ice nam kudu walata wada anthay.. api mk ?

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,808
    35,680
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මෝටර් රථයක් පැහැරගෙන යන අතරතුරදී පාපැදියක යමින් සිටි පාසල් සිසුවෙකු අනතුරට ලක් කොට ජීවිතක්ෂයට පත් කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මෙම මස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කැකිරාව මහේස්ත්‍රාත්වරයා ඊයේ (17දා) නියෝග කළේය. තිහදි ගමගේ සචින් මධුසංඛ (25) නමැත්තෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. මහඉලුප්පල්ලම කුඹුක්කන්ද ප්‍රදේශයේ පදිංචි කැකිරාව මධ්‍ය විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසී මාධ්‍යයෙන් ඉගෙනුම ලබමින් සිටි පුෂ්පික කසුන්ත සමරතුංග (15) නමැති පාසල් සිසුවා මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව තිබිණි.

    උපකාරක පන්තියක් නිමවී පා පැදියෙන් නිවස වෙත යමින් සිටියදී අනුරාධපුර, මහඉලුප්පල්ලම ප්‍රදේශයේදී මෝටර් රථය සිසුවා ගමන් කළ පාපැදියේ ගැටීමෙන් අනතුර සිදුව තිබේ. මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ තරුණ අඹු-සැමි යුවළක විසින් මෙම මෝටර් රථය පැහැර ගැනීම සිදු කර ඇති අතර, ප

    ැහැර ගැනීම සිදු කළ තරුණයා විසින් මෝටර් රථය රැගෙන පළා යමින් සිටියදී මෙම අනතුර සිදු ව තිබිණි. සිය මෝටර් රථය පැහැර ගැනීමට ලක්වූ බවට කාර්මික ශිල්පියකු විසින් අනුරාධපුර මූලස්ථාන පොලීසියේ අපරාධ අංශයට පෙරේදා (16දා) පැමිණිල්ලක් සිදු කර ඇත.

    තමන්ට පෙරේදා (16දා) පෙරවරුවේ ඇමතුමක් ලබා දුන් කාන්තාවක විසින් තම නිවසේ ඇන්ටනාවක් සවි කිරීමට ඇති බව පවසා පැමිණෙන ලෙසට ඇමතුමක් ලබා දී ඇති අතර, ඒ අනුව තමන් අනුරාධපුර, යාපනය හන්දිය ප්‍රදේශයට පස්වරු 4.00 - 4.30 අතර ගොස් එම කාන්තාවගේ දුරකථන අංකයට ඇමතුමක් ලබා ගත් අවස්ථාවේ ඒ අසල ඇති අතුරු මාර්ගයකට පැමිණෙන ලෙස ඇමතුමක් ලබා දුන් බව පැමිණිල්ලේ සඳහන් කොට ඇත. ඒ අනුව අතුරු මාර්ගයට මෝටර් රථයෙන් ගමන් කළ අවස්ථාවේදී, තරුණ යුවළක මෝටර් රථයට ගොඩවී තරුණිය විසින් තමාගේ ජංගම දුරකථනය හා තමන් සතුව තිබූ රුපියල් 3500ක මුදලක් පැහැරගත් බවත්, තරුණයා විසින් තමාගේ බෙල්ලට තියුණු ආයුධයක් තබා මුදල් ඉල්ලා සිටි බවත්, ඒ අවස්ථාවේ තමන් සතුව රුපියල් 55,000ක මුදල් තිබූ නමුත් එය නොදීම කටයුතු කළ බැවින්, තමාගේ අතට සුළු කැපීමක් සිදු කළ බවද එහි සඳහන් කොට ඇත.

    තමන් සතු මුදල් පැහැර ගනීයැයි බිය වී මෝටර් රථයෙන් බැස, දිව ගොස් සහාය ඉල්ලා කෑ ගැසූ බවත්, ඒ අවස්ථාවේදී තරුණයා විසින් මෝටර් රථය මංකොල්ල කා පැහැරගෙන ගිය බවත්,

    ඒ සමග පැමිණි තරුණිය පළාගිය බවත්, අදාළ පැමිණිල්ලෙහි සඳහන්ව ඇති බවද පොලීසිය පවසයි. පලාගිය 22 හැවිරිදි තරුණියද, මෝටර් රථය පැහැර ගැනීමට ලක් වූ අතුරු මාර්ගයේම තාවකාලිකව පදිංචි වී සිටි නිවසේදී පෙරේදා (16දා) පස්වරුවේ අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව ඇත. අත්අඩංගුවට ගත් තරුණිය හා තරුණයා අඹුසැමියන් බවත් ඔවුන් තදින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයන් බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.

    සිසුවා අනතුරට පත්ව ඇත්තේ වාහනය පැහැරගෙන යන අතර තුරදීය. ජීවිතක්ෂයට පත්වූ සිසුවාගේ නිවසට මීටර් 500 ක පමණ දුරින් මෙම අනතුර සිදුව තිබිණි. සිසුවාගේ ඉදිරියෙන් පැමිණි මෝටර් රථය, සිසුවාගේද ගැටී මාර්ගයෙන් ඉවතට පැණ පෙරළීගොස්, අසල තිබූ දුරකථන කණුවකද ගැටී නතර වී තිබිණි. අනතුරින් පාපැදියට මෙන්ම මෝටර් රථයටද දැඩි අලාභ හානී සිදුව තිබිණි. අනතුරින් පසු සිසුවා සේනපුර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇතත්, ඒ වන විටත් සිසුවා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසීය. අනතුරට ලක් වූ මෝටර් රථයේ රියැදුරා සුළු තුවාල ලබා සිටි බැවින් ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රතිකාර සඳහා කලාවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බවද පොලීසිය සඳහන් කරයි. ඔහු හෙරොයින් භාවිතයට ගෙන සිටියේද යන්ද පිළිබඳ පක්ෂණ පවත්වන බවද ඉපලෝගම පොලීසියේ උසස් නිලධාරියෙක් පැවසීය.
    බී.ජී. චතුරංග
     
    • Sad
    Reactions: rumesh.fbi