Huawei P8 ලාංකීය වෙළඳපොලට

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    Huawei P8 ලාංකීය වෙළඳපොලට

    Huawei P8 ලාංකීය වෙළඳපොලට හදුන්වා දෙයි


    Huawei, ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ජංගම දුරකථන වර්ගය වෙනවා. මන්දයත් ගෙවන මුදලට ඉහලම තත්වයෙන් යුතු දුරකථන ඔවුන් වෙළඳපොලට ඉදිරිපත් කිරීමයි. ශ්‍රී ලංකාවේ Huawei ජංගම දුරකථන ජාතික බෙදාහරින්නා වන්නේ Singer Sri Lanka සමාගමයි. බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් සිටි Huawei P8 ජංගම දුරකථනය පසුගියදා වෙළඳපොලට නිකුත් කළා. මේ හදුන්වා දීමේ උත්සවය පැවැත්වුනේ කොළඹ මැජෙස්ටික් සිටි හිදීයි. මෙවැනි ජනාකීර්ණ ස්ථානයකදී මෙවැනි වැඩසටහනක් සිදුකිරීම යම් කිසි ආකාරයකට අලුත්ම දෙයක් වුනා.

    මෙය දැනට වෙළඳ පොලෙහි ඇති මිල අඩුම ප්‍රිමියම් දුරකථනය වනවා. Singer සමාගම හා එක්ව Huawei සමාගම මේ දුරකථනය ජනතාව අතරට ගෙන යාමට විවිධ ක්‍රියාකාරකම් රැසක් සිදු කරනවා. මේ නිෂ්පාදන වෙළඳපොළට හදුන්වා දීමේ අවස්ථාවට Huawei Sri Lanka ප්‍රධානි Henry Liu, ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් කළමනාකරු Sadique M. Hanas, Huawei වෙළඳ නාම කළමණාකරු Sahan Perera සහ අලෙවිකරණ කළමනාකරු Stanley Mascarenhas යන මහත්වරුන් සහභාගී වුණා.

    Huawei P කාණ්ඩයේ දුරකථන වලට ඉතා ඉහළ පාරිභෝගික ආකර්ශනයක් තිබෙනවා. හදුන්වාදී මාස හයක් තුල P6 වර්ගයේ දුරකථන මිලියන 5 ක් සහ P7 දුරකථන මිලියන 4 ක්‍ ලොව පුරා අලෙවි වී තිබෙනවා. අඟල් 5.2 ක පුළුල් තිරයකින් සමන්විත මේ ජංගම දුරකථනය silver, gold, black සහ grey යන වර්ණ වලින් මිලදී ගත හැක. මෙය අනර්ඝ, සිත් ඇඳගන්නා සුළු ලෙස නිර්මාණය කර ඇති අතර 6.4 mm ක් වැනි ඉතාමත් සිහින් බඳකින් යුක්ත වෙයි. 4G සඳහා සහයෝගය දක්වන අතර SIM කාඩ් දෙකක් එකවර භාවිතා කල හැක.

    3.21.jpg

    මෙය Kirin 930 වර්ගයේ Octa-Core 64-bit chipset එකකින් බලගැන්වෙන අතර 2680mAh බැටරියකින් සමන්විතයි. පසුපස 13 MP සහ ඉදිරිපස 8 MP කැමරාවකින් සමන්විතයි. මේ දුරකථනය රුපියල් 69,999 කට පහත ස්ථාන වලින් මිලදී ගත හැක.

    Liberty Plaza, Huawei Brand Shop-Majestic City Lobby සහ Phonez Majestic City, Thilakawardana Cellular Centre Kiribathgoda, Iru Cellular – Anuradhapura, Divine- Majestic City, Singer Mega Kandy City Centre, Singer Mega Ja-Ela සහ Nugegoda, Singer Plus Milagiriya සහ Ward Place.




    source:

    Tech-Guru-Logo.png
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    elazz.... one ekek kiyapan 63500/= With singer warranty :D:D
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මෙව්වා ලුක් එකක් තියනවා නේද බන් :cool: