සිංහල භාෂාව දුප්පත් ද?

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    1635321286032.png

    ලංකාව අද පත්ව ඇති ඌන සංවර්ධිත තත්වයට හේතුව ලෙස සමහර දෙනෙක් දක්වන හේතුවක් වන්නේ සිංහල භාෂාවයි. සිංහල භාෂාවේ අඩුපාඩු ලෙස ඔවුන් දක්වන හේතු කීපයක් මෙසේය.

    1. අකුරු ගණන වැඩි වීම
    2. ඉස්පිලි, ඇලපිලි ආදිය වැඩි වීම
    3. පර්‍යාය පද වැඩි වීම
    4. කතා කරන භාෂාව සහ ලියන භාෂාව දෙකක් වීම
    5. ප්‍රාදේශීය ව්‍යවහාරයන් ගණන වැඩි වීම

    බොහෝ විට මේ සංසන්දනය කෙරෙන්නේ ඉංග්‍රීසි භාෂාවත් සමඟය. නමුත් ඔලුගෙඩි තුල ඇති හීනමානය පසෙකින් තබා තරමක් හොඳින් විමසා බැලුවොත් පෙනී යන්නේ සිංහල භාෂාව, විශේෂයෙන්ම ඉංග්‍රීසියට සාපේක්‍ෂව ඉතාමත් දියුණු සහ විද්‍යාත්මක භාෂාවක් බවයි.

    අක්‍ෂර මාලාව​

    ලිඛිත භාෂාවේ තැනුම් ඒකකය වන්නේ හෝඩිය හෙවත් අක්‍ෂර මාලාවයි. අද ලෝකයේ ඇති හෝඩි ප්‍රධාන කොටස් පහකට බෙදා දක්වනු ලැබේ

    1. Alphabetic - ස්වර සහ ව්‍යංජන සඳහා වෙන වෙනම සංකේත ඇත. ශබ්ධයක් නිරූපනය කරන්නේ ස්වර සහ ව්‍යංජන කීපයක එකතුවෙනි. උදාහරන : ඉංග්‍රීසි, ග්‍රීක්, ලතින්

    2. Abjad - ව්‍යංජන සඳහා පමනක් සංකේත ඇත. ස්වර සඳහා සංකේත නැත. ශබ්ධයක් නිරූපනය කරන්නේ එහි ව්‍යංජනාක්‍ෂර වලින් පමනි. අවස්ථාව අනුව ස්වර කවරේදැයි කියවන්නා උපකල්පනය කළ යුතුය. උදාහරන : අරාබි, හිබෲ

    3. Abugida - ස්වර සහ ව්‍යංජන සඳහා වෙන වෙනම සංකේත ඇත. ශබ්ධයක් නිරූපනය කරන්නේ ව්‍යංජනාක්‍ෂරය සඳහා අමතරව එක් කරන "පිළි" මගිනි. උදාහරණ : සිංහල, දෙමළ, ඉතියෝපියානු, තායි

    4. Logographic - ශබ්ධ සඳහා සංකේත නැත. එක් එක් භාෂාමය අදහසක් සඳහා වෙන වෙනම සංකේත ඇත. උදාහරන : චීන, කන්ජි (ජපන්)

    5. Syllabic - එක් එක් ශබ්ධය සඳහා වෙන වෙනම සංකේත ඇත. උදාහරණ : කනා (ජපන්)

    මේ වර්ගීකරනය අනුව ඉංග්‍රීසි Alphabetic හෝඩියක් වන අතර සිංහල Abugida හෝඩියකි.

    වඩා විද්‍යාත්මක ලිවීමේ ක්‍රමය වන්නේ Abugida බව අමුතුවෙන් කිව යුතු නැත.

    Alphabetic ක්‍රමයේදී, උදාහරණයකට ඉංග්‍රීසි භාෂාවේදී, ශබ්ධයක් නිරූපනය කිරීම සඳහා අක්‍ෂර කීපයක එකතුවක් යොදාගත යුතු වේ. උදාහරණයකට "බි" ශබ්ධය නිරූපනය සඳහා "bi" යන අක්‍ෂර දෙකේ එකතුවක් යොදා ගනී. සිංහල භාෂාවේදී එය කරන්නේ මූලික ව්‍යංජනාක්‍ෂරය වන "බ" සඳහා පිල්ලමක් යෙදීමෙනි.

    ඉංග්‍රීසියේදී මෙය කර ඇත්තේ එහෙම්පිටින්ම අච්චාරුවක් ආකාරයෙනි. උදාහරන කීපයකින් මෙය මනාව පෙන්වාදිය හැක.

    "ඉ" ශබ්ධය "i" මගින් නිරූපනය කෙරෙන විට "ඊ" නිරූපනය කෙරෙන්නේ "ee" මගිනි. තර්කානුකූලව නම් එය "ii" විය යුතුය.

    "උ" ශබ්ධය "u" මගින් නිරූපනය කෙරේ. නමුත් "ඌ" නිරූපනය කෙරෙන්නේ "oo" මගිනි. තර්කානුකූලව නම් එය "uu" විය යුතුය.

    "ඔ" ශබ්ධය "o" මගින් නිරූපනය කෙරේ. නමුත් "ඕ" සඳහා සමහර විට "oa" යෙදෙන අතර (oak) සමහර විට "o" යෙදේ (dog).

    "a" අකුර සමහරවිට "අ" සඳහා යෙදෙන අතර (normal) සමහරවිට "ආ" සඳහා යෙදේ (arm). සමහරවිට "ඇ" සඳහා යෙදේ (bat). සමහරවිට "ඒ" සඳහා යෙදේ (save).

    සමහර අවස්ථා වලදී තාර්කික භාවයට එහෙම්පිටින්ම පයින් ගසා "අ" ශබ්ධය සඳහා "u" යොදා ගනී (but).

    බොහෝ අක්‍ෂර වින්‍යාසයන් කුමන අවස්ථාවේ කුමන ආකාරයෙන් යෙදේදැයි කියවන්නා හෝ ලියන්නා දැනගත යුත්තේ මතකයෙන් පමනි. එහි කිසිම තාර්කික බවක් නැත. "cat" කට් නොවී කැට් වන්නේත්, "cut" කුට් නොවී කට් වන්නේත් ඇයිදැයි දන්නේ ඉංග්‍රීසි භාෂාව හැදූ එකාගේ බාප්පා පමණි.

    මේ විකාර සහගත භාවිතය නිසා බොහෝ ශබ්ධකෝෂ වල ඉංග්‍රීසි වචන උච්චාරනය කළ යුතු ආකාරය දැක්වීමට වෙනම සංකේත පද්ධතියක් භාවිතා කෙරේ (water - wɔːtə).

    මෙවැනි උදාහරණ දහස් ගණනක් දැක්විය හැක.

    නමුත් සිංහල භාෂාවේ මතක තබා ගත යුත්තේ අකුරු පණස් හතර සහ පිල්ලම් යෙදෙන ආකාරය පමණි. පිල්ලම්‍ යෙදෙන ආකාරය අවස්ථා සුළු ගණනක (නු සහ කු වැනි) හැරුණු විට සම්පූර්නයෙන්ම ඒකමිතිකය. තාර්කිකය. මේ අකුරු සහ පිල්ලම් යෙදෙන ආකාරය දැනගත් අයෙකුට තමා කිසි දිනෙක නොඇසූ ශබ්ධයක් පවා 90% අවස්ථා වල නිවැරදිව ලිවීමේ හැකියාව ඇත.

    ඉංග්‍රීසියේ ඇති "spelling bee" තරග සිංහලෙන් තැබිය නොහැක්කේ ඇයි දැයි මදකට සිතා බලන්න.

    මේ හැරුණු විට මිනිස් දිවකට වර නැගියහැකි සියළුම ශබ්ධ පාහේ සිංහලෙන් ලිවිය හැක. එසේ නොහැකි ශබ්ධ අතලොස්සෙන් එකක් වූ "F" සඳහා දැන් "ෆ" අකුර හඳුන්වාදී ඇත. "Z" සඳහා පමණක් තවම අකුරක් නැත. එය හඳුන්වාදීමත් මහ ලොකු කාරියක් නොවේ. ඊට අමතරව සමහර අප්‍රිකානු භාෂා වල ඇති "ක්ලික්" ශබ්ධ සඳහා සිංහල අකුරු නැත.

    නමුත් ඉංග්‍රීසි භාෂාවේ නොයෙදෙන ශබ්ධ එමටය. ඒ ශබ්ධ ඉංග්‍රීසි දිවට නුහුරුය. උදාහරණයකට "මඤ්ඤොක්කා" "පිට්ඨමාංසිකයා" වැනි වචන ඉංග්‍රීසි කතා කරන්නෙකුට නිවැරදිය උච්චාරනය කිරීම සිහිනයකි. එපමනක් නොව ඒ වචන හැරි හැටි ලිවීමට පවා ඉංග්‍රීසියේ පහසුකම් නැත. "ඨ" ශබ්ධය ඉංග්‍රීසියෙන් ලියන්නේ කෙසේද?

    ප්‍රාදේශීය ප්‍රබේධ ගතහොත් ඉංග්‍රීසිය යනු එහෙම්පිටින්ම කැඳ හැළියකි. නමුත් මෙය එතරම් සාධාරන කතාවක් නොවන්නේ ඉංග්‍රීසිය ලොව පුරා පැතිරී ඇති හෙයිනි. කෙසේ නමුදු ප්‍රාදේශීය ව්‍යවහාරයන් අනුව ඉංග්‍රීසිය ලියන ආකාරය (colour - color) උසුරුවන ආකාරය (බැට්‍රි - බැටරි) පමණක් නොව යෙදුම් පවා හාත්පසින්ම වෙනස් ය. ඇමරිකාවේ ගෙටෝ වාසී කලු ජාතිකයෙකු කතා කරන (එබොනික්ස් යන අවමන් සහගත පදයෙන් හඳුන්වන) ඉංග්‍රීසි භාෂාව අපිට තේරුම් ගත නොහැකි තරම් වෙනස් ය.

    "නිවැරදි" ඉංග්‍රීසිය කුමක්දැයි සිතා ගත නොහැකි තරමට මේ වෙනස් කම් ප්‍රචලිත වී ඇත. තාර්කිකව ගතහොත් "නිවැරදි" ඉංග්‍රීසිය විය යුත්තේ එංගලන්තයේ කතා කරන ඉංග්‍රීසිය වුවත්, පරිගණක වල "colour" ලෙස ටයිප් කල වචනයක් නිවැරදි වචනයක් ලෙස හඳුනා නොගනී. ඒ ඇමරිකන් කාරයාගේ මුදලේ බලයට පින් සිදු වන්නටය.

    පර්‍යාය පද​

    පර්‍යාය පද (සමාන වචන) වැඩි වීම නිසා සිංහල භාෂාව අනවශ්‍යය ලෙස සංකීර්න වී ඇති බව තවත් චෝදනාවකි.

    ඉංග්‍රීසි භාෂාවේ පර්‍යාය පද නැතැයි යමෙකුට සිතිය හැකි වුවත් ඒ ඉංග්‍රීසියට කරන නිගරුවකි. පර්‍යාය පද නොමැති වීමට තරම් ඉංග්‍රීසිය දුප්පත් බසක් නොවේ. උදාහරණයකට "water" යන්නට පර්‍යාය පද ලෙස "aqua" සහ "hydro" දැක්විය හැක.

    ඇත්තටම පර්‍යාය පද අවශ්‍යය වන්නේ ඇයි?

    "වතුර" යන සංකල්පය අපිට සැමවිටම එකම ආකාරයේ හැඟීම් ජනිත නොකරයි. ජල ගැල්මකදී වතුර ගැන ඇතිවන හැඟීම පිපාසයෙන් පෙළෙන කෙනෙකුට දෙන වතුර වීදුරුවකින් ඇති නොවේ. ඒ සම්පූර්නයෙන්ම වෙනස් හැඟීම් දෙකකි. මේ වෙනස් හැඟීම් ඇඟවීමට පර්‍යාය පද යොදා ගනු ලැබේ. ඒ මගින් කියවන්නාට වඩා පැහැදිලි ලෙස පණිවුඩය සන්නිවේදනය කළ හැක.

    "පිරිත්වතුර" කියා දෙයක් කොහෙවත් නැත. ඒ වගේම "පැන් ගැල්මක්" කොතැනවත් ඇති නොවේ. "පැන්" වචනයෙන් අඟවන්නේ ප්‍රියජනක හැඟීමකි. "වතුර" සහ "ජල" යෙදුම් ඊට වඩා අපක්‍ෂපාතීය. අරක්කු පානයෙහි ප්‍රිය අයෙක් "මත්පැන්" ලෙස හඳුන්වන දේ අමධ්‍යප පුද්ගලයෙක් "මත්වතුර" ලෙස හැඳින්වූ විට ඔහු අරක්කුවලට දක්වන විරෝධය ඉන් මැනවින් සන්නිවේදනය වේ.

    ඉංග්‍රීසිය මේ තරම් දියුණු නැත. නමුත් ඉංග්‍රීසියේ පර්‍යාය පද නැති බවක් ඉන් අදහස් නොකෙරේ. "water power plant" ලොව කොහෙවත් නැත. ඇත්තේ "hydro power plant" ය.

    පර්‍යාය පද අඩු වීමෙන් බස වඩා සරළ වී තාක්‍ෂනික භාවිතයට වඩා සුදුසු බව කියැවේ. මෙය සම්පූර්නයෙන්ම වැරදි මතයකි.

    සිංහලයේද තාක්‍ෂනික යෙදුම් සඳහා භාවිතා කෙරෙන්නේ චවන අතලොස්සකි. කොත්මලේ ඇත්තේ "ජල විදුලි බලාගාරයකි". "පැන් විදුලි බලාගාරයක්" නොවේ. "දිය විදුලි බලාගාරත්" කොහෙවත් නැත. තාක්‍ෂනික භාවිතයට පමණක් සිංහලය යොදා ගන්නා කෙනාට ඒ සඳහා යෙදෙන වචන අතලොස්ස දැන ගැනීම පමණක් සෑහේ. සිංහලයේ වතුරට පර්‍යාය පද විසි ගණනකි. නමුත් ජල විදුලි බලාගාර ගැන කියවන්නට "ජලය" පමණක් දැන් ගැනීම ප්‍රමානවත් ය.

    කියන බස සහ ලියන බස​

    සිංහලයේ කතා කරන බස සහ ලියන බස දෙකකි. ඉංග්‍රීසියේද එසේය. ඒ එසේ නොවේ කියන්නා හරි හැටි ඉංග්‍රීසි නොදන්නා පුද්ගලයෙකි.

    ඉංග්‍රීසියෙන් තාක්‍ෂනික පොතක් ලියන්නේ යාළුවන් සමඟ හවසට බාර් එකේ අඩියක් ගසන ගමන් කතා කරන ඉංග්‍රීසියෙන් නොවේ. "above mentioned items were tested more than two years ago" ලෙස ලිවිය යුතු තැන "dude, you know the stuff I was talking about before, we tested them like two years ago" ලෙස ලිව්වොත් එය විහිළුවක් වේ.

    එකම වෙනස වන්නේ කතා කරන ඉංග්‍රීසි භාෂාවේ වියරණ පිළිබඳ කතා කරන සිංහල භාෂාවට වඩා සැලකිල්ලක් දැක්විය යුතු වීමයි. එය ඉංග්‍රීසි ලිවීමට ලෙහෙසියක් නොව කතා කිරීමට අපහසුවක් පමණි.

    සිංහල සමඟ දියුණු විය නොහැකි ද?​

    සිංහල බසේ අඩු පාඩු නිසා දියුණු විය නොහැකියි කියන වැරදි මතය බිඳීමට උදාහරණ දෙකක් දිය හැක. ඒ චීනය සහ ජපානයයි.

    චීන හෝඩිය "logographic" හෝඩියකි. එනම් සෑම අදහසක් සඳහා වෙන වෙනම අකුර බැගින් ඇත. සාම්ප්‍රදායික චීන හෝඩියේ අකුරු දහස් ගණනක් ඇත. ඊට අමතරව ඉතිහාසයේ වරින් වර විවිධ උගතුන් මේ හෝඩිය වඩා සරළ කිරීමට ගත් උත්සහයන් නිසා "සරළ කරන ලද" චීන හෝඩි ගණනාවක් ද ඇත.

    ජපන් හෝඩි තුනක් ඇත. ප්‍රධාන හෝඩිය වන කන්ජි හෝඩිය චීන බස මත පදනම් වූ "logographic" හෝඩියකි. එහි නිතර භාවිතා වන අකුරු 2000 පමණ ඇති අතර සාමාන්‍යය උගතෙක් අකුරු 5000 පමණ භාවිතා කරයි. මුළු කන්ජි අකුරු ගණන 50,000 පමණ වේ.

    කන්ජි අකුරු වලින් ප්‍රකාශ කළ නොහැකි අදහස් ප්‍රකාශ කිරීම සඳහා "හිරගනා" නම් අකුරු 46 ක වෙනත් හෝඩියක් යොදා ගැනේ. මෙය "syllabic" ආකාරයේ හෝඩියකි.

    විදේශීය භාෂා වලින් ණයට ගත් වචන ලිවීම සඳහා අකුරු 46 ක "කතකනා" නම් තවත් හෝඩියකි. එයත් "syllabic" ආකාරයේ හෝඩියකි.

    ජපන් බසින් ලිවීමේදී මේ හෝඩි තුනේම අකුරු මිශ්‍රව භාවිතා වේ. ඊට අමතරව ජපන් බසේ තිත්, කොමා වැනි විරාම ලක්‍ෂන, වචන කැඩීම අදිය නැත. මේ නිසා ජපන් ලියැවිල්ලක් පෙනෙන්නේ එක ගොඩට ලියූ අකුරු සමූහයක් ලෙසිනි.

    ජපන් බස සාමාන්‍යයෙන් සැලකෙන්නේ ලෝකයේ අමාරුම බස ලෙසයි.

    අද ලෝකයේ තාක්‍ෂනික නිපැයුම් වලින් අඩක පමණ මුල් බිම චීනයයි. ජපානය අද ලෝකයේ තාක්‍ෂනික සහ ආර්ථික දැවැන්තයෙකි. ඉතින් මේ සා අතාර්කික අපහසු භාෂා සමඟ මෙවැනි තාක්‍ෂනික ජයග්‍රහන ලැබීමට ජපනුන්ට සහ චීනුන්ට හැකි නම්, සිංහල වැනි තාර්කික, පහසු, විද්‍යාත්මක බසක් සමඟ තාක්‍ෂනයට මුහුණ දිය නොහැකියි කියන්නේ අදක්‍ෂ, නිර්මානශීලි නොවන පුස්සන් පමණි.

    තාක්‍ෂනික සිංහල​

    සිංහලෙන් තාක්‍ෂනික අදහස් පළ කළ නොහැකියි යන මතයට ප්‍රධාන හේතුවක් වන්නේ "transformer"එකට "තරාපැවිය"ත් "universal joint" එකට "සර්වලෝක පූට්ටුව"ත් ලෙසින් තාක්‍ෂනික යෙදුම් සැදූ පඬියන් ය.

    වෙනත් භාෂා වලින් වචන ණයට ගැනීම කිසිසේත්ම ලැජ්ජාවට කාරණයක් නොවේ. සිංහලෙන් මටසිළුටු සහ කියන විට අරුත වැටහෙන සරළ වචනයක් (transformer - පරිණාමකය, bicycle- පාපැදිය) සෑදිය නොහැකි නම් කල යුත්තේ විදෙස් වචනය සිංහල ආරට ඔපමට්ටම් කර පාව්ච්චි කිරීමය. එසේ නොමැතිව කියවන විට දිව උළුක් වන කුණුහරුපයක් නිර්මානය කිරීම නොවේ.

    beer වෙනුවට "බීර" යන්න එලෙස ඔපමට්ටම් කර තැනූ කදිම චවනයකි. මෙය අපි අනාදිමත් කලක සිට කර ඇත. කමිස, කලිසම්, කොකිස්, සපත්තු, අල්මාරි, කුස්සි පමණක් නොව කක්කුස්සි ද පර භාෂා වලින් අපි ණයට ගත් වචනයි. නමුත් දැන් ඒවා සිංහල වචනයි.

    මේ සඳහා අවශ්‍යය ලස්සන මටසිළුටු වචන නිර්මානය කළ හැකි සිංහල උගතුන් සහ, ඒ වචන උගෙන ඉංග්‍රීසි තාක්‍ෂනික පොත් සිංහලට පරිවර්තනය කල හැකි තාක්‍ෂනික උගතුන් පමනි.

    ජපනා ඉංග්‍රීසි වචනයක් වත් නොදැන ලොව දෙවන විශාලම ආර්ථිකය ගොඩ නැංවුයේ නම්, මේසා අනගි බසක් සමඟ අපිට ඉන් බාගයක් වත් දියුණු විය නොහැකි නම් මඩු වලිගයකින් තලා ගත යුත්තේ අපටම මිස බසට නොවේ.

    http://paadadaasapuva.blogspot.com/2016/02/blog-post.html
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    මේක ගැන වැඩිය කියන්න මම දන්නේ නෑ. එක දෙයක් මගේ අදහසක් කියන්නම්
    ඉර - ට තියෙන synonym ගාන - ඒ කාලේ හිටපු බක පන්ඩිත පොරවල් ඉරට උන්ට හිතුන වචනයත් ගානේ කිව්වා - දැන් ඒ ඔක්කම භාෂව සහිත්‍යට එකතු වෙලා. ඒත් ඉංග්‍රිසියෙන් ඉරට synonym සන් විතරයි හෝ 5ට අඩු චචන අර්ථ ගානක් තියෙන්නේ. ඒක දේකට noun එකක් තිබුනාම ඇති. නමුත් ලංතාවේදි පුක උල්වෙන සාමන පාද ගානක් තියෙනවා සමරහ noun වලට. ඒකනම ෆේල් කියලා මම හිතනවා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැනට පාවිච්චිවෙන වචන ගත්තම නං සිංහලද දෙමළද අන්ඩරදෙමලද පෘතුගීසිද එකී මෙකී නොකී ගොඩක පුකාර් එකක් කියලා වෙලාවකට හිතෙනවා🙄

    අව්රුදු කෑම මේසේ වුනත් එච්චර තමයි. අනුන්ගේ කෑම මිට්ටොන්ගේ වගේ බදිනවා🤔

    අම්මා, අප්පා, අප්පච්චී, සියා, ආච්චි, වුනත් ඔච්චර තමයි.

    බංගලි එක්ක රන්ඩුවෙනවා හැබැයි 80% විතර බංගලි ජාන

    හැබැයි ඉතිං මහන්තත්තකමේ නං අඩුවක් නෑ🤣
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මේක ගැන වැඩිය කියන්න මම දන්නේ නෑ. එක දෙයක් මගේ අදහසක් කියන්නම්
    ඉර - ට තියෙන synonym ගාන - ඒ කාලේ හිටපු බක පන්ඩිත පොරවල් ඉරට උන්ට හිතුන වචනයත් ගානේ කිව්වා - දැන් ඒ ඔක්කම භාෂව සහිත්‍යට එකතු වෙලා. ඒත් ඉංග්‍රිසියෙන් ඉරට synonym සන් විතරයි හෝ 5ට අඩු චචන අර්ථ ගානක් තියෙන්නේ. ඒක දේකට noun එකක් තිබුනාම ඇති. නමුත් ලංතාවේදි පුක උල්වෙන සාමන පාද ගානක් තියෙනවා සමරහ noun වලට. ඒකනම ෆේල් කියලා මම හිතනවා.
    ඕකම සිංහල භාශාවේ පෝසත් කම පෙන්නන දෙයක් බන්. ඉංග්‍රීසියෙන් ඉරට සන් විතරයි. ඒත් සිංහලෙන් අවස්තාව අනුව යොදන වචනේ අනුව අපි කියන වාක්‍ය කොච්චර බර කරන්න ඕනිද කියල අපිඅ තීරනය කරන්න පුලුවන්. මම පුංචි උදාහරනයක් කියන්නම්. මම පහල කියන වාක්‍ය මුල් වචන පහ වෙන වෙනම බර කරල කිව්වොත් වෙන වෙනම තේරුම් 5ක් එනවා.

    කව්ද උබට මේ පොත කියවන්න කිව්වේ?
     
    Peter Rabbit

    Junior member
  • Sep 29, 2021
    61
    76
    18
    සුපිරියි මචෝ. සිංහල භාෂාව ගැන හීනමානෙන් පෙළෙන එවුන්ට හොඳට වදින්ට ලියල තියෙනවා.

    භාෂාවක අකුරු ගණන වැඩිවීම හෝ වචන ගණන වැඩිවීම, එම භාෂාව භාවිතා කරන ජාතියේ වරදක් හෝ එම ජාතිය පිරිහීමට කාරණයක් නොවේ. එලෙස සිතන අය තම මවු බස හරිහැටි නොදන්නා, අනෙකුත් භාෂාවන්ට වන්දිභට්ටකම් කරන මානසිකව බිඳ වැටුණු හිඟන්නන් පිරිසකි.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    කලින් දවසක දැක්ක video එකක්.
    සිංහල බාසාව ගැන හෙන සීන් එකක් කියනවා මේක කරන ඉන්දියන් පොර.
    කියන ඒවා මොන තරම් ඇත්තද දන්නෙ නැහැ.
    කලින් අහල නැති ඒවා වගයක් මූ කියනවා මේකෙ.

    Peter Rabbit

    Junior member
  • Sep 29, 2021
    61
    76
    18
    Herrenbekleidungsgeschäft
    මේක ජර්මන් වචනයක්. සිංහල තේරුම "පිරිමි ඇඳුම් කඩේ" කියන එකයි.මේ වගේ දිග වචන තිබුණ කියල ජර්මන් ජාතිය පිරිහුනේ නෑ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    මේක ගැන වැඩිය කියන්න මම දන්නේ නෑ. එක දෙයක් මගේ අදහසක් කියන්නම්
    ඉර - ට තියෙන synonym ගාන - ඒ කාලේ හිටපු බක පන්ඩිත පොරවල් ඉරට උන්ට හිතුන වචනයත් ගානේ කිව්වා - දැන් ඒ ඔක්කම භාෂව සහිත්‍යට එකතු වෙලා. ඒත් ඉංග්‍රිසියෙන් ඉරට synonym සන් විතරයි හෝ 5ට අඩු චචන අර්ථ ගානක් තියෙන්නේ. ඒක දේකට noun එකක් තිබුනාම ඇති. නමුත් ලංතාවේදි පුක උල්වෙන සාමන පාද ගානක් තියෙනවා සමරහ noun වලට. ඒකනම ෆේල් කියලා මම හිතනවා.
    පිස්සුද බන් එහෙම තීයෙන එකෙන් තමයි භාෂාව දියුණු වෙන්නෙ. සිංහල කියන්නෙ සෑහෙන rich භාෂාවක්. Synonyms කිවුවට ඒවයෙ තේරුම වෙනස්. ඔබ, ඔයා, නුඹ උඹ කියන්නෙ එකම වචන 4ක් උනාට ඒක දැනෙන විදිය සෑහෙන වෙනස්. English poem එකක් එහෙම බලපන් ලංකාවෙ ඒවා එක්ක බලද්දි මෙලෝ රහක් නෑ.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මේක ගැන වැඩිය කියන්න මම දන්නේ නෑ. එක දෙයක් මගේ අදහසක් කියන්නම්
    ඉර - ට තියෙන synonym ගාන - ඒ කාලේ හිටපු බක පන්ඩිත පොරවල් ඉරට උන්ට හිතුන වචනයත් ගානේ කිව්වා - දැන් ඒ ඔක්කම භාෂව සහිත්‍යට එකතු වෙලා. ඒත් ඉංග්‍රිසියෙන් ඉරට synonym සන් විතරයි හෝ 5ට අඩු චචන අර්ථ ගානක් තියෙන්නේ. ඒක දේකට noun එකක් තිබුනාම ඇති. නමුත් ලංතාවේදි පුක උල්වෙන සාමන පාද ගානක් තියෙනවා සමරහ noun වලට. ඒකනම ෆේල් කියලා මම හිතනවා.
    ඒක තමා බොල සිංහලෙන් ඕනෙම හැඟීමක් ප්‍රකාශ කරන්න පුළුවන්
     
    • Haha
    Reactions: hitlermash

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    බහුතරයක් පිනට කන්න බලාගෙන ඉන්න උන්ටයි හැමදාම මේ රට දේශපාලකයෝ හදල දෙනකල් බලන් ඉන්න උනුයි හැමදේකම වැරද්දක් විතරක් දකින විපක්ස් උනුයි තියෙන රටකට දියුණු වෙන්න බැරි භාෂාව හින්ද කියනවනම් උගේ මොලේ බලාගන්න ඕනේ.අර නටන්න බැරි එකාට පොලව ඇදයි කිව්වා වගේ .මුන්ට කපන්න ඕනේ සමුර්ධිය ඉස්සෙල්ල .එතකොට බත් ටික ගිලල 8-5 ට මොනවා හරි කරලා බුදියණ එක නවතිනවා .එතකොට මුන්ට මොලේ පෑදෙනවා හෙට අද කරනවට වැඩිය මොනවා හරි කලොත් තමයි ජිවත් වෙන්නයි මී ට වැඩිය උඩට යන්නයි පුළුවන් කියල.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    සිංහල භාෂාව නොදියුණු කියල හිතන් ඉන්න උන්ට සිංහලත් බෑ ඉංග්‍රීසිත් බෑ.

    අනික් අතට බැලුවොත් චීන්නු දියුණු වෙලා ඉන්න එක ලෝක පුදුමයක්. උන්ගෙ හෝඩියේ අකුරු 60000 ක් ද කොහෙද තියෙනව කියන්නෙ.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,602
    21,133
    113
    මටනම් සිංහල කියන්නේ කනට අහන් ඉන්න පුලුවන් බාශාවක්...අකුරුත් ලස්සනයි...හින්දිත් ඒ වගේ....
    දෙමළ අරාබි එහෙම කන් කරච්චලේ වගේ....
    අර කිව්වත් වගේ ජර්මන් වල හැම ලබ්බටම වචනයක් තියෙනවා..."ඉඳුනු පීච් ගෙඩිය" කියන එකටත් තනි වචනයක් තියෙනවා....ඔය උන් ඉන්නේ යස අගේට....