Hudekala Vara mala - හුදෙකලා වරා මල

sagari

Member
Jan 4, 2008
1,338
2
0
Hudekala Vara mala - හුදෙකලා වරා මල

3296403443_e11e194284.jpg


වඳ බවින් ඔද වැඩුණු
බඩජාරි මංමුලා ක්රමය මත
රුපියලට ඇඹෙණි වන
රෑ කුමරි මල් ගැන ද ,
දිවි මඟෙහි මං හසර පැට ලැවුණු
අපමණක් දුක පිරුණු මුදු සිතැත්තියන් ගැන ද ,
ඉතිහාසය ම පුරා වූ දහසකුත්
අපරාජිත කතුන් ගැන ද හිතවත්ය
නුඹේ පන්හිඳ ...
එනමුදු , නුඹ මහද පත්ලේ ඇති
සොඳුරු සිතිවිලි නොදිටිනායුරු...

සැකයෙන් , කඳුළින් පොහොණි වී
කැකෑරෙයි ගිනි පුළිඟු හදෙහි
මවයි විසූක දසන් නන්විධ
කඩුල්ලෙන් එපිට නුඹගේ ලොව ගැන...

රතු වී දෙනයන අඩලා ශෝකෙන
අතීතේ කල්පනා ජනේලෙන් මෝදු වන
කොයි තරම් ද , කොයි තරම් ද නොවැළැඳ ම
වැතිරිලා ඇත කල්පාන්ත දුකට …

රොනත් නැති , දරුත් නැති
නුඹේ ගෙඋයනේ පිපි
හුදෙකලා වරා මල
නුඹ එන පෙරමඟම බලා හිඳ
දැන් නම් හොදටෝම හෙම්බත්ය...
 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සමාජීය කටුක භාවිතයක් ව්‍යංගයෙන් ඉදිරිපත් කරන්නට දැරූ සාර්ථක වෑයමක්......

දුක තුලම ඉපිද දුකම ජයගන්නට වෙර දරනා සමාජයක කැකෑරෙන සිත් ගැඹුරින් අත පත ගා බැලූ මොහොතක්..

බොහොම අර්තවත් නංගි......නංගිට ජය!!
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අර්ථවත් නිර්මාණයක් අක්කියෝ.........
    දිගටම නිර්මාණකරන්න මගෙන් සුභ පැතුම්........
     
    "රොනත් නැති , දරුත් නැති
    නුඹේ ගෙඋයනේ පිපි
    හුදෙකලා වරා මල
    නුඹ එන පෙරමඟම බලා හිඳ
    දැන් නම් හොදටෝම හෙම්බත්ය..."අප්‍රකට යතාර්ථය දුටු හොඳ නිර්මාණයක්
     

    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    සමාජීය කටුක භාවිතයක් ව්‍යංගයෙන් ඉදිරිපත් කරන්නට දැරූ සාර්ථක වෑයමක්......

    දුක තුලම ඉපිද දුකම ජයගන්නට වෙර දරනා සමාජයක කැකෑරෙන සිත් ගැඹුරින් අත පත ගා බැලූ මොහොතක්..

    බොහොම අර්තවත් නංගි......නංගිට ජය!!


    ගොඩක් ස්තුතියි අයියා ..:):)



    අර්ථවත් නිර්මාණයක් අක්කියෝ.........
    දිගටම නිර්මාණකරන්න මගෙන් සුභ පැතුම්........

    ගොඩක් ස්තුතියි නංගා ..:):)
     

    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    සාර්ථකයි...ලස්සනයි...

    ස්තුතියි ....:)

    "රොනත් නැති , දරුත් නැති
    නුඹේ ගෙඋයනේ පිපි
    හුදෙකලා වරා මල
    නුඹ එන පෙරමඟම බලා හිඳ
    දැන් නම් හොදටෝම හෙම්බත්ය..."අප්‍රකට යතාර්ථය දුටු හොඳ නිර්මාණයක්

    ස්තුතියි සහෝ ..:)
     
    Jan 15, 2009
    9,238
    368
    0

    අර්ථවත් ලස්සන නිර්මාණයක්
    දිගටම ලියමු අක්කෙ
    සුභ පැතුම්!
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    කිමද අරුමය ෙම්
    ෙලාවක් දකින ඹහු ෙදෙනතට
    ඹහුෙග්ම නිවෙස් හඩා වැටෙන
    අැය ෙනාෙපෙනන අරුමය

    හරිම අර්ථවත් නිර්මාණයක් .....