ඉතින් බන් ඕකට Software's ඕන කරන්නෙ නැහැ නෙ.... එකෙන් ම උපන් දිනය දැනගන්න පුලුවන් ID num එකෙන් ම... සිම්පල් ක්රමයක් නෙ.... Software's දාගෙන නටන්න ඕනැයැ !!
මෙහෙමයි කොරන්නෙ...
ඔන්න එකේ තියෙනවනෙ XXXXXXXXX V නොම්මරේ..
ඕකෙ මුල් අංක 5න් තමයි උපන්දිනේ හොයා ගන්නෙ..
ඊට පස්සෙ ඉතුරු අංක දෙක තමයි උපන්න ප්රා.වසම
ඊට පස්සෙ තියෙන අංක දෙක තමයි දිස්ත්රික්කය.
උපන් දිනේ හොයාගන්නෙ මෙහෙමයි.
මුල් අංක දෙකෙන් තමයි උපන්න වසර සඳහන් වෙන්නෙ,ඉතුරු අංක තුන තමයි දිනය. ඒ කියන්නෙ ඒ වසරේ අදාල කරන දවසෙ තමයි ඉපදිලා තියෙන්නෙ...
හැබැයි ගෑනු උදවියට ඔය දිනය වැටෙන්නෙ 500ක් එකතු කරලා...
උදාහරණෙකට ගත්තොත්,
88 ඉපදිච්චි ජනවාරි 1 ඉපදුන පිරිමි කෙනෙක් සහ ගැහැනු කෙනෙක් ගත්තොත්
ID නොම්මර වෙන්නෙ,
MALE = 88001
FEMALE = 88501
ඕක තමයි සරල සිද්දිය... මහා ලොකු දෙයක් නෑ
අන්තර් ජන්ජාලය තියෙන නිසා අදාල අවුරුද්දෙ කැලැන්ඩරේ හොයාගන්න අමාරුත් නැති එකේ වැඩේ හෙන සිම්පල්. . ගොඩාක් වෙලාවට අධික අවුරුදු ආපු අවුරුදු මතක නම් නෙට් එකේ බලන්න ඕනිත් නෑ.. දවස් වෙනස් වෙන විදිහ හිතලා උපන්දිනේ දවස නිට්ටාවටම කියන්න පුලුවන්.
උඹට Software කෑල්ල හොයාගන්න බැරි උනොත් මේ විදිහ හරි ප්රයෝජනවත් වෙයි කියල හිතනවා....