IDM Computer studies scam..

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    IDM Eka hodata tibbaneda? ara bambalapitiye loku building ekak. meeta wada hodai ICBT ekata badunanan.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    :lol::lol::lol:
    apo na machan.thawa thiyenawa.nam kiyanna ba machan.monawa wunath hari nane.branch thiyenawa rata watema ea wunata kabba horu.nikamata hithapan 1 lecture kenek witharakma maasa 2k higher diplomai arawai mewai okkoma kara kiyapuhama athal eka :P
    thanikara boruwa karanne.yanawanam NIBM,SLIIT thamai.IIT th hodai lu hariyatama danne na.habai ganan wadi.habayi padu na karata. :)
    wijeya graphic eka multimedia side ekata hodada ban :oo:
     

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    that's true macho, mokada api 2009-2011 wage wenakota IDM wala bahagena yana kalawa atharamaga wage thamai:no:

    mama certificate eka ganna giyahama kiuwwa puluwannam lecture kenek widihata wada karanna enna kiyala :shocked:

    Eka thamai machang. Mung gawa hitiya hoda lecturers la okkoma wage ain wela. Dan ithuru wella inna ewungeth hugak ewun hora thakkadi.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,148
    25,858
    113
    28
    ලොවෙත් නැති තැනක
    1660184_scam-warning_1_jpeg074b2fffd87f6cd2456a0a52dc1451da

    Elakiri Machngla,

    IDM computer studies scam ekata ahu wuna kawuruwath innawada? :(:sorry: Mun NCC eke nama wikunala, University of Greenwich (UOG) gana dawal hina pennala ahinsaka lamaigen authu lesa mudal wancha karapu sceen eka ubala dannawada?

    Munta ahu wuna ewun innawanam mekata reply karahalla. Onna mama aluth ID hadanne nathuwa, mage one & only EK ID eknma awilla meka damme.

    Mun mage Jivithey kawa bang. :(:(


    මුන් ලෝක හොරු බන් ... මූන් ඉස්සර බිට් ක්ලාස් කරා. හැබැයි හරියට උගන්නනේ නෑ මුන්
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,148
    25,858
    113
    28
    ලොවෙත් නැති තැනක
    2004 - 2007 kaledinam machang boru kiyanna deyak naha IDM ekata place thibuna. Habai itapasse IDM eke bahina kalawa patana gattha. Okunge hoda lecturers la hugak ewun ain wela machang. EPF ETF case hugak thiyenawa kiyala thamai aranchiya. Karume kiyanne mewa apita kalin aranchi wune naha ne machang.

    ඔකේ අයිති කාරයා ලෝක හොරෙක් මොකද්ද ආචර්ය පොරක් හැබැයි ලෝක හොරා.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,148
    25,858
    113
    28
    ලොවෙත් නැති තැනක
    ඉස්සර ප්‍රවීන්ලා ඉන්නකොට නම්බර් 1 ඉන්ස්ටියුට් එක. දැන් නම් ගූ හැලියක්. අර පාලිත කියල මැත කරපු සැර් කෙනෙක් හිටියා එයත් ඉන්නවද ?
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මාත් කරා නෝ සෙර්ටිෆිකේට් සින්හලු
     

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    උඹත් අහුවුනාද:lol::lol: ... කිරියේ ඉන්න උන් බාගයක්ම අහුවෙලා

    Sirawata machang. Apita bari weida bang kattiyama ekathu wela munta wiruddawa action ekak ganna? Mamanam First step eka thiyala iwarai.. :yes::angry::angry::angry:
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island

    ඔකේ අයිති කාරයා ලෝක හොරෙක් මොකද්ද ආචර්ය පොරක් හැබැයි ලෝක හොරා.

    මට කරපු හොර වැඩේ මුන් MCP එකට 2පාරක් සල්ලිගත්තා රිපීට් කරන්න දෙන්නෙ නැතුව, ෆර්ස්ට් ටයිම් එකේ VUE exam කලේ ආයෙ රිපීට කරන්න යනකොට වෙන මගුල්ග් තියෙන්නෙ, MCP exam අවුරුද්දක් ඇතුලත රිපීට් කරන්න සල්ලිගෙවන්න ඕනෙ නෑ, එතන ඉන්න වෙසියො ඒක කියන්නෙ නෑ, අපිට බණින්නත් බෑ. උණ්ට මොකද ස්ටුඩන්ට් කෙනෙක්ගෙ විනය තනව කොයන දන්න වා, ඒක හින්ද ම්න් එක එක විකාර කරකර ගාණකපනවා.
     

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    na ban un ehema karanne naha

    umbaalata waradila

    Umaba hari machang. Apita thamai waradune. Api karapu lokuma waradda me wage hora thakkadi inna institute ekak gana wiswasa karala, mahansi wela wada karala degree ekak gana sihina mawapu eka machang. :(
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,861
    26,884
    113
    Students Allege Financial Fraud At IDM By Former Employees



    Several students have made allegations of misappropriation of money amounting to rupees several hundreds thousand at IDM Computer Studies.

    They stated that former Manager and NCC Coordinator defrauded course fees and exam fees paid by a number of students.

    They alleged that administrative figures had not sent the student answer papers to NCC institute and had charged students stating that they had failed the exams.

    However, the Manager and Coordinator had been later suspended from IDM institute along with 8 other personnel for fraud. They two individuals have started another similar institute named IDM Nations Campus at Bambalapitiya, the students said.

    The individuals who replaced them at IDM have little understanding of the issue, and are not taking remedial measures to answer the grievances of the victims, one student said.

    - http://www.asianmirror.lk/news/item/15642-students-allege-financial-fraud-at-idm-by-former-employees
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,861
    26,884
    113
    මේ ටික වෙලාවකට බොහොම කලින් විශ්වාසවන්ත කෙනෙක්ගෙන් මට ලැබුණ මේල් එකක් ..
    මේ කතාව ලිව්වොත් ඔබ තුමාට විතරක් නෙවෙයි, ඔබතුමාගේ අනාගත අඹු දරුවන්ට පවා පින් අත් වෙයි. මේක කවුරුවත් තාම එළියට දාලා නෑ. කිසිම මීඩියා එකක් කටක් හොලවලා නෑ. මේ කියන්න යන්නේ ලංකාවේ පරණම පරිඝණක අධ්‍යාපන ආයතනය වන IDM එකේ මහත්"හොරු" ටිකක් අසරණ ළමයින් ගෙන් මිලියනයකට ආසන්න මුදලක් වංචා කරපු හැටි.
    .
    මම IDM එකේ කෝස් එකකට ගියේ 2014 October. මම ගියේ NCC කියන පාඨමාලාව හදාරන්න. ඒ කෝස් එක සම්බන්ධීකාරක (coordinator) වශයෙන් හිටියේ චානක ඩයස් නමැත්තා. ඒ කාලෙ IDM මැනේජර් (ලොකු පුටුව) අරන් හිටියේ මාධව රණවක නැමැත්‍තා. කෝස් එකේ සම්පූර්ණ කාලය අවුරුදු 3යි. මුදල ලක්ෂ 5කට ආසන්නයි. මාස්පතා ගෙවීමක් සහ විභාග ගාස්තු වශයෙන් එංගලන්තේ NCC එකට පවුම් වශයෙන් මුල් අවුරුදු දෙකේ රුපියල් 36000 බැගින් දෙකක් සහ අවසාන අවුරුද්දේ ලක්ෂයකට ආසන්න මුදලක් ගෙවන්න ඕන. ඒ අතරේ IDM එකේ ලෙක්චර් ගාස්තු වශයෙන් මාසෙකට 10000ක් ගෙවන්න ඕන. මුල් අවුරුද්ද පටන් ගත්තත් හරියකට ලෙක්චර්ස් කරපු දවසක් තිබුණෙ නෑ. අපි කරපු සබ්ජෙක්ට් දෙකක්ම භාර අරගෙන කළේ අර චානක ඩයස්. මුල්ම කාලේ දවසක් දෙකක් ලෙක්චර්ස් කරත් පස්සෙ අපි ක්ලාස් එකට ආවත් නානාප්‍රකාර බොරු කියලා ක්ලාස් එක කැන්සල් කරනවා. ඔහොම ඔහොම මුල් අවුරුද්ද, අවුරුදු එකහමාරක් තිස්සේ දික් ගැස්සුවා. එක්සෑම් පෝස්ට්පෝන් කරනවා කියලා බොරු කියලා අපේ කෝස් එක දික් කරපු එකයි උන් කරේ.
    .
    NCC වල තියෙනවා Local සහ global කියලා එක්සෑම් වර්ග දෙකක්. ඒවගෙ global ඒවා කරන්න ඕන විභාග දෙපාර්තමේන්තුවේ ඉඳන්. local ඒවා කරන්න ඕන IDM එකේ. මම මුලින් කරපු Local එක්සෑම් එකේ රිසාල්ට්ස් තවමත් නෑ. අපි රිසාල්ට්ස් අහපු හැම වෙලාවෙම කිව්වේ අපි පාස් කියලා. නමුත් කිසිම ලිඛිත සාක්ෂියක් පෙන්නුවේ නෑ. අපේ පේපර් IDM එකේම හංගලා තිබිලා ළගදි හම්බ වුණා කියලා ආරංචියි. අපේ පේපර් මිටි ගණන් NCC ආයතනයට යවන්නෙ නැතුව හංගන් කාලා. අපි දුන්න සල්ලි උන් හොරා කාලා. මම විතරක් නෙවෙයි ළමයි පණහක හැටක විතරම කෝස් වලට කරලා තියෙන්නේ ඔය වැඩේ. සමහර ළමයින්ට එක්සෑම් ෆේල් කියලා බොරු කියලා රිපීට් ගාස්තු කියලා සල්ලි අරන්. ඒවා අමූලික බොරු. ලියපු පේපර් සේරම උන් හංගන් කාලා.
    .
    මේ අක්‍රමිකතා කොහොම හරි ආරංචි වෙලා IDM එකේ අයිතිකාරයට. ඒ මනුස්සයා මාසයක් විතර IDM එක ඔඩිට් කරා. ඊට පස්සේ හොයාගෙන තිබුණා ළමයින් ගේ සල්ලි මිලියනයකට වඩා වංචා කරලා කියලා. ඕකට සම්පූර්ණයෙන් සම්බන්ධ ඒ කාලේ IDM මැනේජර් මාධව රණවක සහ NCC coordinator චානක ඩයස්. ඒ දෙන්නා ඇතුළු 10කට ආසන්න ගාණක් IDM එකෙන් Suspend කරලා තිබුණා. අර ඔඩිට් එක යද්දි, ඒ වග විභාග යද්දි අන්තිමට අසරණ වුණේ අහිංසක ළමයි. අපේ කිසිම ලියපු පේපර් එකක ළකුණු වත්, පේපර් වත් නෑ. ලක්ෂ ගාණක් ගෙවලා අම්මා තාත්තා ළමයි වෙනුවෙන් දුන්න සල්ලි වලට කරපු දෙයක් නෑ. ගිය අවුරුද්දෙ දෙසැම්බර් මුල් සතියේ ඉඳන් මේ වෙනකන්ම හරි හමන් විදිහට කිසිම lecture එකක් පවත්වලා නෑ.
    .
    හොරා කාලා සස්පෙන්ඩ් වුණ මාධව, චානක සහ තවත් සහචර පිරිස IDM එකෙන් පැනලා ගිහින් IDM Nations Campus කියලා අලුත් ආයතනයක් පටන් අරන්. ඒක තියෙන්නේ බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ ඔරජිනල් අයිඩීඑම් එකට ළගම ගොඩනැගිල්ලක. ළමයින්ගේ සල්ලි මිලියන ගාණක් හොරා කාලා දැන් උන් මුකුත් නොවුණා වගේ අලුතින් අටවපු හොර ආයතනයේ ඉන්නවා. නියම IDM එකට අලුතින් ආව Manager සහ Coordinator අපේ කෝස් එක ගැන කිසිම විස්තරයක් දන්න අය නෙවෙයි. එයාලා මුකුත්ම දන්නෙ නෑ. අවුරුදු එකහමාරක කාලයක් තිස්සේ අපි කරපු කිසිම දේක ප්‍රතිඵල නෑ. මම ඇතුළු අසාධාරණයට ලක් වුණ ගොඩක් අය දැන් අන්ත අසරණයි.
    .
    අපි දුන්න සල්ලි වලට කිසිම සෙතක් වෙලා නෑ. අපි ලිව්ව පේපර් වල ලකුණු නෑ. NCC එකේ Databases වල අපි ගැන කිසිම , හරි තොරතුරක් නෑ. NCC වගේම HND කරපු අයගෙත් ගොඩක් අයගෙ රිසාල්ට්ස් නෑ. මාධව සහ චානක දෙපළ ඇතුළු සොර මුළ ව්‍යාජ IDM එකක් අටවාගෙන දැන් ආයෙත් අසරණ ළමයින් ගෙන් හොරා කන්න පටන් අරන්. IDM Nations Campus කියලා IDM නියම වෙළඳ නාමය අනුකරණය කරලා පවත්වාගෙන යන මේ හොර ගුහාවට ළමයි ගියොත් ආයෙත් අපි වගේම පිරිසක් අමාරුවෙ වැටෙයි. ඊට කලිනුයි මේ ඉල්ලන්නේ. කරුණාකරලා මේක රටට ලෝකෙට හෙළි කරලා අධ්‍යාපනය ලබාගන්න ගිහින් අසරණ දෙමාපියන්ගේ සල්ලි විනාශ වෙන එක නතර කරලා දෙන්න.
    .
    සල්ලි කාලය කැප කරපු අපිට කිසිම විදිහක වන්දියක්, සහනයක් දීලා නෑ. අලුතින් Lecture පටන් ගන්නවා කිව්වට ආයෙ අවුරුද්දක් වැය කරන්න පුළුවන් ද? බොහෝ විට අපිට ආයෙ repeat ගාස්තු වශයෙන් දහස් ගණන් මුදල් ගෙවන්න වෙයි කියලා අලුතින් IDM එකට ඇවිත් ඉන්න නිළධාරින් කියනවා. අපේ කාලය නිකන් ගත වෙලා යනවා. මාධව සහ චානක ඇතුළු සොරුන් විනාශ කරපු අහිංසක ළමයින්ගේ ජීවිත වලට වග කියන්න කවුරුත් නෑ. උපාධි පෙන්නලා ළමයින්ව විනාශ කරන ඒ වගේ උන්ට දඬුවම් දෙන්නේ කවුද? අපිට වුණ අසාධාරණයට පිහිට වෙන්නේ කවුද? විස්තර සොයා බලා ලිවීම ඔබට බාරයි මහත්තයෝ. අවශ්‍ය නම් මම වගේම අසාදාරණයට ලක් වුණ ලමයි සම්බන්ධ කරලා දෙන්නම්. බොහොම ස්‍තුතියි කාලය කැප කරාට...


    - https://www.facebook.com/idmnc/posts/1074724865883356