හම්බන්තොට වරාය සිය වාහන ප්රති අපනයනය සඳහා යොදා ගැනීමට ආසියාවේ දෙවැනියට විශාලතම වාහන නිෂ්පාදන සමාගම් සමූහය සූදානම් වන අතර මසකට වාහන රැගත් නැව් හතරක් පමණ හම්බන්තොට වරායට ඒවීමට සැලසුම් කර ඇතැයි අනාවරණය වේ.
ආසියාවේ දෙවැනියට විශාලතම වාහන නිපදවීමේ සමාගම් සමූහය මෙන්ම වාහන නිපදවීමේදී ලෝකයේ සිව්වැනි විශාලතම සමාගම් සමූහය වන කොරියාවේ Hyundai Kia සමාගම් සමූහයට අයත් Hyundai Glovis Co Ltd විසින් වාහන ප්රවාහනය කරන නැව් දෙකක් ක්රියාත්මක කරන අතර එම නැව් මේ මාසයේදී වාහන රැගෙන හම්බන්තොට වරායට සේන්දු වනබව එම සමාගමේ මෙරට නියෝජිතයා ලෙස කටයුතු කරන ජෝන් කීල්ස් ෂිපින් සමාගම සඳහන් කරයි.
එනම් මෙම සමාගමට අයත් “ඒෂියන් සන්“ නෞකාව වාහන 1000 ක් රැගෙන හම්බන්තොට වරායට අද පැමිණෙන අතර මින්පසුව සෑම මසකම වාහන රැගත් නැව් කිහිපයක් හම්බන්තොට වරායට පැමිණෙනු ඇතැයි ජෝන් කීල්ස් ෂිපින් සමාගම විශ්වාසය පළකරයි.
Hyundai සමාගම විසින් හම්බන්තොට වරාය ඔස්සේ සිදුකරන වාහන ප්රති අපනයන කටයුතු ක්රමයෙන් වර්ධනය වනු ඇති බවත් මසකට එම සමාගමේ වාහන රැගත් නැව් 3-4 අතර ප්රමාණයක් හම්බන්තොටට පැමිණෙනු ඇති බවත් සඳහන්ය.
වාහන 10,000 ක් නවතා තැබිය හැකි අංගනයක් හම්බන්තොට වරායේ තිබෙන බව ජෝන් කීල්ස් ෂිපින් සඳහන් කරයි.
අද හම්බන්තොට වරායට පැමිණෙන මෝටර් රථ තොගය චෙන්නායි නුවර Hyundai කර්මාන්ත ශාලාවේ නිපදවා තිබෙන අතර ඒවා යුරෝපයට හා අප්රිකාවට නැවත අපනයනය කිරීමට නියමිතය.
මෙම මෝටර් රථ තොගය ප්රති අපනයනය කිරීමට Hyundai Glovis සමාගමේ ඒෂියන් ලෙජන්ඩ් නෞකාව හම්බන්තොට වරායට ජුනි 17 වනදා පැමිණෙන බව සඳහන්ය.
Hyundai Glovis සමාගමට නැව් 30 ක් පමණ තිබෙන අතර උතුරු හා දකුණු ඇමරිකාව, යුරෝපය, ආසියාව, අප්රිකාව යන රට වලට වාහන රැගෙන යයි.
වාහන ප්රති අපනයනය කරන සමාගම් වලට සහනදායී මිල ගණන්, ඒ වෙනුවෙන්ම වෙන්වූ පර්යන්තයක් ඇතුළු පහසුකම් ශ්රී ලංකා වරාය අධිකාරිය විසින් ලබාදී තිබේ.