Instagram එකේ Bug

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
instagram-account-switching.png


ඉන්ස්ටග්‍රෑම් නොදන්න එකෙකෙක් නෑ නේ :rofl: පොශ්, නොපොශ් හැම එකාටම තියන උලව්වක්නෙ.. :lol:

පේස්බුක් එකේ " බග් බවුන්ටි " කියල ප්‍රෝග්‍රෑම් එකක් පටන් අරන් තියනව 2011 ඉදලා.. මේකෙන් වෙන්නේ පේස්බුක් හා ඒ සම්බන්ධ සයිට්ස් වල බග්ස් හොයා ගන්න උන්ට උන් සල්ලි වලින් ගෙවනවා :cool: උබ උනත් බග් එකක් හොයා ගත්තොත් උන් ගෙවන්න ලෑස්තියි :rofl: පහුගිය අවුරුදු 5 ට මුන් බග් හොයා ගත්තු එවුන්ට ඩොලර් මිලියන 4.3 ක් ගෙවල තියනවලු.. ඒක බෙදිලා ගිහින් තියෙන්නෙ බග් හොයා ගනිපු වැඩ්ඩෝ 800ක් අතරේ :shocked::shocked:

ඒ වගේ ෆින්ලන්ඩ් වල අවුරුදු 10 වැඩ්ඩෙකුත් ඉන්ස්ටග්‍රෑම් එකෙ බග් එකක් හොයාගෙන තියනවා :lol: :shocked: මේක වෙලා තියෙන්නේ 2016 මාර්තු වල, :dull:

ඒ කියන්නෙ පොර තමා බග් එකක් හොයාගෙන පේස්බුක් එකෙන් සල්ලි දිනාගනිපු පලවෙනි පොඩි එකා.. ඒකට කොල්ලට පේස්බුක් එකෙන් ඩොලර් 10000ක් ගෙවලලු :P:P


කේස් එක වෙලා තියෙන්නෙ මෙහෙමයි , මේ කොල්ලයි උගෙ නිවුන් සහෝදරයයි අවුරුදු දෙකක උදන් ගේම් එකක් කෝඩ් කරල තියනවා, ඒ වගේම මුන් යූටියුබ් වීඩියෝ බලලා IT security ගැන ඉගෙන ගෙන තියනවා..

එහෙම ඉගෙන ගනිපු ඒවගෙන් පොඩි කෝඩ් එකක් ඉන්ස්ටග්‍රෑම් එකේ පොටෝස් වල කමෙන්ට් සෙක්ශන් එකත් එක්ක ටෙස්ට් කරල බලල තියනවා :eek:
එතකොට පොරට අහු වෙලා තියනවා, ඒ කෝඩ් එක හරහා ඉන්ස්ටග්‍රෑම් එකේ අනික් උන් දාන කමෙන්ට්ස්, ඕනෙ එකෙක්ට ඩිලිට් කරන්න පුලුවන් කියලා :dull::lol:
කොහොමහරි මේක පේස්බුක් එකට මූ කිවට පස්සේ උන් සුටුස් ගාල ෆික්ස් කරලලු :lol:


මාධ්‍ය වාර්තා වලට අනුව, මුගෙ ස්කෝලෙ උන්ටත් හිතා ගන්න බෑලු මූ කරපු වැඩේ ගැන.. ඒ වගේම මේ කොල්ලගෙ තාත්තටත් පුදුමයිලු පුතා IT පැත්තෙන් මෙච්චර දුරක් ආපු එක ගැන..

ඒ වගේම මේ කොල්ල කියල තියනවා ඌට පේස්බුක් එකෙන් හම්බුන ඩොලර් 10000 සල්ලි වලින් ෆුට් බෝලයක් , සහ අලුත් බයිසිකලයක් ගන්න වියදම් කරනව කියලා :)



 
Last edited: