IMB Rating අංක 1 වෙච්ච ෆිල්ම් ඒක බැලුවා

uduwake1980

Active member
  • Jul 19, 2016
    111
    28
    28
    Ras Tanura, Saudi Arabia
    මේකත් පට්ට ෆිල්ම් ඒක.. සුපිරි මචංලා

    1652614426876.png
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    Matanam forever best..
    Saving private rayne
    In a period of two weeks from when the film was first screened, the Department of Veterans Affairs had to increase staffing on its telephone counseling line, as numerous veterans were disturbed by the film and were compelled to seek professional help. There were more than 100 phone calls during this time, which was more than the department had received in years from WWII vets.
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,776
    1,408
    113
    Sri Lanka
    Se7en
    Fatal attraction
    Face Off
    Rain man
    Forest Gump
    Good Will Hunting
    fight club
    Silence of the lambs
    Truman Show
    Me set ekath Parana hoda movies... 👍👍
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63

    The Shawshank Redemption (1994)​

    බලමුද ලොව අංක එකේ චිත්‍රපටය? මේ චිත්‍රපටය ගැන කියන එකත් එක්තරා විදියක අභියෝගයක්.. මොකද එක වැරදි වචනයකින් ගොඩක් දේවල් අවුල් වෙන්න පුලුවන්.. ඒ තරම්ම හොද කතාවක්…

    ඇත්තටම එළම ෆිල්ම් එකක් බලන්න ආස කෙනෙක් නම් මේ ලිපිය කියවන එක මෙතනින් නවත්වල ෆිල්ම් එක බාන්න පටන් ගන්න. මම දැන් කියන්නම් මේකෙ කතාව. එක්තරා පුද්ගලයෙක් හිරයට නියම වෙනව තමන්ගෙ බිරිද මැරු චෝදනාවට වරදකරු වීමෙන්, මෙතැනින් තමයි ෆිල්ම් එක පටන් ගන්නෙ. මේ පුද්ගලයා හිරගෙදර ජීවිතයට හැඩගැසෙන අයුරුත් එහිදී ඔහුට හමුවන සුවිශේෂී පුද්ගලයෙකුත් වට කරගෙන කතාවෙ මුල් භාගය ගෙවෙනව. සිරගෙදර ඇතුලත සමලිංගිකත්වය, මිනිසෙක්ට නිදහස කියන දේ කොච්චර වටිනවද යන මාතෘකා මෙහිදි අපිට අවධාරණය කරනව. මොහු හිරගෙදර ජීවිතයට හැඩ ගැසුන පසු හිරගෙදර වෙනස්ම තැනක් කරන්න උත්සාහ කරනව. ඒක සාර්තක වෙයිද කියල ඔයාලට ෆිල්ම් එක බැලුවොත් තේරෙයි…

    මේ චිත්‍රපටයේ අවසාන භාගය ගැන කතා කරනව නම් ඔබව අන්ද මන්ද කරන මොහොතක් එලැබෙනව.. මුල් භාගයෙම ඔබේ මනස තුල ගොඩනැගුන සියලුම අදහස් වෙනස් කරමින් අවසන් භාගය ගෙවෙනව.. ඇත්තටම ඔබ මවිත කරන චිත්‍රපටයක්.. ඒ වගේම මිනිස් හැගුම්, අධිශ්ටානය, කැපවීම වගේම බුද්ධියෙන් ප්‍රයෝජනය ගන්න හැටි කියල දෙන මේ ෆිල්ම් එක ඇත්තෙන්ම ලොව හොදම ෆිල්ම් එක ලෙස වැජඹෙන්න සියළු සුදුසුකම් සපුරා තියෙනව…

    ඔබ චිත්‍රපටයකින් බලාපොරොත්තු වන සියළු දේ මෙහෙ අන්තර්ගතයි කියල කෙටියෙන් කියන්න පුලුවන්.. මේකෙ කතාව ගැන කියනවට වඩා සමස්ථ චිත්‍රපටයම ගැන කිව්වෙ ඔයාලට උපරිමෙන් රසවිදින්න ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්…

    ඔස්කාර් සම්මාන 7කට නිර්දේශ වූ, තවත් සම්මාන 11ක් දිනාගත් මෙම චිත්‍රපටය..

    උපුටා ගැනීම :- https://www.baiscopelk.com/the-shawshank-redemption-1994-sinhala-subtitles/

    මෙම චිත්‍ර‍පටය මම ඉස්සල්ලාම බැළුවේ මට මතක විදියට 2001 වර්ෂයේ හෝ 2003 වර්ෂයේදී දී පමණ (මට ඒ අවුරුද්ද හරියටම මතක නෑ) සිංහල උප සිරැසි සහිතව MTV එකේ සතියේ සෑම සිකුරාදාවකම රාත්‍රී 9.30 ට හෝ රාත්‍රී 10.00 ට වගේ (වෙලාවත් හරියට මතක නෑ කියහන්කෝ) විකාශය වු චිත්‍ර‍පටය ඔස්සේයි.... එමගින් සුපිරිම මට්ටමේ පැවති ඉංග්‍රීසි චිත්‍ර‍පට රාශියක් වැල කොටස් එහෙම කිසිදු බොද කිරීමකින් තොරව විකාශණය කෙරුනා...

    ඒ දවස් වල MTV එකේ සිකුරාදා රෑ එලෙස විකාශය වු ඉංග්‍රීසි චිත්‍ර‍පට වල වැල කොටස් සුක්ෂම ලෙස අධ්‍යනය කිරීම තමයි අපේ හිටපු පජාත සැට් එකේ ඒකායන අරමුණ..

    ඉතින් ඕක විකාශනය වෙද්දිත් අපේ සැට් එකම එදිනට එක එකාගේ ගෙවල් වල අධි ආරක්ෂිත තත්ත්වයන් සමාලෝචනය එහෙම කරලා යටතේ බාහිර බලපෑම් අවම සැට් එකේ යාළුවෙකුගේ ගෙදරක් ඒකමතිකව තෝරගෙන (බාහිර බලපෑම අවම යනු ගෙදර අම්මලා තාත්තලාගෙන් එහෙම බලපෑම අඩුම කියන එක) එම යාළුවාගේ ගෙදර ස්ථාන ගත වෙලා සැට් වෙලා පාඩම් කරනවා යැයි බොරු බේගල් පවසා යාළුවාගේ ගෙදර TV එකට උකුසු ඇස දාගෙන ඉන්න එක තමයි සිකුරාදා රාත්‍රියේ එකම රාජකාරිය..

    ඕන්න ඉතින් මේ චිත්‍ර‍පටයත් විකාශණය ආරම්භ වෙලා ටික වෙලාවක් යද්දි අපේ අරමුණ මල් ළුල ගන්වමින් චිත්‍ර‍ටයේ ප්‍රධාන චරිතය වන Andy Dufresne ගේ මායියට ගොල්ෆ් ගහන එකෙක් දාගෙන අරින සීන් එකක් ගියා..... අපේ සැට් එකට ඉතින් ඊට එහා දෙයක් නෑ...

    සියල්ලන්ගේ හදවත් පිනා ගිහින් තිබුනේ.. හොද වෙලාවට ඉතින් Peo TV තිබ්බේ නැත්තේ... එදා SLT Peo TV තිබුනනම් Peo TV Backup අයින් කරන තුන්වන දවස දක්වාම මුන් ටික ඒ සීන් එක බලනවා මට ෂුවර්.....

    පස්සේ ෆිලුම ඇදිලා ඉදිරියට යද්දි අපේ උන් අපෝ බන් මේ හු... වැල නෑ කිය කිය නහයෙන් අඩ අඩ නිදා ගන්න සැට් උනා... ඒත් මටයි අපේ සැට් එකේ කුමාර් ධර්මසේන වගේ උනන්දුවෙක් ටයි ෆිලුමේ ටිකක් බොක්කට වැදිලා හිටියේ.... අනික් උන්ගේ කුණුහරුප මධ්‍යයේ උනත් අපි දෙන්නා ෆිිලුම අත අරින්නේ නැතිව අල්ලන් ගියා....

    අම්මට සිරි කිව්වලු..... යකෝ ෆිලුම බලලා ඉවර උනාම අරුටයි මටයි මොකද උනේ කියලා හිතා ගන්න බෑ කියහංකෝ... අපි දෙන්නට වැදුනා ඒ ෆිලුම ආයේ බොක්කටම... සිරාම සිද්ධිය තමයි මේ ෆිලුමේ නම මතක තියාගන්න අපි එකෙක්ටවත් මතක නැති උනා...

    කාලය ටික ටික ඉදිරියට ඇදිලා ගියත් මේ ෆිලුම කොහොම හරි හොයාගෙන නැවත බලන්න පුදුම ආසාවක් තිබුනේ... ඒත් මට ඒකේ නම මතක තිබ්බේ නැති නිසා ඒක හොයාගන්න බැරි උනා...

    ඒත් මම baiscope.lk අඩවියේ ආරම්භයේ ඉදලම අපි ඒ දවස් වල ඉදින් අද දක්වා කිරියේ හිටියා වගේ යාවජීව සාමාජිකයෙක් විදියට හිටියා.. තව සබ් දීපු zoom.lk වගේ වෙබ් අඩවියෙත් සාමාජිකත්වය අරන් හිටියා..

    අම්මට සිරි කිව්වලු ඔන්න 2012 අගෝස්තු වල මගේ ආශාව ඉටු කරමින් බයිස්කෝප් එකේ සබ් කරපු පතාකයෙක් උන රොයිලි ප්‍ර‍නාන්දු මහතා විසින් The Shawshank Redemption ෆිලුමට සබ් එක දීලා තිබුනා... මට මතකයි මම ඒකේ සබ් එක බෑවේ 5 වෙනියට.....

    සුපිරිම ෆිලුමක් අරන් බලලා නැති උන් නැවත බලපල්ලා... මට නම් ඒ කථාව නැවත නැවතත් බැලුවත් එපා වෙන්නේ නම් නෑ...
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Fun fact. - 1994 is the best year for movies IMO.

    few movies released on 1994

    1. The Shawshank Redemption (1994)
    2. Forrest Gump (1994)
    3. Pulp Fiction (1994)
    4. Léon: The Professional (1994)
    5. The Lion King (1994)
    6. Speed (1994)
    7. Four Weddings and a Funeral (1994)
    8. Stargate (1994)
    9. The Mask (1994)
    10. Interview with the Vampire: The Vampire Chronicles (1994)
    11. Dumb and Dumber (1994)
    12. Legends of the Fall (1994)
    13. Chungking Express (1994)
    14. The Crow (1994)
    15. Natural Born Killers (1994)
    16. Ace Ventura: Pet Detective (1994)
    17. Ed Wood (1994)
    18. True Lies (1994)
    පට්ට නේ. මේවා ගොඩක් ඒවා බැලුවේ ඩේක් පිස් වලින්..
     
    • Like
    Reactions: batwise

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    කී පාරක් මේක බලලා තියෙනවද කියලා මතක නෑ. Plot Twist එක පට්ටම.
     
    ස්තුතියි.. නැවත පරණ මතකය අවදි කලාට..... සුපිරිම ෆිලුම් සෙට් එකක්....

    මම මේ ලිස්ට් එකේ සියළුම චිත්‍ර‍පටි බලලා තියනවා... ඒවා ඇතැම් ඒවා ඩෙක් එකෙන් සහ ඇතැම් ඒවා TV එකෙන්...

    1. The Shawshank Redemption (1994)
    2. Forrest Gump (1994)
    6. Speed (1994)

    කියන ෆිලුම් 3 නම් මම උඩින් කියපු MTV එකේ සිකුරාදා රෑ විකාශණයන් මගින් සිංහල උප සිරැසි සහිතව බැලුවා.... ඒක මට හොදටම මතකයි.. මොකද ඉතිං සිංහල උප සිරැසියෙන් සුපිරියටම ඒ දවස් වලදි කථාව තේරැන නිසා එය බොක්කටම වැදුන නිසා. කොටින්ම ෆිලුම් පිස්සෙක් වෙන්න ඒ දවස් වල ටයිටස් තොටවත්ත මහතා ආරම්භ කරපු TV චැනල් වල එවකට නැතිවම බැරි උන සිංහල උපසිරැසි නිසා චිත්‍ර‍පට සදහා හොද රසිකත්වයක් අපි තුල ඇති කරන්න හේතු උනා...
     
    • Like
    Reactions: ThariGR and batwise