පාඨලී සමග තරහා වීමට පුද්ගලික හේතුවක් නැහැ. වෙන් වීමට ප්‍රධානම හේතුවක් තමයි පාඨලී සමග සිටින තාක් කල් ඔහුට දේශපාලනිකව ඉදිරියට ඒමට නොහැකි වීම. පාඨලීගේ ජාතික හෙළ උරුමයේ සිටින තාක් කල් ඔහුට සදාකාලිකව පළාත් සභාවේ සිරව සිටීමට සිදුවනවා. මොකද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක ලැයිස්තුවේ ජාතික හෙළ උරුමයේ අපේක්ෂකයින් දෙදෙනෙකුට පාර්ලිමේන්තුවට ඉල්ලීමට ඉඩ නොලැබෙන නිසා. (පාඨලී සහ ගම්මන්පිල දෙදෙනාම කොළඹ අපේක්ෂකයින්). ඒ අනුව අද ඔහු පැමිණ තිබෙන ගමන දෙස බැලූවිට ඔහු පෞද්ගලිකව තමන්ගේ දේශපාලන ගමන සඳහා ගත් තීරණය ඔහුගේ පැත්තෙන් කෙතරම් සාර්ථකද අසාර්ථකද යන්න ඔබටම තීරණය කළ හැකියි.
දෙවැන්න මහින්ද රාජපක්ෂ මහතා විසින් ඔහුට කරනු ලැබූ සැලකීම සහ ඔවුන් අතර ඇතිව තිබූ හිතෛශී භාවය, ප්‍රථම වරට පළාත් සභා මන්ත්‍රීධුරයක් ලබාගත් ඔහුට සම්ප්‍රදාය කඩ කරමින් ඇමති වරමක් වරක් නොව දෙවරක්ම ලබා දීම, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් නායක ධුරය ලබා දීම උදාහරණ ලෙස දැක්විය හැකියි. ඒවා මහින්ද මහතාගේ දේශපාලන දුර දැකීම සහ උපක්‍රමශීලී භාවයට සාක්ෂියි.
එමෙන්ම හෙළ උරුමය ජනාධිපතිවරණයේදී රාජපක්ෂ මහතාගෙන් වෙන්ව යෑමට පෙර, සාකච්ඡාවට එළැඹි අවස්ථාවලින් අනතුරුව “පාඨලීට යන්න කියන්න. අපිට ඕනේ කෙනා අපි අරගෙන තිබෙන්නේ“ කියා බැසිල් රාජපක්ෂ මහතා කියූ බවක් ජනතාව කියනවා. ඒ අනුව පාඨලී චම්පික සාධකය තවදුරටක් නොවැදගත් බවටත්, චම්පික තබාගන්නවාට වඩා පාඨලී චම්පික සාධකය කළමනාකරණය කිරීමට උදය ගම්මන්පිල හොඳ ඉත්තෙකු ලෙස භාවිතා කළ හැකි බව ඔවුන්ගේ තීරණය වුනා. නමුත් එය අසාර්ථකවූ බවට ජනාධිපතිවරණ ප්‍රථිඵලය සාක්ෂියක්.