IMF දෙවැනි වාරිකය කල් යයි.

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    පාඨලී කී කතාව හරියටම හරි යයි. IMF දෙවැනි වාරිකය කල් යයි.
    සැප්තැම්බර් 27 වෙනිදා තීරණාත්මක බවත් එදින, ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමග එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත්, රට විශාල අර්බුදයකට මුහුණ දීමට සිදුවන බවත්, ණයහිමියන් සමග එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි වුවහොත් ණය වාරිකය ගෙවීමට සිදුවන බවත් පාඨලී චම්පික රණවක මහතා කිහිපවරක් අවධාරණය කොට ප්‍රකාශ කළේය.
    එම ප්‍රකාශය සනාථ කරමින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2 වෙනි ණය වාරිකය ගෙවීම කල් දමා තිබේ. ඊට හේතුව ණය හිමියන් සමග එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි වීම ය.
    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා වන පීටර් බ්රූවර් මහතා පැවසුවේ මෙරට ආර්ථිකයේ යම් යම් සුබදායි ලක්ෂණ පෙන්වුද තවත් අංශ වල වෙනස් කම් සිදුවිය යුතු බවයි.
    විශේෂයෙන්ම බදු එකතු කිරීමේ ක්‍රමවේදයේ ඇති ගැටලු සම්බන්ධයෙන් එම නියෝජිතයින් විවිධ කාරණා පෙන්වා දී තිබුණි..
    "නුදුරේදීම මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට පිවිසීම සඳහා පළමු සමාලෝචනය යටතේ කණ්ඩායම තවදුරටත් සාකච්ඡා පවත්වනවා. ඒ සමගම අපි කැමතියි කියන්න මේ දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට උදව් කරන්න. පළමු සමාලෝචනයේ මාණ්ඩලික මට්ටමේ එකඟතාවයට පිවිසීමට අපිට තව කාලය ටිකක් අවශ්‍යයි..."
    ඒ අනුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් එකඟ වී ඇති ඩොලර් බිලියන 2.9ක ණය මුදලේ දෙවැනි කොටස නිදහස් කිරීම පමා වනු ඇත.
    ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බ්රූවර් මහතා පැවසුවේ ඒ සඳහා නියමිත කාල පරාසයක් නොමැති බවයි.
    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවෙන් බලාපොරොත්තු වූ ආකාරයේ ප්‍රගතියක් සිදු නොවීම මීට හේතු වී තිබේ. ගිවිසුමේ සඳහන් කොන්දේසි ඉටු කිරීම පසෙක තබා වෙනත් කටයුතුවල යෙදෙන ආණ්ඩුව වඩාත් අවධානයෙන් මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බව පාඨලී චම්පික රණවක මහතා මින් පෙර කීප වතාවකදී ම අනතුරු ඇඟවූ අතර, රජය සුපුරුදු ක්‍රියාවලියේ ම යෙදෙමින් මෙසේ රට අනතුරට පත් කොට තිබේ.
    පාලකයන් වහාම සිදු කළ යුත්තේ, උද්ධච්ඡ භාවයෙන් රට තවත් අර්බුදයට ඇද නොදමා සියළු පාර්ශව එක් කොට ගෙන විසඳුමක් කරා රට ගෙන යාම ට උත්සාහ ගැනීම ය.
    මේ පිලිබඳ පාඨලී චම්පික රණවක මහතා කළ ප්‍රකාශය පහතින්..
    https://www.facebook.com/PataliChampika/videos/830927135307748