Interview | විභාගය !

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඔන්න පත්තරේක තිබුණළු ජොබ් එකක් ගැන පුංචි පහේ දැන්වීමක්. මේකට ඇප්ලයි කලාලූ අනුරාධපුරේ පොරකුයි කොළඹ පොරකුයි. ආ…… මට කියන්න අමතක උනා ජොබ් එක තිබුණෙ මහ විලච්චිය හරියෙ.

    අනුරාධපුරේ පොර හොඳට ජෙන්ට ගහගෙන ගියාලූ. ඒත් කොළඹ පොර නිකම්ම ඩෙනිමක් ගහලා ටිකක් රස්තා පාට් එකෙන්ලූ ගියේ. ඉතින් ඔන්න පොරවල් දෙකම ජොබ් එකට ඉන්ටව් ගියාලූ. ඉන්ටව් බෝඞ් එක දෙන්නගෙම සහතික එහෙම බලලා කතා බහ කලාම තේරුණාලූ මුං දෙන්නටම තියෙන්නෙ එකම සුදුසුකම් කියලා. පස්සෙ ඉන්ටව් බෝඞ් එක තීරණේ කලාලූ මුං දෙන්නට පුංචි විභාගයක් තියන්න.

    ඔන්න කොහොමින් හරි විභාගෙ ඉවර උනාලූ. ප‍්‍රශ්න 10ක් තිබ්බ විභාගෙන් දෙන්නම ලියලා තියෙන්නෙ ප‍්‍රශ්න 9කට උත්තර විතරලූ. පස්සෙ උත්තර පත්තර බලලා ඉන්ටව් බෝඞ් එක තීරණේ කලාලූ කොළඹ එකාට ජොබ් එක දෙන්න.

    දැන් අනුරාධපුරේ එකාට මලලූ. ඌ අහනවලූ එහෙම කොහොමද කරන්නෙ, අපි දෙන්නටම තියෙන්න එකම සුදුසුකම්, අනික මං ගමේ මිනිහා, බලනවා පිළිවෙළකට ඇඳලා ඉන්නෙත් මම කියලා.

    ඉන්ටව් බෝඞ් එකේ පොරවල් මූ දිහා කිංඩියට බලලා කිව්වලූ,

    "මහත්තයා දෙන්නම උත්තර ලියලා නැත්තෙ 5 වෙනි ප‍්‍රශ්නෙට, අනිත් මහත්තයා ලියලා තියෙන්නෙ මං දන්නෙ නෑ කියාල. ඔයා මහත්තයා ලියලා තියෙන්නෙ මමත් දන්නෙ නෑ කියාල. ඉතිං කටයි, පු-යි වහන් යනවද" කියලා.

    :rofl:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මැක්සා...

    :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    picture.php