IMF ක්ෂණික ණයට චීනය හරහට හිටී.. චීන ණය ප‍්‍රතිව්‍යුහගත කරන්න කැමැත්ත නොදේ..

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ක්ෂණික ණය පහසුකමක් (RFC) ලබා ගත නොහැකිව ඇත්තේ මෙරටට ණය ලබා දී ඇති ප්‍රධානම ණය හිමියන්ගේ එකඟතාවක් නොමැති නිසා බව වොෂින්ටනයෙන් ලැබෙන වාර්තා සඳහන් කරයි.

    ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති ප්‍රධානම පාර්ශ්ව දෙක වන්නේ ඉන්දියාව සහ චීනයයි. ශ්‍රී ලංකාවට කඩිනමින් සහන සලසන ලෙස ඉන්දියාව මේ වන විටත් නිල වශයෙන්ම අන්තර්ජාතික මූල්‍ය අරමුදලින් ඉල්ලීමක් කර ඇති නමුත් චීනය මෙතෙක් තම පාර්ශ්ව විසින් ලබා දී ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමකට කැමැත්ත පළ කර නොමැත.

    පසුගිය අප්‍රේල් 18 වැනිදා වොෂින්ටනයේදී මුදල් ඇමැති අලි සබ්‍රි ඇතුළු පිරිස මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සමග සාකච්ඡා ආරම්භ කළ අතර එහිදී ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ ප්‍රධාන ඉල්ලීමක් වූයේ IMF විසින් ප්‍රධාන ණය වැඩසටහන ක්‍රියාත්මක කරනතුරු මෙරටට ක්ෂණික ණය මුදලක් (RFC) ලබා දෙන ලෙසයි. එහිදී IMF විසින් ඉදිරිපත් කරන ලද ප්‍රධානම කොන්දේසියක් වූයේ RFC පහසුකම ලබාදීමට නම් ශ්‍රී ලංකාව මෙතෙක් ලබාගෙන ඇති විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවෙන්ණය හිමියන් විසින් පිළිගත් වැඩසටහනක් පළමුව සකස් කළ යුතුය යන්නයි. එසේම සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති ප්‍රධාන පාර්ශ්ව එකඟවිය යුතු බවද එහිදී IMF විසින් පෙන්වා දී ඇත.

    IMF මෙම කොන්දේසිය සම්බන්ධයෙන් චීනය මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති අතර සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම වෙනුවට එම ණය ගෙවා දැමීම නව ණය මුදලක් ලබා දීමට පමණක් එකඟතාව පළ කර තිබේ. පසුගිය අප්‍රේල් 21 වැනිදා විදේශ ඇමැති මහාචාර්ය ජී.ඇල්. පීරිස් කොළඹ චීන තානාපති චී චෙන්ග්හොන්ග් හමුවී සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කර දෙන ලෙසට විශේෂ ඉල්ලීමක්ද කළ නමුත් එහිදීද තානාපතිවරයා ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වා නැත.

    ඉහත හමුවෙන් අනතුරුව විදේශ ඇමැතිවරයා රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාවට IMF වෙතින් ණය පහසුකමක් ලබා ගැනීමට තවත් මාස 06ක් පමණ කාලයක් ගත වනු ඇති බවයි. මේ අතර සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩසටහනක් තවත් දින 20ක් පමණ ඇතුළත සකස් කරන බව මුදල් ඇමැති අලි සබ්‍රි වොෂිටන්යේදී ප්‍රකාශ කර ඇත.

    – අරුණ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    yL64JBI.jpeg
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔව ඩයස් පෝරාවේ වැඩ උබලා කලබල වෙන්න එපා ස මොනවහරි කරයි නාන අක්ක ඉන්නව නේ දෙයියොත් අපේ පැත්තේ ඉන්නේ මේ වෙලාවේ
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,023
    1,298
    113
    Colombo, Sri Lanka
    මාස 6ක් යද්දී අපි මැරිලා තියෙයි. IMF ලෝන් එකෙන් අවසන් කරයුතු කර ගන්න පුළුවන් :yes: :yes: :yes: :yes:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    බල මාළු කෑවනම් විඳවපං..චීනට රට ණය කරපු රාජපක්ෂ නාකින්ට හෙණ තමා ඉල්ලන්න තියෙන්නේ
     

    Similar threads