Interesting ත්‍රිපිටක Facts

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේ ත්‍රිපිටක අන්තර්ජාලයට දාල තියෙන එක ගොඩක් හොඳයි. හොඳ වැඩක්

    හැබැයි මේවා සරල සිංහලින් ලියල දාන එක තමයි කෙරෙන්න ඕන.

    නැත්නම් කියවන කෙනා ඔක්කොම කියවන්නේ නැහැ එපා වෙනවා

    ක්‍ෂුද්‍රකවස්තු

    ත්‍රිපිටකය » විනය පිටකය » චුල්ලවග්ගපාළිය » 5. ඛුද්‌දකවත්‌ථුක්‌ඛන්‌ධකය

    140. එ සමයෙහි මිහිරි වචන ඇති මිහිරි හඬ ඇති බ්‍රාහ්මණ ජාතික වූ යමෙළු ද තෙකුල ද යන නම් ඇති දෙ බැ මහණ කෙනෙක් වෙත්. ඔහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹුණාහ. එළැඹ ඔබ වැඳ පසෙක ඉඳගත්හ. පසෙක උන්නාහු ම "වහන්ස, දැන් භික්‍ෂූහු නානාවිධ නම් ඇත්තාහු, නානාගොත්‍රයෙන් නානා ජාතියෙන් නානා , කුලයෙන් නික්මැ පැවිදිවූවාහු වෙත්. ඔහු ස්වකීය ව්‍යවහාරයෙන් බුද්ධවචනය දුෂිත කෙරෙත්. වහන්ස, එබැවින් අපි බුද්ධවචනය වෛදික භාෂාමය වාචනාමාර්ගයට නඟන්නම්හ”යි කීහ. එ විට භාග්‍යවතුන් වහන්සේ, "හිස් පුරුෂයෙනි, තෙපි ‘වහන්ස, අපි බුද්ධවචනය වෛදික භාෂාමය වාචනාමාර්ගයට නඟම්හ” යි කෙසේ නම් මෙබන්දක් කියවු ද, හිස් පුරුෂයිනි, මෙය නොපහන් වූවන් ගේ පැහැදීම පිණිස ද පැහැදුණවුන් ගේ වැඩීම පිණිස ද නො වේ. වැලිදු මහණෙනි, මෙය නො පැහැදුණවුන් ගේ නොපැහැදීම පිණිස ද පැහැදුණු ඇතැම් කෙනෙකුන් ගේ වෙනස් වීම පිණිස ද වේයැ'යි වෙසෙසින් ගැරැහු සේක. ගරහා දැහැමි කතා කොට,


    ටයිම් බෝම්බයක ඩිස්ප්ලේ එකේ විනාඩි පහක ඉදන් අඩු වෙනවා පේනවා... එතකොට ඒක දැක්කා කියන තැනින් නැවතුනොත් හරිද?

    පාරෙ යනකොට පිට්පස්සෙන් කඩුවක් අරන් කපන්න කෑගැහගෙන එන සද්දෙ අහලා ඔහෙ ඉන්නද කියන්නෙ?

    ගෑස් ගදක් එනකොට ඒ ගඳ දැනුනාය කියන තැනින් නවතින්නද කියන්නෙ?
    ------ Post added on Jun 22, 2022 at 11:20 AM
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,275
    2,134
    113
    ටයිම් බෝම්බයක ඩිස්ප්ලේ එකේ විනාඩි පහක ඉදන් අඩු වෙනවා පේනවා... එතකොට ඒක දැක්කා කියන තැනින් නැවතුනොත් හරිද?

    පාරෙ යනකොට පිට්පස්සෙන් කඩුවක් අරන් කපන්න කෑගැහගෙන එන සද්දෙ අහලා ඔහෙ ඉන්නද කියන්නෙ?

    ගෑස් ගදක් එනකොට ඒ ගඳ දැනුනාය කියන තැනින් නවතින්නද කියන්නෙ?
    ------ Post added on Jun 22, 2022 at 11:20 AM

    මෙතන දැක්ක කියන තැන නවතින්න කියන්නෙ, දකිනව කියන අනිච්ච වු සන්කාරවල හෙතු පල ක්‍රියවලිකය එතනින එහාට ගිහිල්ල මමක් කියල ගන්න බැරි තැනක මමක් කියන ෆීලින්ග් එක එන දුරට යන්න එපා කියල. එකේන් කියවෙන්නෙ නෑ සම්මුතික ලොකයේ ජීවත් වෙන්න බෑ කියල.