images from YANNI World Tour in Colombo!

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ගිය 20 වෙනිද YANNI ගෙ World Tour එකේ ලංකාවෙ Concert එක ඇස්දෙකෙන් දැකල කන් දෙකෙන් අහන්න මං වාසනාවන්ත වුණා. :D :D

    මේ ඒකෙ moments කිහිපයක්

    10152001_443643505780144_2901494767269372056_n.jpg


    1925219_443643509113477_2552245297444397140_n.jpg


    මේ යානි ආපු වෙලාව. audience එක ආසාවෙන් කෑ ගැහුවා.

    මේ image එකට මෙහෙම photo comment එකකුත් දාල තිබ්බ facebook එකේ:rofl::rofl:

    1238243_10202572364562938_987205261699363420_n.jpg


    යානි එන්න ඉස්සෙල්ල අනික් players ල ටික stage එකට ආව. දැන් තියන්නෙ YANNI එන්න විතරයි. ඔන්න පැත්තක තිරය කළු ඇඳගත්ත දෙන්නෙක් දෙපැත්තට කලා. හැමෝම නැගිටල අත්පුඩි ගහන්න පටන් ගත්ත.:rofl:

    කව්ද ආවෙ.
    මේ ගෑනි.:lol::lol:

    කට්ටිය අත්පුඩි ගහන එක නතර කරල ආයි ඉඳගත්ත. මම බූ... ගෑව. වටේ ඉන්න උන් කන්න වගෙ මං දිහා බලනව. උඩ තට්ටුවට දුවන්න හිතුන සිංහලයො. එතන මහින්දන්ස් ල ඉඳල තියන්නෙ:oo:

    මෙයා සින්දු දෙකක් යනකන්වත් හිටියෙ නෑ. felitsa පටන්ගද්දිම ගියා.
    තට්ට කිකිළියන්ට මොන YANNI ද:P

    1609819_443643552446806_6822730513691183628_n.jpg


    මේ තමයි Samvel Yervinyan. යානිගෙ හොඳම violinist.

    10156091_443643565780138_2161609843717984160_n.jpg


    මේ තමා Mary Simpson. මෙයත් පට්ට ගැහිල්ලක් ගහන්නෙ. ඔය felitsa එකේ violin part එක ගහපු වෙලාව. අහලම බලන්නකො කොහොමද කියල

    :love:

    1888699_443643562446805_510470136603773206_n.jpg


    10292438_443643599113468_8038226198717243004_n.jpg


    මේ bass guitar player . මෙයත් ගැහිල්ලක් ගහනව. solo එකක් ගිය bass එකෙන් විතරක්.
    YANNI ගෙ Orchestra එකට ලංකාවෙ player කෙනෙකුත් හිටිය. Hussain Jiffry . පොර මේ World Tour එකට නෑ. හිටියනම් පට්ට. කාටද ආඩම්බර දැනට ලෝකෙ ජීවත්ව ඉන්න හොඳම musician කෙනෙක් ගෙ Orchestra player කෙනෙක් අපේ රටේ වෙලා අපේ රටේදිම perform කරනකොට.

    10252033_443643615780133_699492876683287836_n.jpg


    YANNI ගෙ orchestra එකට ඉන්නෙ ලෝකෙ හොඳම players ල. මේ Cello එක ගහපු කෙනා. අත යනව නිකන් මහන මැශිම වගේ:baffled::baffled:

    10314033_443643672446794_749309292453543285_n.jpg


    10251982_443643985780096_6552958164070074269_n.jpg


    මෙයත් කාම්බෝජයෙන් හොයං තියන්නෙ. කොන්ඩෙ නිකන් targaryen වගෙ :P
    යානි කිව්ව දැනට ලෝකෙ ඉන්න හොඳම key board players ලගෙන් එක්කෙනෙක් කියල



    ඔන්න ඊළඟට තමා පට්ටම scene එක වුණේ. යානි කිව්ව මම කැමතිම කෙනෙක් ඉන්නව මෙතන. මෙයා මාර දක්ෂයි කියල drummer පැත්තට අත දික් කලා. ඔන්න drum එක තියන තැනින් මෙන්න මෙයා උඩට ඇවිල්ල හිටගත්ත ලංකාවෙ cricket shirt එකක් ඇඳන්!

    10156088_443643799113448_1454802005852078679_n.jpg


    සියළු සිංහලු අසුනෙන් නැගිට අත්පුඩි ගැහුව. ඊට පස්සෙ මෙයාගෙ solo එකක් තිබ්බෙ. ඒක විනාඩි 10 ක් විතර තිබ්බ. මගදි පට්ට fast beat එකක් තනි අතින් ගහනව. අනික් අතින් ලංකාවෙ තේ කෝප්පයක් බොනව.:shocked::shocked: සිංහලු නැවතත් කෑගැහුව.

    :cool:
    1911849_443643849113443_2663003147833650578_n.jpg


    මගෙ පිටිපස්සෙ හිටපු ගෑනි කෑගහනව කං බීරි වෙන්න. වටේ උන් කන්න වගේ ඒකි දිහා බලනව.:oo::angry:

    970172_443643899113438_2520315566190016591_n.jpg


    solo එක ඉවර වුණහම යානි කිව්ව " මට හිතාගන්න බෑ මෙය මේ විදිහට play කරන්න ශක්තිය කොහොම ගත්තද කියල. මට මෙයා play කරනව බලන් ඉන්දිත් මහන්සියි "

    ඊට පස්සෙ drummer නැගිටල කෑ ගහල කිව්ව " from TEA " කියල. :cool::cool:

    10259749_443643919113436_4955670874300527036_n.jpg


    10169196_443643972446764_5814946012617778937_n.jpg


    මේ harp එක. පට්ට speed ගහනව. එච්චර වේගෙන් පැටලෙන්නැතුව ගහන්නෙ කොහොමද කියල හිතාගන්න බෑ:baffled::baffled:

    1959474_443653139112514_2553585881808179911_n.jpg


    ඒ මදිවට harp එක කරේ තියනුත් ගහනව :baffled::baffled::baffled:

    10277494_443644025780092_2572862063713805126_n.jpg


    ඊලඟ සින්දුව කුරුල්ලෙක් ගැන කියල කියනකොටම සිංහලු කෑ ගහල ඉවරයි:lol:. ලෝකෙ හොඳටම සින්දු කියන්න පුළුවන් කුරුල්ල තමා nightingale . සින්දුවේ නමත් nightingale.
    ඉස්සර ගහපු versions වල කුරුල්ලගෙ part ගියේ flute එකෙන්. පස්සෙ opera singer කෙනෙක් කිව්ව.

    10245383_443652969112531_1411567062134566561_n.jpg


    ටිකක් අහල බලන්න කොහොමද voice එක කියල. සින්දුවේ බාගයක් පහු වුණාම තමා හොඳම part එක තියන්නෙ. කුරුල්ලගෙ කටහඬද කෙල්ලෙක්ගෙ එකද කියල වෙන් කරගන්නම බෑ.:no::no::shocked:

    10277541_443644182446743_3372914259577845639_n.jpg


    violin එකෙන් part එකක් cello ගිහින් එකෙනුත් ගිහින් ආයි violin එකෙන් පොඩි part එකක් ගිහාම තමා ඒ අවස්තාව තියන්නෙ .නිකමට අහල බලන්න

    10277030_443653025779192_801933146009752548_n.jpg


    මේ තියන්නෙ ඒ අවස්තාව



    මේ තියන්නෙ ලංකාවෙ actual concert එකේ nightingale සින්දුව. නියම සිංහලයෙක් upload කරල



    ඔන්න යානි කිව්ව මහන්සියි කියල. ඊට පස්සෙ කිව්ව දැන් මොකක්ද ගහන්නෙ කියල. කට්ටිය කෑ ගහනව. ඊට පස්සෙ එක වුණහම එක සිංහලයෙක් කෑගහල කිව්ව "don't leave us!" කියල.

    YANNI - I'm not gonna leave. i'm just gonna play 2 songs :rofl:

    10170731_443644235780071_5912465039917405572_n.jpg


    ඊට පස්සෙ කිව්ව ලංකාවෙ ගොඩක් හොඳ awesome crowd එකක් ඉන්නව. මම ලබන අවුරුද්දෙත් එනව කියල!!! :D. show එක බලන්න කැමති අය ඉන්නවනම් ලබන අවුරුද්දෙ එන්න ලෑස්ති වෙන්න :yes::yes:

    1907282_443644255780069_3393101308521138309_n.jpg



    මේ සින්දුව තමා aria . මේකත් හැමෝම කොහෙදි හරි අනිවාර්යෙන්ම යන්තම් ඇහිල ඇති. අහල බලන්නකො. ඒත් youtube එකේ තියන version එකක්වත් ලංකාවෙ කියපු version එක තරම් ලස්සන නෑ. :cool:

    10155419_443653255779169_1996314622378843235_n.jpg


    මං සින්දුවේ අහල තියන හොඳම version එක ඇහුවෙ ලංකාවෙ කරපු එකේදි.

    1510982_443653292445832_682197859814914089_n.jpg




    10274304_443653459112482_1014357585541820594_n.jpg


    මේකෙ lighting එහෙම පිස්සු හැදෙනව. මාර feel එකක් එනව lighting වලින්ම.
    මේ වගේ concert උපරිමයෙන් විඳින්න ගිහින්ම බලන්න ඕනෙ.dvd හරියන්නෑ.



    මෙන්න Santorini එක. මං video කලේ. සොන්න phone එකේ video quality එක low තිබිල තියන්නෙ කරුමෙට:angry:



    1660436_443653512445810_2173826443390697860_n.jpg


    10276365_10203557952813207_26297234_n.jpg


    තව දෙයක් කියන්න ඕනෙ. ටිකට් කොච්චර ගණන් වුනත් ළමයි දෙතුන්දෙනා එක්කං ආපු දෙමව්පියො හිටිය. පොඩි එකෙක්ට පොඩි කාලෙදි මොනා හරි inspire වුණොත් වුණාම තමා. ලොකු වෙනකොට ඒ පැත්තට බර වෙනව. youtube එකේත් තියන්නෙ අවුරුදු 3 දි fur elise play කරන පොඩි කෙල්ලො එහෙම. :yes:

    ලංකාවෙ තිබ්බ concert එක ජීවිතේට අමතක වෙන්නෑ. ලොකු කාලෙකට ලංකාවෙ තිබිච්ච හොඳම events වලින් එකක්. ඊළඟ අවුරුද්දෙ එකට music වලට පොඩි ආසාවක් හරි තියන හැමෝම එන්න. inspire වුණොත් වුණාම තමා :D


    10151356_443653482445813_6207802498109833398_n.jpg



    image source and for more photos --

    https://www.facebook.com/media/set/?set=a.443643492446812.1073741833.421755357968959&type=1
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    එළ එළ
    යානි ඇතුළු පිරිසගේ හැකියාව ගැන නම් කියන්න වචන නැ. සුපිරි
    ඔන්‍න‍ උබට සැලකුව +
     
    • Like
    Reactions: hancok
    Apr 24, 2014
    37
    4
    0
    Way doo yoo gor tu sach konsarts machan. It is too expensiv. Spendin too thawusan rupees for wan nayit is too mach. Thear ar mani peepal in Kolombu whoo don't haev ani fud to eet. Thei eet from dastbins. Shudn't wee help sach peepal instad of spendin on sach konsarts?
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මම 2008 ඩි වගේ හොදටම පිස්සුවෙන් හිටියේ මොකද ඒ කාලේ ඕලෙවල් වලට වෙස්ටන් මියුසික් ලියන කාලේ..
    දැන් නං නැහැ දැන් අහන්නේ adele ගේ ඒවා තමා හුගක්ම සහ රොක් සංගීතය සහ ක්ලැසිකල් ... :D
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    පට්ට මචන්. දුකයි බලන්න යන්න නොලැබුන එකට. ඒත් මේ විස්තරෙත් එක්ක පොටො දැක්කම සතුටක් ආවා. ඇත්ත මෙ වගේ Concert එකක් DVD වලින් බලලා වැඩක් නෑ. ඇස් දෙකෙන් දැකලා කන් දෙකෙන් විදින්න බලන්න යන්නම ඔන. මේකේ DVD එක තමය් අපිට නම් බලන්න වෙන්නේ. රිලීස් උනොත් අපිටත් කියන්න.. ගොඩක් ස්තූති අපිත් එක්ක බෙදා ගත්තට.. රෙප් දුන්නා :)
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මම 2008 ඩි වගේ හොදටම පිස්සුවෙන් හිටියේ මොකද ඒ කාලේ ඕලෙවල් වලට වෙස්ටන් මියුසික් ලියන කාලේ..
    දැන් නං නැහැ දැන් අහන්නේ adele ගේ ඒවා තමා හුගක්ම සහ රොක් සංගීතය සහ ක්ලැසිකල් ... :D

    calm radio ahapan (sondroid)
    good classical stations.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    app එකක්ද ස්ටේෂන් එකක්ද සොන්නෝ??
    ටියුන් ඉන් එකේ තියෙනවා ඇතිනේ ???

    මන් අහන්නේ මය්කල් ජැක්සන් ජම්ස් චැනල් ටික බන්
    :):):):)

    tune in thama. calm network ekakma thiyanawa.
    my fav singer michael thama. black or white :love: they don't care about us :love: A/L kale michael jackson thama ahuwe. thama athi parana phone eke sindu godak. thriller and invisible album 2 thiyanawa cabbie eke hiti gaman daan yanawa :yes: