මචන්ලා මේ මගේ හිතට ආපු අදහසක්. අපිට බැරිද ජනතා පෙත්සමක් හදන්න petitions.org වගේ එකකින්. එක යොමු කරන්න ඕන IMF එකේ ලංකාවේ කණ්ඩායම එක්ක සාකච්චා කරන නිලධාරී මණ්ඩලයට. ඉල්ලන්න ඕන මුදල් ලබාගන්න රජයේ පාර්ශවය (ඒ කියානේ කැබිනට් මණ්ඩලය අගමැති හා ජනාධිපති වත්) සෑම මාස 6කට වරක්ම වත්කම් බැරකම් ප්‍රකාශයක් නිකුත්කරන්න ඕන ජාත්‍යන්තරව පිළිගත් විගණන ආයතනයක් හරහා. මේක ණයදීමේ කොන්දේසියක් කරන්න ඕන. එහෙම නැත්තම් වෙනත් සුදුසු කොන්දේසියක් දාන්න කියල ඔය සල්ලි හොරකන්න බැරි වෙන්න.නැත්තම් ඕකුන් ඔය ලැබෙන සල්ලිත් ආයේ හොරාකයි. අපට අපේ ඊලග පරම්පරාවට ඒවා ගෙවන්න වෙයි.