DISCLAIMER
කෝස් විකුණන්නවත් scam කරන්නවත් අවශ්‍ය නැහැ
කැමති කෙනෙක්ට කැමති දෙයක් කියන්න පුලුවනි
මේ ත්‍රෙඩ් එකේ මුල ඉඳන් වැදගත් වෙන දේවල් ගොඩක් දියුණු වෙන කෙනෙක්ට ඉගෙනගන්න පුලුවන් වෙන්න දාල තියෙනවා
----------------------------------------------------------------------------
දැනට ෆ්රීලාන්ස් කරන කෙනෙක්ට මේක කරන්න බැරි හෝ ජෝක් එකක් වෙන්න හේතු
තමන් ගැන තමන්ගේ හැකියාවන් ගැන තක්සේරුවක් නැති වීම
හීනමානය හෝ අධිමානය
කම්මැලිකම
ඔය දේවල් තමා මූලිකම කරුණු
ඊට අමතරව තව දේවල් තිබ්බත් මතු වෙන කාරණා මත පුලුවන් වෙලාවට දැනුවත් කරන්නම්
අපි ඉන්නේ ලංකාවේ
ලංකාව living cost එක ගොඩක් අඩු රටක් අනික් රටවල් වලට සාපේක්ෂව ඒ නිසා අපේ හිතුම් පැතුම් හීන බොහොම පුංචියි. උදාහරණයක් විදියට කිව්වොත් සොෆ්ට්වෙයා ඉන්ජිනේරුවෙක් මාසෙට $2000ක් උපයනවා. ලංකාවේ හැටියට බැලුවොත් $2000x 347 = රුපියල් 694,000 ඒක පට්ට ගාණක් අපිට. නමුත් මම කිව්වොත් නිව්යෝක් වල එක අඩි 10 කාමරයක් පොදු බාත්රූම් එකක් එක්ක ඊට වඩා මාසික කුලිය වෙනවා. එහෙමනම් අපි ඒ රටක ජීවත් උනොත් කුලියට කාමරේක ඉන්නත් මදි. ස්කිල්ස් තියෙනවා නම් ඒ රටක කෙනෙක්ගේ සේවයට සමානව සේවය සපයනවා නම් ඇයි ඒ තරම් අඩුවට වැඩ කරන්නේ? සාමාන්‍යයෙන් ඇමරිකාවේ සොෆ්ට්වෙයා ඉන්ජිනේරුවෙකුගේ මාසික වැටුප දල වශයෙන් $10000-15000ක් විතර. ඒත් අපි ඒකෙන් 5න් 1ක් විතර අරං තෘප්තිමත් වෙලා නිකම් ඉන්නවා. අපේ වගේ රටවල් වලට ලොකු රටවල් වලින් ප්‍රොජෙක්ට් දෙන්න මේකම ලොකු හේතුවක්.
මෙතැනින් ඇමරිකාවේ වැටුප් සම්බන්ධයෙන් අදහසක් ගන්න
ගොඩක් අය ෆයිවර්/ අප්වර්ක් කරන නිසා ඒ ගැන විස්තරයක් කරන්නම් (සෑහෙන කාලෙකින් ෆයිවර් කරලා නැති නිසා අප්ඩේටඩ් නැහැ නමුත් පොදු කරුණු කියන්නම්)
මෙතන ගොඩක් දෙනෙක් ඇති මේ ප්ලැට්ෆෝම් වල වැඩ කරන පට්ට දක්ෂ අය.
එතකොට මේ අතර ඉහලම ලෙවල් එකේ අයත් ඇති, එක ඕඩරයක්වත් නැතුව වේලෙන අයත් ඇති
මේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමා සේවා මිල කිරීම. උදාහරණයක් විදියට ලෝගෝ එකක් මිල කිරීම බැලුවොත් බොහෝ දුරට $5 ඉඳන් $ 200 දක්වා තමා රේන්ජ් එක. අපේ උන්ගේ වැඩ ගොඩක් වෙලාවට පට්ට කොලිටි පට්ට ක්‍රියේටිව් නමුත් ප්‍රශ්නේ මිල කිරීම හා තමුන්වම අවතක්සේරු කිරීම. මිල තීරණය කරන්න ගොඩක් අය මේවා බලනවා
මාකට් එකේ දැනට ලෝගෝ එකක මිල
මගේ වැඩ වල කොලිටිය (සන්සන්දනය කර හීනමානයෙන් අවතක්සේරුවට ලක් කිරීම)
ගොඩක් දෙනෙක් මේ කරුණු මත පදනම් වෙලා ගොඩක් වෙලාවට පට්ට ලාබෙට පට්ට වැඩ විකුණනවා. අපරාදේ.
ඔයා $5ට දෙන ලෝගෝ එක ඇත්තටම $1000ක් 10000ක් සමහර විට ඊටත් වඩා වටිනවා නමුත් ඔයා හම්බු කරන් තියෙන්නේ $4යි. එච්චරයි.
මේ වීඩියෝ බලලා වටිනාකම තක්සේරු කරන හැටි ඉගෙනගන්න.
යමක් තේරුණා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. මේ දේවල් වටිනවානම් කියන්න නැත්නම් මම මගේ කාලෙ නාස්ති කරගන්නේ නැතුව නිකම් ඉන්නම්. ජයවේවා !!
watinawa machan. jealosy ekata ubawa critisize karana unge comments ganan ganna epa.


dannedda itin