Interview Tips - Choose Your Career :: Part 2

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ටික දවසකින් ත්‍රෙඩ් එකක් දාන්න බැරි වුන නිසා මගේ කලින් Choose Your Career ත්‍රෙඩ් එකේ දෙවෙනි කොටස විදියට මේක පටන් ගන්න හිතුන:yes:,එළකිරියේ කොල්ලෝ කෙල්ලෝ ගොඩ දෙනෙකුට ගොඩක් වැදගත් වෙන කාලීන මාතෘකාවක් නිසා ජොබ් ඉන්ටර්විව් එකකට සාර්ථකව මූන දෙන විදිය ගැන පොඩි උපදෙස් ටිකක් කියල දෙන්නම්:nerd:,මේවා කොහෙන් කියවල පරිවර්තනය කරපු වත් උපුටා ගැනීමක් වත් නෙමෙයි තනිකරම මගේ අත්දැකීම් මත පදනම් වෙච්ච දේවල්.:rolleyes:
    interview-tips-2.JPG
    ගොඩක් දෙනෙකුට තියන ප්‍රශ්නය තමයි සුදුසුකම් කොච්චර තිබුනත් ඉන්ටර්විව් එක ගොඩ දාගන්න බැරි වෙන එක,මේකට මුලික හේතු විදියට කීපයක් තියනවා,:yes:
    1.කඩ්ඩ පොලිෂ් නැති එක(ඉංග්‍රීසි දැනුම ප්‍රමාණවත් නොවීම):baffled:
    2.තමන් ඇදගෙන ඉන්න ඇදුම.:oo:
    3.අහන ප්‍රශ්න වලට හරියට උත්තර නොදීම.:confused:
    4.අනවශ්‍ය පීඩනයක් ගැනීම.:dull:
    ඔය උඩින් කියපු කාරණා කිසිම දෙයක් අපි බැරියර් එකක් කරගන්න ඕන නැහැ.:no:
    අනිත් එක තමයි ඔයාල ජොබ්ස් වලට ඇප්ලයි කරලා තියනවනම්,බලාගෙන ඉන්නේ කොයි වෙලාවේ හරි එන්න කියනකම්නේ,
    නිතරම එන කෝල්ස් වලට ඉංග්‍රීසියෙන් උත්තර දෙන්න බලන්න, ඔය කතා කරලා මහා ලොකු දේවල් අහන්නේ නැහැ.අහවල් දවසේ ඉන්ටර්විව් එක තියනවා,එන්න පුලුවන්ද කියලනේ අහන්නේ,ඉතින් ඕකට තමන්ම පොඩි ඩයලොග්ස් ටිකක් හදාගෙන තනියම ප්‍රැක්ටිස් කරන්න.:rolleyes:
    ඊලග දේ තමයි තමන්ගේ බාහිර පෙනුම.ඇදුම තරමේ ඉන්ටර්විව් එකට දවසක් හරි කලින් නේ කතා කරලා එන්න කියන්නේ,ඉතින් ඒක හොදටම ඇති ලැහැස්ති වෙන්න.:yes:
    කොන්ඩෙ පිළිවෙලකට කපාගන්න.අනම් මනම් විකාර ස්ටයිල් දාගෙන යන්න එපා.පිළිවෙලකට පීරලා(ජෙල් කරනවානම් අවුලක් නැහැ) යන්න මතක ඇතුව.:D
    රැවුල තියනවනම් හොදට ෂේව් කරන්න,කපන්න අකමැති නම් පිළිවෙලකට කපාගන්න.:rofl:
    දත් හොදට මදල යන්න,නැත්තම් උබත් එක්ක කතා කරන එකාට එපා වෙයි කටේ ගදට.:baffled:
    සුදු අත් දිග කමිසයක් නම් අනිවාරෙන් අදින්න,කළු හෝ තද අළු පාට කලිසමක් නම් සුදුසුයි.
    ඔය දෙකම හොදින් අයන් කරගන්න.
    ටයි එකක් නම් අමතක කරන්න එපා,වැඩිය විකාර නැති එකක් වෙන්න ඕන,රතු පාට හෝ නිල් පාට නම් අවුලක් නැහැ.:P
    කමිසයට කෆ් ලින්ක්ස් දැම්මොත් නම් ඔයාගේ ලුක් ඒක සුපිරියට තියෙයි,ටයි පින් එකත් එල තමයි.:D
    ටයි එකට ගැටයක් දාන්න කලින්ම ඉගෙන ගන්න.යූ ටියුබ් බැලුවොත් ඉගෙන ගන්න පුළුවන් ඕන තරම් ක්‍රම.:yes:
    කමිසයේ උඩ බොත්තම දාල එතනට හොදට ෆිට් වෙන්න ටයි එක දාගන්න,ටයි එකේ කෙලවර ඔයාගේ බෙල්ට් එක මැද හරියට තිබ්බොත් එල.:P
    පර්ෆියුම් එකක් දාගන්න අමතක කරන්න එපා.:love:
    සපත්තු දෙක හොදට පොලිෂ් කරලා දාගෙන යන්න.:rolleyes:

    බාහිර පෙනුම දැන් හරිනේ,ඊලග දේ තමයි ඔයාට එන්න කියපු ලිපිනය හොදට මතක තියාගන්න:yes:,පුලුවන්නම් කලින් දවසක ගිහින් හොයාගෙන පොඩ්ඩක් වට පිට විපරම් කරලා එන්න:rolleyes:,එහෙම නැත්තම් ඔය එදා ගිහින් හොයන්න හිටියොත් පයින් ඇවිදලා හොදට මහන්සි වෙලා දාඩිය පෙරාගෙන තමයි එතනට යන්න වෙන්නේ:(,එහෙම තෙහෙට්ටු පෙනුම ඔයාගේ අවාසියට හේතු වෙන්න පුළුවන්:no:.

    ඒ වගේම එන්න කියපු වෙලාවට අඩු ගානේ විනාඩි 30 ක් වත් කලින් යන්න.:)
    හොද කම්පනි එකක් නම් එයාලගේ වෙබ් සයිට් එකකින් එයාල ගැන ටිකක් දැනගෙන යන්න,සමහරු අහනවා ඔය කම්පනි එක ගැන දැනුවත් ද කියල.:nerd:
    අදාල තැනට ගියාට පස්සේ ඔයාගේ වාරය එනකම් කියන තැනකින් ඉගෙන ඉන්න.ඉන්න අනිත් ය එක්ක කතාවට යන්න එපා,පිළිවෙලකට වාඩි වෙලා ඉන්න.:cool:
    ඔයාගේ වාරය ආවට පස්සේ ඉන්ටර්විව් පැනල් එක ඉන්න කාමරයට කෙලින්ම යන්න එපා,මුලින්ම පොඩි තට්ටුවක් එහෙම දාල එක්ස්කියුස් කරලා යන්න.:yes:
    එයාල ඉදගන්න කිව්වට පස්සේ විතරක් වාඩිවෙන්න ස්තුති කරලා.
    පුටුව හයියෙන් අදින්න එපා,කලබල නැතුව හෙමින් කරන්න.:rolleyes:
    ඔයාගේ සහතික තියන ෆයිල් එක ඉල්ලනකම් ඔයාගේ කකුල් උඩින් තියාගෙන ඉන්න,මේසය උඩ නම් තියන්න එපා.:no:
    මට තව දෙයක් කලින් කියන්න අමතක උන සහතික ටික දාගෙන යන්න අලුත් ෆයිල් එකක් ගන්න,ඒවාට වෙනම ෆයිල් වර්ග තියනවා.:yes:
    වැඩිපුර සී.වී එකක් ගෙනියන්න පුළුවන් නම් හොදයි.ඔය මේ වෙනකම් ගත්තු ඉහලම සුදුසුකම තියන සහතිකය උඩින්ම තියන විදියට අනිත් ඒවා පිළිවෙලට තියන්න.
    පොඩි බයක් හිතේ තියනවා තමයි,නමුත් එක පෙන්නන්න එපා.ඔයාට පුළුවන් කියන දේ හිතට ගන්න.:)
    කෙලින් ඇස් දිහා බලාගෙන කතා කරන්න.අහන දෙයට පැහැදිලිව කලබල නැතුව උත්තර දෙන්න.
    ඔලුව වනල උත්තර දෙන්න එපා.අත් එහෙට මෙහෙට විසි කරලා කතා කරන්න එපා.:frown:
    ඔයාගේ ප්ලස් පොයින්ට්ස් පෙන්නලා කතා කරන්න,පොසිටිව් පොරක් කියන එක අගවන්න.:cool:
    ඔයා තවම එක්ස්පීරියන්ස් නැති කෙනෙක් නම් සැලරි එකට ගානක් කියන්න එපා.:eek:
    එහෙනම් ඕව තමයි මුලික කරුණු ටික,මට මග හැරුණු දෙයක් තිබුනොත් ඒක මෙතනට දාන්න අමතක කරන්න එපා.
    එහෙනම් හැමෝටම ජයවේවා!!!!
     
    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,271
    1
    4,510
    113
    Unknown
    තැන්ක්ස් වෙන්න ඕනේ ගොඩක් වැදගත් වන ප්‍රයෝගික දේවල් ටිකක්.
    +රෙප්
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    එල post එක මචන්. කාලෙට තාලෙට ගැලපෙන දෙයක්. මේක මම හිතන්නෙ එළකිරි ඔක්කොම කට්ටියට වැදගත් වේවි.
    දැනුම, අත්දැකීම් අපිත් එක්ක share කර ගත්තට thx .

    rep+

    12825375.jpg
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එළ..ඇත්ත කතා ටික ඔක්කොම.
    මතක ඇතුව ටයි පින් එක ගහද්දි ෂර්ට් එකේ සාක්කුවේ උඩ දාරයේ සීමාවට පොඩ්ඩක් පහලින් හිටින්න ගහන්න. නැත්නම් ටයි පින් එක බඩ හරියෙ එල්ලගෙන යන්න එපා :no:

    තමන් ගැන විස්තර කරන්න කිව්වම පුංචි කාලෙ පන්තියේදී ලියපු my self රචනාව කියවන්නෙ නැතුව, තමන් ඉගෙන ගනිපු දේවල්, හැකියාවල්, මොන අංශයෙන්ද දක්ෂ වගේ දේවල් කතා කරන්න. පවුලේ විස්තර ඇහුවොත් ඒව කියන්න.

    මට නම් ඔය ෆයිල් එක උකුල උඩින් තියාගන්න සීන් එක හැමතිස්සෙම අමතක වෙනව..ඩෝන් ගාල ගියපු ගමන් තියන්නෙම මේසෙ උඩ :lol: ඒක ඒ තරම්ම අවුලක් නෑ (මට නම් අවුලක් උනේ නෑ :cool: ), වැරැද්දක් උනා කියල ක්ලික් උන ගමන් ඒක ආයේ අරගෙන උකුල උඩින් තියාගන්න එපා එතකොට කටපාඩමින් වැඩේ යනවා කියල ඉන්ටවිව් කරන කෙනාට තේරෙනවා. ඒව ගණන් නොගෙන කතාවෙන් අල්ල ගන්න එක තමයි ඊළඟට කරන්න පුළුවන් හොඳම දේ.


    කඩ්ඩ හොඳට පුළුවන්, OL/AL පාස් ජොබක් නැති එවුන් ඉන්නවනම් පොඩ්ඩක් මට PM එකක් දාපන්. පුළුවන් උදවුවක් කරන්නම් :)

    වටිනා ලිපියක් දැමීම වෙනුවෙන් REP+ :)

    * හයියෝ රෙප් දෙන්න බැලු spread කොරන්නලු :oo:
     
    Last edited:

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    :eek:
    කට්ටියට එන්න කියන්නද ? :baffled:
    :dull:කියන තැනකට වදින්නම්.බස් කාරයවනම් පැත්ත පළාතේ ගේන්න එපා.
    :)තැන්ක්ස් මචන්.
    තැන්ක්ස් වෙන්න ඕනේ ගොඩක් වැදගත් වන ප්‍රයෝගික දේවල් ටිකක්.
    +රෙප්
    :)තැන්ක්ස් මචන්.
    නියමයි ම‍චං :yes::yes:
    උඹ නම් බර ගාණකට ෆේස් කරල වගේ :P:P
    පලවෙනි ජොබ් එකට යන්න කලින් නම් බර ගානකට ෆේස් කලා.:)
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    තැන්ක්ස් මචන්.
    එල post එක මචන්. කාලෙට තාලෙට ගැලපෙන දෙයක්. මේක මම හිතන්නෙ එළකිරි ඔක්කොම කට්ටියට වැදගත් වේවි.
    දැනුම, අත්දැකීම් අපිත් එක්ක share කර ගත්තට thx .

    rep+

    12825375.jpg
    තැන්ක්ස් මචන්.කාලෙක ඉදන් මේක කරන්න හිටියට වෙලාවක් තිබ්බේ නැහැ.
    එළ..ඇත්ත කතා ටික ඔක්කොම.
    මතක ඇතුව ටයි පින් එක ගහද්දි ෂර්ට් එකේ සාක්කුවේ උඩ දාරයේ සීමාවට පොඩ්ඩක් පහලින් හිටින්න ගහන්න. නැත්නම් ටයි පින් එක බඩ හරියෙ එල්ලගෙන යන්න එපා :no:

    තමන් ගැන විස්තර කරන්න කිව්වම පුංචි කාලෙ පන්තියේදී ලියපු my self රචනාව කියවන්නෙ නැතුව, තමන් ඉගෙන ගනිපු දේවල්, හැකියාවල්, මොන අංශයෙන්ද දක්ෂ වගේ දේවල් කතා කරන්න. පවුලේ විස්තර ඇහුවොත් ඒව කියන්න.

    මට නම් ඔය ෆයිල් එක උකුල උඩින් තියාගන්න සීන් එක හැමතිස්සෙම අමතක වෙනව..ඩෝන් ගාල ගියපු ගමන් තියන්නෙම මේසෙ උඩ :lol: ඒක ඒ තරම්ම අවුලක් නෑ (මට නම් අවුලක් උනේ නෑ :cool: ), වැරැද්දක් උනා කියල ක්ලික් උන ගමන් ඒක ආයේ අරගෙන උකුල උඩින් තියාගන්න එපා එතකොට කටපාඩමින් වැඩේ යනවා කියල ඉන්ටවිව් කරන කෙනාට තේරෙනවා. ඒව ගණන් නොගෙන කතාවෙන් අල්ල ගන්න එක තමයි ඊළඟට කරන්න පුළුවන් හොඳම දේ.


    කඩ්ඩ හොඳට පුළුවන්, OL/AL පාස් ජොබක් නැති එවුන් ඉන්නවනම් පොඩ්ඩක් මට PM එකක් දාපන්. පුළුවන් උදවුවක් කරන්නම් :)

    වටිනා ලිපියක් දැමීම වෙනුවෙන් REP+ :)

    * හයියෝ රෙප් දෙන්න බැලු spread කොරන්නලු :oo:
    නියමයි මචන්,ඔයා වගේ කමෙන්ට් එකක් අනිත් අයටත් ගොඩක් වැදගත්.ජොබක් සෙට් කරලා දෙන එක තරම් පිනක් තවත් නැහැ බන්.රේප් වලට වැඩිය උබේ කමෙන්ට් එක වටිනවා.Thanks again!
    නියමය් මචන් ගූඩ් පොස්ට් එකක් ගොඩක් වටිනවා බොහොම ස්තුති
    Thanks machan..