IMF එක මග ඇරලා ඉන්නේ කාගේ වාසියටද?

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ණය ගෙවාගන්න බැරිව තව මාස එකහමාරක් ඇතුළත රට බංකොළොත් වීම නවත්වගන්න මේ වෙලාවේ කරන්න පුළුවන් එක ම දෙය කැමැත්තෙන් හරි අකැමැත්තෙන් හරි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙතට යන එක.

    එතකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ ඩොලර් අර්බුදය විසඳාගැනීම සඳහා සැලසුමක් හදලා ලංකාවට දෙනවා. ඒ සැලසුමට අදාළ ප්‍රතිසංස්කරණ ඔවුන් නියම කරනවා. තමන් ලබා දෙන පහසුකම් සඳහා කොන්දේසි පනවනවා. ඒ ප්‍රතිසංස්කරණ, කොන්දේසි ලංකාව විසින් ක්‍රියාත්මක කරනවද කියලා ඔවුන් දිගින් දිගට ම සොයාබලනවා.

    හැබැයි කර මුලට ම හිරවෙලා තිබුණත්, රට බංකොළොත් වීමට ඔන්න මෙන්න කියා තිබුණත් ආණ්ඩුව තවමත් පුළුවන් උපරිමයෙන් උත්සාහ කරන්නේ IMF එකට නොයා වෙන රටවලින් පුළුවන් තරමින් ඩොලර් සූරලා අරගෙන මේ කඩාවැටීම කල්දාගන්න.

    ඒකට එක ම හේතුව තමයි IMF එකෙන් උදව් අරගත්තොත් රටේ ආර්ථිකය මෙහෙයවෙන විදිය ඔවුන් ගේ අධීක්ෂණයට ලක්වීම. ඒ කියන්නේ ආණ්ඩුවට කැමති විදියට ආර්ථිකය සමග සෙල්ලම් කරන්නට බැරිවීම.

    එහෙම වුණාම ආණ්ඩුවේ ලොක්කන්ට කැමති විදියට ඩීල් දාන්න, හොරකම් කරන්නට ඉඩ ලැබෙන්නේ නැහැ. ඒ වගේ ම රටේ සාමාන්‍ය මිනිසුන්ට වාහන ආනයනය තහනම් කරලා තියෙන අතරවාරයේ දී මැති ඇමතිවරුන්ට හොර පාරෙන් වාහන ගෙන්වීම වගේ වැඩ කරන්නට ලැබෙන්නේත් නැහැ. අවුරුදු කිහිපයක් යනකල් දේශපාලන හෙංචයියන්ට ආණ්ඩුවේ පිංපඩි ලබන රැකියා ලබාදෙන්න ඉඩ ලැබෙන්නේත් නැහැ. මැතිවරණ කාලයට ජනතාවගේ මුදල්වලින් ජනතාවට ම ඡන්ද ගුණ්ඩු දෙන්නට ලැබෙන්නේත් නැහැ.

    මේ සේරම හේතු නිසා රටේ ආර්ථිකය ඇස් පනාපිට ම කඩාගෙන වැටුණත් මහා භාණ්ඩාගාරය බංකොළොත් වුණත් IMF එකට නොයා ඉන්න ආණ්ඩුව අවසන් මොහොත වනතෙක් ම උත්සාහ කරනවා.

    මොන විදියේ ලස්සන වචනවලින් අයිසිං දාලා වහන්න හැදුවත් ඇත්ත මේකයි.

    එතකොට විපක්ෂය මොකද කරන්නේ? IMF එකට යන්න කියලා විපක්ෂය ආණ්ඩුවට කියනවා. හැබැයි විපක්ෂය එහෙම කියන්නෙත් මිනිසුන්ට ආදරයකට නෙවෙයි, තක්කඩි දේශපාලන හේතුවකට.

    IMF සහනය ලබාගත්තොත් ජනතාවට ලබා දෙන බොහෝ සහනාධාර කපා දමන්නට සිදුවන බව විපක්ෂය දන්නවා. රාජ්‍ය සේවයේ බර අඩු කරන්නට, පාඩු ලබන රාජ්‍ය ආයතන විකුණා දමන්නට බොහෝ දුරට ඉඩ ඇති බවත් විපක්ෂය දන්නවා. ඔවුන් කරන්නේ ඒ දේවල් ගැන කතා කරන්නේ නැතුව, ආණ්ඩුව IMF සහනය ලබාගන්න තැනට තල්ලු කරලා මේ සහනාධාර කප්පාදුවට එරෙහි සටන් පාඨය තමන් ගේ අතට ගන්න. ඊට පස්සේ ඒ සහනාධාර නැවත ලබාගන්න නම් තමන් ගේ ආණ්ඩුවක් පත්කරන්න කියලා රටේ මිනිසුන්ට කියන බාල උපක්‍රමය පාවිච්චි කරන්න.

    ජනතා විමුක්ති පෙරමුණත් මේ IMF සහනය ගැන කතා කරන්නේ ඉතා ම දියාරු විදියට. හේතුව, ඒ වෙනුවෙන් ප්‍රබලව මැදිහත් වුණොත් IMF විසින් නියම කරන ප්‍රතිසංස්කරණවලට තමන්ටත් වගකියන්නට සිදුවන බව ඔවුන් දන්නා නිසා. ඒ නිසා මේ කාරණයේ දී ජනතා විමුක්ති පෙරමුණත් ඉතා ම දියාරු ප්‍රකාශ කරමින් තක්කඩි සහ සටකපට අන්දමින් හැසිරෙනවා. ආණ්ඩුව IMF වෙත ගියත් නොගියත් ඒ වාසිය තමන්ට ලැබෙන විදියට ජනතා විමුක්ති පෙරමුණ මේ වෙලාවේ වැඩ කරනවා.

    මේ අවස්ථාවාදී හැසිරීම් තුන ම එක වගේ ම පිළිකුල් සහගතයි.

    ඇත්තට ම මේ මොහොතේ රටට වගකියන දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුවේ තිබුණා නම් ඔවුන් කළ යුතු වන්නේ මෙය ජාතික අර්බුදයක් විදියට සළකලා IMF සහය ලබාගැනීම සඳහා දේශපාලන වශයෙන් පොදු එකඟත්වයකට එළඹීමට උත්සාහ කිරීමයි.

    එතැන දී ලංකාවට මුහුණ දීමට සිදුවන කොන්දේසි මොනවාද, ඒ කොන්දේසි සම්බන්ධයෙන් ඔවුන් සමග සාකච්ඡා කළ යුත්තේ කෙසේද, මේ කොන්දේසිවල බලපෑම කළමනාකරණය කරගත යුත්තේ කොහොමද වගේ කාරණා සම්බන්ධයෙන් දේශපාලනමය වශයෙන් එකඟත්වයකට පැමිණීමයි.

    එහෙත් අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න ප්‍රධාන පක්ෂ තුන ම මේ තරම් දරුණු ගරාවැටීමක් තමන් ඉස්සරහ තියාගෙන ඉතා ම
    අවලස්සන දේශපාලන ගේම් ගහනවා. ඒ පක්ෂවල නායකයන් සහ සුනාමිය පැමිණි වෙලාවේ රළ පහරට හසුවෙලා ගසාගෙන ගිය මිනිසුන් ගේ මුදු, මාල, වළලු ගලවාගත් සොරුන් අතර කිසිම වෙනසක් මා දකින්නේ නැහැ.

    රටේ මිනිසුන්ට අවශ්‍ය ඉන්ධන, ගෑස්, ඖෂධ, අත්‍යවශ්‍ය ආහාර කොතරම් හිඟ වුණත්, රට සිම්බාබ්වේ රාජ්‍යය වගේ බංකොළොත් වුණත් ඔවුන්ට ඒ ගැන ඇත්ත හැඟීමක් නැහැ. ඔවුන්ට අවශ්‍ය අවශ්‍ය මේ අවුල තමන් ගේ බලය තහවුරු කරගැනීම උදෙසා යොදාගැනීම පමණයි. මේ දේශපාලන කාලකණ්නිකම පිළිබඳ ප්‍රශ්නය රට බංකොළොත්වීමට වඩා දරුණුයි.

    ඔවුන් ඒ විදියට හැසිරෙන්න හේතුව මොකක්ද?

    ලංකාවේ ඡන්දය දෙන මිනිසුන්ගෙන් අති බහුතරයක් ඉතා ම අඩු දේශපාලන සාක්ෂරතාවක් තියන වහලුන් පිරිසක්. ලංකාවේ පුරවැසිකම තිබුණට ඔවුන් පුරවැසියන් නෙවෙයි, නිකම්ම නිකම් සෙනග ගොඩක් විතරයි.

    මේ දේශපාලන තම ස්වාමිවරුන් මොන තරම් පාදඩ විදියට හැසිරුණත්, තක්කඩි විදියට වැඩකළත් ඒ හැම දෙයක් ම සාධාරණීකරණය කරනවා. ඒ බව දේශපාලන පක්ෂත් ඒවායේ නායකයිනුත් හොඳින් ම දන්නවා.

    මේ කිසිම දේශපාලන පක්ෂයක් රටේ ජනතාවට තමන් වගවිය යුතු යැයි හිතන්නේ නැහැ. මේ නිසා ජනතාවට හෙණ ගැහුවත් ඔවුන් හිතන්නේ තමන් ගේ තනි තනි දේශපාලන ගේම් ගැන පමණයි - තමන් ගේ පක්ෂය කෙසේ හෝ බලයට පත්කිරීම ගැන පමණයි.

    තවත් මේක සරලව කිව්වොත් ඔබ අද රෑට කන්නට උයන්නේ මොනවාද කියලා ගෙදර පිළිකන්නේ සිටින බල්ලාගෙන් අහන්නේ නැහැ. එහෙම අහන්නේ නැත්තේ ඔබ උයන ඕනෑම දෙයක් පිඟානට දාලා දුන්නම ගෙදර බල්ලා කන බව ඔබ දන්න නිසා. ලංකාවේ දේශපාලන පක්ෂ සහ ඒවායේ වහලුන් අතර තියෙන්නෙත් ඒ වගේ සම්බන්ධයක්.

    නිල් පාට වහලුන් කොළ පාට වහලුන් එක්ක රණ්ඩු වෙනවා. කොළ පාට වහලුන් රතු පාට වහලුන් එක්ක රණ්ඩු වෙනවා. වහලුන් එකිනෙකා මරාගන්නවා. තමන් ගේ වහල්කම අනෙක් පක්ෂවල වහලුන් ගේ වහල්කමට වඩා උසස් යැයි හිතනවා. මේ වහලුන් අතර සටන තියෙනකල් උන් ගේ ස්වාමිවරුන්ට පාර්ලිමේන්තුව ඇතුළේ ඕනෑම තක්කඩිකමක් කරන්න පුළුවන්.

    මේ ආර්ථික කඩාවැටීමෙන් පස්සේ ලංකාව කියලා රටක් ඉතුරු වුණොත් අප කළ යුත්තේ මේ පක්ෂ වගේ ම ඒ පක්ෂ විසින් බිහි කරපු වහල් දේශපාලන සංස්කෘතියත් අතුගා දැමීමයි. ඒ වෙනුවට දේශපාලනඥයන් විසින් රටේ මිනිසුන්ට වගකියන, වගවන දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කළ යුතුයි. දේශපාලන වහලුන් වෙනුවට පුරවැසියන් නිර්මාණය කළ යුතුයි.

    නොදියුණු වහලුන් තමන් ගේ දේශපාලන ස්වාමිවරුන් රජ කරවනවා - දියුණු පුරවැසියන් තමන්ට වගවන දේශපාලනඥයන් තෝරා පත්කරගන්නවා. ඒ නිසා මේ වෙලාවේ අප ඇත්තට ම මහන්සි විය යුත්තේ අර්බුදය පරාජය කළ හැකි 'පුරවැසියන්' නිර්මාණය කිරීමට මිස වෙනත් දෙයකට නෙවෙයි.

    -

    රසික ජයකොඩි
    14 - 12 - 2021
    FB

    #lka #SriLanka #life
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    1639906969266.png
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    රටක් බංකොලොත් වෙනකම් මුකුත්ම නොකර බලන් ඉන්න එකත් උන්ට වාසියි
    මොකද අන්තිමට මිනිස්සු කෑම බීම බෙහෙත් නැති උනාම ඕනම දෙයක් විකුණන්න ස්පෝට් එක දෙනව. එතකොට ආපහු කොමිස්
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,470
    47,546
    113
    JVP නම් දන්නෙ නෑ හර්ෂ ද සිල්වා නම් නිතරම ඕකට යන්න කියල ඒ දවස්වලත් කියනව..අනික විපක්ෂයේ උන්ට බැණල වැඩක් නෑ මුංගෙ තියෙන මහන්තත්ත කමට..ගෝඨා ජනපති කරල තුනෙන් දෙකේ බලෙත් දීල ලංකාවෙ මිනිස්සු අහනව විපක්ෂ වල උන් මොනාද කරන්නේ කියල..උන් මොනා කිව්වත් උන්ට කරන්න පුළුවන් ඉටිගෙඩියක් නෑ දැන්..

     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    හොරා කන එකම නෙමෙයි. Election එක . ඔයවගේ ප්‍රතිසංස්කරණ එක්ක ඔය යන්න යන්න කිව්වට උබලත් බනීවී. කරන්න දෙයක් නැහැ තිත්ත බෙහෙත් බොන්න වෙනවා හොද කරගන්න නම්.
    නමුත් අර election කියන හේතුව තමයි තියෙන්නෙ .

    ලංකාව වගේ රටවල නායකයෝ හිතන්නෙ ඊලග චන්දෙ ගැන මිසක් ජනතාව ගැන නෙමෙයි . ඒකට ජනතාවම තමයි වග කියන්න ඕනේ.
    ------ Post added on Dec 21, 2021 at 5:39 AM
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    IMF eken naya aran hari giya eka ratak kiyapan
    Korea, Germany, India, Portugal thawa one tharan thiyenawa. IMF kiyanne companiyak newei fund ekak. ekata lankawenuth contribute karanawa hema awuruddema. Hariyata insurance ekak wage. Phottu kaarayo karanne IMF EPA kiyala china walin Naya ganna Yana Eka Gini poliyata mokada unta commis enawa Anika regulations mukuth nehe
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    තව වාහන ආනයන සීමා ඉවත් කරලා නිදහස් වෙළඳ පොළක් ඇති කරන්න වෙනවා. ඕනෑම කෙනෙක් ට ඕනැම දෙයක් ආනයන කෙරීමේ බලය දෙන්න වෙනවා. ආන්ඩුවේ හෙංචයියන් ට විතරක් ආනයනය කරන්න දෙන්න බෑ