙන Huawei nova 2i ස්මාර්ට්ෆෝන් උපාංගයට නව විශේෂාංගයක් එකතු වීමට නියමිත බව වාර්තා වේ.
ඒ, උපාංගය unlock කිරීම සඳහා වඩාත් ආරක්ෂාකාරී පිළිවෙතකි.
මේ අනුව මෙම උපාංගයට ඉදිරියේදී facial recognition තාක්ෂණය එකතු වේ. මේ අනුව උපාංගය unlock වන්නේ අයිතිකරුගේ මුහුණේ හැඩහුරුකම් හඳුනාගනිමිනි.
මේ අනුව, Huawei nova 2i යනු facial recognition තාක්ෂණය එක්වන පළමු Huawei ස්මාර්ට්ෆෝන් උපාංගයද වනු ඇත.
පවතින Huawei nova 2i උපාංග වල මෙහෙයුම් පද්ධති මෘදුකාංගය යාවත්කාලීන කිරීමෙන් අනතුරුව මෙම තාක්ෂණය ලබාගත හැකි යැයි පැවසේ.
source - srilankamirror
Last edited:



