Interview යමු

inspiron

Well-known member
  • May 27, 2014
    24,935
    17,580
    113
    Nowhere
    ගොඩක් අයට ඉන්ටවිවී කතා කරාම කරන්න ඕනේ මොනවද කියලා හිතාගන්න බෑ. උපදෙස් ගන්න කව්රුවත් ඇත්තෙත් නෑ.
    මේ නිසා මං ඉන්ටවිව් යනකොට කරන්න ඕන දේවල් ගැන ටිකක් කියලා දෙන්නම්.​


    WomenExecutiveBoardroom-small_1.jpg


    1.ජොබ් වේකන්සි එක 4-5 පාරක් කියවන්න.

    ගොඩක් අය මේක කරන්නේ නෑ. උඩින් පල්ලෙන් කියවනවා. වේකන්සි එකේ මෙච්චර පඩියක් දෙනවා කියලා තියෙද්දී ඉන්ටවිව් එකේදී කොච්චර පඩියක් දෙනවද කියලා අහන්න එපා.
    එතකොට දන්නවා මූ අරක හරියට කියවල නෙමෙයි ඇවිල්ල තියෙන්නේ කියලා.:rofl:

    2. ආයතනය ගැන විස්තර හොයාගන්න.

    බැංකුවකට ඇප්ලයි කරා නං බැංකුව ගැන විස්තර ටිකක් හොයාගන්න. බ්රාන්චස් ගාන, අලුතෙන් දෙන පහසුකම් , ණය සේවා වගේ ඒවා.
    බැංකුවේ වැඩ කරන කෙනෙක්ගෙන් හෝ සයිට් එකෙන් වගේ විස්තර ගන්න.

    3.ප්‍රශ්ණ

    ඉන්ටවිව් එකේදී අපෙන් අහයි කියලා හිතෙන ප්‍රශ්න 10ක් හදාගන්න.
    ඒ ප්‍රශ්න වලට දෙන්න ඕන උත්තර හදාගන්න.
    ඊටපස්සේ උත්තර දෙන්න පුරුදු වෙන්න.

    4. ඇදුම

    කාන්තා පාර්ශවය සදහා:love:

    ඉන්ටවිව් එකේදී අදින්න ඕන ඇදුමේ පාට බොහොම වැදගත්. අංක එකටම ඒක බලන්න ඕනේ.

    කිසිම හේතුවක් නිසා රෝස පාට සාරියක් අදින එපා. රෝස පාට ගෑවුන කිසි දෙයක් අදින්න එපා.අඩු ගානේ හෑන්ඩ් බෑග් එක වත් එපා. රෝස ඇන්දොත් කෙලින්ම ෆේල්. එක තමා ට්‍රැඩිෂන් එක.

    සාරි සදහා පාට තෝරන කොට මේ පාට වලින් ගන්න එපා. අළු පාට, තනි රතු, තනි සුදු, තනි කළු(pure black).
    අදිනකොට මේ පාටවල් වලින් අදින්න. කහ, දුබුරු, නිල් , කොළ. වැඩ දාලා ගල් අල්ලපු සාරි අදින්න එපා. සම්මුඛ පරීක්ෂණයකට මිසක් මගුල් ගෙදරක නොයන බව මතක තබා ගන්න.:rofl:

    සාරියේ පාටයි හැට්ටයේ පාටයි සමාන වෙන්න ඕනේ.

    සාරි නැතුව skirt එක අදිනවනන් වැඩ දාපු ඒවා ගන්න එපා.

    පැතලි ආඩි සපත්තු දාන්න එපා. අඩි උස සපත්තු දාන්න.
    හයි හීල්ස් දාන් ඇවිදලා පුරුදු නැත්තන් හොදට පුරුදු වෙන්න.

    හෑන්ඩ් බෑග් එකේ පාටයි සපත්තු වල පාටයි සමාන වෙන්න ඕනේ.

    mild මේකප් එකක් දාගෙන යන්න. වෙඩිමකට යනවා වගේ තද කොර මේකප් එකක් දාන් ගිහින් අහන ප්‍රශ්න වලට දාඩිය දැම්මම අනාතනාත වෙයි.

    සරල චේන් පොටක් , කරාබු , අත් ඔරලෝසුවක් පළදින්න.
    වෝග් එකේ ad එකේ පෙන්නන ඒවා නැතුව සරල චේන් එකක් දාන්න.
    දෙකේ කාසි සයිස් එල්ලෙන කරාබු දාගෙන යන්න එපා.
    චුටි ඔරලෝසුවකුත් බැදන් යන්න.

    කොන්ඩේ පිටිපස්සට වෙන්න පිරගන්න. මුනට කොන්ඩේ එන විදිහට මෝස්‌තර දාන්න එපා.
    ලූස් හෙයා ස්ටයිල් එපා. නැත්තන් ගියපු වෙලාවේ ඉදන් කොන්ඩ කෑල්ල කන පිටිපස්සට දදා ඉන්න වෙන්නේ.
    මගුල් ගෙදරකට නොයන බව මතක තබා ගන්න.:rolleyes::P

    giphy.gif


    හොද parfum එකක් ගහගෙන යන්න.

    පිරිමි පාර්ශවය සදහා:cool:

    කොන්ඩේ කොටට කපන්න.
    රැවුල ෆුල් ෂේව් කරන්න

    අත් දිග ෂර්ට් අදින්න. මේ පාටවල් වලින් අදින්න. white, off white, light green, light brown
    රෝස පාට එපා

    කලිසම අදුරු වර්ණයක් විය යුතුයි.

    ටයි එකක් අනිවාරෙන් දාන්න. ටයි ගැටය ගැන විශේෂයෙන් අවදානය දෙන්න.
    ටයි ගැටෙන් ගොඩක් දේවල් තීරණය කරන්න පුළුවන්.
    ටයි එකේ පාට ෂර්ට් එකේ පාටට ගැලපෙන්න ඕනේ.

    කලිසමේ බෙල්ට් ලෙවල් එක ගැන අවදානය දෙන්න.
    සරල බෙල්ට් එකක් දාන්න.
    මිනී ඔලුව තියෙන, ඩොලර් මාක් එක තියෙන, රෙස්ලින් චැම්පියන්ට දෙන එක වගේ බෙල්ට් නැතුව සරල එකක් දාන්න.:rofl:
    සපත්තු වල පාටයි බෙල්ට් එකේ පාටයි සමාන විය යුතුයි.
    පුළුවන් නං අලුත් බෙල්ට් එකක් ගන්න.
    ගන්න කඩෙන්ම තමන්ගේ ගාන බලලා හිලක් විදගන්න. නැතුව ඉන්ටවිවී එක දවසේ උදේට හිල් විදින්න තියාගන්න එපා.

    සපත්තු හොදට දිලිසෙන්න පොලිෂ් කරගන්න.

    ඔක්කොම කලින් දවසේ අයන් කරලා පොලිෂ් කරලා තියාගන්න. හොද parfum එකක් ගහගෙන යන්න.

    5. ෆයිල් එක

    ඉන්ටවිවී එකකට යනකොට කිසිම හේතුවක් නිසා වත් කඩදාසි ෆයිල් එකක් ගෙනියන්න එපා.

    ඇල්බම් ටයිප් ෆයිල් එකක් ගන්න. කළු පාට හෝ ලෙදර් එකක්.

    ෆයිල් එක decorate කරන්න එපා. අනන් මනං බයිලා ලියලා, පච්ච ඩිසයින් ඇදලා,ස්ටිකර් අලවපුවා, වදන් ලියලා විකාර කරපුව ගෙනියන්න එපා. :rofl:

    ෆයිල් එක හැරෙව්වම මුලින්ම ඉන්ටවිව් කතා කරපු ලෙටර් එක පේන විදිහට දැමිය යුතුයි.
    වටිනාකම අනුව සහතික පෙළගස්වන්න. වැඩි එකේ ඉදලා අඩු එකට.
    සහතිකයි ඒවා වල පොටෝ කොපියි දාගෙන යන්න.

    6. යමු

    ඉන්ටවිව් කරන තැනට විනාඩි 30 කලින් යන්න.
    පොදු ප්‍රවාහන සේවයක් ගන්නවනං විශේෂ අවදානය දෙන්න.

    ට්‍රැෆික් එකට අහු උනා, බස් එක කැඩුනා. මට බෝම්බ ගැහුවා, කොච්චි ස්ට්‍රයික්,තැන හොයාගන්න බැරි උනා වගේ ඒවා නිදහසට කාරනා නෙමෙයි :P

    මුණ හෝදගෙන හෝ මේකප් එක හදාගෙන ෆ්‍රෙෂ් ලුක් එකකින් ඉන්න.
    ගංජා ගහලා වගේ, ෆුල් ලෝඩ් ගහපු බස් එකක ඉස්සරහින් නැගලා පස්සේ දොරෙන් බැහැපු එකා වගේ නැතුව හොදට ඉන්න.

    ඉන්ටවිව් කරන ගොඩනගිල්ලට යන්න කලින් ෆෝන් එක අනිවාරෙන් ඕෆ් කරගෙන සාක්කුවේ හෝ හෑන්ඩ් බෑග් එකේ දාගන්න.

    ඉන්ටවිව් එකට නම කියලා කතා කරනකන් එළියේ වාඩි වෙලා ඉන්න වෙයි.
    තව අය ඉන්ටවිව් එකට ඇවිල්ල ඉන්න පුළුවන්.
    ලග ඉන්න එකා එක්ක ශේප් එකේ කතා කරොත් කතා කරන්න
    ලග ඉන්න එකා එක්ක විහිලු කරන්නවත් ඌට ආතල් දෙන්නවත් යන්න එපා.

    පුටුවේ හරියට වාඩි වෙලා ඉන්න. කකුල් වන වන පළල් කරන් ඉන්න එපා. මනුස්සයෙක් වගේ වාඩිවෙලා ඉන්න.

    කම්මැලි කියලා ෆෝන් එක අරන් පේස්බුක් යන්න ස්ටේටස් අප්ඩේට්, කිරියේ බඩගාන්න අනන් මනං මුකුත් තියාගන්න එපා.
    ඔබේ හැසිරීම පරික්ෂා කිරීම ඉන්ටවිව් එකේම කොටසක් විය හැකි බව මතකයේ තබා ගන්න.:yes:

    7. ඇතුලට යමු

    ඇතුලට යනකොට විශේෂයෙන් දොර ගැන අවදානය යොමු කරන්න. ඔටෝ වැහෙන දොරක් වෙන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්.
    දොර තල්ලු කරලා අරින එකක්ද ඇදලා අරින එකක් ද කියලා කල්පනාවෙන් ඉන්න.
    ඇගිල්ලෙන් තට්ටුව දැම්මම අංශක 90ක් නැත්තන් 180 ටම ඇරෙන දොරක් වෙන්නත් පුළුවන්.
    යනකොට දොරෙන් භාගයක් ඇරලා ඇතුලට ගිහින් දොර පැත්තට හැරිලා දොර වැහෙනකන් යානතමට දොර අල්ලගෙන ඉන්න. දොර වහුනම හිමීට දොරට ටච් එකක් දාන්න.

    දොර වැහුනම ඉන්ටවිව් බෝඩ් එක පැත්තට හැරිලා වෙලාවට ගැලපෙන විදිහට සුභ පතන්න.( good morning)

    තමන්ට කියනකන් වාඩි වෙන්න එපා.

    වාඩි වෙනකොට පුටුව ගැන අවදානය දෙන්න අනිවාරෙන්.
    executive chair එකක් නං පරිස්සමෙන් ඉදගන්න.
    වාඩි උනාම පුටුව වටේට පද්ද පද්ද සැපේ ඉන්න එපා. මනුස්සයෙක් වගේ කොන්ද කෙලින් තියාගෙන වාඩි වෙන්න.

    බෝඩ් එක ලගට ගියාම ආ කියලා ෆයිල් එක බෝඩ් එකට දික් කරගෙන වාඩි වෙන්න එපා.:rofl:

    ඔබට දුන්නේ පුටුව විතරයි. මේසය ඔබට අයිති නැත. ඒ නිසා මෙසේ උඩ කිසි දෙයක් තියන්න එපා.

    සමහර කෙල්ලෝ වාඩි වෙන්නේ මේසේ උඩ හෑන්ඩ් බෑග් එකයි ෆෝන් එකයි ෆයිල් එකයි ලේන්සුවයි ඔක්කොම තියලා. ඒක සම්පූර්ණයෙන් වැරදී.:angry:
    හෑන්ඩ් බෑග් එක පුටුව ගාවම බිමින් තියන්න.

    ෆයිල් එක උකුල උඩ තියාගන්න. (කොල්ලොන්ටත් අදාලයි.)

    කතාකරනකොට ගෙදර මිනිස්සු එක්ක, යාළුවො එක්ක ඉන්නකොට වගේ අතපය විසික් කරලා කතාකරන්න එපා

    සරල හිනාවක් මූනෙ තියාගන්න

    බය නැතුව ඇස් දිහා කෙලින් බලන්න. කෙලින් බලන එකෙන් පුද්ගලයාගේ පෞර්ෂය තීරණය කරනවා.

    ප්‍රශ්න අහන කෙනාටම විතරක් උත්තර දෙන්න එපා.
    බෝඩ් එක දිහාම බලලා උත්තර දෙන්න.

    උත්තර දෙනකොට මාතෘකාවෙන් පිට පනින්න එපා.

    අනවශ්‍ය දේවල් වලට අවදානේ දෙන්න එපා. බිත්තියේ තියෙන පින්තුර අනන් මනං වලට අවදානේ දෙන්න එපා.

    තනි වචනේ උත්තර දෙන්න එපා.( yes , no )

    කොට උත්තර දෙන්නත් එපා. පට්ට දිග පල්හෑලි උත්තර දෙන්නත් එපා.

    කිසිම වෙලාවක බිත්ති ඔරලෝසුව දිහාවත් අත් ඔරලෝසුව දිහාවත් බලන්න එපා.
    දෙපාරක් වගේ බැලුවොත් ඉන්ටවිව් එක නවත්තලා ගෙදර යන්න කියාවි.

    අහන ප්‍රශ්ණ වලට බොරු කියන්න එපා.හරස් ප්‍රශ්නයක් ඇහුවොත් අනාථයි.

    නොදන්නා දෙයක් දන්නවා වගේ කියන්න එපා.

    අහන ප්‍රශ්න වලට කල්පනාවෙන් උත්තර දෙන්න.
    පුරුදු උන උත්තර කටපාඩමෙන් කියන්න එපා.

    උදා - hnb එකේ ඉන්ටවිව් එකක් කියලා හිතන්න. අපි උත්තරේ හදාගෙන කටපාඩම් කරලා
    තියෙන්නේ කොමර්ෂල් බැංකුව දාගෙන.

    ඇයි මේ ක්ෂේස්ත්රයේ රස්සාවකට කැමති කියලා අපෙන් අහනවා.
    කටපාඩම් කරපු එක කියලා අන්තිමටම කියනවා මෙහෙම,

    "මගේ පොඩි කාලේ ඉදලා තිබුන මෙව්වා එකක් තමා ලංකාවේ ප්‍රමුඛපෙලේ බැංකුවක වැඩ
    කරන එක (බොරු තමා. දොස්තර ඉංජිනේරුවෝ වෙන්නනේ යකෝ හිතුවේ)
    මං මේ ජොබට සිලෙක්ට් උනොත් ආඩම්බරෙන් කියන්න පුළුවන් මම රැකියාව කරන්නේ
    කොමර්ෂල් බැංකුවේ කියලා."

    ඉතින් hnb එකේ ඉන්ටවිව් එකේදී කොමර්ෂල් එක ගැන කියලා වැඩක් නෑනේ.:rofl::oo:


    උදා- තව අපෙන් අහවි මෙතන ඉදන් තව අවුරුදු 5කින් ඔයා ඔයාව දකින්නේ කොහොමද කියලා
    වැඩි දුර අද්‍යාපනය වගේ ඒවා කියන්න.

    අවුරුදු 5කින් බලාපොරොත්තු වෙන පොස්ට් එක ගැන කෙලින් නැතුව වක්‍රාකාරයෙන්
    කියන්න.

    අවුරුදු 5කින් මම ඒරියා මැනේජර් වෙලා ඉදිවී වගේ පොල්ලෙන් ගැහුවා වගේ කියන්න එපා.
    බෝඩ් එකේ ඒරියා මැනේජර් හිටියොත් බඩු දෙයි මූ ඇවිල්ල තියෙන්නේ මට අරින්න කියලා.

    උදා- මුලින්ම අහයි අපිට ඔයා ගැන යමක් කියන්න කියලා. එතකොට,

    "මයි නේම් ඉස් සිරිසේන. අයෑම් සික්ස්ටි සෙවන් ඉයර්ස් ඕල්ඩ්. අයෑම් ෆ්‍රොම්
    පොලොන්නරුව... බ්ලා බලා.." වගේ උත්තර දෙන්න එපා.
    මේ විස්තර ඔක්කොම බෝඩ් එක දන්නවා. අපි කලින් cv එකක් යැව්වානෙ යකෝ. ඉතින්
    ආයිත් කියලා වැඩක් නෑ.:rofl:

    ඕකට කියන්න තියෙන්නේ ඉතින් හැකියාවල් වගේ ඒවා.
    ධනාත්මකව සිතන්නෙක්.ඉලක්ක හඹා යන්නෙක්,වගකීමක් දැරිය හැකි පුද්ගලයෙක්, හාඩ්
    වර්කර් , ටීම් ප්ලේයර් වගේ ඒවා දාලා උත්තරේ හදාගන්න.


    ඉන්ටවිව් එකක් සාර්ථකව අවසන් වෙන්න අප විසින් බෝඩ් එකෙන් ප්‍රශ්න 2ක් වගේ අහන්න ඕනේ.

    කොච්චර සැලරියක් හම්බෙනවද,(වෙකන්සි එකේ ගාන ගහලා තියෙනවා නං ආයි අහන්න
    එපා)
    ට්‍රේනින්ග් එකක් දෙනවද
    ඉන්ටවිව් එකේ රිසාල්ට්ස් දැනගන්න කොච්චර කාලයක් යනවද වගේ අහන්න.


    බෝඩ් එකේ සෙට් එක එකිනෙකා අතරේ විහිලු කරලා හිනා වෙන්න පුළුවන්. ඒවාට සම්බන්ද වෙන්න එපා.

    සමහරුන්ට ආතල් එක වැඩි උනාම කාටහරි තට්ටුවක් දාලා හිනාවෙන්න ඕනේ. එහෙම ඩයල් මේසෙට ඩෝන් ගාලා අතින්ගහලා හිනා වෙන්න එපා.:rofl:
    එහෙම කියලා මෙලෝ රහක් නෑ වගේ ඉන්නත් එපා. සරල සිනාවකින් ප්‍රසන්න පෙනුමකින් ඉන්න.

    ඒවගේම බෝඩ් එකේ සෙට් එක කාට හරි බනින්න පුළුවන්. නැත්තන් ආණ්ඩුවට බනින්න පුළුවන්.
    කිසිම විටෙක ඔවුන් හා සම්බන්ද වෙන්න එපා.

    බෝඩ් එකේ එක්කෙනෙක් බනින අතරේ අපෙන් අහයි ඔයා මොකද ආණ්ඩුව ගැන හිතන්නේ කියලා.
    එතකොට "වට් අ ගවමන්ට්. පකින් පෙසිඩන්ට්, බටෆ්ලයි මිනිස්ටර්ස් " වගේ කියලා තොපිත් බනින්න යන්න එපා.:rolleyes::P
    ඔබ කියන දේ යමක් තියෙන්න පුළුවන් වගේ උත්තරයක් දීලා ඇග බේර ගන්න.
    මොලේ කල්පනා කරන්න. ගැට වලට අහු වෙන්න එපා.

    අවසානයේ පරිස්සමෙන් නැගිටින්න.
    පොල්ලෙන් ගැහුවා වගේ නැගිටින්න එපා. පුටුව ඇගේ වැදිලා එහෙ මෙහෙ තල්ලු වෙලා යාවි.:rolleyes:

    බෝඩ් එකට ස්තුති කරන්න.( Thank you. It was nice to meet you)

    ගෙනාපුවා ඒ විදිහටම ගෙනියන්න.
    සමහර කෙල්ලෝ දොර ගාවට ගිහින් හැරිලා එනවා බෑග් එක අමතක වෙලා. කෙලින්ම ෆේල්.:rolleyes:

    කලින් විදිහටම දොර ගැන අවදානය දෙන්න. දොර තල්ලු කරලා අරින එකක්ද ඇදලා අරින එකක් ද කියලා කල්පනාවෙන් ඉන්න.
    දොර ගාවට ගියාම පිටිපස්ස හැරිලා බෝඩ් එක දිහා බලන්න එපා.

    දොරෙන් එලියට යනකන්ම ඔබව පරීක්ෂාකරන බව අමතක නොකරන්න.:yes:

    එලියට ආවම දොර වැහෙනකන් ඉදලා ටච් එකක් දීලා එලියට එන්න.
    ආපු ගමන් ෆෝන් එක අල්ලන්නවත් එපා.
    ගොඩනැගිල්ලෙන් එලියට බහිනකන් ෆෝන් එකට අතවත් තියන්න එපා.:no:

    එහෙනං බය නැතුව ගැම්මෙන් සම්මුඛ පරීක්ෂණ වලට යන්න පුළුවන්.

    මේ ත්‍රෙඩ් එක කොටපු දෙවෙනි පාර. පලවෙනි පාර ඔක්කොම කොටලා ෆොන්ට් සයිස් හදනකොට කරන්ට් එක ගියා.:(

    ...............................

    විධායක ශ්‍රේණියේ සම්මුඛ පරීක්ෂණ සදහා අදාළ වේ.(අනිත් ඒවාටද අවුලක් නැත.)
    සම්මුඛ පරීක්ෂණය ඉංග්‍රීසියෙන් පැවැත්වෙන බව සිහියේ තබාගන්න.

    Ramesh jaya සහෝදරයාගේ fragrance guide ත්‍රෙඩ් මගින් perfum ගැන අදහසක් ඔබට ලබාගත හැක.

    සියලුම ගෞරවය ජිවිත ගමනේ අමතක නොවන පුද්ගලයෙකු වූ ආදරණිය ගුරුතුමාට හිමිවිය යුතුයි.

    ජයවේවා.
     
    Last edited:

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,410
    3,779
    113
    out of fucked up land
    Owwa ithin sakala sirin piri shiri lankawe interview yana unta thama bn.
    Mehe nam ithin file ekak oneth nathi tharam. Prashna ahana eka thamai karanne interview eke.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,717
    21,009
    113
    adala nene

    ඇතුලට යනකොට විශේෂයෙන් දොර ගැන අවදානය යොමු කරන්න.


    :yes::yes:
    ammoh ow dora aerena petththa poddak kalpana karala aerapalla nethnm dora kdagena aethulata yanna puluwan, nethnm interview pannel ekke ekkek aewilla dora aerala dila ubalagen athal ekakuth ganna puluwan

    :rofl::rofl::P
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Valuable thread!!
    If a handshake is offered give a firm handshake not a wobbly one :)
    You must spread some Reputation around before giving it to inspiron again. :sorry:
     
    • Like
    Reactions: inspiron