Interstellar පැහැදිලි කරගමු

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    ඔන්න මම පරක්කු වෙලයි මේ ෆිල්ම් එක බැලුවේ, පස්සේ මට නිකමට හිතුනා මේ ගැන එළකිරියේ කතා වෙලා ඇති කියල ඉතිං මම "Interstellar" නමින් search එකක් එළකිරියේ දැම්මා ගොඩක් නුල් අතරින් මේක කියවන්න ගත්තා මේකේ ඉහත දක්වලා තියෙන්නේ හරිම කතාව "Terminator" බලපු අයට තව time traveling films බලපු අයට නම් මේක තේරුම්ගන්න පහසු වෙන්න ඕනේ.

    මේකට තව ඌන පුර්ණයක් එකතු කරන්න ඕනේ මේ "They" කියන අය ගැන, මතකද movie එකේ මුල හරියේ මිනිස් කොලනි හදන එක ගැන කියනකොට "human genome" ගැන කියවුණා "genetic diversity" ගැන කියවුනා. ඊළගට film එකේ අන්තිම හරියේ වයසක "murphy cooper" කියනවා තාත්තාට "cooper" යන්න colony තියෙන ග්‍රහ ලෝකෙට අපේ අලුත් නිවසට ("by the light of our new sun...,in our new home) ඒ කියන්නේ cooper පොළොවෙන් ගිහිං අවු: 84 කට {124-40(පොළොවෙන් යන විට වයස)} පස්සේ පෘතුවි වාසීන් සමත් වෙනවා "cooper station" වලින් (super heavy spacecraft created by NASA) [මේ වගේ station ගොඩක් යනවා] Dr. Brand ඉන්න, Edward හොයා ගත්ත ග්‍රහ ලෝකෙට යන්න ඒ කියන්නේ "genetic diversity" උන colony මිනිස්සුයි පෘතුවි මිනිස්සුයි එකතු වෙලා අනාගතේ මිනිසුන්, සමහරවිට genetically improve උන මාන 5ක් සහිත මිනිසුන් "They" හැදෙනවා. ඉතිං එකයි they ලා පෘතුවි මිනිසුන් ගෙන්වා ගන්නේ cooper family එක පාවිච්චි කරලා.

    මේ මාන 5 මිනිස්සුන්ට පුළුවන් උනාට teseract එක හදන්න කාලය භෞතික මානයක් කරලා , දුර කියන මානය වෙනස් කරන්න පුළුවන් warm hole එක හදන්න ඒ අයට gravity එක හරහා එක එක දේවල් අතීතයේ ක්‍රියාත්මක කරන්න පුළුවන් උනාට (මතකද අර drone එක මතකද cooperගේ self drive truck ටික ගෙට එන එක වගේ දේවල්) තවත් මිනිසෙක් එක්ක (මේකෙදි නම් murphy එක්ක) communicate කරන්න විදියක් තිබ්බේ නැහැ(එක්කෝ ඒ වෙනකොට හොයාගෙන නැතුව ඇති එක්කෝ අතීතය වෙනස් කරන්න අනාගතේ මිනිස්සුන්ට "They"ලාට බැරුව ඇති - terminator එකේ එවුන්ටනම් පුළුවන්) ඒකයි මාන 5 මිනිස්සු ඒකට අතීතයේම ඉන්න cooper යොදා ගන්නේ තාත්තා හා දුව අතර ආදරය "Love" එක තමා යතුර cominication එක ඇරබෙන්න. අනාගතේ ඉන්න මිනිස්සු අතීතය දන්නවනේ ඒකයි ඒ අය වෙනස් වෙන්න ඕනේ තැන් වලදී (අතීතයේ වැරදුන තැන්) අතීතයේ මිනිස්සුන්ට උදවු කරන්නේ, හැබැයි ඒ දේ කරන්නේ අනාගත මිනිස්සුන්ව ඇති වෙන විදියට.(නැත්තන් ඒ මිනිස්සුන්ට පුළුවන්නේ ලෝක විනාශය වලකින තැනට කටයුතු යොදන්න)

    මේ movie එකෙන් තවත් දේවල් කියවෙනවා හැමදාම ලෝකේ අලුත් අලුත් දේ නිර්මාණය උනාට මිනිස්සු ගමන් කරන්නේ විනාශය කරා මිනිස්සු විසින්ම පෘතුවිය විනාශ කරගන්නවා කියන එක.

    අනික තමා අර වතුර විතරක් තියෙන ලෝකේ ගැන Dr. Brand කියනවා ඒ ලෝකෙට ගිය කෙනා මැරෙන්න ඇත්තේ දැන් ටිකකට කලින් කියලා, ඉතිං මතක් උනේ නැද්ද "තථාගතයන් වහන්සේ ආනන්දට තෙරුන්ට ලෝක ගැන කියද්දී කියනවා සමහර ලෝක වල දවසක් කියන්නේ පෘතුවි වර්ෂ වලින් සිය ගණනක් දහස් ගණනක් වෙන බව තවත් සමහර ලෝක වල පැයක් කියන්නේ පෘතුවි වර්ෂ වලින් දහස් ගණනක් වෙනවා කියලා" {මන් අහලා තියෙනවා බුදුන්ගෙන් බණ අහල ගිය සමහර දෙවියන්ට උන් වහන්සේ පිරිනිවන්පාල තාම පැය ගානයි ගත වෙලා තියෙන්නේ කියලා}

    තවත් එකක් තමා "මාන" කතාව මේ ත්‍රිමාණ තත්වෙන් එහාට ගිය කෙනාව අපේ තිමාන ලෝකේ කෙනෙක් එක්ක සැසදුවොත් ඒ කෙනා සුපිරි කෙනෙක් වෙනවා දෙවියන් එහෙම නැත්නම් Aliens තවත් විවිද නම් වලින් හදුන්වන්නේ ඒ අය තමා. තථාගතයන් පිලිවෙලින් ධ්‍යාන්ය අවබෝද කර ගන්නකොට විශ්වයම දකින්න ගත්තේ මේ නිසා තමයි එකයි උන් වහන්සේ කිව්වේ මුළු විශ්වයම තියෙන්නේ තමන් තුලයි කියලා, දෙවියන් වෙන්නේද මිනිසුන් කියලා, දේවත්වයද අභිබවා නිර්වාණයට යන්නත් මිනිස්සුන්ට පුළුවන් නිසා තමා මිනිසත්බව ලැබීම උතුම් කියල කිව්වේ.

    අනික මේ movie එකේ තිබ්බ දෙයක් තමා හැමදේම වෙන්නේ හේතුවකට කියන, කෙටියෙන්ම කිව්වොත් cooperව teseract එකට වටෙන්නම වැඩ සිද්ද වෙනවා හරියට කලින් plan කරලා තිබ්බා වගේ. අපේ වර්තමාන ලෝකෙත් මේ දේම වෙනවා කියලයි මට හිතෙන්නේ. කලින් ලියවුන පිටපතක අපිට රගපාන්න තමා ඉතිරිවෙලා තියෙන්නේ

    ආතර් c. ක්ලාර්ක් මහත්තයා කියලා තියෙනවා ඔහුගේ පොතකත් ලෝකේ ඉස්සරහට පවතින ආගමත් බෞද්ධාගම තමයි කියලා හැබැයි මතක තියාගන්න තථාගතයන් කියලා තියෙනවා මයිත්‍රී බුදුන් පහල වෙන්නේ ඉතාම දියුණු මනුෂ්‍ය කොට්ටාශයක් අතර කියලා ඒ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවු : 80,000ක් විතර වෙනවා කියලා. මට හිතෙනවා මිනිස්සුන් දැනුමෙන් වැඩි වෙන්න වැඩි වෙන්න සදාතනික සත්‍ය උන මේ දහම තේරුම් ගන්නවා වැඩි වෙයි කියලා.

    සියලු බුදුවරු විසින් කියාදෙන මේ ධර්මය ඇරෙන්න අනිත් සියලු දේම විනාශ වන සුළුයි. ඒ කියන්නේ කාලයාගේ ඇවෑමෙන් අපි මේ රකින්න හදන බුද්ධ සාශනය(ධර්මය අකාලිකයි හොදේ), සිංහල ජාතිය, මේ රට මේ ලෝකේ පවා විනාශ වීමට නියමිතයි. {එහෙමයි කියලා එකට ඉඩ දීලා තියෙන එක මිනිස්සුන්ගේ ගතිය නොවේ සෝවාන් නොවුන කෙනෙක් නම් විනාශ වෙන එක වලකන්න ගන්න පුළුවන් හැම උත්සාහයක්ම ගනී - එහෙම උත්සහ කල පමණින් විනාශ නොවී පවතියිද නැත සිදුවෙන්න නියමිත දේ සිදුවෙනවාමයි[නියාමන ධර්ම] අනිත් අතට මේවට උත්සහ කරනවට වඩා සෝවාන් වෙන්න උත්සහ කරන එක හොදයි නේද කියලා හිතුනට ඒක කෙරෙන්නෙම නෑනේ :no:}
    patta :cool:
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මට කෙනෙක් කියපන් දැන් ඔය cooper කියන හාදයා අනාගතයට යනවනේ.. අර Ghost කියන්නේ cooper නේ? එතකොට මූ අනාගතේනේ ඉන්නේ. ඕක මුලින්ම පටන් ගන්නේ කොහොමද​? ඒ කියන්නේ මූ මුල්ම වතාවට අනාගතේට ගියේ කොහොමද​? මොකද අනාගතේට යන්න ආරඹ්හය දුන්නෙත් මූමනේ අනාගතේ ඉඳන්? එතකොට මූ මුලින්ම ගියෙ කොහොමද​?
     
    Do not go gentle into that good night,
    Old age should burn and rave at close of day;
    Rage, rage against the dying of the light.

    Though wise men at their end know dark is right,
    Because their words had forked no lightning they
    Do not go gentle into that good night.

    Good men, the last wave by, crying how bright
    Their frail deeds might have danced in a green bay,
    Rage, rage against the dying of the light.

    Wild men who caught and sang the sun in flight,
    And learn, too late, they grieved it on its way,
    Do not go gentle into that good night.

    Grave men, near death, who see with blinding sight
    Blind eyes could blaze like meteors and be gay,
    Rage, rage against the dying of the light.
    :eek::eek::eek::oo::dull:
     

    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    මට කෙනෙක් කියපන් දැන් ඔය cooper කියන හාදයා අනාගතයට යනවනේ.. අර Ghost කියන්නේ cooper නේ? එතකොට මූ අනාගතේනේ ඉන්නේ. ඕක මුලින්ම පටන් ගන්නේ කොහොමද​? ඒ කියන්නේ මූ මුල්ම වතාවට අනාගතේට ගියේ කොහොමද​? මොකද අනාගතේට යන්න ආරඹ්හය දුන්නෙත් මූමනේ අනාගතේ ඉඳන්? එතකොට මූ මුලින්ම ගියෙ කොහොමද​?

    Mu machan atheetheta giye... pahadilida? gihin hira unata passe thama book rack eke idan pissu kelinna ganne :yes::yes::yes:
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Interstellar movie :baffled::baffled::baffled: == Triangle movie :baffled::baffled::baffled:

    Triangle movie ekath oya wage time scene thiyenawa, Therum gannama baha :confused:

    Eke yanne time loop ekak bn..eka eka explanations thiyenawa..taxi driver kiyanne devil..Jess aye ennam kiyala yanawa eth en na..Putha marune Jess hinda kiyala piligan nathuwa yana hinda time loop ekaka stuck wenawa eki..