Immortal Conan Doyle

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා


    අහ් මචන්zලා....

    tumblr_m2ycqjVSeH1qmjkqo.gif



    ඔන්න අදත් පොඩි සීන් එකක් අරගෙන ආවා.

    ශර්ලොක් හෝම්ස් මහත්තයව දන්නවැයි???

    uHitz.jpg


    (ඉදා මේ බලපන් මූ අහන කථා......)

    හරි හරි එයාව කවුද හැදුවේ කියලත් දන්නවනේ ( ආතර් කොනොන් ඩොයිල් මහත්තයනේ යකෝ...)

    හරි හරි මල පන්න ගන්න එපා බොලව්..
    හරි හරි උබලා ආතර් මහත්තයගේ නම දැන ගත්තට එයාගේ විස්තර දන්නේ නැහැනේ ( නෑ නේන්නම් කියහන්කෝ)
    ආ.... මම අද කියන්න යන්නේ ආතර් කොනොන් ඩොයිල් මහත්මයාගේ තොරතුරු ටිකක්...
    අහගනිල්ලා
    පටා..............න් ගත්තා

    මේ ඉන්නේ සර් ආතර් කොනොන් ඩොයිල් මහත්මයා

    hNwCd.jpg


    සර් ආතර් කොනොන් ඩොයිල් ඉපදුනේ 1859 මැයි 22 .උපතින් ස්කොට්ලන්ත පුරවැසියෙක් උන මොහු ස්කොට්ලන්ඩ් වල එඩින්බ්‍රග් නගරයේ රෝහලක තමයි ඉපදුනේ.

    මෙන්න ස්කොට්ලන්ඩ් රට
    Qz7lE.png


    6KbAU.jpg


    මේ තියෙන්නේ එඩින්බර්ග් නගරය
    r9bwr.jpg


    මොහු ගේ පියා සහ මව වූයේ චාල්ස්
    අල්ටමොන්ට් ඩොයිල් හා මව මේරි ෆොයිල් ය.පියා නම ගිය බේබද්දේකු ලෙසත් මව ඉතාම උගත්
    ගැහැණියක ලෙසත් එකල සමාජයේ නම් දරා තිබුනා.පියාගේ බීමත් කම නිසා මොවුන්ට එතරම් මුදල්
    ප්‍රමාණයක් ඉතිරි උනේ නැහැ.මවත් එක්කම නිතර සිරි මොහු මවගේ ආභාශයෙන් පොත පතට ඇලුම්
    කරන්නට පටන් ගත්තා.. ඉගනීමේ කරයුතු හොදින් සිදුකල මොහුට මොවුන්ගේ නෑදෑයින් විසින්
    ඉගනීමේ කටයුතු වලට අවශ්‍ය මුදල් දෙන්න ඉදිරිපත් උනා.ඒ මොහුට අවුරුදු නවයක් වූ කාලයෙදීයි.

    වැඩිදුර අධ්‍යාපනය සදහා ඩොයිල් එන්ගලන්තයට ගියා. එහිදී සෑම වෙලාවකම තම මවට ලියන්නට මොහු අමතක කලේ නැහැ. ක්‍රිකට් වල්ට ඇලුම් කල මොහු ඉතාමත් හොද ක්‍රිකට් ක්‍රීඩකයකුද වූවා.. ඔහු සිටි
    පාසලේ මොහු ප්‍රසිද්දියට පත් උනේ ක්‍රිකට් වලින් නොවෙයි.. මොහු ප්‍රසිද්ද උනේ කථාන්දර කියන්නෙක්
    ලෙසයි. සම වයසේ යහලුවන් වට කර ඔවුන්ව පුදුමයට පත්කරවන, ආකර්ශනයට පත් කර
    ගන්නා කථා කිවීමට මොහු රුසියෙකු උනා.


    1876දී මොහු පාසලෙන් උපාදිය ගත්තා.ඒ වන විට මොහුට අවුරුදු 17 සම්පූර්නව තිබුනා.
    ඉතා ඉහල ලෙස පාසලෙන් සමත් උන මොහු ඊට පසුව තොරා ගත්තේ වෛද්‍ය විද්‍යාවයි.
    මොහුගේ ශර්ලොක් හෝම්ස් පොත් ලිවීමේදී මොහු වෛද්‍ය විද්‍යාවේ ඇති සිද්ධාන්ථ යොදා ගත්තා.



    මොහු වෛද්‍ය උපාදිය ලබා ගත්තේ මොහුගේ උපන් නගරයේ තිබූ එඩින්බ්‍රග් විශ්ව විද්‍යාලයෙනුයි.
    මේ තියෙන්න ඒ විශ්ව විද්‍යාලය


    university-of-edinburgh-medical-school-on-teviot-place-joe-fox.jpg



    Arthur%20Conan%20Doyle%20memorial%20plaque%2C%20Edinburgh%20medical%20school.jpg



    වෛද්‍ය උපාදිය ලබා ගත් මොහු ගැන මොහුගේ ආචාර්යවරුන් හැදින්වූයේ ඩොයිල් යනු කිසියම් මිනිසෙකු
    දිහා බලා ඔහු ගැන ඉතා හොදින් සදහන් කල හැකි අයෙකු ලෙසයි.. තවද පරීක්ශන සදහා ගෙන එන
    ශරීර, ශරීර කොටස් දිහා බලා මරණයට හේතු නීර්ණය කීරීමට මොහුට වෙන කිසි අයෙකුට නොවූ සමත්
    කමක් තිබූ බවට ඔවුන් පවසා සිටියා.


    මේ ඉන්නේ එම ආචාර්යවරයා

    දොස්තර ජෝශප් බෙල්
    Joseph_Bell.jpg




    වෛද්‍ය විද්‍යාලයේ තුන්වන වසරේ සිටින විට මොහුට නැවක ශල්‍ය වෛද්‍යවරයකු ලෙස එන ලෙස
    ඇරයුමක් ලැබුනේ මොහු ඒතරම්ම එයට සමත් නිසයි.. එම ආරාධනාව පිලිගත් ඔහු පසුව ඒ ලබා ගත්
    අත්දැකීම් ඇසුරින් පසු කලේක කැප්ටන් ඔෆ් පෝල් ස්ටාර් (captain of pole-star) කෘතිය
    එලිදැක්වුවා.



    ඉතා නිශ්ෂබ්ද ජීවිතයක් ගත කල ඔහුට වැඩිපුර රෝගීන් සිටියේ නැහැ.. එම නිසා තමන්ගේ කෙටි
    කථා ලිවීමට මොහුට ඇති තරම් කාලය තිබුනා. එකල සිටි එඩ්ගර් ඇලන් පෝ සහ බ්‍රෙට් හාටේ යන අය
    මොහුගේ ප්‍රියතම ලේඛකයන් උනා.


    මේ ඉන්නේ ඔවුන්

    එඩ්ගර් ඇලන් පෝ
    nxEKb.jpg



    බ්‍රෙට් හාටේ
    7jkiK.jpg


    පසුව 1887දී මොහු තම ප්‍රථම ශර්ලොක් හෝමස් කෘතිය එළිදැක්වුවා..
    එය A Study in Scarlet (ලෝහිත පරීක්ශනය) නම් වූවා

    efs2Y.gif



    1891දී මොහු ඉන්ෆුවෙන්සා වෛරසයට ගොදුරු වී අසාධ්‍ය තත්වයට පත් උනා.. දින 4ක ජීවිතයත්
    මරණයත් අතර වූ සටනකින් පසු මොහු නැවතත් සුව අටහ්ට හැරුනා. තම වෛද්‍ය වෘතීය නිසා තම ලේඛක
    ජීවිතය නැතිවී යයි දෝ යන බිය නිසා මොහු තම වෛද්‍ය වෘතියට සමු දුන්නා.


    පසුව ශර්ලොක් හෝම්ස් වෘතාන්ත ගනනාවක් ලියූ මොහු 1900දී ශර්ලොක් හෝම්ස් හට නැවතීමේ තිත
    තැබුවා. ඒ ශර්ලොක් හෝම්ස් ඔහුගේ ප්‍රධානම හතුරා වූ ප්‍රොෆෙසර් මොරියාටි අතින් මරණයට පත්
    කරමිනුයි.


    ශර්ලොක් හෝම්ස් කථා පල වීන නැවතුන නිසා දසදහස් ගනනින් මිනිසුන් තම දායක මුදල් පුවත් පත්
    වලින්, සගරා වලින් ආපසු ලබා ගත්තා. තවද මොහුගේ පාඨකයින් ඩොයිල් හට නැවත ශර්ලොක් හෝම්ස්
    වෘතාන්ත ලියන ලෙස දසස් ගනනින් ලියුම් එවන්නට උනා. මෙම හේතු නිසා ඩොයිල් නැවත වරක් 1905දී
    ශර්ලොක් හෝම්ස් හට පණ ලබා දුන්නා.

    මෙසේ ශර්ලොක් හොම්ස් කථා වලට අමතරව තවත් පොත් රාශියක් ලියූ මොහු තම පළමු බිරිද වූ
    ලිසියා ගේ මියයාමත් සමගම නිශ්ශබ්ද වී ටික කලකට පසුව නැවත විවාහයක් කරගනු ලැබුවා.මේ පහතින්
    ඉන්නේ දෙවන විවාහයේ බිරිදයි.ඇය නමින් ජීන් ලැකී වූවා..


    kiTH3.jpg


    මේ ඉන්නේ ඔහුගේ පවුලේ සමාජිකයින්

    c7hpP.jpg


    GGOeL.jpg



    1929දී මොහු ඔත්පල වුන අතර මොහුගේ දරුවන් සහ බිරිද මොහුට ඉතා හොදින් සත්කාර කලා..
    1930 දී සීතල වසන්තයේ දවසක මොහු මොහුගේ අන්තිම වික්‍රමය සිදු කලා. ඒ කාටත් නොදැනීන
    ඔත්පලව සිටි මොහු තම ඇදෙන් නැගිට තම වත්ත උද්‍යානය පිය නැගුවා..
    පසුව මොහුව සොයා ගන්නා විට මොහු උද්‍යානයේ බිම වැටී සිටි අතර තම එක අතකින් පපුව දැඩිව අල්ලගෙන සිටියා.
    ඒ අතරම අනෙක් අතින් ස්නෝ ඩ්‍රොප් (snow drop) නැමැති මල් පැලෑටිය රදවාගෙන සිටියා...
    මොහු එහිදී මිය යන්නට පෙර අවසන් වචන පෙළ වෙන් වූයේ ඔහුගේ බිරිදටයි ඒ
    "the greatest and most glorious adventure of all,"
    සහ ඩොයිල්ගේ අවසන් හුස්ම පොද යනවාත් සමගන ඇය දෙස බලා
    "You are wonderful." යැයි අමතා පාඨකයන් දසදහස් ගනනක් හඩවමින් තම දෙනෙත් සදහටම පියා ගෙන මෙලොවින් සමු ගත්තා..ඒ 1830 ජූලි 7 වනදායි..

    මේ තියෙන්නෙ ඔහුගේ සිරුර භූමි දානය කල ස්ථානය

    nXjuz.jpg


    මේ තිබේන්න ඔහු අවසන් වරට තම අතින් රදවාගෙන සිටි මල් පැලෑටි විශේෂයේ පින්තූරයක්

    snowdrop-5.jpg


    මේ තියෙන්නේ බේකර් වීදිය
    (221b Baker Street London NW1 6XE)
    (කවුරුත් මේ ලිපිනේ දන්නවනේ...අදටත් මේ ලිපිනයට ලියුම් එනවලු)


    800px-Baker_Street_Sign.jpg


    පහතින් ඇත්තේ ඔහු ලියූ සියලුම ශර්ලොක් හෝම්ස් කථා වස්තූන්ය සහ ඒවා එළිදැක්වූ වසරන්ය.

    ශර්ලොක් හෝම්ස් නව කතා:

    1887 - A Study in Scarlet (ලෝහිත පරීක්ශනය)
    1890 - The Sign of Four (සිව් රහස් සලකුන)
    1902 - The Hound of the Baskervilles (බැස්කවිල් ශාපයේ සුනඛයා/සුනඛ ශාපය)
    1915 - The Valley of Fear (බිහිසුනු නිම්නය)

    ශර්ලොක් හෝම්ස් කෙටි කථා සන්ග්‍රහයන්:

    1892 - The Adventures of Sherlock Holmes
    1894 - The Memoirs of Sherlock Holmes
    1905 - The Return of Sherlock Holmes(ශර්ලොක් හෝමස් ආපසු එයි!!)
    1917 - His Last Bow
    1927 - The Case-Book of Sherlock Holmes
    1928 - The Complete Sherlock Holmes Short Stories


    මේ තියෙන්නේ ඔහු විසින් ලියැවුනු ප්‍රබන්ධ කතා:

    1879 - The Mistery of Sasassa Valley
    1885 - The Surgeon of Gaster Fell
    1889 - Micah Clarke, his statement as made to his three grandchildren
    1889 - The Mystery of Cloomber
    1889 - Mysteries and Adventures
    1890 - The Captain of the Polestar and other tales
    1890 - The Firm of Girdlestone: A Romance of the Unromantic
    1891 - The White Company
    1892 - The Doings of Raffles Haw
    1892 - The Great Shadow
    1892 - Beyond the City
    1893 - The Gully of Bluemansdyke (reissue of Mysteries and Adventures 1889)
    1893 - The Refugees. A Tale of Two Continents
    1894 - An Actor's Duel and The Winning Shot
    1894 - The Parasite
    1894 - Round the Red Lamp: Being Facts and Fancies of a Medical Life
    1895 - The Stark Munro Letters
    1896 - The Exploits of Brigadier Gerard
    1896 - Rodney Stone
    1896 - Uncle Bernac: A Memory of the Empire
    1898 - The Tragedy of Korosko
    1899 - A Duet, with an Occasional Chorus
    1900 - The Croxley Master
    1900 - The Green Flag and Other Stories of War and Sport
    1901 - Strange Studies from Life
    1903 - The Adventures of Gerard
    1906 - Sir Nigel
    1908 - Round the Fire Stories
    1911 - The Last Galley: Impressions and Tales
    1918 - Danger! and Other Stories
    1922 - Tales of Long Ago
    1922 - Tales of Pirates and Blue Water
    1922 - Tales of Adventure and Medical Life
    1922 - Tales of Terror and Mystery
    1922 - Tales of Twilight and the Unseen
    1922 - Tales of the Ring and Camp / The Croxley Master and Other Tales of the Ring and Camp
    1928 - The Dreamers
    1929 - The Maracot Deep and Other Stories
    1929 - The Conan Doyle Stories
    1931 - The Conan Doyle Historical Romances I (Includes:The White Company, Sir Nigel, Micah Clarke and Refugees)
    1932 - The Conan Doyle Historical Romances II (Includes: Rodney Stone, Uncle Bernac, The Exploits of Gerard and The Adventures of Gerard)
    1934,47 - The Field Bazaar (Private Printings)
    1958 - The Crown Diamond (Private Printing)



    හම්මේ..............
    ඉවරයි ඔන්න
    මේකේ තියන සින්හලෙන් ලියල තියනව අකුරන් නෑර ලිව්වේ මම..
    උස්සපුවා නෙමයි..
    මේක ලිව්වේ එලකිරි සමාජිකයින්ට කියවන්න පමණයි සහ පමණමයි!!
    බ්ලොග් වල දැමිම සපුරා තහනම්!!!
    මම කැපුනා
    හොදයි නම් හොදයි කියල අනිත් අයට බලන්න උදව් කරල යමල්ලාz
    ජයෙන් ජය !!!!


    ======================================================================================================================================
    ======================================================================================================================================
    fNxWV.gif

    ======================================================================================================================================
    ======================================================================================================================================​
     
    Last edited:

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි
     
    • Like
    Reactions: 0716aravinda