Image Maximum කියන තේරුම ඇතුව ලොව පුරා ප්‍රේක්ෂක ආකර්ශණය දිනා ගත් සිනමා ප්රක්ෂේපන සහ සිනමා කැමරාකරණ තාක්ෂණයක් තමයි IMAX කියන්නේ. ලංකාවට ආසන්නයෙන් ම මෙම සිනමා ශාලාවන් ඇත්තේ ඉන්දියාවේයි. නමුත් ශ්‍රී ලාංකිකයන් වශයෙන් මෙම සිනමා අත්දැකීමක් ලබා ගැනීමේ බලාපොරොත්තුව බටහිර සිනමාව පිළිබඳව දැනුවත් සිනමාලෝලීන්ට නම් වර්ශ ගණනාවක සිට ම තිබෙන්නක්. මේ බලාපොරොත්තුව මල්පල ගැන්වීමට තිබූ අවස්ථාවක් තමයි කොළඹ ගාලුමුවදොරහි ශැන්ග්‍රීලා හෝටලයට යාබදව ඉදි කර ඇති One Galle Face Mall නවීන අන්තර්ජාතික සාප්පු සංකීර්ණයේ දැනට අන්තර්ගත තිර 9 කින් යුත් සිනමා පරිශ්‍රය.
මේ වසරේ (2019) දෙවන අර්ධයේදී මෙම සාප්පු සංකීර්ණය විවෘත කිරීමට නියමිත වුවත් දැන ගැනීමට ලැබෙන අළුත් ම ආරංචි මාර්ග වලට අනුව මේ වසරේදීත් ලාංකිකයනට IMAX සිනමා අත්දැකීමක් මේ සිනමා පරිශ්‍රය මගින් ලබා ගැනීමේ හැකියාව ගිලිහී යන බවයි පෙන්නුම් කරන්නේ. මෙම ව්‍යාපෘතියේ සමාරම්ඹ්හයේ දී දැනුම් දුන් අයුරෙන් ඉන්දියාවේ දැනට ඇති විශාලතම සිනමා ශාලා දාමයට හිමිකම් කියනා PVR Cinemas හි මූලිකත්වයෙනුයි මෙහි ද ඉදිකිරීම් සිදු කර ඇත්තේ. මොවුන් ඉන්දියාව තුල IMAX සිනමා ශාලා කිහිපයක් මේ වනවිටත් ආරම්භ කර තිබීම තවත් විශේෂත්වයක්.
කෙසේ නමුත් IMAX සමාගම මගින් නිසි අනුමැතියක් නොලැබීම හේතුවෙන් One Galle Face Mall හි PVR Cinemas සමාගම මගින් නිම කර ඇති සිනමා පරිශ්‍රයට IMAX සිනමා ශාලාවක් අන්තර්ගත නොවී තිබීම සිනමාලෝලීන්ට කණගාටුදායක ආරංචියක් වේවි.

නමුත්,
2021 වසරේ දී නිම වී විවෘත වීමට නියමිත Havelock Town හි දැනට ඉදිවෙමින් පවතින Havelock City පරිශ්‍රයේ නවීන සාප්පු සංකීර්ණයට ලංකාවේ දැනට ස්ථාපිත Scope Cinemas සමාගම මගින් තිර 6ක් සහිත සිනමා පරිශ්‍රයක් එක් කිරීමට යෝජිත අතර ඊට IMAX සිනමා ශාලාවක් අන්තර්ගත බවත් ඊට IMAX සමාගමේ අනුමැතිය ද ලැබී ඇති බවත් අලුත් ම ආරංචි මාර්ග සඳහන් කරනවා. ඉතින් 2019 වසරේ දී නොහැකි වුවත් තව වසර 2 කින්, එනම් 2021 දී IMAX සිනමා අත්දැකීමක් ලබා ගන්නට කොලඹ 5 ඉදිවන Havelock City හීදී ලාංකිකයන්ට අවස්ථාව උදා වේවි.

මීට අමතරව 2020 දී ඉදිකර අවසන් වීමට නියමිත Odel Mall හි ද තිර 7කින් යුත් සිනමා පරිශ්‍රයක් PVR Cinemas සමාගම විසින් ඉදි කිරීමට නියමිතය.