If someone ask where is your රැස් වළල්ල?

mazza

Active member
  • Feb 10, 2010
    301
    107
    43
    38
    Panadura
    If someone ask where is your රැස් වළල්ල?

    If someone ask where is your රැස් වළල්ල?
    ------------------------------------------------------
    කපුටු බෝ වලටත් පශ්චාත් භාගය උස්සලා වැඳපු
    Plaster of paris බුදු පිළිමෙන් රැස් විහිදෙනවා කියපු
    ඉර බැහැගෙන යද්දි සෝමාවතියෙන් බුදු රැස් දැකපු
    කැමරාවෙ තාක්ෂණික දෝෂයකට දේවතා එළි කියපු
    Wholesale විකිණෙන ධාතු වලට ධාතු පිටවෙනකම් වැඳපු
    කුරුලු වසුරු බේරෙද්දි චෛතයෙන් කිරි වෑහෙනවා කියපු
    කඳසුරිඳු live බලන්න නිවාඩු දාලා කතරගම ගියපු
    විභාග අංකය බෝධියේ tag කරපු
    ABS brakes, Air bags තියෙද්දි ඉස්සරහා දෙහි-මිරිස් එල්ලපු
    මෛත්‍රිය වඬලා සීනිගම ගිහින් මිරිස් අඹරපු
    ප්‍රතිපත්තිය පැත්තක තියලා ප්‍රාතිහාර්යෙන්
    බුදුන් සොයපු ජාතියක්
    'කෝ උඹේ රැස්?' කියලා අහද්දි
    හිනා වෙනවා ඇරෙන්න වෙන මොනවා කරන්න ද?



    :rolleyes::rolleyes::rolleyes: copyright :- Practical Buddhism for Youth
     
    • Like
    Reactions: WhiteWalker