මුලින්ම මචං ඔය රටවල් දෙකේම Work visa ගන්න නම් බෑ ලංකාවේ ඉදන්. එහෙම දෙයක් කරගන්න තියන චාන්ස් එක 5% - 10% වගේ.
ඒකට තියන short cut එක විදියට ලංකාවේ අය හදාගෙන තියෙන්නේ Student visa එක තමා. මොකද Student visa ගියාම තමන්ගේ පාඨමාලාවෙන් පස්සේ work visa වලට යන්න අවස්තාව ඔය රටවල් දෙකේම තියනවා.
හැබැයි ඔයාගේ ප්‍රශ්නයට උත්තරේ මෙහෙමෙයි.
NZ යන්න IELTS අනිවාර්යයෙන්ම ඕනේ. හැබැයි ඔයා Edexcel O/L (London O/L කියලා කියන්නේ) කරලා තියනවනම් අත්‍යවශ්‍ය නෑ.
Aussie නම් යන්නේ, ඔයාට IELTS නැතුව යන්න පුළුවන් ඔයා කලින් කියපු Edexcel O/L කරලා තියනවනම් හෝ minimum 2 years HND (Higher National Diploma) English medium එකක් කරලා තියනවනම් පුළුවන්. ඒ වගේම Postgraduate යන යට තමන්ගේ Bachelor degree degree එක English medium නම් එත් exception ගන්න පුළුවන්.
ඒ වගේම Aussie වලදී IELTS වලට points අඩුනම් (උදා: 4.5 in reading) නම් ඔයාගේ main program එකට කලින් English ප්‍රෝග්‍රෑම් එකක් (10 weeks වගේ) ඇතුලත් කරලා යන්න පුළුවන්.