Hudekala Vara mala - හුදෙකලා වරා මල
වඳ බවින් ඔද වැඩුණු
බඩජාරි මංමුලා ක්රමය මත
රුපියලට ඇඹෙණි වන
රෑ කුමරි මල් ගැන ද ,
දිවි මඟෙහි මං හසර පැට ලැවුණු
අපමණක් දුක පිරුණු මුදු සිතැත්තියන් ගැන ද ,
ඉතිහාසය ම පුරා වූ දහසකුත්
අපරාජිත කතුන් ගැන ද හිතවත්ය
නුඹේ පන්හිඳ ...
එනමුදු , නුඹ මහද පත්ලේ ඇති
සොඳුරු සිතිවිලි නොදිටිනායුරු...
සැකයෙන් , කඳුළින් පොහොණි වී
කැකෑරෙයි ගිනි පුළිඟු හදෙහි
මවයි විසූක දසන් නන්විධ
කඩුල්ලෙන් එපිට නුඹගේ ලොව ගැන...
රතු වී දෙනයන අඩලා ශෝකෙන
අතීතේ කල්පනා ජනේලෙන් මෝදු වන
කොයි තරම් ද , කොයි තරම් ද නොවැළැඳ ම
වැතිරිලා ඇත කල්පාන්ත දුකට …
රොනත් නැති , දරුත් නැති
නුඹේ ගෙඋයනේ පිපි
හුදෙකලා වරා මල
නුඹ එන පෙරමඟම බලා හිඳ
දැන් නම් හොදටෝම හෙම්බත්ය...
වඳ බවින් ඔද වැඩුණු
බඩජාරි මංමුලා ක්රමය මත
රුපියලට ඇඹෙණි වන
රෑ කුමරි මල් ගැන ද ,
දිවි මඟෙහි මං හසර පැට ලැවුණු
අපමණක් දුක පිරුණු මුදු සිතැත්තියන් ගැන ද ,
ඉතිහාසය ම පුරා වූ දහසකුත්
අපරාජිත කතුන් ගැන ද හිතවත්ය
නුඹේ පන්හිඳ ...
එනමුදු , නුඹ මහද පත්ලේ ඇති
සොඳුරු සිතිවිලි නොදිටිනායුරු...
සැකයෙන් , කඳුළින් පොහොණි වී
කැකෑරෙයි ගිනි පුළිඟු හදෙහි
මවයි විසූක දසන් නන්විධ
කඩුල්ලෙන් එපිට නුඹගේ ලොව ගැන...
රතු වී දෙනයන අඩලා ශෝකෙන
අතීතේ කල්පනා ජනේලෙන් මෝදු වන
කොයි තරම් ද , කොයි තරම් ද නොවැළැඳ ම
වැතිරිලා ඇත කල්පාන්ත දුකට …
රොනත් නැති , දරුත් නැති
නුඹේ ගෙඋයනේ පිපි
හුදෙකලා වරා මල
නුඹ එන පෙරමඟම බලා හිඳ
දැන් නම් හොදටෝම හෙම්බත්ය...
Last edited:
